සෙංකෝලයත් පැහැරගෙන මහ යුද්ධයක් කර පාර්ලිමේන්තුව ගිණියම් කරමින් ජනීවා විවාදයේදී විමල් කල කතාව මෙන්න…
Posted on October 22nd, 2015

8 Responses to “සෙංකෝලයත් පැහැරගෙන මහ යුද්ධයක් කර පාර්ලිමේන්තුව ගිණියම් කරමින් ජනීවා විවාදයේදී විමල් කල කතාව මෙන්න…”

  1. Dilrook Says:

    Arrest of Wimal at the airport is a clear act of revenge.

    We condemn the arrest of Wimal as a despicable act of revenge.

    The government must release him unharmed and allow him to travel to his destination unhindered. Sadly the country has ended up a despotic quagmire contrary to promises made to the people before the January election.

  2. Sarath W Says:

    Why it is only Wimal who is prepared to defend the country?

  3. S.Gonsal Says:

    Dilrook,
    He has accepted that fact that he was using an invalid passport. Please read the report on Lankapage.

    “Update: UPFA MP Wimal Weerawansa arrested for using a false passport, released on bail
    Fri, Oct 23, 2015, 09:56 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.

    Oct 23, Colombo: The Criminal Investigations Department (CID) of Police today arrested the United People’s Freedom Alliance (UPFA) parliamentarian Wimal Weerawansa at the Bandaranaike International Airport (BIA) for using a false passport.

    The CID arrested MP Weerawansa when he was going to leave the country with an invalid passport and produced before the court after recoding a statement.

    The Negombo Magistrate’s Court released the MP with two sureties of one million rupees each and Rs. 10, 000 cash bail.

    An officer of the police media unit told BBC Sandeshaya that the MP has come to the airport with an expired passport. The MP has previously informed the police that the passport was invalid.

    The MP has claimed that he obtained a new passport but according to the police media unit, Weerawansa has obtained the new passport providing false information.

    Weerawansa has produced the invalid passport to the airport officials today. He was to board a fight to Rome to visit Europe for a lecture series.

    Speaking to media, Weerawansa admitted the mistake and said that he recently lost his passport and had obtained a new one. Later he found the lost passport when he moved the official residence following the regime change and lost the new one during the move.

    He said his office staff has mistakenly sent the old passport to get the visa stamped According to Weerawansa, when he asked the Immigration officers what needs to be done or him to leave, they had told him that if he was able to get new passport, he could travel with the Visa stamped in the old passport.

    He had later visited the Immigration and Emigration office in Colombo and obtained a new passport. Then he had returned to BIA with the rejected old passport and the new passport.

    According to Weerawansa, the Immigration officers had told him that if he was able to get new passport, he could travel with the Visa stamped in the old passport. Thereafter, he had visited the Immigration and Emigration office in Colombo and obtained a new passport. He had then returned to the airport with the rejected old passport and the new passport. ”

    Similar stories were heard form him on his wife’s birth days. I believe he should be given the maximum possible punishment , if proven guilty. If proven he is innocent, he should be given a big apology and paid compensation and the government must then accept it is a political revenge.

  4. Indrajith Says:

    රටේ ප්‍රශ්න කියන්න යන මගේ ගමන වැළැක්‌වූවා
    – අත්අඩංගුවට ගැනීමට පෙර විමල් දිවයිනට කියයි

    අකිත පෙරේරා

    වර්තමානයේ රට තුළ පවතින ප්‍රශ්න ගැන විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීම සඳහා යන ගමන වළක්‌වා තමාව අත්අඩංගුවට ද ගැනීමට උත්සාහ කළ බව කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

    ඒ මහතා ඊයේ (23 දා) අලුයම විදෙස්‌ගත වීමට කටුනායක ගුවන්තොටුපළ වෙත ගිය අවස්‌ථාවේදී ගුවන් ගමන් බලපත්‍රය සම්බන්ධව මතු වූ පරස්‌පරතා පිළිබඳව අදහස්‌ දක්‌වමින් හෙතෙම මේ බව zදිවයිනZ ට කියා සිටියේය. එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීය.

    ඩුබායි, ප්‍රංශය, ඉතාලිය සහ මහා බ්‍රිතාන්‍යය යන රටවල් කිහිපයක ශ්‍රී ලාංකිකයන්ගේ ආරාධනා අනුව රටේ වත්මන් තත්ත්වය පිළිබඳ දේශන දහයකට වඩා ප්‍රමාණයක්‌ පැවැත්වීම සඳහා පිටත්ව යැමට පාන්දර තුනට පමණ මා ගුවන් තොටුපළට පැමිණියා.

    එහිදී මා ඒ සඳහා වීසා ලබාගෙන තිබුණේ මා ළඟ තිබී නැතිවුණු පැරණි ගුවන් බලපත්‍රයටයි. එය වැරදීමකින් සිදුවූ දෙයක්‌. දැන් මාගේ වලංගු ගුවන් ගමන් බලපත්‍රය නැතිවී තිබෙනවා. පසුගිය කාලයේ සිදුවූ තත්ත්වලදී එය සිදුවී තිබෙනවා. මා පැරණි ගුවන් බලපත්‍රය රැගෙන ආපසු ගුවන් තොටුපළ නිලධාරීන් මට කියා සිටින්නේ අලුත් එක රැගෙන එන්න නැතිනම් අලුත් ගුවන් බලපත්‍රයක්‌ අරගෙන එන්න කියලා. එහෙම අරන් ආවොත් යන්න පුළුවන් කිව්වා.

    ඉතින් මම උදේ සිට මහන්සිවෙලා අලුත් ගුවන් බලපත්‍රයක්‌ ලබාගෙන පැමිණියා. ඉන් පසුව ගුවන්තොටුපළේ රහස්‌ පොලිස්‌ නිලධාරීන් එය විශාල ප්‍රශ්නයක්‌ බවට පත්කරගෙන මාගේ ගමන වළක්‌වන්න ක්‍රියා කළා. මාව අත්අඩංගුවට ගන්න උසාවි නියෝගයක්‌ පවා ලබා ගැනීමට ඒ අය උත්සාහ කළා. ඒ වගේම ඒ අය මගෙන් කිසිදු ප්‍රශ්න කිරීමකුත් නොකොට මාව මෙහි රඳවා තබා ගත්තා.

    මේ රටේ ප්‍රශ්න ලෝකයේ සිටින අපේ ජනතාවට කියන්න යන ගමන තමයි මේ වළක්‌වන්න හැදුවේ. මොකද මම අනුන්ගේ ගුවන් බලපත්‍රයකට වීසා ලබාගෙන නැහැ. නැතිවී පසුව සොයා ගනු ලැබූ මගේම ගුවන් බලපත්‍රයට තමයි මේ වීසා ලබාගෙන තිබෙන්නේ. ඒ ගුවන් බලපත්‍රයට වීසා ලබා ගන්න කොට ඒ වන විට තිබුණු ගුවන් ගමන් බලපත්‍රය නැතිවෙලා තිබෙනවා. ඒ ගුවන් බලපත්‍රය නැතිවුණු බවට පොලිසියේ පැමිණිල්ලක්‌ කරල තමයි මම උදේම අලුත් ගුවන් බලපත්‍රයක්‌ ගත්තේ යෑයි හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.

    මෙම ප්‍රකාශය කර පැය කීපයකට පසු විමල් වීරවංශ මහතා අත්අඩංගුවට පත් විය.

  5. Independent Says:

    Officials cannot be faulted for the offence of keeping the old passport while it was reported lost. There cannot law one law for Wimal Weerawansa and another for us. He should not have expected “special treatment” ( he is not a war hero but ex- JVPier), whilst real war heroes are sent to gallows.

  6. Indrajith Says:

    Some selected comments from LankaCnews on the topic of Wimal’s speech in the parliament during Geneva debate:

    love nature says:

    මද්දුම බණ්ඩාර නැවත ඉපදීම

    හත් අවුරුදු මද්දුම බණ්ඩාර මරණය අභියස පෙන් වු නිර්භීත බව ලොව කොහේවත් එම වයසේ දරුවකුගෙන් වාර්තා වී නැත.

    Reply: ලක්ෂමන් මොරලන්ද says:

    එවන් වීරයන් නැවත නැවතත් ඉපදෙන මේ පිං බිමට දළදා හිමි පිහිටයි!

    නිසංසලා සමරජීව says:

    අති විශිෂ්ඨ කථාවක්! මව් බිමේ ඒකීය භාවය අගයන සියලු දෙනා දේශපාලන
    පක්‍ෂ පාට වලින් තොරව මෙම කථාවට සවන්දී එහි අන්තර්ගතය හොඳින් තේරුම් ගන්න.

    pulathisi says:

    ගරු විමල්ට අපේ ප්‍රණාමය ස්තුතිය රට ජාතිය රැකීමට ඔබතුමාට ධෛර්යය ශක්තිය ලැබේවා !
    හෙලයිනි සමගිවී රට ජාතිය ආරක්ෂා කරව්

    LONG LIVE ALL THE GROUP WHO LOVES THE MOTHER LAND.
    GO TO HELL WHOLE YAMAPALANA NADAYA.

  7. Indrajith Says:

    රතන හිමි චම්පික මත ගැටුම උග්‍ර අතට-හෙළ උරුමයත් අවසන් ගමනේ…?

    මේ දවස්වල වැඩිපුර මාධ්‍යයට මුහුණ නොදෙන ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි සහ පාඨළී චම්පික රණවක ඇමතිවරයා අතර මත ගැටුම උග්‍රවී ඇතිබව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

    චම්පික රණවක ඇමතිවරයා බලාපොරොත්තුවෙන් සිටි විදුලිබල හා බලශක්ති ඇමතිධූරය නොලැබීමත් ඔහු ජාතික දේශපාලනයෙන් ඉවත්කර බස්නාහිර පලාතට කොටුකිරීමත් නිසා ආණ්ඩුවත් සමඟ ඇති පටලැවිල්ල හේතුවෙන් ආණ්ඩුවේ පිරිස් විසින්ම රතන හිමි සමඟ චම්පිකගේ පටලැවිල්ල දිග්ගැස්සවීම සඳහා රතන හිමිට ගතු කේළම් කීම අරඹා ඇති බවද වාර්තා වේ.

    කෙසේ වෙතත් රතන හිමිගෙන් කළ විමසීමකදී එවැනි මත ගැටුමක් පවතින බව පිළිගත් අතර එකට වැඩකිරීමට එය ප්‍රශ්ණයක් නොවන බවද පැවසීය.

    තමා ඇමතිධූරයක් බලාපොරොත්තු නොවුනද පිවිතුරු හෙටක් ජාතික සභාව ආණ්ඩු පෙරළිය සඳහා වැදගත් කාර්යයක් ඉටුකළ හෙයින් ආණ්ඩුවේ වැදගත් වගකීමක් පවරනු ඇතැයි අපේක්ෂා කළද එය නොලැබීම කනගාටුවට කරුණක් බවද රතන හිමි හිතවතුන්ට පවසා තිබේ.

    ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝපිත හිමියන්ද නිහඬ පිළිවෙතක් මේවන විට අනුගමණය කරමින් සිටින අතර සැමවිට ජාතික ව්‍යාපාරය සමඟ සිටි සෝභිත හිමියන්ට වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශපාලනයේ යෙදීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවද අභ්‍යන්තර ආරංචි සඳහන් කරයි.

    විචාරකයන් පවසන්නේ ආණ්ඩුවලට මුක්කු ගැසූ වාමාංශික පක්ෂ මුහුණදුන් අර්බුදයටම දැන් ජාතිකවාදී ස්ථාවරයක සිටි හෙළ උරුමයද මුහුණ දෙමින් සිටින බවයි.

  8. Independent Says:

    Where is Nalin ? He should talk now. What is said is happening. He knows WW than anyone else.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress