සීගිරි ළඳුන් සිංහලද ?
Posted on September 8th, 2015

 වෛද් රුවන් එම් ජයතුංග 

sigirifrescoe1

සීගිරි චිත්‍ර වලින් දැක්වෙන රන්වන් කාන්තාවන් කාශ්‍යප රජුගේ අන්තඃපුර ස්ත්‍රීන් බවත් නිල්වන් කාන්තාවන් ඔවුන්ගේ සේවිකාවන් බවත්  එච්.සී.පී.බෙල් මහතා අනුමාන කලේය​. මහාචාර්‍ය සෙනරත් පරණවිතාන මහතා පැවසුවේ රන්වන් කාන්තාවන් තුළින් විජ්ජුලතා හෙවත් විදුලියත්,නිල්වන් කාන්තාවන් තුළින් මේඝලතා හෙවත් වළාකුළුත් නිරූපණය කෙරෙන බවයි.  

sigirifrescoe2

 

සීගිරි චිත්‍ර වලින් දැක්වෙන රන්වන් කාන්තාවන් දෙස බැලීමේදී ඔවුන් තුලින් යුරොපියොයිඩ් ලක්‍ෂණ පෙනෙන්නට තිබේ. නාසයේ හැඩය​, ශරීර වර්ණය ඇසේ හැඩය යන මානව රූපී ලක්‍ෂණ සලකා බැලීමේදී මේ ළඳුන්   යුරොපියොයිඩ් ලක්‍ෂණ කලවම් වූ පර්සියානු රූමතියන් බව සිතේ. අතීතයේ ලක් රජුන් වෙත උතුරු ඉන්දියාවෙන් , පර්සියාවෙන් (වර්තමාන ඉරානය​) පමණක් නොවේ ඊජිප්තුවෙන් ද අභිරූපිකාවන් අන්තඃපුර ස්ත්‍රීන් ලෙසට ගෙන ආ බවට සාධක ඇත​. මේ අනුව රන්වන් කාන්තාවන් කාශ්‍යප රජුගේ අන්තඃපුරයේ සිටි පර්සියානු ළඳුන් විය නොහැකිද ?  

sigirifrescoe3

 

මෙම චිත්‍රයේ පසු පස සිටින නිල්වන් කාන්තාව දෙස බලන්න, ඇය කෙරෙන් සිංහල කතකගේ වාර්ගික ලක්‍ෂණ පැහැදිලිව දැකිය හැක​. 

 

 

 

 

 

 

2 Responses to “සීගිරි ළඳුන් සිංහලද ?”

  1. Independent Says:

    සිංහල නෝනා ලැජ්ජ බය ඇති නොසා උඩුකය වසාගෙන සිටී.

  2. SA Kumar Says:

    please any English translation…. tks

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress