චෝදනා ගොනු කර නොමැති දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට අවධානය යොමු කරන්න.කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය ඉල්ලයි.
Posted on September 11th, 2015

කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

වසර ගණනාවක් නඩු පැවරීමක් තොරව රැදවුම් භාරයේ සිටින දේශපාලන සිරකරුවන් සියලු දෙනා නිදහස් කිරීම කෙරෙහි සලකා බලන ලෙස කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය නීතිපතිවරයාගෙන් සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ දේශපාලන නායකත්වයෙන් ඉල්ලා සිටී.

මේ වන විට විවිධ චෝදනා යටතේ නඩු පවරා හෝ නඩු පැවරීමකින් තොරව දීර්ඝ කාලයක් දේශපාලනික හේතු මත රදවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 273 ක් හෝ එයට වැඩි සංඛ්‍යාවකි.  මෙම පුද්ගලයින් ත්‍ර‍ස්තවාදය වැලැක්වීමේ පනත සහ වෙනත් ප්‍රතිපාදන යටතේ රදවා සිටී.  වසර හය – හත දක්වා කාලයක් විමර්ශන සිදු කරන නමුත් නඩු පැවරීමක් පවා සිදු කර නොමැති පිරිස් ද මේ පිරිස අතර සිටී.

ත්‍ර‍ස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වසර 18 කට වැඩි කාලයක් රදවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 5 කි. තමත් පුද්ගලයෙකුට එරෙහිව වසර 17 ක් මහාධිකරණයේ විභාග වේ.   නඩු පැවරීමට පෙර වසර 15 ක් සිරගතව සිටින පුද්ගලයෙකු ද දේශපාලන සිරකරුවන් අතර සිටී.   2006 වසරේ අත්අඩංගුවට පත් වූ තවත් පුද්ගයෙකු 2015 වසර දක්වා නඩු පැවරීමකින් තොරව රදවා ගෙන සිටී.

සාධාරණ නඩු විභාගයක් සදහා වන අයිතිය මේ පිරිස් වෙතින් උදුරාගෙන ඇති අතර මොවුන්ට එරෙහි යුක්තිය පසිදලීමේ ක්‍ර‍මවේදය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇත.  සාධාරණ නඩු විභාගයකින් තොරව අත්තනෝමතිකව රදවා ගැනීම සහ අධිකරණ ක්‍රියාවලියේ තාක්ෂණික දුබලතා අවසන් කිරීමට දේශපාලන නායකත්වයේ අවධානය යොමුවීම අනිවාර්ය වේ.

දේශපාලන කරුණු මත දිගු කාලීනව රදවා ගෙන සිටින බොහෝ පිරිස් තමන්ගේ ජීවිත කාලයේ සැලකිය යුතු කොටසක් මේ වන විටත් සිරගතව ගෙවා දමා ඇත.  තවත් පිරිසක් අධිකරණ ක්‍රියාදාමයකට යොමු කිරීම හෝ නිදහස් කිරීම වෙනුවට දිගින් දිගටම රදවා තබා ගැනීම සිදුවේ.  එපමණක් ද නොව චෝදනා ඉදිරිපත් කොට නඩු විභාග සදහා මුහුණ දී සිටි බහුතරයක් පිරිස් චෝදනා ඔප්පු නොවී අධිකරණය මගින් නිදහස් කිරීමේ තත්වයන් පසුගිය සමයේ දී වාර්තා විය.

දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වන විටත් රදවා ගෙන සිටින පිරිස් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කිරීම හෝ ඔවුන් පුනරුත්ථාපනය හෝ වෙනත් විශෝධන ක්‍රියාවලියක් මගින් සමාජගත කිරීම කෙරෙහි රජයේ අවධානය වහා යොමු විය යුතුය.

චෝදනා ඉදිරිපත් කිරීමකින් පවා තොරව විශාල කාලයක් ‘දේශපාලන සිරකරුවන් රදවා තබා ගැනීම තුළින් මේ පිරිසගේ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීම වැලැක්විය නොහැකිය.  ජාතීන් අතර සංහිදියාව ඇති කර ගැනීමටත්, නැවත වරක් සමාජගත ජීවිතයක් සදහා ඔවුනට ඇති අවස්ථාව අහිමි නොකිරීමත් අවශ්‍ය ය. 

මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ රජයේ දේශපාලන නායකත්වයේ අවධානය වහා යොමු විය යුතුව ඇතැයි කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ දැඩිව විශ්වාස කරයි.

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

2015 සැප්තැම්බර් 11

2 Responses to “චෝදනා ගොනු කර නොමැති දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට අවධානය යොමු කරන්න.කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය ඉල්ලයි.”

  1. Lorenzo Says:

    Only LTTE terrorists are kept without charge because their charges are so complicated and it takes time to list them ALL. Releasing them is not the right ting to do. IF they are released there will be BOMB BLASTS, KILLINGS, etc. again.

    Lets enjoy the peace we had for 6 years for another 60 years at least.

  2. ranjit Says:

    Cafe Idiots your idea is very good.Release the tigers who killed our innocent citizens and jail our Sinhala heroes then only you are happy. UNP always acted as Anti Sinhalese so you bunch also their stooges so it’s not surprising. Go ahead and release the Tamils your friends and then you’ll can go and live in Tamil land.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress