<ජාතිවාදී නොවන> පිරිසකගේ ජාතිවාදය හා බොදු බල සේනාවේ  විසඳුම: ජල ද්‍රෝණි ලෙස පක්ෂ දේශපාලයෙන් තොරව ජන සභා සංකල්පය ක්‍රියාත්මක කිරීම
Posted on July 15th, 2026

C. Wijeyawickrema, LL.B., Ph.D.

ජාති වාදය හා ජාතික වාදය

රවුෆ් හකීම්, රිෂාඩ් බතිඋර්දීන්. සුමන්තිරන්, ශානක්‍යයන්, මනෝ ගනේෂන්, දිගම්බරන්, තොන්ඩමන් මුනුපුරා යනාදී ඇතුළු  සුළු ජනවර්ග නායකයින් පිරිසක් කඩිමුඩියේ එකතුව තමන් ජාතිවාදීන් නොවන බව පවසමින් තම ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා ගැනීමට ඉදිරිපත්ව සිටි බව 7/13/2026 දින යූටියුබ් එකේ පලවිය (පහතින් ඇති වාර්තාව බලන්න). පලාත් සභා චන්දය වහාම පැවැත්වීම, උතුරු-නැඟෙනහිර, හා කඳුරට දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්ණ, භාෂාව යන කාරණා ගැන විසඳුම් ලබාගෙන ශ්‍රී ලාංකිකයින් ලෙස සිංහල ජනයා සමඟ ජීවත්වීම සිය අභිප්‍රාය බව මනෝ ගනේෂන් විසින් අවධාරණය කලේය. තමන් ආණ්ඩු පක්ෂයටවත් විපක්ෂයටවත් කිසිදු සම්බන්දයක් නැති ස්වාධීන කණ්ඩායමක් යයි ඔවුන් කියා සිටියේය. මෙය ප්‍රලාපයක් නොවේද කියා මේ ලිපිය කියා අවසාන වනවිට ඔබ සැමට පෙනී යනවා ඇත.

ඒ කාලයේ මනෝ ගනේෂන් ප්‍රභාකරන්ගේ පිහිනුම් තටාකයේ පිහිනුවේය. දැන් කාලයේ ශනක්‍යයන් කැනඩාවට ගොස් තම ජීවිත කාලය තුල සවයංපාලනය ලබා ගන්නා බවට වහසිබස් දෙඩුවේය.  සුමන්තිරන් යනු   පොන්නම්බලම් මෙන්ම ඊලම් වාදියෙකි. මේ හැමෝටම හොඳම ආණ්ඩුවක් දැන් ලැබී ඇත. ඊලම්කාරයින් හා මොවුන් අතර සමහර විට ඇති එකම වෙනස නම් මොවුන්  විග්නේෂ්වරන් හෝ පොන්නම්බලම් මෙන්  ලංකාවේ ආණ්ඩු දෙමළ ජනවර්ග සංහාරයක් කලා යයි නොකීම පමණය. රට පුරා ශීඝ්‍රයෙන් උඩු දුවන (දෙහිවල එක උදාහරණයකි) මුස්ලිම් ව්‍යාප්තවාදය ඉදිරියේ ජන සංහාර ගැන කට අරින්නට මේ මුස්ලිම් කට්ටියට හැකියාවක් නැත.

ලංකාවේ ඉන්නා ජාතිවාදීන් කවුද කියා සිය  යූටියුබ් කතාවේදී  නම් කිරීමට රාවුෆ් හකීම්ට ශක්තියක් නොවීය. මෙය හීතල හොරුන්ගේ ගතියය. ජනාධිපති අනුර කුමාරද ජාති වාදයට, ආගමික අන්තවාදයට ඉඩ දෙන්නේ නැතැයි දෙසුවත්,  ඔවුන් කවුරුන්ද කියන්නට අසමත්ය. ටිල්වින් සිල්වා දේශනා කරණ  බොල්ෂෙවික්  වාදයත් මාකස්වාදයෙන් ඔබ්බට ගිය එක්තරා දරුණු අන්තවාදයක් නොවේද?

අවුරුදු 25 කට වත් ආයි චන්ද නෑ, ලක්ෂයක් මරල හරි අමාරුවෙන් අල්ලාගත් බලය ආපසු  දෙන්නේ නෑ කියන කතා මේ ස්වාධීන දෙමළ කතාකරණ නිසා එකතුව සිටින අතලොස්සට ඇහෙන්නේ නැද්ද? එසේ නම් මොවුන් කාගේ පැත්තේද? මේ ඇස්බැන්දුම් කාටද?

පලාත් සභා මර උඟුල

මේ වනවිට වලලා දමා ඇති පලාත් සභා මිනිය ගොඩ ගන්නට උදය ගම්මන්පිල වැන්නෙක් පවා කතා කරන්නේ හරියට ගහේ අත්තේ අග සිට ගහේ කඳෙන් අත්ත කපා දමනවා මෙන්ය. ආණ්ඩුවට කෝචැක් කිරීමට චන්දය ඉල්ලන මේ විරුද්ධ පක්ෂයේ අයට  පාලත් සභා යනු, 1923 දී සිට අරුණාචලම් පොන්නම්බලම්  විසින් දියත් කල රට කැඩීමේ ව්‍යාපාරය  (එය 1917 සිට මැඩ්‍රාස් ප්‍රාන්තයේ ආරම්භවූ වෙනම රටක් ව්‍යාපාරය හා බැඳී තිබුණි) නමැති ඉණිමගේ ඉහලම  පියවර බව නොතේරෙනවාද?  සමහරු කියන්නේ රටේම බැරි නම් උතුරු-නැගෙනහිර දෙකේ වත් චන්දය තියන ලෙසය. එවැනි චන්දයක් යනු මහින්ද රාජපක්ෂ ජනාධිපති, 13 -A+ පප්පා වන දයාන් ජයතිලකගේ උපදෙස් අනුව රැවටී  විග්නේශ්වරන්ට උතුර භාර දුන්නාටත් වඩා භයානක පාවා දීමකි.

ඉන්දියන් රෝ ඔත්තු සංවිධානයේ, ඇමෙරිකාවේ හා ටැමිල්නාඩ් නළු මහ ඇමතිගේ බලපෑම් හා ලෝක ඊලම් සංවිධානයේ ඩොලර්  වලින් එවැනි චන්දයකදී 70% හෝ ඊටත් වඩා රට කැඩීමට පක්ෂ චන්දයක් ලැබෙනවා නිසැක අතර එය  මානව අයිතිවාසිකමක් යයි පෙන්නා ජීනීවා හරහා ඊලම් ලබා ගැනීම කජු කන්නා වැනි වන්නේය. ඇමෙරිකාවට ඉබේම වාගේ ත්‍රිකුණාමළ වරායද හිමිවේ!

වෙල්ලාල දෙමළ දේශ පාලකයින්ට බිය ගෙනදෙන යාපනේ අරුණ් සිද්ධාර්ථ්

ලංකාවේ ඊලමක් බිහිවුනොත් රටට වන නැස්පත්තිය අමතක කර විග්නේෂවරන් මහ ඇමති ලෙස කලේ කුමක්ද කියා සළකා බැලුවොත් ඔහු සිංහල ආණ්ඩු දෙමළ ජන සංහාර කලා, උතුරට බුදු පිලිම එපා වගේ කතා කියමින් තම පුතුන් දෙදෙනාටම සිංහල භාර්යාවන්  සපයා ගත්තේය. 60% පමණ වන උතුරේ වෙල්ලාල නොවන ජනයාට තබා මුළු පාලාතටම ලැබුණු මධ්‍යම ආණ්ඩුවේ අරමුදල් වියදම් නොකර ආපසු මහා භාණ්ඩාගාරයට යන්නට හැරියේය. යාපනේ මහ නගර සභා ප්‍රදේශය තුල පවා සිටින දුගී ජනයා ජීවත් වන්නේ හරි හමන් වැසිකිළි, හෝ බීමට පිරිසිදු ජලය වත් නැතිවය. විග්නේශ්වරන්ලා, සුමන්තිරන්ලා, පොන්නම්බලම්ලා වැනි කයිරාටිකයින් කොළඹට වී යහතින් වැජඹෙයි. අනිත් අතට, කර්නල් රත්නප්‍රිය බන්ධු, යුද හමුදාව හා යාපනේ දුගී ජනතාව අතර ඇතිවූ සහජීවනය පිළිඹඳ කදිම නිදසුණකි.

අතරමංව නහයෙන් අඬන දේශපාලකයින් අතලොස්සක්

මෙම කට්ටිය කොලේ වහලා ගසන දේශපාලන ගේම් එක කුමක්ද? ඔවුන් ආණ්ඩුවටවත්, විපක්ෂවලටවත් සම්බන්ද නැතැයි කීමේ අර්ථය කුමක්ද? ඔවුන් ආණ්ඩුවේ බොල්ෂෙවික් ගමන ගැන දරණ අදහස කුමක්ද? පද්මන් සූරසේනව අග විනිසුරු ලෙස දිගට තබා ගැනීමේ යටිකූට්ටි වැඩ පිළිවෙල ඔවුන් අනුමත කරනවාද? ආණ්ඩු බලය තිබුණාට රාජ්‍ය බලය අල්ලා ගැනීමේ අරමුණින් ග්‍රාම නිලධාරී ඒකක මට්ටමින් ප්‍රජා ශක්ති සමිති පිහිටුවා ඒවායේ ලේකම් හා සභාපති තනතුරු JVP කාඩර් වරුන්ට දීම ගැන මේ අය සිතන්නේ කුමක්ද?  ඉන්දියාවේ සිට ලංකාවට පාලමක් දැමීමේ ක්‍රියාවලියට නම් ඔවුන් විරුද්ධ වන්නේ නැති බව නිසැකය. දිල්ලියේ සපත්තු මහන්නාගේ සිට ලක්ෂ ගණනින් ජනයා සිංහලයාගේ රට ගිල ගන්නවා ඇත.

සිංහල දේශපාලකයින් දෙමළ හා මුස්ලිම් දේශපාලකයින්ට ලබා දුන් දේ

උදාහරණ:

*තේසවලමෙයි නීතිය අනුව යාපනේ ඉඩම්  පිටස්තරයින්ට යෑම වැලැක්වීම (ලන්දේසි/ඉංග්‍රීසි කාරයින් විසින්)

1. 1929 දී හඳුන්වා දුන්  මුස්ලිම් ශාරියා/විවාහ නීති 1937 සිට ක්‍රියාත්මක කිරීම

2. D.S. සේනානායක විසින් 1951 දී කාති උසාවි  හා බාල වයස් ගැහැණු විවාහ හා බහු භාර්යා විවාහ වලට නීතිමය බලය ලබාදීම

3. SWRD බණ්ඩාරනායක විසින් උතුරු – නැගෙනහිර දෙමළ නිජ බිමක් තිබෙනවා යයි පිළිගැනීම (B-C Pact- 1957)

4. ඩඩ්ලි සේනානායක විසින්  මුළු රටේම දෙමළ ජනයාට උතුරු-නැගෙනහිර ඉඩම් ලබා ගැනීමේදී ප්‍රමුඛතාවය ලබා දීම (D-C Pact-1965)

5.1987/88 දී JRJ විසින් ඩික්ෂිට් හරහා පලාත් සභා භාර ගැනීම (එය ඉන්දියන් නීතියක කොපියකි (දුම්-රිය ප්‍රදේශ ගැන එහි සඳහන් මේ නිසාය).  පලාත්  සභා පණත  මඟින් රට පෙඩරල් වී ඇති බව සුප්‍රීම් උසාවිය නිගමණය කලේය

6.1988 දී  R ප්‍රේමදාස විසින් මුස්ලිම් චන්ද පෙරේතකමට මන්ත්‍රීන් වීමේ දිස්ත්‍රික් පක්ෂ කඩ ඉම 12.5% සිට 5% දක්වා අඩු කිරීමෙන් පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු සමඟ කේවල් කිරීමේ විශාල බලයක් විශේෂයෙන් මුස්ලිම් කුඩා පක්ෂ නායකයින්ට හිමිවිය. ෂොපින් බෑග් එකක ඇඳුම් දමාගෙන දකුණට පැන ආ රෂීඩ් බතිඋර්ද්දීන් බලවත් ඇමතිවරයෙක් වීම එක උදාහරණයකි. මනෝගනේෂන් තවත් අයෙකි.

7. R ප්‍රේමදාස කල තවත් දෙයක් නම් දෙමළ භාෂාව මුළු රටේම රාජ්‍ය භාෂාවක් වීමත් සිංහල භාෂාව  දකුණේ පලාත් හතට කොටුවීමත්ය. මේ අනුව උතුරු නැගෙනහිර සිංහල ජනායට දෙමළ භාෂාව දන්නේ නැත්නම් උප්පැන්නයක්වත් ලබාගත නොහැකිය. උසාවි වල නඩු අසන්නේ දෙමළෙන් පමණය!.

මේ හේතුවෙන් මඩකලපුවේ මංගලාරාමයේ අම්පිටියේ සුමනරතන හිමියන් නොමරා මරන්නට හා ඒ පලාතේ සිංහල ජනයාට බලවත් දුක් පීඩා ගෙන දී පලාතෙන් එලවා දමා ගැනීමේ ව්‍යාපාරයක් ග්‍රාම සේවකයාගේ මට්ටමේ සිටම ක්‍රියාත්මක වෙමින් පවතී. සිංහල භාෂා පරිවර්තකයින් මඩකලපුවේ හෝ යාපනේ හෝ නැත.

8. 1994-2000 චන්ද්‍රිකා ජනාධිපති කාලයේදී නීලන්-ජී එල් පැකේජ් ඩීල් යටතේ රට කැබලි නමයකට/දහයකට කැඩීමේ සැලැස්ම රනිල්ගේ කුමණ්ත්‍රනය නිසා අනූනවයෙන් පැරදුණේය. ඒ අනුව ඔළුවිල් ප්ලෑනට අනුව නැගෙනහිර මුස්ලිම් පලාතක් බිහිවීමට තිබුණි.

9. මුල සිටම ඊලමක් උදෙසා සටනට රහසින් උදව් කල රනිල් වික්‍රමසිංහ යහපාලන අගමැති විසින් සුමන්තිරන්, ලාල් විජේනායක, ජයම්පති වික්‍රමරත්න ලා හරහා ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාවක් පිලියෙල කරවා ගත්තේය. එය චන්ද්‍රිකාගේ පැකේජ් ඩීල් එකට සමාන ඊටත් වඩා දුරට ගිය රට බෙදීමකි. (2019)

10. තිස් අවුරුදු යුද්ධයකින් පසු ප්‍රභාකරන් පැරදූ මහින්ද රාජපක්ෂ ජනාධිපති පලාත් සභා අහෝසි කරනවා වෙනුවට ඉන්දියන් බල පෑමට එය  නැවතත් බදා ගැනීම නිසා දැන් ඊලම් සටන කොයි මොහොතේ හෝ යළි මතුවීමට ඉඩ බොහෝය. ඊලම් මතවාදය පැරදවීමේ අවශ්‍යතාවය ඔහු අමතක කලේය.

11. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විසින් අත්තනෝමතික ලෙස ජාතික ගීය භාෂා දෙකෙන්ම ගායනා කරන්නට ඉඩ දුන්නේ ජාතීන් අතර සහජීවනය උදෙසා යයි කියැවේ. එහෙත් ඉන් වුනේ  ජාතීන් දෙක අතර විරසකයක් ඇතිවීම පමණය. ඊට හේතුව දකුණේ භාෂා දෙකෙන්ම එය ගයතත්, උතුරු නඟෙනහිර ගයන්නේ දෙමළෙන් පමණක් වීමය. මෙසේ ගයන හැම මොහොතේම දෙමළ බෙදුම් වාදීන්ට උත්තේජනයක් ගෙන දෙන්නේය (රටක ජාතික ගීතය භාෂා දෙකකින් ගයන වෙන රටක් ලෝකයේ නැත).

මෙය හරියට බුද්ධාගම රැකීමේ ඇමතිකම බදාගෙන සිටින සුනිල් සෙනෙවි නම් ක්‍රිස්තියානිකාරයා විසින්, පන්සල්-පල්ලි-කෝවිල් යන චිරානුගත යෙදුම වෙනුවට පල්ලි–පන්සල්- කෝවිල් කියා එය පිට පොට පෙරලා කීමෙන් ලබන ආත්ම වංචාවට  (වින්දනයට) සමානය. ගම් වල තිබූ කියමනක් නම් දැන් ඉතින් පවුල්-පන්සල් වෙන්න (කසාදයක් බඳින්න) කාලය හොඳයි නේද යනුය. හැම සිංහල බෞද්ධ සංස්කෘතික අංගයකටම සියුම් ලෙස පහර දෙන මේ සුනිල්ට අනුව එය පවුල් පල්ලි වෙන කාලය සේ වෙනස් විය යුතුය!

මූලාශ්‍රය: කළු සුද්දන්ගේ පාලන සමය, දෙවන භාගය: 1948-2024, “ලංකාවේ මුස්ලිම් වෙළෙන්දන් අරාබි ශාරියා මිනීමරුවන් කිරීම, 111-120.”

සිංහලයින්ට ඇති ඔබලා දුසිමේ අයට නැති දේ මොනවාද?

සිංහල බෞද්ධ විරෝධී බොල්ෂෙවික් ආණ්ඩුවක් යටතේ මෙම දෙමළ-මුස්ලිම් දුසිමට ඉතාමත් හොඳ කාලයක් ලැබී තිබේ.  ඔබලා ශූක්ෂම ජාතිවාදීන් නොවේ නම් පහතින් අසණ ප්‍රශ්ණ වලට ඔබලාගේ පිළිතුරු කවරේද?

1. ටයිගර්ලා විසින් උතුරු නැගෙනහිරින් පලවා හරින ලද සිංහල ජනතාවට නැවත පදිංචිවීමට ඉඩ ලබා දීමට ඔබලා ක්‍රියා නොකරන්නේ ඇයි?

 2. විශේෂයෙන් උතුරේ ඓතිහාසික බෞද්ධ නටබුන් ස්ථාන වලට බුද්ධ ප්‍රතිමා තබනවාට ඔබලාත් විරුද්ධද?

3. නැගෙනහිර පලාතේ රට ඉඳි ගස් හිටවූ වාට කමක් නැත. නමුත් ඒ ප්‍රදේශය අරාබි භාෂා ප්‍රදේශයක් කරනවාට ඔබලා එකඟද?

4. ලංකාවේ ඉස්ලාම් අන්තවාදය පැතිරෙමින් තිබෙනවා යයි ඔබලා පිලිගන්නවාද?

5. ශාරියා නලිමිවරු රටේ රාජ්‍ය ආයතන, නීතිපති/ අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැනි තැන් වලට රිංගමින් සිටින බව ඔබලා දන්නේ නැද්ද?

6. හලාල්-ශාරියා බැංකු-මුහුණු වසාගෙන පාරේ යාම වැනි ක්‍රියා වලින් සිදුවන්නේ ජාතිවාදයට  උඩගෙඩි දීම නොවේද?

7. යසර් අට්ෆත් හා ගඩාෆි විසින් ලොවට ප්‍රචලිත කල ගර්භාෂ යුද්ධය හෙවත් හැකි තරම් මුස්ලිම් දරුවන් බිහිකිරීම ලංකාවෙ ගම් නියම් ගම් වල පවා පැතිරී තිබෙන බව ඔබලා දන්නවාද?

8. පාසැල් පෙලපොත් වල කොරාණයේ වාක්‍ය වැරදි ලෙස උපුටා දක්වා ඇති බව ඔබලා දන්නවාද?

9. මුජිබර් රහමන්, අසාද් සාලිලා හා පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රීලා ඉස්ලාම් අන්තවාදය ගැන අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් පෙන්වා දුන් විට ජාතිවාදීන් ලෙස හැසුරුනේ නැත්නම් පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට ඉඩ තිබුණු බව ඔබලා පිළිගන්නට සූදානම්ද?

10. ඇතැම් මුස්ලිම් නායකයින් සංවිධානාත්මකව බොදු බල සේනාවේ ඥානසාර හිමියන්ට නඩු පවරා හෙම්බත් කිරීමේ ව්‍යාපාරයක් ගෙන යන බව ඔබලා දන්නේ නැද්ද?

11. මඩකලපුවේ උලමා කෙනෙක් ඥානසාර හිමියන්ට විරුද්ධව ෆත්වා දණ්ඩනයක් නිකුත් කිරීම ඔබලා අනුමත කරනවාද?

12. 1990 දී ගැෂට් නිවේදනයකින් පර්දාව හා තොප්පිය විශ්ව විද්‍යාල සිසුන්ට අනිවාර්ය කලේ ජාතික සමඟියටද?

මීලඟ කොටස:

සුළු ජනවර්ගත්, සිංහල මහජාතියත්, රටේ අනාගතය යහපත් කර ගැනීමත් සඳහා බොදු බල සේනාව ජනාධිපති රනිල්ට ඒ කාලයේ කල යෝජනාව

=====
Six political parties representing Sri Lanka’s Tamil-speaking communities have joined forces to urge the Government to fulfil key pledges made in its Election manifesto, including the introduction of a new Constitution, conducting the long-delayed Provincial Council (PC) Elections and resolving longstanding land issues affecting minority communities.

Representatives of the All Ceylon Makkal Congress (ACMC), Ceylon Workers’ Congress (CWC), Democratic Tamil National Alliance (DTNA), Illankai Tamil Arasu Katchi (ITAK), Sri Lanka Muslim Congress (SLMC), and Tamil Progressive Alliance (TPA) announced the joint initiative at a media briefing held in Colombo yesterday (13).

Speaking at the briefing, ITAK President’s Counsel M.A. Sumanthiran said the National People’s Power (NPP) Government had failed to fulfil two key promises made in its Election manifesto nearly two years after assuming office.

The Government promised the people a new Constitution,” Sumanthiran said, stressing that it should provide the maximum possible devolution of powers within a framework that ensures justice, equality, and meaningful power-sharing.

He also recalled that the Government had pledged in 2024 to conduct PC Elections within one year of being elected, but said the polls had still not been held nearly two years later.

Measures should be taken to hold the long-delayed PC Elections without a further loss of time,” he said.

Sumanthiran also called for the resolution of longstanding land issues affecting minority communities, including concerns in the Northern and Eastern Provinces and among plantation communities.

He said people in these areas continued to face land-related challenges arising from military occupation, the declaration of certain areas as archaeological sites, and unresolved ownership issues affecting plantation communities.

These longstanding concerns must be addressed satisfactorily, fairly and through meaningful engagement with the affected communities to ensure durable and equitable solutions,” he said.

Sumanthiran said the Tamil and Muslim political parties represented on the platform had agreed to work together to address land-related disputes affecting Tamil-speaking communities wherever such issues arose.

He said the parties had reached consensus on four key areas, including the enactment of a new Constitution, conducting PC Elections, resolving land-related issues affecting all communities, and addressing minority concerns through dialogue.

He added that the parties would make a joint appeal to the Government to ensure regional representation in governance and move forward with the Elections process.

Sumanthiran said the parties had also reaffirmed their commitment to continue discussions through the common platform to promote reconciliation, democratic governance, and the protection of the rights of all communities.

Meanwhile, representing the CWC, Jeevan Thondaman said Tamil-speaking communities continued to face shortcomings in areas including budgetary allocations, public services and other matters.

He said the parties had come together with the aim of addressing these longstanding issues and securing permanent solutions rather than temporary measures introduced from time to time

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress