ITN ජනාධිපතිවරණ දැන්වීම් බිල් ගෙවා අවසන්.. ඇත්ත උවමනාව මේකයි.. – මහින්දගෙන් නිවේදනයක්.
Posted on October 15th, 2015

උපුටා ගැන්ම www.mahinda.info

ස්වාධීන රූපවාහීනයේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක දැන්වීම් විකශණය කොට ගෙවීම් සිදු නොකල බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිගේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා නිවේදනයක් නිකු්තර කර ඇත.

මෙහි පල වෙන්නේ එකී සම්පූර්ණ නිවේදනයයි.

බරපතල වංචා හා දුෂණ විමර්ෂණ කොමිසම ඉදිරියට හිටපු ජනාධිපතිතුමා කැදවීම

ආණ්ඩුව විසින් පිහිටුවා ඇති බරපතල වංචා හා දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ කැදවීම අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා අද දින එම කොමිසම ඉදිරියේ පෙනී සිටියේය. මෙකී කොමිසම විසින් එතුමා වෙත එවන ලද ලිපියේ විමර්ෂණයට තුඩු දී ඇති කාරණා පහක් සදහන් කර තිබුණි.

කොමිසමේ විමර්ෂණයට ලක් වී ඇති පළමු කාරණය වන්නේ පුරප්පාඩුවක් නොමැති අවස්ථාවක අනුර සිරිවර්ධන යන අය ස්වාධීන රෑපවාහිනී මාධ්‍ය ආයතනයේ සභාපති / ප්‍ර‍ධාන විධායක නිලධාරී වශයෙන් පත් කිරීම යන්නයි. එම පත් කිරීම විධිමත් ලෙස සිදු කරනු ලබන්නේ ජනාධිපතිතුමා නොව ස්වාධීන රෑපවාහිනී සමාගමේ කොටස් අයිතිය තිබෙන මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමා විසිනි. එමෙන්ම අදාල පත් කිරීම කර තිබුණේ කළින් එම තනතුරේ සිටි සභාපතිතුමා ඉවත් වීමෙන් පසුවය.

කොමිසමේ විමර්ෂණයට ලක් වී ඇති දෙවන කාරණය වන්නේ ජනාධිපතිවරණ කාල සීමාව තුළදී මීඩියා ෆැක්ටරි” ආයතනය මගින් දැන්වීම් පල කිරීම සම්බන්ධව අය විය යුතු මුදල් නොගෙවීම තුලින් සිදු වී ඇතැයි කියන මූල්‍යමය පාඩුවයි. මෙකී මුදල අයකර ගැනීමට ස්වාධීන රෑපවාහිනී සේවය විසින් මීඩියා ෆැක්ටරි ආයතනය වෙත 2015 ජනවාරී 27 වන දා ලිපියක් යොමුකර තිබූ අතර එකී ලිපියේ සදහන් පරිදි අය විය යුතු මුළු මුදල මීඩියා ෆැක්ටරි ආයතන විසින් ගෙවා ඇත.එකී මුදල් භාරගත් බවට ස්වාධීන රෑපවාහිනී ආයතනය විසින් අත්සන් කොට පිළිගෙන ඇත.

එම මැතිවරණ කාල සීමාව තුලම ස්පෙෂල් සොලුයුෂන්” ආයතනය විසින් ස්වාධීන රෑපවාහිනී මාධ්‍ය ජාලය හරහා විකාශය කළ දැන්වීම් සදහා රු. ලක්‍ෂ 24 ක මුදලක් නොගෙවීම තුළින් මුල්‍යමය පාඩුවක් සිදු වී තිබෙන බව තුන්වන කාරණය වේ. මෙම මුදලද අදාල දැන්වීම් ආයතනය විසින් ස්වාධීන රෑපවාහිනී මාධ්‍ය ආයතනය වෙත ගෙවා අවසන් කර ඇති බව අප වෙත වාර්තාවී ඇත. දැන්වීම් විශාල ප්‍රමාණයක් දමන විට ඒවායින් යම් ප්‍රතිශතයක් නොමිලේ ලබා දීම ද සෑම මාධ්‍ය ආයතනයක් විසින්ම කරන වෙළද ප්‍රවර්ධන කටයුත්තක් බවද මෙහිදී සැලකිය යුතුය.

2015 ජනාධිපතිවරණ කාලසීමාව තුළදී අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍ර‍චාරක දැන්වීම් විකාශනය කිරීමට පෙර මුදල් ලබාගෙන එම දැන්වීම් ප්‍ර‍චාරය නොකර ලබා ගත් මුදලින් රු. ලක්‍ෂ 86 ක් ආපසු දීම තුලින් ස්වාධීන රෑපවාහිනී ආයතනයට ලැබීමට තිබූ ආදායමක් නොලැබී යාම කොමිසමේ ලිපියේ සදහන් සිවුවන කාරණය වේ. මෙය හුදෙක්ම ස්වාධින රෑපවාහිනී ආයතනයේ අභ්‍යයන්තර පරිපාලන කටයුත්තකි.

2015 ජනාධිපතිවරණයේ දී අපේක්‍ෂක‍ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක දැන්වීම් සදහා සම්මත මුදල මෙන් දෙගුණයක් අය කර එකම මැතිවරණයක දී සමාන අපේක්‍ෂකයන් දෙදෙනෙකුගෙන්, එක් අයකුගෙන් වැඩිපුර මුදලක් ලබා ගැනීමට කටයුතු කල බව කොමිසමේ ලිපියේ සදහන් පස්වන කාරණයයි. මෙයද ස්වාධීන රෑපවාහිනී සේවයේ අභ්‍යන්තර කටයුත්තකි.

2015 ජනවාරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතා එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්‍ෂකයා හැටියට ඉදිරිපත් වූයේය. ජනාධිපතිවරණයක් අතරතුර අපේක්‍ෂකයා වෙනුවෙන් ප්‍ර‍චාරක දැන්වීම් ලබා දෙන්නේ කුමන මාධ්‍ය ආයතනවලටද, එවැනි දැන්වීම් කීයක් දමනවාද, වැනි කාරණා අධීක්‍ෂණය කිරීම ඡන්ද අපේක්‍ෂකයෙකුට ප්‍රායෝගිකව කළ නොහැක. එමෙන්ම ප්‍ර‍චාරක දැන්වීම් මාධ්‍ය ආයතන වලට ලබා දෙන්නේ ඡන්ද අපේක්‍ෂකයා නොව ඔහු නියෝජනය කරන දේශපාලන සංධානය හෝ පක්‍ෂය විසින් ප්‍ර‍චාරක දැන්වීම් නිර්මාණය කිරීමට භාර දී ඇති ප්‍ර‍චාරක (ඇඩ්වටයිසින්) ආයතන විසිනි. අපේක්‍ෂකයා හෝ ඔහුගේ දේශපාලන පක්‍ෂයවත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන සමග ඍජු ලෙස සම්බන්ධ වන්නේ නැත.

කෙසේ වෙතත් යම් කිසි ජනාධිපතිවරණයකදී දේශපාලන පක්‍ෂයකින් / සංධානයකින් තරග කරනු ලබන අපේක්‍ෂකයකුගේ දැන්වීම් ප්‍ර‍චාරය ඇතුලු කටයුතු සිදු කරනු ලබන්නේ අදාල පක්‍ෂයේ / සංධානයේ මෙහෙය වීම මතය. ඒ අනුව එම සියලු කරණු අපේක්‍ෂකයාගේ වගකීමක් නොව අදාල පක්‍ෂයේ / සංධානයේ වගකීමකි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තෙවන වරටත් ජනාධිපති අපේක්‍ෂක ලෙස තරග කල යුතු බවට යෝජනාව ශ්‍රී ලංකා නිහස් පක්‍ෂය තුල ඉදිරිපත් වූ අවස්ථාවේ දී අදාල යෝජනාව ස්ථිර කරනු ලැබුවේද පක්‍ෂයේ වර්තමාන සභාපතිතුමාමය. මෙවැනි කාරණා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙම කොමිසම ඉදිරියට කැදවා කුමක් හෝ වරදක් කර තිබෙනවා යැයි ජනතාවට ඒත්තු ගැන්වීම තුළින් දේශපාලන  වාසියක් ලබා ගැනීමට බලාපොරොත්තුවන බව ප්‍රත්‍යක්‍ෂ වන කරුණකි.

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ
මාධ්‍ය ලේකම්

 

9 Responses to “ITN ජනාධිපතිවරණ දැන්වීම් බිල් ගෙවා අවසන්.. ඇත්ත උවමනාව මේකයි.. – මහින්දගෙන් නිවේදනයක්.”

  1. Charles Says:

    It is time this pseudo yahapalanaya stop this hateful,revenge seeking stupidity and get down to some useful work. The people are getting up and regretsthat they had voted these maniacs into power. Only thing they do is hate mongering, pursuing allegations against Rajapakses. They are completely unaware that they will soon be selling sri lanka to the west and break it to satisfy the Tamils.

    May some visible or invisible power punish them and save Sri Lanka from this curse of a yahapalanaya.

  2. Fran Diaz Says:

    It appears to us that the whole idea of harrassing Pres MR is to create public distractions while Yahap/Ranil other plans are put in place. Ranil wants to put CEPA & Bridge in place behind the backs of the public ? What else are we to think when ridiculous accusations are thrust on Pres MR, the Armed Forces and the former MR govt.

  3. Independent Says:

    Fran,
    An innocent person will never be anxious or feel nervous about ANY allegation. Once someone has done his best , one is relaxed, even if unintentional errors occur.

  4. Fran Diaz Says:

    Lorenzo,

    Speaking as a bystander, if one can expect JUSTICE, then one does not feel nervous about any allegations.

    Where there is gross INJUSTICE, it is a different story.

    Harassing a much admired and mature President is despicable and speaks volumes about those who do so. Same for the Armed forces of Lanka and quite a few in the past govt.

  5. Lorenzo Says:

    “An innocent person will never be anxious or feel nervous about ANY allegation.”

    That is true ONLY IF the investigation is UNBIASED.

    In SL the investigation is BIASED and driven by HATE. Innocents should be very scared.

    Foolish UNP govt. idiots have fallen to SAJIN VASS’s statements. They released him and gave him VVIP security!!!

    And follow his “leads”. One such lead is there is a $1 billion bank account belonging to NR in Mashreq Bank Dubai. 5 FOOLS flew to Dubai wasting MILLIONS and staying at expensive hotels to take a court order to prevent the transfer of money out of that account.

    The court was said by the bank that THERE WAS NO SUCH BANK ACCOUNT!!!!

    Embarassed the UNP idiot delegation has quitely come home empty handed but having enjoyed the pleasures of Dubai at taxpayers expense.

  6. Independent Says:

    තවත් අහිංසකයෝ තුන් දෙනෙක් ?

    කෝටි 12 1/2 ක අල්ලස
    රේගුවේ තිදෙනා රිමාන්ඩ්

    * හමුවන්න එන අයගේ නාම ලේඛන ගන්නත් නියෝග
    * තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් දන්වයි
    * අල්ලස දී ඇත්තේ බලෙන් බව සැකකරුවන්ගේ නීතිඥයා කියයි
    * අල්ලස්‌ ගන්න කලින් කළ කතාවේ හඬ පටයක්‌ ඇති බව අල්ලස්‌ කොමිසම පවසයි

    සමන්ත ඉලේපෙරුම
    ඡායාරූප – කමල් බෝගොඩ සහ ජූඩ් ඩෙන්සිල් පතිරාජ

    රුපියල් කෝටි 12 1/2 ක අල්ලස්‌ මුදලක්‌ ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඊයේ (16 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ රේගු නිලධාරීන් තිදෙනා ලබන 30 දා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග දීමෙන් අනතුරුව බන්ධනාගාරය වෙත රැගෙන ගිය අයුරු සහ රේගු නිලධාරීන් තිදෙනා වෙත අල්ලස්‌ ලෙස ලබාදීම සඳහා අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් යොදාගත් රුපියල් කෝටි 12 1/2 මුදල රුපියල් පන්දහසේ නෝට්‌ටුවලින් මිටි ගසා සකස්‌ කර තිබූ අයුරු.

    ආනයනය කරන ලද වාහන අමතර කොටස්‌ සම්බන්ධයෙන් රේගුව මගින් කරනු ලබන පරීක්‍ෂණ කටයුතු නතර කර ගෙවිය යුතු බදු මුදල් නොගෙවා සිටීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමට වාහන අමතර කොටස්‌ අලෙවිකරුවකුගෙන් රුපියල් කෝටි 12 1/2 ක මුදලක්‌ අල්ලස්‌ ලෙස ඉල්ලා ලබාගත්තේ යයි අත්අඩංගුවට ගනු ලැබූ රේගු නිලධාරීන් තිදෙනා ලබන 30 දා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (16 දා) නියෝග කළේය.

    සැකකරුවන් තිදෙනා කඩිනමින් කුරුවිට බන්ධනාගාරයේ රඳවා තැබීමට කටයුතු යොදන ලෙස ද ඔවුන් හමුවීමට පැමිණෙන අයගේ නාමලේඛනයක්‌ ලබාගෙන ඉදිරිපත් කරන ලෙස ද මහෙස්‌ත්‍රාත්වරයා වැඩිදුරටත් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

    අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සිදු කරන ලද වැටලීමක්‌ අනුව අල්ලස්‌ මුදල් ලබා ගන්නා විටදී අත්අඩංගුවට ගෙන මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුයේ රත්මලාන, ආදර්ශ ගම්මාන පදිංචි රේගු අධිකාරී සුධීර පරාක්‍රම ජිනදාස, පන්නිපිටිය දෙපානම පදිංචි නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක හා කඩවත, ඉහළ කරගහමුණ පදිංචි සහකාර රේගු අධිකාරි උපාලි ගුණරත්න පෙරේරා නමැති සැකකරුවන් තිදෙනාය.

    සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් වැඩිදුර වාර්තා ගොනු කළ අල්ලස්‌ කොමිසමේ උසාවි නිලධාරි අබේධීර මහතා කරුණු දක්‌වමින් ලංකා ගමනාගමන මණ්‌ඩලය මගින් තීරු බදු රහිතව ස්‌ටීල් ඉන්පෙක්‌ස්‌ ඇන්ඩ් ඉන්ඩස්‌ට්‍රීස්‌ (ලංකා) පුද්ගලික සමාගම සමඟ ගිවිසුම්ගතව මෙරටට ආනයනය කරන ලද වාහන අමතර කොටස්‌ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මගින් කරනු ලබන පරීක්‍ෂණ කටයුතු නතර කිරීමට හා බදු මුදල් නොගෙවා සිටීමට අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් රුපියල් මිලියන 150 ක්‌ අල්ලස්‌ ලෙස ඉල්ලා එම මුදල රුපියල් මිලියන 125 දක්‌වා අඩුකර අල්ලස්‌ ලෙස ලබාගැනීමේදී සිදුකළ සාර්ථක වැටලීමක්‌ තුළින් අදාළ අල්ලස්‌ මුදල ද සමඟ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවට දන්වා සිටියේය.

    වාහන අමතර කොටස්‌ ආනයනය කරනු ලබන ව්‍යාපාරිකයකු විසින් කරනු ලැබූ පැමිණිල්ලක්‌ අනුව සිදුකළ වැටලීමක්‌ තුළින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ද පැවසූ අබේධීර මහතා සැකකරුවන් ලබන 30 දා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට ඉල්ලා සිටියේය.

    අල්ලස්‌ කොමිසම වෙනුවෙන් එහි අධ්‍යක්‍ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මිය කරුණු දක්‌වමින් සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් මිලියන 125 ක මුදල මේ වන විටත් ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ ගණන් කිරීමේ කටයුතු සිදු කරන බවත් ඉතා ඉක්‌මනින් ඒ මුදල් වාර්තාව ගොනු කිරීමට පියවර ගන්නා බවත් දන්වා සිටියාය.

    පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වනතෙක්‌ අවසන් නැති බව ද කියා සිටි අධ්‍යක්‍ෂ ජෙනරාල්වරිය සිද්ධියට සම්බන්ධ නම් හෙළි වී ඇති තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ඇති බවත් එනිසා එම කටයුතුවලට බාධා නොවන අයුරින් හා පිටස්‌තර පුද්ගලයන්ට සැකකරුවන් හමුවීමට නොහැකි වන අයුරින් ඔවුන් බන්ධනාගාරගත කරන ලෙසට ඉල්ලා සිටින බවත් පැවසුවාය.

    සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කරුණු දක්‌වමින් මේ අවස්‌ථාවේදී ඇප ඉල්ලීමක්‌ සිදු නොකරන බවත් විමර්ශන කටයුතු ඉක්‌මනින් අවසන් කරන ලෙසට නියෝගයක්‌ නිකුත් කරන ලෙසට ඉල්ලා සිටින බවත් කියා සිටියේය.

    අදාළ අල්ලස්‌ මුදල පැමිණිල්ල මගින් බලහත්කාරයෙන් මෙම සැකකාර නිලධාරි වෙත ලබාදී ඇති බව ද සැකකරුවන්ගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

    අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මිය – ඇතැම් මුදල් නෝට්‌ටුවල සැකකරුවන්ගේ ඇඟිලි සලකුණු පවා තියනවා ස්‌වාමීනි, මේ මුදල් ලබාගැනීමට පැමිණිලිකරු හා සැකකරුවන් අතර ඇති වූ කතාබහ පටිගත වෙලා තියෙනවා.

    ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 30 දා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසත් ඔවුන් වහාම කඩිනමින් කුරුවිට බන්ධනාගාරයේ රඳවා තැබීමට පියවර ගන්නා ලෙසත් නියෝග කළේය.

    සැකකරුවන් හමුවීමට එන අයගේ නාමලේඛනයක්‌ ලබාගෙන ඉදිරියේදී ගොනු කරන ලෙස ද නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරයා ඔවුන් හමුවීම පවුලේ අයට හා නීතිඥවරුන්ට සීමා කරන ලෙසත් වෙනත් අයට හමුවීමට අවශ්‍ය නම් විශේෂ අවසරයකින් සිදුකළ යුතුව ඇති බවත් සඳහන් කළේය.

    සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සමඟ ඒ. එච්. එම්. ඉලියාස්‌, අශෝක වීරසූරිය හා අසේල රැකව යන නීතිඥ මහත්වරුන් ඇතුළු නීතිඥ කණ්‌ඩායමක්‌ පෙනී සිටියහ.

  7. NeelaMahaYoda Says:

    Independent for your information;
    කෝටි 12 දැවැන්ත අල්ලස සමග රවි කරුණානායක මාට්ටු!රේගු නිලධාරී සුධීර පරාක්‍රම පැවසූයේ අදාල අල්ලස් ගැනීම සඳහා තමන් පෙළඹූයේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ කීම අනුව බවයි.
    http://www.lankanewsweb.today/archives/6201
    ශ්‍රී ලංකා අල්ලස් වැටලීම් ඉතිහාසයේ සිදුකරන ලද දැවැන්තම වැටලීම වූ රුපියල් කෝටි 12 හමාරක අල්ලසක් අල්ලා ගැනීමට රේගු අධිකාරියේ ඉහලම මෝරු තිදෙනෙක් අල්ලස් දැලට හසුකර ගැනීමට ශ්‍රී ලංකා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද සමත් විය.මෙසේ අල්ලස් දැලට හසුවූයේ සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී. පෙරේරා, නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක සහ රේගු නිලධාරී සුධීර පරාක්‍රම නමැති ජාතිභ්‍රෂ්ඨ වසලයන් තිදෙනා ය.
    ලංකා ගමනා ගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වන සමාගමක් විසින් ගෙන්වන ලද අමතර කොටස් තොගයක් සඳහා රේගු ගාස්තු ලෙස රු.කෝටි 150 ක් වැනි අසාධාරණ මුදලක් ගෙවන්නැයි සමාගමට පවසා ඇත. එතරම් රේගු ගාස්තුවක් ගෙවිය නොහැකි බව කියද්දී මෙම වසල නිලධාරීන් තිදෙනා පවසා ඇත්තේ එම මුදල නොගෙවා නිදහස් කිරීමට නම් එක් අයෙකුට කෝටි 5 බැගින් තමන්ට කෝටි 15 ක් අවශ්‍ය බවයි.
    පසුව සමාගම මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම දැනුවත් කර ඇති අතර කොමිසම සමාගමේ අයට පවසා ඇත්තේ ගණන හෙට්ටු කරන ලෙසයි. ඒ අනුව අවසානයේ දී කෝටි 12 හමාරක් අල්ලස් ලෙස ලබා ගැනීමට ඉහත කී වසල රේගු ලොක්කන් තිදෙනා එකඟ වී ඇත.
    ඉන්පසුව අද සවස කතිකා කර ගත් ස්ථානයකදී නියමිත අල්ලස් මුදල ලබා ගැනීමට රේගු ලොක්කන් පැමිණි අතර වෙස් වලාගෙන සිටි අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරීන් රේගු ලොක්කන් තිදෙනා අල්ලස් මුදල් සමගම අල්ලා ගත්හ.
    මෙම වැටලීම සති දෙකක් පමණ කාලයක් තිස්සේ ඉතාමත් රහසිගතව සිදුකර ඇති අතර මේ තරම් මුදලක් ලබා දීමට අල්ලස් කොමිසම සතුවද සටහන් තබා ගන්නා ලද මුදල් තිබී නැත. පසුව භාණ්ඩාගාරයෙන් මේ සඳහා මුදල් ලබා ගෙන ඇති අතර අල්ලස් කොමිසමට මුදල් නෝට්ටු වල සටහන් තබා ගැනීමට දින 3 ක් ගත වී තිබේ.
    පසුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් එම රේගු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කෙරුණි. එහිදී රේගු නිලධාරී සුධීර පරාක්‍රම පැවසූයේ අදාල අල්ලස් ගැනීම සඳහා තමන් පෙළඹූයේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ කීම අනුව බවයි. රේගු අධිකාරිය වර්තමානයේදී පාලනය වන්නේ මුදල් අමාත්‍යවරයා යටතේ ය.
    රවි කරුණානායක ගැන පළ වූ හෙළිදරව්ව වසන් කිරීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය උත්සාහ දරන බව අපට වාර්තා වෙයි.

  8. Independent Says:

    NMY,
    What do you think ? which FM got caught while in power ? keep on reading God’s bibles , but when you are going to die read Buddha Dhamma.

  9. Independent Says:

    NMY,
    Still following Ekneligoda ( now branded LTTE ) killing by Champika gospel in your bible ?
    Please read the proper Lanka-enews not the fake one.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress