ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම බැඳුම්කර වංචාවයි – හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්
Posted on July 14th, 2015

ශ්‍යාම් නුවන් ගනේවත්ත Devaina

මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර වංචාව ලංකා ඉතිහාසයේ මෙතෙක්‌ සිදුවූ විශාලතම හොරකම බවත් ඒ පිටුපස සිටින මහ මොළකරු ඇතුළු වගකිව යුත්තන්ට, කෙතරම් ඉහළ තනතුරුවල සිටින අය වුවත් දඬුවම් කළ යුතුව ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (14 දා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

මෙහි පැහැදිලි සොරකමක්‌ සිදුවී තිබෙන බවද එය ඔප්පු කිරීමට අවශ්‍ය සියලු දත්ත තිබෙන බවද මහ බැංකු හිටපු අධිපතිවරයා කීවේය.

කොළඹ 05 ලොන්ඩන් පෙදෙසේ අංක 30/51A දරන ස්‌ථානයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පැවැත්විණි.

මේ රටේ මෙතෙක්‌ සිදුවූ දැවැන්තම මගඩිය මෙම භාණ්‌ඩාගාර බැඳුම්කර වංචාවයි. මේ වන විට එම අහිතකර බැඳුම්කර නිකුතුව නිසා රජයට සිදුව ඇති පාඩුව රු. කෝටි 5900 කට අධිකයි.

මීට අමතරව බැඳුම්කර නිකුතුව ඉතා ඉහළ වට්‌ටමකට යටත්ව සිදුකිරීම නිසා රු. මිලියන 291 ක අලාභයක්‌ දැරීමටත් රජයට සිදු වුණා. රජය මේ අලාභය පිළිබඳව කිසිදු සැලකීමකින් තොරව කටයුතු කරන අතර අදාළ බලධාරීන් මෙම වංචනික ගනුදෙනුව සම්පූර්ණයෙන්ම නිවැරැදි එකක්‌ ලෙස නිරූපණය කිරීමට උත්සාහ ගනිමින් සිටින බවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා කීවේය.

මේ බැඳුම්කර මගඩිය නිසා මේ වන විට සිදුව ඇති පාඩුව, ගාල්ලේ සිට මාතර දක්‌වා අධිවේගී මාර්ග තුනක්‌ හැදීමට සමාන මුදලක්‌ බවත්, මෙය අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපන යන අමාත්‍යංශ දෙකේම වැය ශීර්ෂයටත් වඩා අධික මුදලක්‌ බවත් හෙතෙම පැවසීය.

තවමත් මේ රටේ සිදුව ඇති ලොකුම පාඩුව පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට යොමුව නැහැ.

එය නීති විරෝධී ආයතනයක්‌ බවට අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්‌කර ඇති නිසා මේ බැඳුම්කර වංචාව ගැන පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට පැමිණිලි කිරීමට අදහස්‌ නොකරන අතර ඒ සම්බන්ධයෙන් ගත හැකි වෙනත් නීතිමය පියවර ගන්නා බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා තවදුරටත් කීවේය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස්‌. අමරසේකර, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති උදය ශ්‍රී කාරියවසම් සහ රාජ්‍ය උකස්‌ හා ආයෝජන බැංකුවේ හිටපු සභාපති ජගත් වැල්ලවත්ත යන මහත්වරුද සහභාගි වූහ.

3 Responses to “ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම බැඳුම්කර වංචාවයි – හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්”

  1. NeelaMahaYoda Says:

    The Deal is Maru Sira and his brothers will get at least Rs27 billions at the end. Then, All Sri Lankans will have to work rest of their lives earning that money for Maru Sira and Batalanda Ranil. Yes they deserve it because they all supported YAHAPALANAYA.

  2. Christie Says:

    අඩු මිලට බඩුවක් ගන්න ගිහිල්ල වැඩිමුදලකට බඩු ගොඩාක් අරගෙන එන්නෙ ගෙදර ඉන්න උන් නැතිකරන්නයි. මේකයි මේ ඉන්දියානු පරපෝසිතයන් මහේන්ද්රන් සහ මහේන්ද්රන් කෙරුවේ. මෙය දනවාදී බටහිර රටක රටක සිදු උනානම් මුන් ඔක්කොම මුල දිනේ ඉඳලම හිරගෙදර. චීනයේ සිදු උනානම් පෝරකය.

  3. ranjit Says:

    Dear Patriots unite together to expose the nudity of this evil Govt without any fear for the sake of our beloved Motherland. All Patriots,Intellectuals,Maha Sanga and millions who love the country they were born must unite together to defeat the UNP led coalition because they are all paid servants of the west and the traitors to our Motherland. They dance to the tune of the Americans and the Indian Parasites. These coup plotters are already inside the country with millions of Green bucks in their pockets to finance the UNP election machine. People should not buy their dirty slogans and their bogus promises. UNP has not done anything good to our country except killing innocent youths in thousands during their tenure in office in the past. This party is only for the rich. Ordinary people should not believe their fairy tale stories because they utter damn lies to hoodwink the poor people. Reject the elephant the UNP symbol and vote for the betel leaf to bring our great President Mahinda back to power.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress