බිලියන 30 ක කොමිස් පට්ටපල් බොරු – චීනය යහපාලන පච හෙළි කරයි. (VIDEO)
Posted on July 24th, 2015

උපුටාගැණීම www.mahinda.info

චීන රජය විසින් ඉදිරිකිරීමට ඇස්තමේන්තුකර තිබූ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ වියදමෙන් රුපියල් බිලියන 30ක් අඩු කිරීමට, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිදුකළ චීන සංචාරයේදී චීනය එකඟ වූ බවට අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේය.

ඒ අනුව අමාත්‍ය රාජිත සේනාරත්න පැවසූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ විශාල දුෂණයක් සිදුවූ බවත්, ඒ සල්ලි වලින් රැළි තබන බවත් ය.

kot[1]

යහපාලන ආණ්ඩුවේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් චීනය කියා සිටින්නේ එම බිලියන 30 ක් අඩු වූ කතාව පට්ටපල් බොරුවක් බවයි. ඒ බව වැඩ බලන චීන තානාපති ගරු රෙන් ෆාකියෑංග් මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ, එම පුවත දැකීමත් සමගම චීන ආණ්ඩුවෙන් අදාල චීන කොන්ත්‍රාත්කරු ගැන සොයා බැලූ බවත්, කොළඹ පිටත වටරවුම් මාර්ගයේ පිරිවැය අඩු කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන අධිකාරිය සමග කිසිදු එකඟතාවකට එළඹ නැති බවත්, රුපියල් බිලියන 30ක කොමිස් මුදලක් පසුගිය රජයට එම මාර්ගයෙන් හිමි වන බවට ප‍්‍රකාශ වීම අසත්‍ය බවත්ය.

රුපියල් බිලියන 66.8 ක් වූ කොළඹ පිටත වටරවුම් මාර්ගය ඉදිකිරීම සඳහා වන අස්තමේන්තුව එය ඉතා සාධාරණ මුදලක් බවද පෙන්වා දෙන චීන තානාපති තුමා, අදාළ මාර්ගය ඉදිකිරීම අසීරු කටයුත්තක් බවතත් වෙනත් රටක කොන්ත‍්‍රාත්කරුවෙකුගේ ඇස්තමේන්තු මුදල හා සසඳන විට තම කොන්ත‍්‍රාත්කරුවාගේ මුදල ඉතා පහළ මට්ටමක පවතින බවද අවධාරණය කරයි.

රාජිත සේනාරත්න පැවසූ පරිදි රුපියල් බිලියන 30 ක් අඩු වීමට අනුවනම්, රුපියල් බිලියන 66.8 වන සම්පූර්ණ ව්‍යාපෘති පිරිවැයෙන් අඩක් පමණ අඩු වීම විය නොහැක්කකි.

රාජිතගේ අතේ පැලවූ යහපාලන පචය සහ ඊට චීන තානාපති ගරු රෙන් ෆාකියෑංග් මහතා ලබා දුන් පිළිතුර පහත වීඩියෝවෙන්.

යහපාලන ආණ්ඩුව විසින් මහින්ද ආණ්ඩුවට මෙලෙස ව්‍යාජ කොමිස් චෝදනා එල්ල කිරීම යනු, චීන රජයටත් කරන චෝදනාවකි. චීනයේ සියලුම කොන්ත්‍රාත් සමාගම් චීන රජයේ සම්පූර්ණ අධීෂණයට යටත් වීම ඊට හේතුවයි. එනිසා ශ්‍රී ලංකාවේ සමීපතම හිතවතෙක් මෙන්ම ලෝක බලවතෙක්ව අමනාප කර නොගන්නා ලෙස ජනතාව මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුතුයි.

මාර්ග ව්‍යාපෘතියේ මුළු පිරිවැය, මහා මාර්ගයේ දිගින් බෙදා එවිට මීටරයකට රුපියල් මිලියන 7 ක් යන බව කියමින් යහපාලන ආණ්ඩුව විසින් ජනතාව නොමග යැවීමත් සිදුකරයි. ඒ සඳහා mahinda.info වෙබ් අඩවිය වෙතින් ඔබ වෙත පහත කරුණු දැක්වීමට කැමතියි.

අධිවේගී මාර්ගයකට යන වියදම යනු එහි කොන්ක්‍රීට් දැමීමට සහ පඩි ගෙවීමට යන වියදම පමණක් නොවේ. පහත වියදම් ඊට අඩංගු වෙයි.

1 – මහා මාර්ගය සඳහා ඉඩම් අත් පත් කරගැනීමට වැය වන මුදල. – කොළඹ පර්චස් එකක වටිනාකම ලක්ෂ 150 කට අධික වෙන අවස්ථා තිබේ. කිලෝමීටර් 9.5 ක් සඳහා ඉඩම් මිලදී ගැනීමේදී යන මුදල සිතාගන්න පුළුවන් නේ.

2 – වන්දි ගෙවීමට වැය වන මුදල. – ශ්‍රී ලංකාවේ නාගරික ජනගහන ඝනත්වය අධිකව පවතී. ඉතින් අලුත් මාර්ගයක් ඉදි කිරීමේදී එම මාර්ගය වෙනුවෙන් කඩා ඉවත් කරන නිවාස සහ ව්‍යාපාරික ගොඩනැගිලි වෙනුවෙන් බිලියන ගණනින් වන්දි ගෙවීමට සිදුවේ. ඒවා ඉඩම් අත්පත් කරගැනීමට වැය වෙන මුදලට අමතරව ගෙවීමට සිදුවෙයි. එම වන්දි මුදලත් ව්‍යාපෘති පිරිවැයට එකතු වෙයි. එහෙත් යහපාලන ආණ්ඩුව විසින් ව්‍යාපෘති පිරිවැය සංසන්දනය කර පෙන්වන විදේශ රටවල අලුත් මාර්ග ඉදිකිරීම උදෙසා විශාල ඉඩ තිබෙන අතර එනිසා වන්දි ගෙවීම්ද අඩු යි.

3 – භූ විෂමතාවයන් සකස් කිරීමට වැය වන මුදල. – මෙහිදී කළුගල් පෙරලෙන්නේ නැති ලෙස සැකසීමටත්, ප්‍රපාත නාය යන්නේ නැති ලෙස කොන්ක්‍රීට් දැමීමටත්, පස බුරුල් ස්ථාන වල මීටර් සිය ගාණක් යටට කොන්ක්‍රීට් අත්තිවාරම් දැමීමටත් සිදුවෙයි. එම වියදමත් ව්‍යාපෘති පිරිවැයට එකතු වෙයි.

11137693_891111114279659_1320694962_o

11086425_891111117612992_1448477961_o

11132096_891111110946326_1971810863_n

11139758_891111077612996_338434354_n

4 – ගුවන් පාලම්, බෝක්කු, පාලම් සඳහා වැය වන මුදල. – නිවාස සහ වෙනත් මාර්ග අවහිර නොවන පරිදි ගුවන් පාලම් සෑදීමට අවශ්‍ය වෙනු ඇත. එසේම ඇළ මාර්ග උඩින් බෝක්කු සහ ගංගා උඩින් පාලම් සෑදීමට සිදුවෙයි. එවිට අධික පිරිවැයක් යයි.

5 – වෙනත් පාරවල් සහ රජයේ ගොඩනැගිලි කැඩී යාමෙන් ඒවා නැවත ඉදි කිරීමට වැය වෙන මුදල. – රජයට අයත් වෙනත් ස්ථාන හරහා මාර්ගය ගමන් කරද්දී ඒවා ඉවත් කිරීමට සිදුවුවහොත් ඒවා යළි සැකසීමට යන පිරිවැයත් සමස්ත මහා මාර්ගයේ ව්‍යාපෘති පිරිවැයට එකතු වෙයි.

11033439_891111094279661_165662087_o

6 – මහින්ද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුව ආගමික ස්ථාන බේරාගනිමින් මාර්ගය යද්දී වැඩිපුර යන මුදල. – එවකට ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුව බෝධීන් වහන්සේලා, සිද්ධස්ථාන ඇතුළු සියලුම ආගමික ස්ථාන වලට හානියක් නොවන පරිදි එම මාර්ග ඉදිකර ඇත. ඒවා බේරාගනිමින් අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී මූල්‍යමය වශයෙන් පිරිවැය අධික ස්ථාන වලින් මාර්ගය ගමන් කරයි.

7 – ඉදිකිරීමේ යන්ත්‍ර මිලදීගැනීමට වැය වෙන මුදල – ආර්ථික වශයෙන් දියුණු රටවල අධිවේගී මාර්ග ඉදිකිරීම ඇරඹුනේ මීට දසක කිහිපයකට පෙර සිටයි. එනිසා ඒ රටවල් වල අලුතෙන් මාර්ග ඉදි කිරීමේදී එකල භාවිතා කළ යන්ත්‍රම භාවිතා කරයි. එහෙත් ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ක්‍රමවත්ව ආරම්භ වූයේ මෑතක මහින්ද යුගයේදී නිසා බොහෝ සංවර්ධන යන්ත්‍ර එනම් JCB, කැටපිලර්, ටිපර්, දොඹකර, ගල් රෝල් ආදිය අලුතෙන් මිලදීගැනීමට සිදුවිය. ඒවා ප්‍රාග්ධන වියදම් වුවද ව්‍යාපෘති පිරිවැයට අන්තර්ග්‍රහණය කිරීමට සිදුවීමෙන් ව්‍යාපෘති පිරිවැය ඉහල යයි.

ඒ කාරණා අනුව, අඩියකට මෙච්චරයි…මීටරේකට මෙච්චරයි කියමින් ලොකු ඉලක්කමක් කියා ජනතාව රවටන යහපාලන වංචාව ඔබට වැටහෙනවා නේද?

මේවා ගොඩ දෙනෙක් තවම දන්නේ නෑ. එනිසා මෙම ලිපිය බෙදා හැරීමට Page/group වල Share කර ඔබට හැකි පමණින් කාරුණික සහය ලබා දෙන්න.

3 Responses to “බිලියන 30 ක කොමිස් පට්ටපල් බොරු – චීනය යහපාලන පච හෙළි කරයි. (VIDEO)”

  1. Ratanapala Says:

    Ooru Kata Parajithaya ge katha piliganna booruwo thawamath Sirilaka innawanam hari dukai!

    If there are still people who believe in the pig mouth Parajitha it is a great cause for concern and sadness!

  2. ranjit Says:

    Big Liar Rajithaya is not worth the slipper of Mahinda Rajapaksa to say the least. This kidnapper coup leader in Yahpalanaya shouldn’t be in Parliament from any party.People must rally together and chased this miserable habitual from Kalutara for ever.

  3. Sarath W Says:

    I am really annoyed these dump Horapalanaya crooks think all of us are as dumb as they are and continue with these lies. Even their illegal FCID could not prove any of their false allegations so far. Now it seems that only the stupid, die hard supporters of these crooks choose to believe their lies. These stupid supporters are traitors like MY3, Ranil and modi Chandrika and do not care if the country is sold to LTTE on behalf of India and the west.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress