මහින්දව විදුලි පුටුවෙන් බේරුවා කියන, රනිල්ගේ දිව දෙකේ බොරු හෙළිදරව්ව.
Posted on September 29th, 2015

උපුටා ගැන්ම www.mahinda.info

[1]. (i). මේ අලුත් යෝජනාවලියේ තිබෙන තවත් වැදගත් දෙයක්‌ තමයි අපේම යාන්ත්‍රණයක්‌ මගින් යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමට ලංකාවට ඉඩ ලැබීම. පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට එන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව ඇති කරන්නටයි. අපේ වැඩපිළිවෙළ නිසා හිටපු ජනාධිපතිතුමත් විදුලි පුටුවෙන් බේරෙනවා. හිටපු ආරක්‍ෂක ලේකම්තුමත් විදුලි පුටුවෙන් බේරෙනවා.” යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව 2015/09/28 දිවයින පුවත්පතෙන් වාර්තා කර තිබේ.

 

(ii). අපේම යාන්ත්‍රණයක්‌ මගින් යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමට ලංකාවට ඉඩ ලැබීම” නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමාව විදුලි පුටුවෙන් බේරන්න තමන්ට හැකි වුණා කියන රනිල් වික්‍රමසිංහ මහතා 2014 දී පැවසූයේ මෙලෙසයි.  (2014/02/03 දිවයින පුවත්පත)

(iii). අපේ රටේ කිසිවෙකු විදුලි පුටුවේ වාඩි කරවන්න බැරිනම්, දේශීය යැයි කියන යුද අපරාධ යාන්ත්‍රණය නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමාව විදුලි පුටුවෙන් බේරන්න තමන්ට හැකි වුණා යැයි අලුතෙන් කියන්න දෙයක් නැත. මොකද 2014 දී රනිල් පැවසූ කාරණාව අනුවනම් මහින්ද රාජපක්ෂ මහතා 2003 සිටම විදුලි පුටුවෙන් බේරිලා අවසන් විය යුතුයි.

ඒ අනුව 2015 දී රනිල් වික්‍රමසිංහ මහතා පවසන දේ ඇත්තක්නම් 2014 දී කියා ඇත්තේ පට්ට පල් බොරුවකි. 2014 දී කියපු දේ ඇත්තක් නම් 2015 දී කියන දේ පට්ට පල් බොරුවකි. ඒ දෙකම ඇත්ත වීමට හැකියාවක් නොමැත. නමුත් දෙකම බොරු විය හැකියි.

[2]. මහින්දව විදුලි පුටුවෙන් බේරෙනවා” යැයි එජාපයෙන් මෑතක සිට පවසන කතාවට උදය ගම්මන්පිළ මහතා මනා පිළිතුරක් දී තිබේ. (2015 දී කියන බොරුවට පිළිතුරු)

ජිනීවා මානව හිමිකම් පිළිබඳ ලංකාව සම්බන්ධව යෝජනාව සකස්‌ කරන්න ලංකාවෙන් දායක වන්නේ මංගල සමරවීර හා විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරුන් දෙදෙනා බවත් මේ දෙදෙනා දකුණේ මිනිස්‌සු නිසා දකුණේ අය වන මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් අමාරුවේ දැමීමට ඉඩ නොදෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (27 දා) මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වූ අවස්‌ථාවේදී කර තිබෙන ප්‍රකාශයට පිළිතුරු දෙමින් ගම්මන්පිල මහතා මේ බව පැවසීය.

2008 දී කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් දැවැන්ත යුද්ධයක නියෑලී සිටියදී කොටි පරදන ආණ්‌ඩුව අයවැයෙන් පරාජය කිරීමට ආණ්‌ඩුවේ සිට විපක්‍ෂයට ගිය තිදෙනාගෙන් දෙදෙනකු වූයේ මොවුන් බවත් හෙතෙම සිහිපත් කළේය.”

ඒ අනුව එදා යුද්ධයට එරෙහි වූවන් බහුතරයගෙන් සැදුම්ලත් වත්මන් ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි කිසිදු තැකීමක් නොකරන බව පැහැදිළි වෙයි.

[3]. රෝම ගිවිසුම අත්සන් නොකළේ තමන්ගේ වුවමනාව නිසා බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මෙයද පට්ට පල් බොරුවකි. මෙන්න මූලාශ්‍රය (2014 දී කියපු බොරුවට පිළිතුරු).

ශ්‍රී ලංකාව මෙම රෝම සම්මුතියට එකඟ නොවූයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිනියව සිටි සමයේදීයි. මේ සම්මුතියේ ඇති භයානකකම වටහාගත් හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිර්ගාමර් ඊට සහය නොදනෙ ලෙස උපදෙස්‌ දී තිබිණි. (2015/08/23 දිවයින)


ලංකා ඉතිහාසයේ කීර්තිමත් රාජත්‍රාන්ත්‍රිකයෙක් වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාට හිමි විය යුතු ගෞරවය වෙන අය සොරාගැනීමට හැදීම ගැන අපි කණගාටු වෙමු.

රටේ ජාතික ආරක්ෂාවට බලපාන ගිවිසුම් අත්සන් කළ යුත්තේ ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපතිවරයා විසිනි. නැතිව අග්‍රාමාත්‍යවරයා විසින් නොවේ. (කාටත් හොරෙන් සාම ගිවිසුම් අත්සන් කිරීමේ නීති විරෝධී භාවය වෙනම බැලිය යුතුයි.)

[4].  අනික් අතට රෝම ප්‍රඥප්තිය අත්සන් නොකළ පමණින් විදේශ අතපෙවීම් හි අවදානම පහව යන්නේ නැත. මේ බවත් දිවයින ආරක්ෂක තීරුවේ පැහැදිළි කර තිබේ. (මේවා බොරුනම් එක්සත් ජාතික පක්ෂයේ නීතීඥයින්ට අදාල පුවත්පත සම්බන්ධ කරගෙන නිවැරදි කිරීම් පළකිරීමට හැකියාව තිබුණි. නමුත් එසේ කර නැත්තේ මේවා ඇත්ත බැවිනි)

ශ්‍රී ලංකාව රෝම සම්මුතියට අත්සන් කර නොමැති නිසා හමුදා නායකයන්ව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යැමට බැරි බවට ඇතැම් දේශපාලකයන් විසින් ප්‍රචාරයක්‌ දියත් කර තිබේ.

එහෙත් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැමේ කොන්දේසි මෙසේයි.

1. රෝම සම්මුතියට අත්සන් කළ රටෙක වැසියකු වීම
2. අපරාධ ක්‍රියා සිදුවූයේ සම්මුතියට අත්සන් කළ රටේ භූමිය තුළදී වීම.
3. එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ නිර්දේශය මත
4. චෝදනා මගින් යුද අපරාධ සිදුවී ඇති බවට සනාථ වීම.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් ශ්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යොමු කළේ මෙම සිව්වැනි කරුණ අනුවයි.

චැනල් ෆෝ රූපවාහිනියේ වීඩියෝපට – හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ ලුවිස්‌ ආබර් මෙහෙයවන ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌a ගෲප් සංවිධානයේ වාර්තාව හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකාගේ වාර්තාව සහ ලන්ඩන් නුවර ප්‍රීඩම් ඔප් ටොචර් සංවිධානයේ වාර්තා මගින් යුද අපරාධ සිදුවූ බවට කරුණු ගොනු කර තිබේ. (මේවා බොරු චෝදනා වන අතර දයාන් ජයතිලක මහතා පෙන්වා දුන් අයුරින් මේවා නිශේධනය කළ යුතුය)

ජිනිවාහිදී ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා පරීක්‍ෂණ මණ්‌ඩලය ක්‍රියාත්මක වන්නේ ඉහත කී වාර්තා මතය.  (මූලාශ්‍රය: 2015/08/23 දිවයින)

[5]. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව කටයුතු කරන්න බටහිරයන් මීටත් වඩා බරපතල උත්සාහයක් දැරුවේ මානුෂික මෙහෙයුමේ අවසන් කාලයේ සහ අවසන් වූ පසු වසර කිහිපය ඇතුළතදීයි. නමුත් එවකට චීනය සහ රුසියාව යන ලෝක බලවතුන් දෙදෙනා සමග මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇති කරගෙන තිබූ දැඩි මිත්‍රත්වය නිසා මානව හිමිකම් චෝදනා නිශේධනය කිරීමට හැකි විය.  වර්තමානයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිව සිටියානම් වත්මන් ආණ්ඩුව මෙන් ජාත්‍යන්තර පරීක්ෂණ අභ්‍යන්තරව පවත්වමින් අහක යන නයි රෙද්ද අස්සේ දාගේන්නේ නැත.,  ලෝක බලවතුන් දෙදෙනාගේ නිශේධ බලය යොදවා පසුගිය පෙබරවාරි වලදීම මෙම යෝජනාව පරාජය කරනු ඇත.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.
 

 

 
 

 

3 comments to මහින්දව විදුලි පුටුවෙන් බේරුවා කියන, රනිල්ගේ දිව දෙකේ බොරු හෙළිදරව්ව.

    • Dinuu

      යහපාලනය රට විපතට ඇද දමමින්…
      කරනා සැම වරද අද බොරුවෙන් වසමින්…
      මහජනතාව රවටයි සැම බය කරමින්…
      තොරතුරු දැනගන්න අයිතිය නැති කරමින්…!

      රට බරපතල අනතුරකට ඇද දමමින්…
      පිටරැටියනට ගැති වී තීරණ ගනිමින්…
      දෙමුහුන්” නම නැතත් එවැනිම අධිකරණෙන්…
      යහපාලනය රණවිරුවන් පෙති ගසමින්…!

      කරනට යන මහා බියකරු වැරැද්දට…
      මුලු රට එකතු වී මහ හඬ නගන්නට…
      යට විය යුතුම නැත-මෙය වරදක් බවට…
      පෙන්විය යුතුය යහපාලන නඩය හට…!

      ‘ජනමත විමසුමක්’ ඉල්ලා හඬ නඟමූ…
      ‘පිටරට අධිකරණ ඕනෑ නැහැ’ කියමූ…
      අද අද සැවොම එක්වී බල කර සිටිමූ…
      රට රැකි රණවිරුන් අප එක්වී රකිමූ…!

      රණවිරු සෙන්පතින් ‘රජිඳා’ රකින්නට…
      අපි සැම එකතු වෙමු ‘සිරි ලක් ධජය යට’…
      යුද බිය නැති කරපු විරුවන් අප රටට…
      කල මෙහෙයට ඔවුන් ‘සුරකිමු’ හැම කලට…!

      විරුවන් සෙන්පතින් ‘රජිඳා’ වෙහෙස වෙලා…
      දිවි පරදුවට ලා ‘අප හා රට රැකලා’…
      කල මෙහෙයුමට බැති පුද දෙමු එකතු වෙලා…
      සුරකිමු ඔවුන් ‘අප සැම ජීවිත පුදලා’…!

  • Power

    අද දේශප්‍රේමීත්වයක් ගැන කිසිදු කතාවක් නැත.දේශමාමකත්වයෙන් යුතුව අප මවු රටට වීමට යන දැවැන්ත විනාශය ගැන කතා කරන දේශමාමක බලවේග අද දේශද්‍රෝහීන් වී ඇත.ඔවුන් වර්තමාන රජය පෙරලා දැමීම සඳහා විවිධ කතා ජනතාවට කියනවාය කියා වර්තමාන පාණ්ඩුවේ සම හරක් කොටස් චෝදනා කරයි.ඒත් ඇත්ත එය නොවේ.තමන් උපන් මවුබිම ගැන සැබෑ ම කැක්කුමක් ඇති මිනිසුන් අද ඇමතිප්‍රේමීන් නොවී රට වෙනුවෙන් තවමත් තම පණ ගැහෙන හදවතින් තම සුජාත හඬ අවදි කරයි.ඇමතිකටු පස්සෙ ගිය ඇමතිප්‍රේමීන් අද රටට හෙණ ගහලා ගියත් රටට අහිතකර බලපෑම් ගැන කිසිදු කතාවක් නැත.

    වර්තමාන පඹ පාණ්ඩුව අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන මේ බිමට නැවතත් අහිතකර අධිරාජ්‍යවාදීන්ගෙ සපත්තු ලෙවකමින් යන යුගයක මුල පිරීමක ආරම්භයක් ලබාදෙමින් ඇත. අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනවෝ..කනවෝ කියා කියනවා වෙනුවට හරි සනීපයි කියයි.ඇත්ත..ඔවුන්ට සනීපය..රටට අසනීපය. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ බිම කුරිරු මිනීමරු බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමේ දී සුජාත දේශමාමකත්වයෙන් යුතුව පැවසුවේ පළමුවත් රට,දෙවනුවත් රට,තෙවනුවත් රට කියාය. එහෙත් අද මේ රටේ ඉන්නෙ පළමුවත් බඩ,දෙවනුවත් බඩ,තෙවනුවත් බඩ ම තමයි කියා මහින්ද රාජපක්ෂ නැමැති එම දැවැන්ත දේශමාමක නායකත්වය පරාජය කිරීමට තව දිවි පරදුවට තබා සටන් කරපු ඇමරිකන්ප්‍රේමී පිටකොඳු බිඳගත් ඔලමොල නිවටුන් හා ඔවුන්ගෙ කීම එක පයින් පිලිගෙන දැවැන්ත නායකත්වය බිඳ හෙලීමට කටයුතු කළ කෘතගුණ නොදත් රටක් ගැන නොසිතන ජනතාවයි.

    රටකට ඕනෑ ඇමරිකන් යුගයක්
    ඒකට ඕනෑ පඹයෙක්ගේ යුගයක්

    එදත් අගමැති..අදත් අගමැති අතිගරු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ එදා වැඩ :-

    https://www.youtube.com/watch?v=WltVTXfTelU

3 Responses to “මහින්දව විදුලි පුටුවෙන් බේරුවා කියන, රනිල්ගේ දිව දෙකේ බොරු හෙළිදරව්ව.”

  1. Christie Says:

    Christie Says:

    September 29th, 2015 at 5:00 pm

    From what I have heard according to Human Rights Watch’s South Asia Director Meenakshi Ganguly they the Indian Empire’s most important target is Gota. They are after Mahinda and others but Indian Empire’s most wanted is Gota.

    Christie Says:

    September 29th, 2015 at 5:18 pm

    හියුමන් රයිට්ස් වොච් ආසියා ඩිරෙක්ටර් මීනක්ශි ගන්ගූලි අඟවන විදියට ඉන්දියානු අදිරද ජඩයින්ට පලමුව ඕනෑ ගෝටාය. මෙම ඉන්දියානු පලිබෝදකය ටයිම් සඟරාවේ වැඩකරන කාලයේ මහින්දව මුනගැසී වාර්තා කර ඇත.

  2. ranjit Says:

    Our stupids who believed this liar will suffer immensely in the future because of his and his Govt policies. First time in the world a loser in an election becomes a Minister. Appointing a Prime Minister when there is already a Prime Minister. Appointing a Chief Justice when one is already in place. These things should go to Guinness book of records undoubtedly. From Jan8th onwards most of the actions they took regarding Governance was illegal. They did everything by force acting like Dictators. Once a peaceful country is now in shambles due to the Dictatorial rule of Anti Sinhalese rulers.

    The country has become a paradise for gangs and murderers which we haven’ seen for several years for some times in the past. Bank robberies,murders,gang rapes,kidnapping,Child molesting,Child murders,gang fights which were past memories now come in to reality again with this Jarapalanaya after Jan 8th. Why can’t our citizens do not understand the difference then and now? How can they believe these liars and go on believing them after all what has happened to the country after Jan 8th? Did we get what they promised? Did they low down the prices of essential foods? Did they give you the promised salary increase? Where is the cheap medicines they promised? Do you remember the lies they uttered to get your vote? Are you happy with Yahapalanaya or are you fed up with it within a month or so? If you are fed up join with Sinhala Patriots for a true change and to live in Peace.

  3. Asanga Says:

    As well as the absolute disgust felt when hearing the demented rantings of the current prime minister, its equally disheartening to see a newspaper like the ‘Divayina’ taking a 180 degree turn in its policies.

    Just reading the divaina editorials is so nauseating that personally, I have stopped reading their website. Why give them even a couple of cents of earnings by visiting the site and earning them money through the embedded ads?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress