කොණ්ඩයා වෙනුවට ක්රිස්තුස් හමුවීම
Posted on October 29th, 2015

වෛද් රුවන් එම් ජයතුංග 

konndaya

දුටුවෙමි මිනිසුන් පසුපස පන්නන
තවත් මිනිසෙකු දිගටි කොණ්ඩයකින් යුතු

ගහපිය මරපිය එල්ලපිය​
එල්ලුම් ගස ගෙනෝ ගෙනෝ
අපි මූ එල්ලන්නම් කියමින් පන්නන
මිනිසුන්ගෙන් පණ බේරාගෙන දුවන
දිගටි කොණ්ඩයකින් යුත් මිනිසෙකු දුටුවෙමි

කොණ්ඩයා නම් මූය
ළමුන් දූෂණය කොට මරා දමන
මරා දැමිය යුතුය මූ දුටුතැන
වහකි පිළිකාවකි මහාමාරිය සේ
දුරින් දුරු කළ යුතු වසංගතයකි මූ

දුවන මිනිසා එකහින්ම නැවතිනි
ඔහුගේ දිගු කොණ්ඩය දුටිමි

මා දුටුවේ කොණ්ඩයා නොව
ශුද්ධවන්තයන් ගේ ගල් කැට මුගුරු
පහරින් මුහුණ තැලී තොල් පැලී
අනේක විධ දුක් වේදනා විඳි
යේසුස් ක්‍රිස්තුන්ය

 

 

 

4 Responses to “කොණ්ඩයා වෙනුවට ක්රිස්තුස් හමුවීම”

  1. Dr.K Says:

    එකෙක් අනිකාට කොණ්ඩයා කියමින්
    කොණ්ඩයා හොරාය, ස්ත්‍රී දුෂකයාය
    උල තැබිය යුතුයි කියමින් තවත් කොන්ඩයෝ පිරිසක්
    කෑ ගසන හඬත් ඇසුනාද ?

  2. Independent Says:

    යටි රැවුල බා ගත් කොණ්ඩයා රජ කමටත් සුදුසුය​.

  3. NeelaMahaYoda Says:

    යටි රැවුල බා ගත් කොණ්ඩයා යහපාලනරජ කමටත් සුදුසුය​.

  4. Independent Says:

    බුදුරජුන් දුශ්කර ක්‍රියා කලේ නැත​. එසේ කලේ සිදුහත් තවුසාය​.
    බුදු දහමේ වෙනස එයයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress