මා වෛද්‍ය අධ්‍යාපනය ලැබු යූක්‍රයිනයේ විනිට්සා වෛද්‍ය පීඨය​
Posted on October 22nd, 2015

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මම වෛද්‍ය අධ්‍යාපනය ලැබුවේ යූක්‍රයිනයේ විනිට්සා වෛද්‍ය පීඨයේය​. වර්තමානයේ මෙය Vinnitsa National Medical University යනුවෙන් හැඳින්වේ. මෙම ආයතනය ආරම්භ  කරන ලද්දේ 1921 වසරේදීය​. 

1930 වන විට සෝවියට් දේශයේ වෛද්‍යවරු පුහුණු කිරීම අතින්  විනිට්සා වෛද්‍ය පීඨය නමක් දිනා ගැනීමට හැකි විය​. දෙවන ලෝක යුද සමයේ විනිට්සා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ  වෛද්‍යවරු විශාල ප්‍රමානයක් යුද පෙරමුණ ආශ්‍රිතව සේවය කළහ​.  
1979 දී ලෝකයේ විවිධ රට වලින් විද්‍ය විද්‍යාව ඉගෙන ගැනීමට විනිට්සා වෛද්‍ය පීඨයට පැමිණියහ​. මා මෙහි ඉගෙන  ගත් කාලයේ (1986 -1993 )  ලෝකයේ රටවල් එකසිය ගනනක සිසු සිසුවියන් විනිට්සා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූහ​. එම නිසා  වෛද්‍යවරු පුහුණු කිරීම අතින්  විනිට්සා වෛද්‍ය පීඨය අන්තර්ජාතික වශයෙන් විශාල වැඩ කොටසක්  ඉටු කොට  තිබේ. 
වර්තමානයේ ඇමරිකාව​, කැනඩාව​, එංගලන්තය , ජර්මනිය , ඉශ්‍රායලය , නෝර්වේ ,ඕස්ටෙ‍්‍රලියාව යන බටහිර රටවල මෙන්ම අප්‍රිකාවේ ආසියාවේ ලතින් ඇමරිකාවේ රටවල  විනිට්සා වෛද්‍ය පීඨයේ ආදි සිසු සිසුවියන් විශාල ප්‍රමානයක් සේවය කරති. 
ලංකාවේ යුද ගැටුම් උත්සන්නව තිබූ 1980  -2000  කාල වල උතුරු මැද පළාතේ රෝහල්වලද අනුරාධපුර , පොලොන්නරු රෝහල් වල  විනිට්සා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ වෛද්‍යවරු අමිල සේවයක් කළහ​. නමුත් ඔවුන් විසින් ක්‍රියාන්විතයේ යෙදී සිටි හමුදාවන් සඳහා කරන ලද සේවය මෙතෙක් ඇගයීමකට පවා ලක් වී නැත​. 
යූක්‍රයිනයේ විනිට්සා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබා ලෝකයේ විවිධ රෝහල් වල සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරු සමහරක් 
වෛද්‍ය අසේල වික්‍රමසිංහ – ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි රෝහලක සේවය කරයි 
වෛද්‍ය කේතිසන් නක්කුනම් -ඕස්ටෙ‍්‍රලියාවේ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි 
වෛද්‍ය මන්සූර් – නවසීලන්තයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි 
වෛද්‍ය ප්‍රසානී ජයමහ -ඕස්ටෙ‍්‍රලියාවේ   වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන්නීය 
වෛද්‍ය යමුනා අලස් -ඕස්ටෙ‍්‍රලියාවේ   වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන්නීය 
වෛද්‍ය අනුජා ගුනවර්ධන -ඕස්ටෙ‍්‍රලියාවේ   වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන්නීය 
වෛද්‍ය ධම්මික රත්නායක -දකුණු අප්‍රිකාවේ  වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි 
වෛද්‍ය සී ලබේරත්න -කැනඩාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි 
වෛද්‍ය වික්ටර් මෙන්ඩිස්- එංගලන්තයේ  විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි 
යූක්‍රයිනයේ විනිට්සා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබා  ලංකාවේ  රෝහල් වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරු සමහරක් 
අධිකරණ  විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් – කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී (රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන්  පශ්චාත් මරණ පරීක්‍ෂණ පවත්වන ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවේ)
ශල්‍ය වෛද්‍ය විශේෂඥ   කීත් චැප්මන් – හලාවත රෝහලේ හිටපු ශල්‍ය වෛද්‍ය විශේෂඥ 
විශේෂඥ  නිර්වින්දන වෛද්‍ය නිල්මිනී වීජේසූරිය – කොලඹ ජාතික රෝහලේ නිර්වින්දන  විශේෂඥ  වෛද්‍ය 
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න – මාත‍ලේ දිස්ත්‍රික් මහ රෝහ‍ලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය 
ලෝකයේ විවිධ රටවල් වලින් පැමිණ යූක්‍රයිනයේ විනිට්සා වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය අධ්‍යාපනය ලැබූ නවක දොස්තරවරු 
5 minutes about the life of foreign students in Vinnitsa National Medical University  in nowadayshttps://www.youtube.com/watch?v=f1FCzwUZ-9M

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress