යස-පාලන කැලෑසිය
Posted on October 23rd, 2015

ධර්මන් වික‍්‍රමරත්න

දෙමුහුන් ආණ්ඩුවට අදට දින 286කි. දින 100ක් ඇතුළත ගෙනෙන බවට පොරොන්දුවූ තොරතුරු දැනගැනීමේ පනත තවමත් හමස් පෙට්ටියේය. හිටපු ත්‍රිවිධ හමුදාපතිවරන් ප්‍රශ්ණ කිරීම සදහා එෆ්.සී.අයි.ඩීයට කැදවා ඇති බව ජනාධිපති දැකගන්නේ පත්තරයෙනි. ඩුබායි බැංකුවල සල්ලි සැඟවීම තවත් දිය කිඳුරි කථාවකි. රුපියල් ලක්ෂ 30ක් වැයකර වැලිඅමුණ සකස්කල එයාර් ලංකා සමාගමේ දූෂණ වාර්තාවෙන්  හඬ ඇත. නඩුද නැත. ඖෂධ මාෆියාවේ කතාව දැන් වාදනයකර තැටියද පළුදුවී ඇත. රාජපක්ෂ රෙජිමයේ බේබිලා ලඟ තිබුණායැයි කියූ හෙලිකොප්ටර් නැත. රත්තරන් අස්පයින්ද හමු නොවීය. ලැම්බෝගිනි වාෂ්ප වී ගොසිනි. රගර් හාදයාගේ මෘත දේහය ගොඩ ගැනීමට තිබූ හදිසිය පරික්ෂණ වලට නැත. වැරදිකර ඇති සියල්ලන්ටම දඬුවම් ලැබිය යුතුය. ඒ පළිගැනීමක් ලෙස නොවේ. කර ඇති වරදට දඬුවමක් වශයෙනි. එවිට පසුවට රටේ වැරදි සිදුවීම අවම වනු ඇත.

බලය ලැබීමට පෙර දේශප්‍රේමය වෙනුවෙන් පෙනි සිටි වරාය ඇමති අර්ජුන රණතුංග බලය ලැබුණාට පසු දැන් පෙනී සිටින්නේ සහෝදර ප්‍රේමය වෙනුවෙනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක වශයෙන් සිටියදී තීරුබදු රහිත මෝටර් රථයක හුටපටයකට ඉවත්වීමට සිදුවූ ඇමති අර්ජුනගේ සහෝදරයාවන ධම්මික රණතුංග දැන් වරාය අධිකාරියේ සභාපතිය. “අයියණ්ඩි, මම උ‍ඹේ මලයණ්ඩි… රටෙන් නෝණ්ඩි වූවාට කම් නැත. පවුලට සලකන විදිය මම පෙන්වන්නම්” කියා ඇමති අර්ජුන කීවාද දන්නේ නැත. හෙඩ් වැටුනත් ටේල් වැටුනත් අලුත් ආණ්ඩුවේ දසත ඔඩුදුවා ගිය අපූරු සහෝදර ප්‍රේමය ඉදිරිපිට ‘යහපාලන’ ටොයියන්ට ඇපත් නැත. ගරු සරු දේශපාලනයකට මහත් හොරුන්ට එරෙහිව ගම්ප‍හින් පැමිණි කැප්ටන් කූල් දැන් හිට් විකට්ය. වරායේ හොරු ඇල්ලීමට පත්කල කමිටුවේ වාර්තාව අයියාට දැන් ඇමති මලයා විසින් කියා දිය හැකිය. ඇමති අර්ජුනගේ අමාතාංශයේ තවත් තනතුරු දුසිම් දෙකකට ආසන්න ගණනක් පත්කර ඇත්තේ ඥාතීන් සහ හිතවතුන්ය.

නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු‍ගේ බෑනාද ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලයේ කොන්සල්වරයෙකු ලෙස සේවයට අද හෙටම ගියහොත් එයද පුදුමයක් නොවේ. පවුලට සැලකීම ආසියානු රටවල සම්ප්‍රදායකි. ඉන්දික කරුණාජීව, චමින්ද කුලරත්න සහ සේපාල රත්නායක එම තනතුරේ සිටියානම් ආණ්ඩුකාරයාගේ බෑනාටද එය අකැප නැත. ජනතාවට දුක රෙජිම් චේන්ජ් කියා කීවාට යන්නේ කකුළුවා ගිය පාරේම වීමය.

මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැන් ඇත්තේ එකටය. නමටම ගැලෙපෙන පරිදි සරසවි සිසුන් දැන් මහපාරේය. ඒ අන්තරේ විරෝධතා පා ගමන් හරහාය. රුහුණේ සිට මාතරටය. සෞන්දර්යයයේ සිට කොටුවටය. කැළණියේ සිට කිරිබත්ගොඩටය. රජරට කෘෂි පීඨයේ සිට අනුරාධපුරටය. පේරාදෙණිය සරසවියේ සිට මහනුවරටය. ඒ මාළඹේ පෞද්ගලික සරසවිය අහෝසි කරන ලෙස ඉල්ලමිනි. ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලට දැන් වැඩ වැඩිය. කොළඹ හතේ වෛද්‍ය ශිවා සින්නතම්බි සරසවි සිසු කාන්තා නේවාසිකාගාරයක් සදහා රජයට පැවරූ දේපල සාප්පු සංකීර්ණයකට බදුදී ඇත. එහි තිබූ වටිනා දේපොලද අතුරුදහන්ය. චූදිත ‘යහපාලන’ ඇමතිවරයා සිටින්නේ සීට් 5ක් අතේ දුරිනි. උසස් අධ්‍යාපන ඇමති කිරිඇල්ල ඒ පිළිබදව උඩින් නෝ කථාය. යටින් මෝ සිනාය. ගෙදර ගියොත් අඹු නසීය. මඟ සිටියොත් තෝ නසීය කියන්නේ ඒවාය.

රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් පත්කර මාස 2ක් ගියද ඉන් සමහරකට තවමත් තමන්ට අයත් කාර්යභාරයන් සහ විෂය පථය මෙන්ම ප්‍රතිපාදනද නැත. අමාත්‍යාංශයට පැමිණ වැඩකිරීමට කාර්යාලයක්ද නැති බැවින් නිකරුණේ කාලය ගත කරති. තමාට සහ කාර්ය මණ්ඩලයට වාහන, වැටුප සහ දීමනා ලබාගැනීමට අවශ්‍ය හෙයින් අමාත්‍යාංශ ලේකම් වෙත ගොස් ලිඛිතව පත්වීම් පමණක් භාරගෙන තිබේ. සෙත්සිරිපායේ පමණක් එක් රාජ්‍ය අමාත්‍යාංශයක කාර්යාල කුලිය පමණක් මාසිකව රුපියල් ලක්ෂ හතළිහකි. නිකරුණේ කාලය ගත කරන ඇමතිවරයෙකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට මාසිකව වැය වන මුදලද ලක්ෂ 15කට අධිකය. කැබිනට් ඇමති මහින්ද සමරසිංහගේ විෂය පථයට යටත්ව තිබූ මාළඹේ සිලිට් ආයතනයද අහිමිවී ඇත. විදේශ කටයුතු අමාතාංශයේ ඉහළ නිලධාරින් 8ක් ඇතුළු 13 දෙනෙකු ලබන සතියේ එම තනතුරුවලින් ඉවතට විසිවනු ඇත. විදේශ අමාතාංශයේ ඇතැම් කටයුතු ඇමති මලික් යටතට පවරා ඇත. ඇමති මංගල සමරවීර තවමත් සීරුවෙන්ය.

සංචාරක ඇමතිගේ කාර්යාලයට සංචාරක අමාතාංශය තුළ ඉඩකඩ ප්‍රමාණවත් වූවද දැන් එය පාර්ක් ස්ට්‍රීට් ගොඩනැගිල්ලකට ගෙන යෑමට සැරසේ. වර්ග අඩි 20,000කට මාසික කුලිය රුපියල් ලක්ෂ 200කි. රටට විදේශ විනිමය උපයන ප්‍රධානම කර්මාන්තය වන සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ලොකු මෙහෙයුමක් අවශ්‍යය. එහිදී මහා පරිමාණ හෝටල් හිමියන්ගේ සිට විදෙස් සංචාරකයා ගෙන යන ත්‍රීරෝද රථ රියදුරා මෙන්ම සංචාරකයාට තැඹිලි විකුණන තැඹිලි වෙලෙන්දාද එකලෙසම වැදගත්ය.ඒ පිළිබදව ආණ්ඩුවේ දැක්ම සහ මෙහෙය තවමත් අපැහැදිලිය.

ඛණිජතෙල් හ ස්වභාවික වායු නියෝජ්‍ය ඇමතිනි සහ ජාතික ලැයිස්තුවෙන් පත්කල මන්ත්‍රීනි අනෝමා ගමගේ විසින් සිය අමාතාංශයට කෝටි 6ක සුඛෝකභෝගි බී.එම්. ඩබ්ලිව් වාහන දෙකක් මිලදී ගැනීමට අනුමැතිය ගෙන තිබේ. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවක ප්‍රශ්න, බවුසර් ප්‍රශ්න, ඉන්ධන මිල අඩුකිරීමෙන් උද්ගත ප්‍රශ්න රැසක් තිබියදී කලින් ඇමතිවරුන් පරිහරණය කල මොන්ටේරෝ රථ හතරක් සහ බී.එම්.ඩබ්ලිව් රථයක් තිබියදී සැප වාහන යළි මිලදී ගැනීම යහපාලනයට කැපද? ප්‍රවාහන ඇමති නිමල් සිරිපාලට අනුව මත්තල වී ගබඩා කිරීමෙන් සිදුව ඇති හානිය විශාලය. එහි ගබඩා වලට කෘමි සතුන්ගෙන් හා පරවියන් ඇතුළු කුරුල්ලන්ගෙන් සිදුවී ඇත්තේ දැඩි හානියකි.  මේවා ලඟ එන පළාත් පාලන මැතිවරණය බලා කියන කථාය.

මරේ මරුය. යස-පාලන ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දු පො‍තේ නැති ඉල්ලීම්ද දැන් ඉදිරියට පැමිණ ඇත. සමලිංගික සේවනය සහ ගණිකා වෘත්තීය නීතිගත කරන ලෙසට ස්ත්‍රී සහ පුරුෂ ලිංගික සේවක සේවිකාවන්ගේ ඉල්ලීමකි. මාධ්‍ය සාකච්ඡා පැවැත්වුණේ නාමික නායිකාවන් වන අතර සැබෑ නායිකාවන් තිරයෙන් පිටුපසය. මෙම අම්බපාලි ව්‍යාපෘතින් නෙදර්ලන්ත‍ය සහ නෝර්වේ රටවලින් ඩොලර් ලක්ෂ ගණනක් ලබාගෙන කරන එන්.ජී.ඕ ගේමේ ස්ත්‍රීවාදී නායිකාවන් සියළු දෙනාම දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින්නන්ය. ශ්‍රී ලංකාවේ සමලිංගිකත්වය නීතිගත කිරීම සදහා කළෙක සිට පෙනී සිටින්නේ “ගමන් මගේ සහකරුවෝ” නැමති සංවිධානය නමිනි. ලංකාව ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 24ට සමලිංගික සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 24ක් ඇරඹීම ඔවුන්ගේ අරමුණය. සමලිංගික ඇසුර ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ සිර දඬුවම් ලැබිය හැකි වරදක් වූවද එම නීතියට ප්‍රසිද්ධියේ අභියෝග කරමින් මෙය සිදු කරන්නේ ලංකීය සංස්කෘතිය වැනසීමේ ඒකායන අරමුණෙනි.

මානව හිමිකම් ඇත්තේ උතුරු නැගෙනහිර ජනතාවට පමණක්දැයි දැන් ප්‍රශ්ණයක් නැගේ. කැබිතිගොල්ලෑවේදී, අරන්තලාවේදී, ගෝණගලදී, වැලිඔයදි, නුවර දළදා මාලිගය, කාත්තන්කුඩි පල්ලිය, පොලොන්නරුවේ පල්ලියගොඩැල්ල, දෙහිවල සහ කොටුව දුම්රියපොල, මරදාන හන්දිය, දිගන්පතන, මහ බැංකු සංකීර්ණයේ කොටි ප්‍රහාර වලින් කැබලිවූ මිනිසුන්ට මානව හිමිකම් නැතිදැයි සැකයකි. ජවිපෙ දෙවන කැරැල්ලේදී 1986 සිට 1990 දක්වා මරදැමූ 60,000කට ආසන්න තරුණ තරුණියන්ගේ මානව හිමිකම් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණද නිහඬව සිටීම මහා ඛේදවාචකයකි.

 ඉකුත් වසරේ රුපියල් 84ට තිබූ අමු තේ දළු කිලෝව දැන් රුපියල් 40කි. එමෙන්ම ඉකුත් වසරේ රුපියල් 500කට අළෙවි වූ රබර් ‍‍ෆීට් කිලෝව දැන් රුපියල් 200කි. ආණ්ඩුවේ දින 100  වැඩසටහනේ තේ දළු සහ රබර් සදහා සහතික මිලක් නියම කලද දැන් එය ක්‍රියාත්මක නොවේ. අමු තේ දළු කිලෝවක් නිෂ්පාදනය සඳහා රුපියල් 40 පමණ මුදලක් වැයවේ. රබර් ෆීට් කිලෝවක් සකස් කිරීම සදහා රුපියල් 168ක් වැයවේ. සුළු තේවතු හිමියන් සහ කුඩා රබර් වතු හිමියන් අසාමාන්‍ය ලෙස මිල පහළ වැටීම නිසා යන එනමං නැතිව හාන්සිය. කුමාරතුංග මුණිදාස සූරින්ගේ හත්පණේ කිරිහාමිලා මෙන් ‘යහපාලන’ ආණ්ඩුව පිළිබදව අන්ධ විශ්වාස වල එල්බගෙන සිටි ජනයාට එම සිතුවිලි බීජය එතැනම මිය නොඇදී දලුලන්න පොලඹවීමට හෝ පැන් ටිකක් ලබාදීම ආණ්ඩුවේ යුතුකමකි.

යස-පාලන දෙමුහුන් ආණ්ඩුවේ චීන විරෝධය හරියට මහා පත්‍තර කලාවේදී ඩී.බී. ධනපාලගේ චීන විරෝධය මෙන් සංවිධානාත්මක රෝලකි. එදා රාජපක්ෂ රෙජිමය ගොඩනැගීමට චීන්නු ගේම ගැසූ බවට චෝදනා කළේය. චීන කොලනියක් බවට ශ්‍රී ලංකාව පත්වීමට ඉඩඇති බව කීවේය. මුහුදේ ඉදිකරන පෝට් සිටියෙන් රටේ පරිසරය කාබාසිනියා කරන බව පැවසීය. දැන් චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය වැඩිදියුණු වූවාලු. අධිවේගී පාරවල් සැදීමට මෙගා ඩීල් නැතිලු. දැන් සමුද්‍ර පරිසරය වනසනවායැයි කියූ චීන වරාය නිසි පරිසර තක්සේරුවකින් තොරව ඉදිකිරීමේ වැඩකටයුතු යළිත් අරඹා ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ඊයේ නිවේදනය කළේය.

විමධ්‍යගත මුදල් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසරකට සන්ධාන රජය මගින් ලක්ෂ 50ක මුදලක් ලබාදෙන ලදී. සභාග ආණ්ඩුව එය ලක්ෂ 100 දක්වා වැඩි ක‍ළ බව ජනවාරි 17වැනිදා අතුරු අයවැය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කළහ. එහෙත් මාස 10ක් තිස්සේ කිසිවක් ලැබී නැත. වසර 44ක් පුරා එම ප්‍රතිපාදන සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොකඩවා හිමිවූයේය. එමෙන්ම කිසිදු ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්‌වීම් 2015දී පවත්වා නැත.

හිට්ලර් ගියාය. චැප්ලින් ආවේය. ලංකාවට ඇඩ්රස් නෑ කියන්නේ පනාපුත්‍රයින්ය. කලක් ජනමූල නායකයා කියා ලොක්කාව අන්දවා සංචාරක සංවර්ධන අධිකාරියෙන් කුට්ටියක්ද හම්බන්තොට වරාය සමාරම්භක උත්සවයේ අඩව් කස්තිරම් අංගයන් සදහා වැයකල කෝටි එක හමාරකින් පළුවක්ද, රන්මිණිතැන්න ඇතුළු මෙකී නොකී වැඩවලින් දොල පිදේනිද ලබාගත්තේද මේ ගොටුකාරයන්ය. සයිමන් නවගත්තේගමගේලා ජනාධිපති ප්‍රේමදාසගේ සට්ටැඹියෙකු වුවද මෙවැනි නීලකාසයන් නොවේ. දොන් නම් දොංය. සිමං නම් සිමංය. දෙකක් එකවර බැරිය.

කැපුවත් මහින්ද යැයි කියා සන්ධානයෙන් තරඟකර ආණ්ඩුවේ වරදාන සහ වරප්‍රසාද ලබාගත් ‍දේශපාලනඥයින් ප්ලග් ගලවා උතුර දකුණ මාරුකර ගත්තද ඒ වෙනුවෙන් ඡන්දය දුන් ජනයා එම සූදුවට මනාප නැත. මහ ඡන්දයට තව කලක් තිබුණද පුංචි ඡන්දය එන්නේ ලබන වසරේ මැදය. මෙම ගන්ධබ්බ කාලයෙන් ගැලවීමට හැක්කේ එයට එරෙහිව සැබෑ ලෙසට නායකත්වය දිය හැකි ව්‍යාපාරයකට පමණි. අනාගතය තීරණය කරන සාධකය එයයි. ඉකුත් ඔක්තෝබර් 19වැනි සඳුදා කොළඹදී මුළු දුන් ඒකාබද්ධ විපක්ෂයේ ජනහමුව ඒ වෙනුවෙන් සුභ ආරම්භයකි. ශ්‍රිලනිපයේ විපක්ෂ මන්ත්‍රීවරුන් 42කගේ සහායද එයට හිමිවී තිබිණි.  

විපක්ෂය එදා කීවේ ඉවසුවා.. ඉවසුවා.. මෙච්චර ඉවසුවා.. තව ඉවසන්න බැරි බවය. එබැවින් රාජපක්ෂ රෙජිමය පන්නන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියහ. ජනතාව එය ඉෂ්ඨ කළෝය. චීනා සහ ජපනා ගෝරි දමාවි යැයි කීවද එයද ෂේප් විය. ව්‍යවස්ථාව හරි නැති නිසා එයද වෙනස් කර දුන්නේය. රටකට ඕනෑ අපමණ අගයක්ය. එහෙත් ‘යහපාලන’ ආණ්ඩුවේ යස-පාලන කැලෑසියද හරියට මෙම දිනවල මුහුණු පොතේ ජනප්‍රිය රුවන්ගි‍ රත්නායකගේ ඇදුම වාගේය. ඇය ඉල්ලං කෑවේ එය ඉන්දියාවේ නිළි ප්‍රියංකා චොප්රාගේ ඇදුම වාගේ ඇදන් ගිය නිසාය. අපේ වාහේලාත් එහෙමය. යමං බණ්ඩෝ වෙසක් බලන්න කියනවා වෙනුවට දැන් කීමට සිදුවන්නේ යමං බණ්ඩෝ යස-පාලන කැලෑසිය බලන්න කියාය.(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com)

ධර්මන් වික්‍රමරත්න 

ejournalists@gmail.com

6 Responses to “යස-පාලන කැලෑසිය”

  1. Dr.K Says:

    තමන්ගේ රට වෙනුවෙන් හා ජාතිය වෙනුවෙන් මෝහතක්වත් නොසිතන මිනිසුන් ජීවත් වන රටක අරුමය මොනවට පැහැදිලිවිය.

  2. S.Gonsal Says:

    Good governance is an essential prerequisite for development of the country, both morally and economically. We should not make joke out of it and clad this government with that dress.
    As the writer says, all the “deals by previous government”, taken over and “developing” these deals further for personal benefits than for the betterment of the country is an horrible crime.

    If one looks carefully, it is clear in which direction this government is heading.

    1. Mega deal of central bank. Ranil appears to be corrupt to the bone regardless of his claims of previous government did not conduct proper tender procedures, this is “tendered corruption”.

    2. Appointment of brothers to high positions by Sirisena, Arjuna and undisclosed nepotism. Sending both husband and wife on tours ,when others can be selected.

    3. Continuation of alleged Avant Garde stealing the income source of the country to benefit few. It appear that being the Minister of Defence , Sirisena is the deal make now.

    4. Continuation of huge expenses to buy luxury cars.

  3. sarathk Says:

    යුක්තිය කනපිටගැසීමේ ධර්මිෂ්ට ක්‍රමය හදුන්වාදුන් ජේ ආර් පහරයාගේ පාදඩ දේශපාලන පෙරළියෙන් බිහිවූ දේශපාලන වඳුරෝ වාසිය තකා අත්තෙන් අත්තට පනිමින් සිටිති. පල ඇති රුක රිසිසේ බුක්ති විඳිති. ලංකාවේ සමාජගත වූ මෙම දේශපාලන සංස්කෘතිය වෙනස් කල හැකිද? යහ පාලනය තවත් එක් පාදඩ පරිච්චේදයක් පමණි.

  4. douglas Says:

    S.Gonsal: Commendable approach. It is pointless to go on with another “circus” that we have seen for many years. Not that we ignored what was going on. Time and again, sometimes taking “Big Risks”, the people who were really concerned of the well being of the people and the country pointed out to the then Government and its leaders the wrong doings as well as the disastrous direction they were treading. Unfortunately, such “constructive criticisms” were viewed in a different way and the “vultures” who were hanging around and more concerned with going for their “kill” distracted the leaders and they too fell for it. As you have pointed out from 1 to 4 instant events, it is no secret that this Government too has “inherited” some or most of those “vultures” into their fold. It is time for all who are concerned with the welfare of the people and the country to once again embark on a “project” to CORRECT THE COURSE of this Government at this initial stage itself and try to get them LISTEN to PEOPLE and not those “Vultures”. We must now deviate from the task of “Breaking” and “Making” Governments; but try and get the BEST out of what we have.

  5. Ancient Sinhalaya Says:

    Sinhalese don’t have any human rights. They are the doormat to everyone else in the country
    thanks to greedy, corrupt, UNPatriotic politicians.

    Like Sarathk stated, thambi mudiyanselega jr was really a murderous (to Sinhalese Buddhists only), unpatriotic traitor
    of highest calibre. Only his nephew pol ponil can beat him in treachery, corruption and murder.

    Ltte was in fact catholic tigers of tamil dreelam (cttd). No wonder catholic-run UNPatriotic party didn’t want to hurt them
    as those catholic tigers of tamil dreelam (cttd aka ltte) were getting rid of Buddhists and hindus systematically. In the 30 years they managed to reduce Buddhists and hindu population by 130,000. Then catholic-run UNPatriotic party got rid of
    60,000 Buddhists on the pretext of putting down an insurgency. In fact catholic ponil and his fellow catholic cohots were
    killing Buddhists youth. Not bad.

    Look at the cctd’s (ltte) hierarchy.
    hitler pira paharan aka hitler mala paharan – catholic
    ambassador of dreelam tamil selvan – catholic
    kasippu joesph – catholic of course
    em manure – catholic of course
    anton balasingham – catholic
    dreelam navy chief with 1 boat – catholic etc. etc.

    Is there any wonder catholic-run UNPatriotic party didn’t want war to end?
    Malwatte kapuwa, asgiriye kapuwa, dhorhitaya sobithaya, high priest ratanaya, ambare damilaya, arjunaya durjanaya etc. etc.
    supporters list is endless. No wonder Sinhalese Buddhists are doomed!

  6. Indrajith Says:

    රතන හිමි චම්පික මත ගැටුම උග්‍ර අතට-හෙළ උරුමයත් අවසන් ගමනේ…?

    මේ දවස්වල වැඩිපුර මාධ්‍යයට මුහුණ නොදෙන ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි සහ පාඨළී චම්පික රණවක ඇමතිවරයා අතර මත ගැටුම උග්‍රවී ඇතිබව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

    චම්පික රණවක ඇමතිවරයා බලාපොරොත්තුවෙන් සිටි විදුලිබල හා බලශක්ති ඇමතිධූරය නොලැබීමත් ඔහු ජාතික දේශපාලනයෙන් ඉවත්කර බස්නාහිර පලාතට කොටුකිරීමත් නිසා ආණ්ඩුවත් සමඟ ඇති පටලැවිල්ල හේතුවෙන් ආණ්ඩුවේ පිරිස් විසින්ම රතන හිමි සමඟ චම්පිකගේ පටලැවිල්ල දිග්ගැස්සවීම සඳහා රතන හිමිට ගතු කේළම් කීම අරඹා ඇති බවද වාර්තා වේ.

    කෙසේ වෙතත් රතන හිමිගෙන් කළ විමසීමකදී එවැනි මත ගැටුමක් පවතින බව පිළිගත් අතර එකට වැඩකිරීමට එය ප්‍රශ්ණයක් නොවන බවද පැවසීය.

    තමා ඇමතිධූරයක් බලාපොරොත්තු නොවුනද පිවිතුරු හෙටක් ජාතික සභාව ආණ්ඩු පෙරළිය සඳහා වැදගත් කාර්යයක් ඉටුකළ හෙයින් ආණ්ඩුවේ වැදගත් වගකීමක් පවරනු ඇතැයි අපේක්ෂා කළද එය නොලැබීම කනගාටුවට කරුණක් බවද රතන හිමි හිතවතුන්ට පවසා තිබේ.

    ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝපිත හිමියන්ද නිහඬ පිළිවෙතක් මේවන විට අනුගමණය කරමින් සිටින අතර සැමවිට ජාතික ව්‍යාපාරය සමඟ සිටි සෝභිත හිමියන්ට වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශපාලනයේ යෙදීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවද අභ්‍යන්තර ආරංචි සඳහන් කරයි.

    විචාරකයන් පවසන්නේ ආණ්ඩුවලට මුක්කු ගැසූ වාමාංශික පක්ෂ මුහුණදුන් අර්බුදයටම දැන් ජාතිකවාදී ස්ථාවරයක සිටි හෙළ උරුමයද මුහුණ දෙමින් සිටින බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress