ඊයේ මහකනදරාව වැව ළඟ පුංචි පුතෙක්‌ දමා ගිහින්
Posted on November 20th, 2015

වෛද් රුවන් එම් ජයතුංග

ඊයේ මහකනදරාව වැව ළඟ පුංචි පුතෙක්‌ දමා ගිහින්

ළමයාගේ වයස අවරුදු තුනහමාරක්‌ විතර ඇති

මහකනදරාව වැවට දිය නෑමට ගිය යුවළකට

එම දරුවා හඬමින් සිටියදී හමු වෙලා

ඔවුන්  ඒ බව මිහින්තලේ පොලිසියට දැනුම් දීලා

මිහින්තලේ පොලිසිය දරුවා සිය භාරයට අරගෙන​

punchiputa

දරුවා කියන හැටියට එයාගේ නම  ආකාෂ්

පදිංචි ප්‍රදේශය වව්නියාවලු

පියාගේ නම සම්පත් සහ මව නිලූකාලු

 

ආකාෂ් පුතාගේ මව-පියා ගැන දන්න කෙනෙක් ඉන්නවාද ?

මම හිතන්නේ මම දන්නවා

 

ආකාෂ් පුතාගේ මව හා පියා දුප්පත්

දරු සම්පතක් උරුම කර ගන්න වාසනාවක් නැත්තෝ

තාත්තට රස්සාවක් නැහැ -අම්මා වෙනතක

ළමයාගේ කුස පුරවන්නට උන්ට හැකියාවක් නැහැ

 

ඇති ඇත්තෝ පෙර කළ කුසල් බලයෙන් සැප විඳිද්දී

ආකාෂ්ගේ ඇත්තෝ පෙර පව් නිසා දුක් විඳිනවා

මේකයි අපිට හාමුදුරුවෝ කියා දුන්නේ

 

පෙර පින් ඇත්තෝ බී.එම්.ඩබ්ලිව් බෙන්ස් වලින් යති

ළමුන් ගේ ගත සිත පුරවා ඔවුනට ආදරය පාති

පෙර අකුසල් ඇත්තෝ මෙලොව අපා දුක විඳිති

ළමුන්ද දුකට පත් කරති

 

හරි හමන් ආදායමක් නැති  බඩගින්න වැඩි පවුලක

ළමයෙකු හදන්නේ කොහොමද  ආදර කරුණාවෙන්

උන් සුදහ ගින්දරෙන් අඞන කොට

සනසන්නේ හිස් වාතයෙන්ද ?

කොල්ලාගේ දුක් නිවන්නට

ඌව මහකනදරාව වැවේ ගිල්ලන්නද ?

 

පියාත් ලඟ නැති ළමයෙකු හදන්නේ කෙසේද ?

බාප්පා ඌට නිකරුනේ තලයිද ? අරියාදු කරයිද ?

කොල්ලාගෙන් නිදහස් වන්නේ කොහොමැයි?

අමාරුයි හිත හදා ගන්න

 

කොල්ලාව මහකනදරාව වැවට බාරයි

පුතේ උඹ හිටපන් හරි හමන් පියෙක් එනකන්

පුතේ උඹ හිටපන් හරි හමන් මවක් එනකන්

මහකනදරාව වැව ලඟ හිටපන්

උඹට මහකනදරාව වැවේ පිහිටයි

 

දරුවන් නැති සොවින්

පටාචාරා කිසා ගෝතමී

අඞපු ලෝකයක

දරුවන් ඇති සොවින්

උන්ව උස් මහත් කරන්නට

නොහැකියාව නිසා

දරුවන් අතරමං කරන ලෝකයක

හිරවෙලා පැටලිලා ඉන්න නරපණුවන්

 

උඹ ලොකු වූ කාලයක තේරුම් ගනියි

අප අත වරද නැති බව

තිබුනා නම් කාසි පණම්

හිසට හෙවනක් එක්ක​

තියා ගන්නවා උඹව අපි ලඟම

 

පුතේ උඹ මහකනදරාව වැව ලඟ හිටපන්

නාඞා ඉඳපන් මගෙ පුතේ

උඹව වැවට විසි කරන්නේ මොන හිතකින්ද ?

මම උඹව වැව ලඟ තියා යනවා

පුතේ උඹව මහකනදරාව වැවට බාරයි

 

 

වෛද් රුවන් එම් ජයතුංග 

3 Responses to “ඊයේ මහකනදරාව වැව ළඟ පුංචි පුතෙක්‌ දමා ගිහින්”

  1. Independent Says:

    නුඹට ආදරේ පියෙක්
    නුඹට පණදෙන මවක්
    නුඹට මත්තට හිතක්
    පුංචි පුතා මැදමුලනට බාරයි

  2. Independent Says:

    Mother of child left on tank bund tells her story

    2015-11-19 00:21:26
     2

     8487

    The mother of the three year old boy who had been abandoned near a bathing spot on the bund of the Mahakanadarawa tank in Mihintale surrendered to the Mihintale Police on Wednesday.

    She confessed that her husband had left her a long time ago and that she was working on a poultry farm in Kuliyapitiya.

    “I keep the child at a friend’s house in Mahakanadarawa as I cannot take him with me. I go to the place where he is staying and look into his needs every weekend. I did not leave him on the bund,” she told the police.

    The woman who handed over the child to the police has also been questioned to verify the statement given by the mother.

    The woman had told the police what the child’s mother said was true. “A neighbour told me that I would fall into trouble by keeping a northerner’s child. I was frightened on hearing that and handed over the child to the police saying that I found him on the bund of the Mahakanadarawa tank concealing the fact that he had been with me for a long time. I told the child to tell the police that his mother came on a bike with an uncle and left him there,” the woman said.

    The woman who took care of the child had given a statement to the police saying that the child must have said so following her instructions.

    – See more at: http://www.dailymirror.lk/95973/mother-of-child-left-on-tank-bund-tells-her-story#sthash.gqTT92Zi.dpuf

  3. Independent Says:

    මෙන්න මෙවැනි අම්මාලා
    පුංචි පුතා නැන්ද ගාව දමා
    වාල් වැඩට නොයන රටක්
    බිහිවෙයි ද කරුණා බර හෙටක්

    බුදු පියා දෙසු දහම පිලිපදින පියාලා
    දුප්පත් ඇගේ මුදල් අරං ස්විස් බැංකුවේ දාලා
    බුදුදහම රට දැය රැකගන්න කරන තැත​
    හඳුනා ගත්තොත් හෙට , පුචි පුතා ලොකු වෙලා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress