යහපාලන ගල්අඟුරු මගඩියට සම්බංධ ජනපති ඇතුළු කැබිනට් මණ්ඩලයටම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි
Posted on November 2nd, 2015

හෙළබිම සිංහල පුවත්

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු සැපයීමේ ටෙන්ඩරය පිරිනැමීමේදී ගල්අඟුරු මෙට්‍රික් ටොන් 01 ක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 90 ක අවම ටෙන්ඩරයක් නෝබල් රිසෝසර්ස් පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කර තිබියදී ගල්අඟුරු මෙට්‍රික් ටොන් 01 ක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 101 ක් වශයෙන් ඉහළ ටෙන්ඩරයක් ඉදිරිපත් කළ ස්විස් සිංගප්පූර් සමාගමට කැබිනට් අනුමැතියෙන් ටෙන්ඩරය පිරිනැමීම සම්බංධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුළු 75 දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නොතීසි නිකුත් කර තිබේ.

තම සමාගමට ටෙන්ඩරය පිරිනමන මෙන් රජයේ තාක්ෂණ ඇගයීම් කමිටුව ද නිර්දේශ කර තිබූණ ද එම නිර්දේශය පසෙකලා අමාත්‍ය මණ්ඩලය මගින් පත් කළ ටෙන්ඩර් කමිටුව වගඋත්තරකාර සමාගමට ටෙන්ඩරය ලබා දීමට පියවර ගත් බව ද පෙත්සම්කාර සමාගම මෙම පෙත්සමෙන් පෙන්වාදී ඇති අතර මේ තුළින් රජයේ ටෙන්ඩර් පටිපාටිය බරපතළ ලෙස උල්ලංඝණය වී ඇති බවත් ඒ තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවටත් තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කාර  නෝබල් රිසෝසර්ස් පුද්ගලික සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අගවිනිසුරු කේ.ශ්‍රී .පවන් මහතා ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම දෙසැම්බර් මස 15 වනදා විභාගයට ගැනීමටත්  පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුළු 75 දෙනෙකුට එදින ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පෙනී සිටින ලෙසටත් නියෝගකරමින්  නොතීසි නිකුත් කර තිබේ.

මේ අතර අද  සිට සති 03 ක් ඇතුළත විරෝධතා ඇත්නම් ගොනු කරන ලෙසද වගඋත්තරකාර පාර්ශ්වයට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට එරෙහි ප්‍රතිවිරෝධතා ඇත්නම් සතියක් ඇතුළත ගොනු කරන ලෙසද නියම කර ඇත.

කෙසේ වෙතත් මෙම පෙත්සමට අදාළව කිසිදු අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කර තිබේන අතර  අදාළ ටෙන්ඩර් පිරිනැමීමෙන් රුපියල් බිලියන 2.2 ක වංචාවක් සිදුව ඇති බවට වගඋත්තරකරුවන්ට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.

2 Responses to “යහපාලන ගල්අඟුරු මගඩියට සම්බංධ ජනපති ඇතුළු කැබිනට් මණ්ඩලයටම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි”

  1. Independent Says:

    දැන් දෙමළ අගවිනිසුරුත් දේශප්‍රේමියෙක් ද ? ඉස්සර නම් බැන බැන හිටියා නේද ?
    කොහොම උනත් මේ වා හොඳ වැඩ​. ජනපති උනත් හොරානම් හොරා. ඌ අල්ලා අනිත් එවුනංටත් වඩා දඬුවම් දිය යුතුයි. නැතිව ප්‍රභාකරන් මරණවිට මේ උත්තමයා ආරක්‍ෂක ඇමති නිසා අපි වන්ඳනා කල යුතුය කියන ගොන් ජාති ආලයෙන් වැඩක් නෑ.

  2. Hiranthe Says:

    Yama Palanaya at its best!!

    This is the record second action!! Clever bunch of hooligans in the Parliament!!!

    If the law works properly, this will work to the advantage of MR. If the law did not work properly, this should be taken high up to the international level to expose the irregularities of the West Backed regime change government!!

    Udaya and the team must prepare the legal background for this action. If they miss this opportunity, we may not get any other change to send home the entire cabinet..

    All the legal experts should support them now!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress