මේ රටේ පලාත්සභා ඡන්දය වහාම පවත්වන්මෙන් කෑමොර දෙන දේශපාලකයින් ඇතුලු සියලුම පිස්සන් ජීවිතාන්තය දක්වා යැවිය යුත්තේ අන්ගොඩටය.
Posted on July 20th, 2026

දේශමාන්‍ය ආචාර්ය සුදත් ගුණසේකර අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හිටපු ලේකම් සහ ශ්‍රී ලන්කා පරිපාලනසේවා සන්ගමයේ සභාපති (1991-94))

මේ රටේ පලාත්සභා ඡන්දය වහාම පවත්වන්මෙන් කෑමොර දෙන දේශපාලකයින් ඇතුලු සියලුම පිස්සන් ජීවිතාන්තය දක්වා යැවිය යුත්තේ අන්ගොඩටය. එහි කොටුකර සිටියත් ඔවුන් තවදුරටත් නඩත්තු කිරීමට සිදුවන නිසාත්, මොවුන් අපගේ මාතෲ භුමියට, සිංහල ජාතියට සහ සම්බුද්ධ ශාසනයට විනාශයක්ම කළහැකි නිසා මොවුන් දේශ ද්‍රෝහීන්න්, ජාතිද්‍රෝහීන් සහ බෞද්ධ විරෝධීන් වශයෙන් වහාම මේ පින් බිමෙන් යළි කිසිදාක ඔවුන්ට ආපසු ආ නොහැකි පිට සක්වලකටම පිටුවහල් කළ යුතුය.

දේශමාන්‍ය ආචාර්ය සුදත් ගුණසේකර අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හිටපු ලේකම් සහ ශ්‍රී ලන්කා පරිපාලනසේවා සන්ගමයේ සභාපති (1991-94))

 2026 06. 06.

මේ තුන් සින්හලේ රාජධානිය මිහි පිටින් අතුගා දමා එය ඊළමක් කිරිමේ පළමු පියවර වශයෙන් 1987 ආරම්භ කරනළද ඉන්දීය කුමණ්ත්‍රණයේ කූඨ ප්‍රාප්තියවූ පලාත් සභා හුනියමේ සංයුතිය සහ රටේ රාජ්‍යපරිපාලනයට හා ආර්ථිකයට, පලාත් සභා ක්‍රමයෙන් සිදුවී ඇති විනාශය.

වීඅයි වන කොටස (6)

1987 නොවැ 14 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 13 වන  සන්ශෝධනයෙන් පසු,1987 අන්ක 42 පනත යටතේ 1988. පෙබරවාරි 3 පළාත් සභා, ස්ථාපිත කරන ලදී. එවකටත් මේ රටේ පලාත් 9 ක් තිබුණත්, ප්‍රථම අවස්ථාවේදි පිහිටවූයේ පලාත්සභා 8 ක් පමණි.එසේ කිරීමට සිදුවූයේ උතුරු නැගෙනහිර පාලාත් දෙක, වෙනම රාජ්‍යක් වශයෙන් ප්‍රකාශකිරීමේ පළමු පියවර වශයෙන්1987 ජේ.ආර්/රජිව් ඉන්දු ලන්කා ගිවිසුම අනුවඉන්දීය බලපෑම නිසා ඒකාභද්ධ කිරීමට තීරණය කළ නිසාය. 

එහි පළමු ප්‍රධාන අමාත්‍යවරයා වූ වර්ධරාජා පෙරුමාල් විසින් එම පලාත් දෙක ඊලම” වශයෙන් ප්‍රකාශකොට රට දෙකට කැඩීම සඳහා ක්‍රියා කළ නිසා, 1990 මාර්තු 1 ජනාධිපති ප්‍රේමදාස විසින් එය විසුරුවා හරින ලදී. මේ අතර ජා.වි.පෙ. එම පලාත් දෙක ඒකාභද්ධ කිරීමට එරෙහිව 2006 අගෝස්තු ණඩුවක් ගොනු කළේය. උපරිමාධිකරණය විසින් 2006 ඔස්තෝබර් 16 එම පලාත් දෙක ඒකාභද්ධ කිරීම නීති විරෝධී බව ප්‍රකාශ කළේය. ඒ අනුව නැවතත් පලාත්සභා ගණන 9 ක්ම බවට පත්විය.

අනතුරුව සියළුම පලාත් සභා, පහත පරිදි රජය විසින් විසුරුවා හරින ලදී

පලාත් සභා විසුරුවා හැරීම.

මධ්‍යම පලාත 2018 ඔස්තෝබර් 8.

 වයඹ පලාත 2018 ඔක්තෝබර් 10.

 සබරගමුව  2018. සැප්තැම්බර් 26.

නැගෙනහිර 2018 සැප්තැම්බර් 30.

 උතුරු මැද පලාත: 2018 ඔක්තෝබර් 1.

උතුරුප පලාත 2018 ඔක්තෝබර් 25.

දකුණු පලාත 2019 අප්‍රේල්: 10.

බස්නාහිර පලාත 2019 අප්‍රේල් 21 සහ

ඌව පලාත 2019 සැප්තැම්බර් 8.

 ඒ අනුව 1988 සිට 2019 සැප්තැම්බර් 8 දින ඌව පලාත් සභාව විසුරුවා හරින තුරුම වසර 31 ක් පුරා පලාත්සභා සාපයෙන්,  ක්‍රි.පූ.307 සිට මේ රටේ පැවති රාෂ්ඨ්‍රපාලන සිතියමට, අනුව මැනවින් ස්ථාපිතව තිබුණු පාලන ක්‍රමය යටතේ,මුළු රටම, දිසා, ප්‍රදේශ, කෝරල සහ පත්තු තුල පිහිටි, පණ්ඩුකාභය රජතුමා විසින් පිහිටුවනලද ගම්14,80,000 යටතේ   වසර දහස් ගණනක් පුරා මැනවින් ක්‍රියාත්මකවූ විශිෂ්ඨ දේෂීය ග්‍රාම රාෂ්ඨ්‍ර පාලන රටාව සහ ජනතා සේවා ජාළය අවුලෙන් අවුලට පත්කොට, රටේ ආර්ථිකයට දැරිය නොහැකි අතිවිශාල ආර්ථික පාඩුවක්ද සිදුකොට මේ රට ලෝකයේම හිඟන රටක් බවට පත්කරණ ලදී.

2019 සැප්තැම්බර් 8 සිට සියළුම පලාත් සභා විසුරුවා හැරීම නිසා, ඒවා ක්‍රියාත්මක වීම මුළුමනින්ම අඩපනවිය. පලාත්සභාවල මැති ඇමතිවරුන් සහ මංත්‍රීවරුන් පමණක් ඉවත් කෙරින. කෙසේ වුවද ජනාධිපති වරයාගේ පාලන බල අධිකාරිය රට පුරා පවත්වා ගැනීම සඳහා එදා සිට අද දක්වාම,ජනාධි පති වරයා විසින් රාජ්‍යපාලනය. දිසාපාලනය, රට, හෝ රටේ ජනතා ප්‍රශ්න සහ ඔවුන්ගේ අපේඉක්ෂාවන් පිළිබඳ මෙලෝ අවභෝධයක් නැති දේශපාලන හෙන්චයියන් ආණ්ඩුකාරයින් වශයෙන් පත්කොට, මියගිය පාලාත් සභා මළකුණ මුර කිරීම ඔවුන්ට භාර දෙන ලදී.

 ජනාධිපති වරයාගේ පලාත්වල නියෝජිතයින් වන ආණ්ඩුකාරයින්ට, නිල නිවාසරජයේ වියදමින් විදුළි සහ ජලබිල්, නිළරථ සහ ආරක්ෂක භට පිරිසක්ද, ජේෂ්ඨ පරිපාලන සේවකයෙක් ලේකම් වශයෙන් පත්කොට ඔහුට හෝ ඇයට සහාය කාර්‍යමණ්ඩලයක්ද, ඊටත් අමතරව පෞද්ගලික කාර්‍යමණ්ඩලයක්ද ලබාදී ඇත. මේ අනුව පලාත්සභා ක්‍රියාත්මක නොවූවද බලයේ සිටින දේශපාලනය පක්ෂයේ දේශපාලන කටයුතු කිරීම සඳහා මේ සියළු දෙනාටම රජයේ මුදල් වැය කෙරේ. මේ අනුව, බලයේ පවතින දේශපාලන පක්ෂයේ නියාය පත්‍රය ක්‍රියාත්මක කර ගැනීම සඳහා  මහජන මුදලින් රජයෙන් වැටුප් ගෙවමින්, ජනාධිපති වරප්‍රශාධ ලබා දී පලාත් 9ට ආණ්ඩුකාරයින් 9 දෙනෙක්ද එසේම 3,76,631 නිලධාරි මණ්ඩලයක්ද , යාන වාහන ඇතුළු සියලුම වර ප්‍රශාද ඇතිව, පින්පඩි පිට දීගු නිවාඩුවක් ගතකරමින් සුවසේ සිටී. රාජ්‍යබලය සහ ජනතා මුදල්, බලයේ සිටින පක්ෂයේ හුදු පක්ෂ දේශපාලන කටයුතු සඳහා මේ අන්දමින් නිර්ලජ්ජිතව සහ සාපරාදීව අවභාවිතා කරණ රටක් මේ ලෝකයේ වෙනත් කිසිම තැනක මා නම් දැක හෝ අසා නැත නැත.

පලාත් සභා 2019 සිට දැනට පවතිනුයේ ආණ්ඩුකාරයිගේ පාලනය යටතේය.   එහෙත් පලාත් සභා විසුරුවාහල දා සිට මේ දක්වාම පලාත්සභාවල මැති ඇමතිවරුන් සහ මංත්‍රීවරුන්ගේ වැටුප් නොගෙව්වද ආණ්ඩුකාරයින් 9 දෙනා සහ සමස්ථ පලාත් සභා කාර්‍යමණ්ඩල අදටත් පෙර සේම පවතී. එහි යතාර්ථයනම් ආණ්ඩුකාරයින්ට, ඔවුන්ගේ කාර්‍යමන්ඩලවලට සහ 3,76 .631ක් වන පලාත් සභා රාජ්‍යසේවකයින්ට හැර හැර මේ රටේ වෙන කිසිවෙකුට මේ සුදු අලියාගෙන් දැන්නම් කිසිදු සේවයක් නොවන බව නොවේද?

 මේ අතර 2025 නොවැම්බෙර් 25 ඇතිවූ ඩිත්වා ආපදාවත් සමඟම රටේ සමස්ත පාලනයම නැවතත් දිසාපති වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක් වීම ඇරඹින. ඒ සමඟම,ප්‍රාදේශීය ලේකම් සහ ග්‍රාමසේවා නිළධාරීන් දිසාපති යටතේ ක්රියාත්මක වීම නිසා සමස්ත පලාත් සභා ජාලයම දැන් අක්‍රීය තත්වයකට පත්ව ඇත. එහෙත් මේ තිත්ත ඇත්ත ගැන මේ රටේ කිසිම දේශපාලකයෙකු එක වචනයක්වත් කතා නොකරයි. ඔවුන් සියළු දෙනාගේම එකම අපේක්ෂාව වනුයේ, රටට හා ජාතියට හෙනගහල ගියත් පලාත් සභා වල බලය ලබාගෙන තම පක්ෂවල බිම්මට්ටමේ බල අධිකාරය තහවුරු කර ගැනීමේ ආත්මාර්ථය පමණි

එසේම මේ අළුත් තත්වය යටතේ, ජනතාවට පුරුදු පැරණි පාලන ක්‍රමය නිසා මහජනතාවට, වඩා කාර්‍යක්ෂම මෙන්ම හොඳ සේවාවක් සිදුවන බවද ඔවුහු රෑ දවල් කියවත්. පලාත් සභා නැතිව පැරණි දිසාපති ක්‍රමය යටතේ වඩා කාර්‍යක්ෂම දිසාපාලනය කළ හැකි බවද, පලාත් සභා වසා දැමීමෙන්  දැනට ඒ සඳහා වැයවන මුදල ඉතිරිකර ගැනීමෙන් රටේ රාජ්‍ය පාලාන් වියඩහ්ම50% කින් පමණ අඩුකොට ගෙන රටේ පාලනය මැනවින් ගෙනයා හැකි බව ඔප්පුවි ඇත.

 එම නිසා රජය විසින් දැන් කළයුතුව ඇත්තේ දැනටමත් වසර 7ක් තිස්සේ අක්‍රීයව තිබුණු පලාත් සභා දැන්වත් වහාම අහෝසිකොට, ආණ්ඩුකාරයින් නමැති පින්පඩි කාරයින් මෙන්ම පලාත් සභා මැති ඇමතිවරුන්ද  සදහටම ගෙදර යවා, මේ රටේ රාජ්‍යපාලනයේ විනාශකාරී පලාත් පාලන ක්‍රමය නමැති උණ්ඩුක පුච්චය දැන්වත් අහෝසිකොට, රජයේ වියදම 50% න් අඩුකොට ගෙන  නැවතත් පැරණි  දිසාපති ක්‍රමය සක්‍රීයකොට, මේ රට බෙදා පෙඩරල් රාජ්‍යක් කිරිමට පදනම දැමූ 1992 අංක 58 පනත මෙන්ම 1992 රා.ප.පා චක්‍ර ලේක 21 සහ ඒ යටතේ නිකුත්කොට ඇති සියළුම අනපනත් බලරහිත කොට, නැවතත් දිසා පාලනය බලගැන්වීමය. එසේ කිරීමෙන් රටේ අභ්‍යන්තර පාලනය සහ සන්වර්ධනයට දැනට වඩා කාර්යක්ෂම සහ ජනතා හිතවාදී සේවයක් බවට් පත්කළ හැකි බව සහතික කොට කිව හැක. පලාත් සභා ක්‍රියාත්මකව පැවති කාලය් තුල පලාත් සභා ජාලයේ  සන්යුතිය.

ආණ්ඩුකාරයින්                   9 (අදාල පලාත තුල ජනාධිපතිවරයාගේ නියෝජිත)

ප්‍රධාන අමාත්‍යවරුන්           9

පලාත් සභා මන්ත්රරී වරුන් 45

සභාපතිවරුන්                       9

පලාත් සභා මන්ත්‍රීවරුන්  455

පලාත් සභා ප්‍රධාන ලේකම් වරුන් 9

 අමාත්‍යාන්ශ ලේකම්වරුන් 36

මීට අමතරව පලාත් සභාව යටතේ ක්‍රියාත්මකවූ සියළුම අමාත්‍යාන්ශ ,දෙපාර්තමේන්තු සහ වෙනත් ආයත  සියල්ලද කිසිවෙකුගේ අධීක්ෂනකින් තොරව තවමත්  ක්‍රියාතමක් වෙයි.

1 ප්‍රධාන ලේකම් ඇතුලු අමාත්‍යාන්ශ 5 ට 5 දෙනෙකි. මුලු ගණන 6.

මීට අමතරව ආණ්ඩුකාරයාටද ලේකම්වරයෙක් සිටී

.ප්‍රධාන ලේකම් අමාත්‍යමණ්ඩලයේ ලේකම් වරයෙකුගේ මට්ටමේ වැටුපකට හිමි නිළධාරියෙකු වන අතර අනෙත් සියලුම ලේකම් වරුන් අමාත්‍යාඅන්ශ අතිරේක ලේකම් වැටුප් තලයේ පත්වීම්ය. ප්‍රධාන ලේකම් පලාත් රාජ්‍යසේවයේ ප්‍රධානියාද වන අතර පලාතේ දිසාපතිවරුන්ද ඔහු යටතේ අතිරේක ලේකම්වරුන් වෙයි.  මෙම පලාත් සභා සුදු අලියාගෙන්, රටේ පරිපාලන යාන්ත්රණය දෙගුන වීම,රාජ්‍ය වියදම දෙගුනවීම, සමස්ථ රාජ්‍ය සේවයම අවුළෙන් අවුළට පත්වීම සහ ජනතා සේවය බින්දුවට බැසීම  නිසා සමස්ථ රාජ්‍ය සේවයම සුදු අලියෙක් වීම හැර  එයින් සිදුවූ යහපත කුමක්දැයි මම අසමි.

පලාත් සභාවේ සංයුතිය

  පලාත් සභාව ආණ්ඩුකාරයා, ප්‍රධාන අමාත්‍යවරයා, පලාත් සභා ඇමතිවරුන් 4 පලාත් සභාවේ මන්ත්‍රීවරුන් සමන්විත වෙයි. එයින් එක් අයෙකු සභාවේ සභාපති වශයෙන් රැස්වීමෙ මුලසුන ගනියි.(පාර්ලිමේන්තුවේ කථානායක මෙන්).

පලාත් සභා විසුරුවා හැරීමෙන් පසු මහ ඇමති වරුන් 9, ඇමතිවරුන් 36 ඇතුළු මහජන නියෝජිතයින් දැනට නැත.එහෙත් සෙසු කාර්‍ය මණ්ඩලය ඒ අයුරින්ම සිටී. පඩිනඩිද ලබයි. සෙසු වරප්‍රසාදද ලබාගනියි.

සේවක මණ්ඩළය

පලාත් සභා 9 ටම අනුමත සේවක සංක්‍යාව 3,76,631 කි

 වියදම

1988 සිට මේ දක්වාම පලාත්සභා වෙනුවෙන් වැයකල මුදලක එකතුවක් මහ බැන්කුව විසින් හෝ භාණ්ඩාගාරය විසින් සපයා නැතැයි කියවේ.එයින් පැහැදිළිවන්නේ පලාත් සභා සඳහා වැයවන වාර්ෂික පිරිවැය පිළිබඳ හෝ මෙතෙක් වැයකොට ඇති රාජ්‍යමුදල් පිලිබඳ කිසිදු ලේඛනයක්ද මහබැන්කුව සහ රාජ්‍යභාන්ඩාගාරයෙන් මෙතෙක් නිකුත්කොට නැති බවය.එසේම ඒ පිළිබඳ වාර්ථාවක් නොමැති බවය.

 කෙසේ වුවද ආරම්භයේ සිටම මෙම සභාවල වාර්ෂික වියදමෙන් වැටුප්,ආදී පුනරාවර්තන වියදම් 85% සිට 91% දක්වාද, ප්‍රාග්ධන වියදම් සඳහා වැයව ඇත්තේ 15% ට අඩු මුදලක් පමණක් බවද වාර්තාවල සඳහන් වේ.1996 සිට 2017 දක්වා ළෝක බැන්කු වාර්ථාවක් අනුව ජාතික වාර්ශික ප්‍රාග්ධන වියදම රුපියල් මිලියන 17,427.5 සිට 49,457 ඉහල ගොස් ඇති බව සටහන් වෙයි.

මේ අතර බත්තරමුල්ලේ පිහිටි බ.ප.සභා පස්මහල් ගොඩනැගිල්ලට පමණක් රුපියල් 3,965,185,690.98 මුදලක් වැයකළ බව වාර්තාවෙයි.

                                               මෙන්න බ.ප.සභා ගොඩනැගිල්ලේ පින්තුරය

 (මෙම ගොඩනැගිල්ල විසින්, අවට හාත්පසම සෙසු ගොඩ නැගිලි සියල්ල කුරුමිට්ටෙන් බවට පත්කොට වසාගෙන සිටින්නේ යම්සේද එසේම මේ පලාත්සභා හුනියම නමැති දේශපාලන කළු වලාවෙන් සහ නාස්තිකාර දේශපාලනයෙන් මේ සමස්ථ පාලන තන්ත්‍රය, ජාතිය මෙන්ම රටමද වසාගෙන සිටී. ඒ සමඟම 1833 සිට 1988 දක්වා වසර 155 පුරා මේ රටේ මුල්බැස තිබුණු දකුණු ආසියාවේම විශිෂ්ඨතම පාලන රටාවක් වූ ජනතා හිතවාදී, අඩු වියදමකින් හා ප්‍රමාදයකින් තොරව ජනතා සෙත සැළසූ සාම්ප්‍රදායික දිසා, ප්‍රාදේශීය සහ ග්‍රාමීය පාලනයද මුළුමනින්ම විනාශවී ඇත.)

මෙම බස්නාහිර පලාත් සභාවේ නියෝජිතයින් 125 දෙනාට එක පුටුවකට රු 6,50,000 බැගින් පුටු 125 ගත් බවද වාර්තා වෙයි.මීට අමතරව රාජගිරියේ ජනජය ගොඩනැගිල්ලේ 8 සහ 10 වන මහල් සඳහා ගිවිසුමකුත් අත්සන් නොකොට, රු. මිලියන 226 ක අත්තිකාරම් මුදලක්ද ගෙවා ඇති බවද, ඊටත් අමතරව මෙම ගොඩනැගිලි නඩත්තුකිරීම, ජල බිල් සහ විදුලි ගාස්තු ගෙවීම සඳහාද දසලක්ෂ ගානක් තවම ගෙවන බවද වාර්තාවෙයි.

මේ අතර මහනුවර පල්ලේකැලේ මධ්‍යම පලාත් සභා ගොඩනැගිල්ල සඳහාද වැයවූ සැබෑ මුදල කොපමණදැයි කිසිදු සටහනක් පලාත් සභා ලේඛන නොපෙන්වන බවද කියවේ.

කිසිම ප්‍රසිද්ධ වාර්තාවක හෝ පලාත් සභා ලේඛණවල හෝ මෙම පලාත් සභා සන්කීරනය සඳහා වැය වූ මුළු මුදල ගැන සටහනක් නැතැතයි පැවසේ.කෙසේ වුවද නාගරික සන්වර්ධ නිළ වාර්තාවල මෙම මුළු ගොඩ නැගිල්ල සඳහා වැයවූ මුදල රුපියල් මිලියන 93 කැයි සන්ඳන් වේ.

 (විසල් මහනුවර නාගරික සැලැස්ම 2026 – 2035).                 

 සෙසු පලාත් භාවල ගොඩනැගිලි සඳහා වැයවු මුදල් පිළිබඳ  විස්තර සොයා ගැනීමට නොහැකි ය. ඒත් මේ පලාත් දෙකේ පවතින තත්වය අනුව කොතරම් ජාතික ධනයක් මේ දෙශපාලන අපරාධය සඳහා  නාස්තිකොට අත්දැයි දැන් ඔබට සිතාගත හැක.

මීලඟ ලොකුම වැය ශීර්ෂය වනුයේ පලාත් ආණ්ඩුකාර වරුන් ඇතුළු දේශපාලකයින් සහ මෙම සභාවලට අනූක්ත නිලධාරීන්ගේ වැටුප් ඇතුළු වෙනත් දීමනා වෙනුවෙන් වැය වන අති විශාල මුදලය.

 ආණ්ඩු කාරයා

 අමාත්‍ය මණ්ඩයේ ඇමතිවරයෙකු ගේ වැටුපක් සහ බලතල සහිතව. මේ කිසිවෙකු වෘතීය පරිපාලකයින් නොවේ. ඔවුන් බලයේ සිටින දේශපාලන පක්ශයේ නියෝජිතයින්, හිතවතුන් ඥාතීන් පමණි.එහෙත් තම පලාතේ සිටින සියළුම වෘතීය දිසාපතිවරුන් මෙන්ම, සමස්ථ රාජ්‍ය සේවයම සහ පලාතේ සියළුම වැසියන් ඔවුන්ගේ බලපරාක්‍රමයට යටත්විය යුතුයි.කලාතුරකින් හැර සැමවිටම මොවුන් සැමදෙනාම හැසිරෙන්නේ ජනාධි පති වරුන්මෙන් සිතාගෙනය.

                     පල්ලෙකැලේ මධ්‍යම පලාත් සභා ගොඩ නැගිල්ල                                                              

කිසිම ප්‍රසිද්ධ වාර්තාවක හෝ පලාත් සභා ලේඛණවල හෝ මෙම පලාත් සභා සන්කීරනය සදහා වැයවූ මුළු මුදල ගැන සටහනක් නැතැතයි පැවසේ.කෙසේ වුවද නාගරික සන්වර්ධන නිළ වාර්තාවල මෙම මුළු ගොඩනැගිල්ල සඳහා වැයවූ මුදල රුපියල් මිලියන 93 කැයි සන්ඳන් වේ.(විසල් මහනුවර නාගරික සැලැස්ම 2026 – 2035).

සෙසු පළාත් සභාවල ගොඩනැගිලි සඳහා වැයවු මුදල් පිලිබඳ විස්තර සොයා ගැනීමට නොහැකිය. ඒත් මේ පලාත් දෙකේ පවතින තත්වය අනුව කොතරම් ජාතික ධනයක් මේ මහා පරිමාන දෙශපාලන අපරාධය සඳහා  නාස්තිකොට අත්දැයි දැන් ඔබට සිතාගත හැක. 1833 සිට මේ රටේ සමාජයට ඉතා ගැඹුරින් අනුගතව තිබුණු, ඊටත් වඩා වසර දහස්ගානක් මේ රටේ පැවති රාජ්‍යපාලන විධි සහ ක්‍රමද උපයෝගීකොට ගෙන, දේශීය සහ බ්‍රතාන්‍ය ක්‍රමයේ සන්කළනයක් වූ, වියදම් අඩු,  කාර්යක්ෂමතාවය වැඩි, ආසියාවේම තිබුණු විශිෂ්ඨතම ප්‍රාන්තපාලන රටාවකැයි ලොවපුරා විද්වතුන් පිළිගත්, රටට හුරු, ජනතාවට හුරු,  වියදමෙන් හා නාස්තිය අඩු, දිසාව,රට,කෝරලය, පත්තුව සහ ගම   යන රාජ්‍යපාලන ක්‍රමයක් මේ රටේ 1988 ට පෙර තිබිණ. එහි ඇති කාලීන අඩුපාඩුකම් ඉවත්කොට,කාර්‍යක්ෂම සහ ජනතා හිතවාදි පාලන ක්‍රමයක් සකස්කොට ගැණුම පසෙක තබා, මේ රට විනාශකිරීම සඳහා ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප හිස මත පැටවූ ‘රාජ්‍යපාලන අතීසාරයක්” පාර්ලිමේන්තුවට යාමට චන්ද එකතු කිරීම සහ තම පටු දෙශපාලන අරමුණු ඉටුකරගැනීම සඳහා මේ රටට හන්ඳුන්වා දී මේ රටේ රාජ්‍ය පාලන යාන්ත්‍රනයත්, කාර්‍යාක්ෂම ජනතාහිතවාදී  පරිපාලනයත් විනාශකොට හා එසේ කිරීමෙන් මේ රටත් ජාතියත් රටේ ආර්ථිකයත් පෙර රජුන් දවස සිට මේ රටේ පැලපදියම්ව තිබුණු ජනතා හිතවාදි රාජ්‍යපාලන යාන්ත්‍රණයක්  විනාශකොට මෙබඳු දේශපාලන අතීසාරයක් හා ජාතියට ශාපයක් හඳුන්වා දුන් රජිව් ගාන්ධිට මෙන්ම, තවමත් එම එළු අණ්ඩකෝෂය පසු පස දුවන, මේ රටේ, ජාතියේ හෝ පොදු මහජනතාවගේ යහපත  නොසලකා තවමත් පලාත් සභා ඉල්ලමින් කෑ මොර දෙන, තම නාශයේ දිගට වඩා ඈත නොපෙනෙන”මේ රටේ ආත්මාර්ථකාමී, බඩගෝස්ත්‍රවාදී, දේශද්‍රෝහී දේශපාලුවන්ට සාපවිය යුතු නොවේද ?

මෙම පලාත් සභා ක්‍රමයෙන් 1988 සිට මේ දක්වා රටට සිදු වූ සේවvaya පිලිබඳ එක උදාහරණයකින් පමණක් හුදීජන පහන් සන්වේහය සහ පලාත් සභා ක්‍රමය නැමැති සේතාම්බර පට සලුව, බොරුව සහ ඉන් රටදැයට මෙතෙක් සිදුකොට ඇති සේවයේ සැබෑ රඟ පෙන්විමට එක් ප්‍රශනයක් පමණක් අසා අද ලිපිය මම හමාර කරමි.

ප්‍රශ්නය.

පලාත් සභා ආරම්භවූ 1988 සිට මේ දක්වා මධ්‍යම පලාතේ ආණ්ඩුකාරයින් 18 දෙනක් සිට ඇත. මොවුන්ට, ජනතා මුදලින්, අමාත්‍ය මන්ඩල මටමේ ඇමතිවරයෙකුගේ වැටුප් සහ දීමනා ඇතුලු සියළුම වරප්‍රසාධ, නිළ නිවාස, සේවකයින්,යාන වාහන ජනාධිපති වරයෙකුට  වැනි ආරක්ෂාව සහ මහජන මුදලින් රටේ ජනාධිපති වරයාගේ බලතල, විදේශ ගමන්බිමන් සහ වැඳුම් පිදුම්.

මේ18 දෙනා අතුරින් එක් අයෙකු හෝ ඔහුගේ හො ඇයගේ සේවාකාලය සිහිවීම සඳහා, සිහිවටනයක් වශයෙන්, අඩුම ගානේ එක් හුලන්තලා ගහක්වත් මේ පලාත තුල හිටවා ගොස් තිබෙනවාද.

එසේම 1505 සිට 1948 දක්වා වසර 443 ක් පුරා ජීවිත පරිත්‍යාගයෙන් මේ රටත් ජාතියත් සම්බුද්ධ සාශනයත් ආරක්ෂාකොටගත් කන්ද උඩරට වීර සින්හලයින්ට, 1815න් පසු ඉන්ග්‍රීසීන් විසින් සිදුකොට ඇති, ඔවුන් සමූල ඝාතනය කිරීම, ඔවුන්ගේ ඉඩකඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම, වැනි අපරාධයන් වෙනුවෙන් වන්දි ලබා ගැනීම, ඔවුන්ගේ පාරම්පරික ඉඩකඩම් ඔවුන්ට ආපසු ලබාදීම, හෝ 1951 උඩරට ගැමිකොමිෂමේ නිර්දේෂ හෝ ක්‍රියාත්මක කොට උඩරට සින්හල ජනතාවගේ ඉඩම්, රැකියා, මන්මාවත්,සෞක්‍ය අධ්‍යාපන සහ ආර්ථික ප්‍රස්න විසඳා දීමට ඔවුන් 18 දෙනා අතුරෙන් එක් අයෙකු හෝ කාට හෝ නම්කළ හැකිද?   එසේම සුද්දන් වීසින් 1870 න් පසු ඔවුන්ගේ තේ වතුවල වහල් මෙහෙයට දකුණු ඉන්දියාවෙන් මෙහි ගෙනවිත් 1948 දී සුද්දන් යනවිට මෙහි දමා ගිය වතු දෙමළ ජනයා මේ ජාතියේ පාරම්පරික මාතෲ භූමිය ඉල්ලා ඔවුන් පොරකද්දි, එසේම අපගේම මෝඩ සින්හල දේශපාලකයින් අපේ මව් බිම උන්ට සින්නක්කරකොට  දීමට පිඹුරුපත් සකසද්දී මව්බිමේ සෑබෑ උරුමකරුවන්ට සිදුවීමට යන මහා විනාශය නතර කිරීමට 1988 සිට අද දක්වා එක ආණ්ඩුකාරයෙක් හෝ අබැටක් පමණවත්  උත්සාහයක් කිරීම පසෙක තබා යටත් පිරිසෙයින් මේ ගැන සිහිනෙන්වත් සිතා තිබේද? මා දන්නා තරමි පිළිතුර, කිසිවෙකු කිසිම දෙයක් සිදුකොට නැත

වර්තමා වැඩ භාරගත්තේ 2024 සැප් 26 දාය. ඔහු මට වඩා අවුරුදු 17 කට පසුව පිටවූ කෙනෙක් වුවද පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථිකයෙකූ නිසාද මා දන්නා පසුබිමක කෙනෙක් වූ බැවින්ද  ඔහුට ශුභ පැතීමටත් එසේම මධ්‍යමපලාතේ 1948 සිටම නොවිසඳුණු දැවෙන ජාතික ගැටළු කීපයක් විසඳා ගැනීමට හැකි වේයැයි සිතූ නිසාත් 2024 10.7. වන දින මම ඔහු හමු වුනෙමි.

මධ්‍යම පලාතේ ආණ්ඩුකාර පදවියට මොහු වැනි උගත් කෙනෙකු පත්වීම ගැන මගේ සතුට ප්‍රකශකොට ඔහුට සුභ පතා, 1998 සිට ඒ දක්වා සිටි කිසිම ආණ්ඩුකාරයෙකුගෙන් ඔවුන්ට මිස පලාතටනම් කිසිදු සේවයක් සිදුවි නොමතිබව පෙන්වා දෙමින් කෙටි  අමුණා ඒකාධිපති  පහතින් අමුනා ඇති කෙටි සටහන දී මේ පලාතේ ගැටළු පිපිලිබඳ කතා කිරීඉමට පසුව එන බව පවසා එදින සමුගතිමි.

අනතුරුව පහත සඳහන් ඉල්ලීම් ලිපි 11කින් වරින් වර ලිඛිතව භාර දුනිමි.

එම ලිපිවල ලැයිස්තුව මෙහි පහතින් දක්වමි.

පලමු ලිපිය

To      Prof Sarath Abekon Esqr,

From Dr Sudath Gunasekara. former Secretary to Prime Minister Mrs. Sirimavo Bandarnayaka.

 7.10. 2024.

Hon Governor CP. (1st letter)

Dear Sir,

1.

First of all, this is to welcome you and congratulate you on your appointment as the Governor CP, as a senior citizen living in Hanthana, as you are the ONLY person in my opinion, who is qualified to hold this post, out of all the men and women who were there so far, starting from L.B. Hurulla 1987 to Lalith Gamage 2024. Even though previously there were three of my relations, (LB Hurulla, Monty and Tikiri K.) and also two close friends, a former G.A. Anuradahapura Tudor Dasanayaka and Stanley Thilakerathna former Minster and Speaker, none of them had a comprehensive understanding of the province or the burning problems of its people.

Looking at the overall geographical, strategic, political, historical, socio- economic and cultural importance the central province holds in the country in our national context and the international subversive agenda currently being manipulated within the province, with the all-powerful Indian factor behind it, to destroy the 2500-year-old Sinhala Buddhist civilization in the Kandyan territory, the need to take remedial measures immediately is extremely crucial. The fact that all your predecessors have miserably failed to address these problems in the province, in spite of the fact that, that one of them had enjoyed the benefits of this position for 10 long years, clearly evince their incompetence and the unsuitability to hold this important position. They had only enjoyed the privileges and luxuries of this position created by the 13th Amendment imposed by force on this country by India to destabilize its internal administration and destroy the age-old unitary state and the Sinhala nation.

 Secondly, I want to hand over to you a comprehensive development proposal I have drafted in 1991 to address all key problems of the central hill country, when I was the Executive Director of the HADABIMA Authority, of Sri Lanka, covering the entire Kandyan territory of the Central, Uva and Sabaragamuwa Provinces (although Sab is outside the CP) comprising roughly about 1/3 of the country and also nearly 1/3 of its population, to be handed over to the new President. This proposal, if included in the election manifesto, I can assure you a landslide victory in this region at the Nov 14th General Election. Furthermore, if he implements this proposal he will go down in history as the man who saved this country and the Sinhala nation from its virtual disappearance from the surface of this earth resulting from the devastation currently being done to the hill country by the Indian Tamil Estate labour, with the support of our own vote hunting politicians and the Indian Government .His name will also be recorded in golden letters in Mahawansa as the head of the Sri Lankan state  in 2024 who rescued this country and the Sinhala Buddhist civilization  from a fatal trap set up by the British colonial invaders over a period of 200 years, starting from 1815, to destroy this country and its age-old civilization.

The ongoing environmental devastation at present.

 In addition to the unscientific and haphazard and environmentally destructive  housing projects already completed on steep land in places like Bogawanthalaawa with Indian money (> 4500 ft msl), both Ranil and Sajith had promised to establish mono Tamil villages all over the hill country where there are tea plantations and make these immigrant Indian labourers, the owners of the hill country, that was the homeland of the Kandyan Sinhalese from the inception of history. None of these power-hungry politicians understand the far-reaching effects of this short-sighted action on the destiny of the sons of the soil.  They also have no idea on the importance of preserving the physical stability of the hill country, that determine and dictates the destiny of the entire life system and the civilization of the whole country.

 I have prepared this comprehensive development cum rescue plan in 1991, firstly, to protect the physical stability of the Central Hill country and second, to address all current political and socio-economic issues listed below

As the first step in this mission, I got the entire Central, Uva and the Sabaragamuwa Provinces declared as the Sri Lanka HADABIMA Authority Project area gazette in 1991.

In this proposal, I have identified the central Hill country as the Geographical Heartland (HADABIMA), of this Island nation both morphologically as well as functionally, as it resembles the heart in the body Sri Lanka. This concept paper was designed by me in1991, when I was the Director of the HADABIMA Authority of Sri Lanka, to address the following national issues.

Protecting the Physical stability of the central Hill country to guarantee the perennial flow of its 103 Rivers, that determine and dictate the survival of the entire life system of this Island nation, which in turn sustain the civilization of this country. 26.11.2025.

Finding a permanent solution to the landlessness among the Kandyan peasants who were deprived of their ancestral lands and left destitute by the colonial aggressors and also to find solutions to their socio-economic problems like unemployment, abject poverty and social disparity in the fields of education, housing, health etc. and also to rectify the historical injustices inflicted upon the Kandyan peasants both by the colonial aggressors and those who ruled the country ever since 1948.

 Putting an end to their day dream of a Malayanadu at the center of this land of the Sinhala nation, which India was planning to declare as the 29th State of the Indian subcontinent.

Converting all estate labor duly accepted as Sri Lankan citizens, in to a land-owning dignified Sri Lankans among their Sinhala brothers and sisters in mixed farm settlements of 2 ½ acre mixed farm lots living together and renouncing for good the Indian mentality hitherto they worshiped. 

 The Indian Estate labor problem that had been a cancerous socio-political issue for the past 74 years and thereby closing the door for Indian intervention in our domestic issues under the pretext of looking after the interests of people of Indian origin in Sri Lanka thereafter.

This proposal will also build up a wide protective hoop stretching between 1000-3500 ft msl right round the central hill country that will stand as a sentinel (just like the great wall of China) guarding the nation’s HEARTLAND (HADABIMA) that sustain the entire life system of this country and guaranteeing the survival of its civilization to posterity.

I have been struggling from 1991, to get the government to implement this comprehensive program, as the founder of the HADABIMA Authority of Sri Lanka with a view to realizing all these objectives in addition to alleviating the historical injustices done to the Kandyan peasants by the colonial invaders and subsequently by all those who ran the circus ever since 1948, with zero results

Unfortunately, instead of thanking me for this invention and strengthening my hands to go ahead with this wonderful national mission, as a permanent solution to all the critical issues , which most people thought to be intractable problems, the then government transferred me to the pool and replaced me with mediocre and corrupted political henchmen who did not know the head or tail of  this project,  thus ruining a ‘hen that could have laid golden eggs”, thereby depriving the nation of a unique national project that would have opened up a new chapter in the history of development  and the socio -political saga of this country.

Note This was a UNDP funded Agricultural Project started in 1978 under the name NADSA (National Agricultural Diversification and Settlement Development Project) with 3 main objectives namely, 1.  Watershed management on land above 1000 ft msl. 2. Agricultural Diversification and 3. Settlement Development in the mid country of Sri Lanka to address the landlessness among the Kandyan peasants. It was subsequently discarded, blacklisted, US $ 4.5 m withdrawn and decided to close down by end of 1985 due to political bungling and mismanagement, when I took it over in 1985 April. Having studied its national importance, I was able to renegotiate and convince the FAO of its value as a development project and got them to reopen it in early 1987 and was able to get 12.5 million US$ Food aid package for six years and to give a new lease of life to a dead project. At the end of which, I was able to get the Government Approval for my Master Plan to expand its project area to cover the entire Central Province together with the Sabaragamuwa Province with a potential of settling 250,000 farmer families on 2 ½ acre farm lots in a belt right round the Hill country.

 With my removal again they stopped FAO assistance and withdrew from the Project. Subsequently, violating the 1991 gazette, the then government expanded its activities to far away areas like Hambanthota in the South and Vauniya in the North purely for political expediency.

In the event of your getting the Presidents approval for this Master project, I am prepared to implement it without any remuneration as an honorary mission on behalf of my motherland and the Sinhala nation to pay back, the debt owes to free education.

Foot note

 On your part, it will enable you to enter history as the best Governor ever appointed to the Central Province, ever since it was created in1988, who retrieved the Kandyan peasants of all injustices inflicted upon them by the British invaders as well as the local politicians ever since 1948.

 As for the President, first, this will help the President, to win the forthcoming election by winning over the depressed, neglected and hapless poverty stricken Kandyans and also the sizable number of moderate estate Tamils like Digambaran, Mano Ganeshan and their followers, who will definitely prefer to be 2 ½ acre farmstead owners, and get integrated with the native Sinhala community, rather than to continue as slave labour on tea plantations.

Second, with the completion of this Project he will definitely go down in history, as the only politician who understood the plight of the Kandyans ever since 1948, who lost everything they had in the freedom struggles in 1818 and 1848 against the Western colonial invaders, to protect their cherished motherland  for posterity and also, the first politician who rectified the historical injustices inflicted upon the Kandyans by the British invaders and also neglected by their own politicians for 76 years since 1948.

I shall be thankful to you if you could pl give me an early appointment to discuss the project report already hand it over to you

Looking for an early date. Contact Nos 071 8075326 081 2232744

2.A Master Plan to restore the Physical Stability of the Central Hill Country.

3.An outline of a Propose Master Plan to Develop Meemure

4.Hunnasgiriya-Corbets Gap Road 12.9 25

5.Maha Oya-Heen Ganga -Meemure oya Development KPC Report Project 1953

6. Thangappuwa-Corbet’s Gap Meemure road

7. A Master Plan to Develop the Kandyan areas

8. පොද්දල්ගොඩ -ඔයේකඩේ-වටගල පාර (කිලෝමීටර් 2)

9.Proposal to set up a Memorial Museum of Patriotic Wars of Kandyan Sinhalese 91505-1848) and An International Institute of Post Graduate Research on Colonial Crimes in Sri Lanka at the Old Bogambara Prison.

10. ශ්‍රී ලන්කා හදබිම අධිකාරිය වසාදැමීමේ තීරණය වෙනස්කරන මෙන් 2025.12.16. දින ජනාධිපති තුමාට  මවිසින් යව  ශ්‍රී ලංකා හදබිම අධිකාරිය” ඉරහඳ පවතිනාතුරු මේ රටේ නොවැසියයුතු ඉතා වැදගත් ජාතික ව්‍යාපාරයකි. එය වසා දැමීම මේ රටේ සකළවිධ ජීවි පද්ධතියේ සහ ශිෂ්ඨාචාරයේ අවසානයට මුල පිරීමකි” (ලිපියේ පිටපත)

.මා මෙම ලිපි ලිවීමේදී පාදකකොට ගත්තේ භූගෝලවිද්‍යා උපාධිධාරියෙකු වශයෙන් මධ්‍යම කඳුකරය  පිලිබඳ මගේ විෂය දැනීම සහ පරිපාලන සේවයේ  පළපුරුදු නිළධාරියෙකු මෙන්ම, මධ්‍යම පලාතේ මිනිපේ විදුහල්පති වරයෙකු, උඩදුම්බර ප්‍රාදේසීය ආදායම් පාලක නිළධාරියෙකු,මධ්‍යම පළාතේ ,කුඩා කර්මාන්ත සහකාර අධ්‍යක්ෂ වරයෙකු, වික්ටෝරියා ව්‍යාපාරයේ   ඉඩම් අත්පත්කර ගැනීම්,නගර සහ මාර්ග සැළසුම් කිරීම් සහ ශ්‍රී ලන්කා හදබිම අධිකාරියේ නිර්මාතෲ වශයෙන්, වසර 6ක  අත්දැකීම් ඇතුළුව,   1962 මැයි සිට 1997 ජූලි දකවා 35 වසරක් පුරා, සෞක්‍ය, තාක්ෂනික අධ්‍යාපන අමාත්‍යාන්ශය,  සන්ස්කෘතික අමාත්‍යාන්ශය සහ ගරු අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක  මැතිනියගේ ස්තිර ලේකම් මෙන්ම ශ්‍රී ලන්කා පරිපාලන සේවා සන්ගමයේ (1991-94) සභාපති, ආදී තනතුරු දැරීමෙන් පසු රාජ්‍යසේවයෙන් විශ්‍රාම ලැබීමෙන් ලබාගත්  විෂයානුභද්ධ දැනුම, අත්දැකීම් සහ එදා සිට මේ දක්වා මහනුවර  ප්‍රදේශයේ විවිධ සමාජ සේවා තුලින් මා ලබාගත් සමාඅජ, ආර්ථික සහ දේශපාලන ප්‍රස්න පිලිබඳ,දේශීය මෙන්ම විදේශීය අත්දැකීම් සහ ජනතා ගැටළු පිළිබඳ  මා ලබාගත් ප්‍රත්‍යක්ෂ දැනීමය.

තමන් අධිකාරිය දරණ පලාතේ දියුණුවට මවිසින් නොමිලේ ලබා දීමට සූදානම්වූ මගේ දැනුවෙන් ඔහු කිසිදු ප්‍රයෝජනයක් නොගත්තා පමණක්නොව ඔහුට යැවූ ලිපි 12 න් එකකටහෝ පිළිතුරක් වත් එවාද නැත.ඔහු එම ජාතික ගැටළු විසඳීමටද කිසිම පියවරක්ද ගෙන නැත.

මා වැන්නකුගේ ඉල්ලීම් කෙරෙහි ඔහුගේ ආකළ්පය මෙබඳු නම් සාමාන්‍ය දුප්පත් ගැම්යෙකුගේ දුක්ගැනවිල්ලක් හෝ ඉල්ලීමක් පිළිබඳව ඔහු කෙසේනම් ක්‍රියාකොට ඇත්දැයි දැන් ඕනෑම මෝඩයෙකුට සිතාගත හැක. එපමණක්ද නොව මගේ මේ පොදු අත්දැකීම දිවයිනේ අනෙකුත් පලාත්සභා  ප්‍රදේශවල ජනතාවටද මේ අන්දමින්ම අත්විඳීමට වූවාට කිසිදු සැකයක් නැත.මේ රටේ පලාත්සභා ක්‍රමයට මා ආරම්භයේ සිටම එරෙහිවූයේ මන්දැයි දැන් ඔබට වැටහෙනු ඇතැයි මම සිතමි.

සුද්දා රට පාලනය කළ කාලයේ නම් රජය යටහේ තනතුරු අවභවිතා කළ මෙවැබි පුද්ගලයින්ට එරෙහිව විනයානුකූල පියවර ගෙන ඇත.ජනාධිපති වාර්යා නියම රාජ්‍ය නායකයෙකුනම් මෙම ආණ්ඩුකාරවරයාගේ මෙකී ක්රියා කලාපය පිළිබඳ අනිවාර්‍යෙන්ම පරීක්ෂණයක් පවත්වා ඔහුට සුදුසු දඬුවම් ලබා දිය යුතුය.යටත් පිරිසෙයිම් ඔහු තනතුර දරූ කාල සීම වතුල ලබාගත් වැටුප් සහ වරප්‍රශාද වෙනුවෙන්  වැය වූ මහජන මුදලින් ගෙව ඇති මුදල් හෝ ආපසු ගෙවන මෙන් ඔහුට දැන්විය යුතුය.

 1988 සිට මේ දක්වාම මුළු රටේම ආණ්ඩුකාරයින් අතුරෙන් මා දන්නා තරමින් මේ තනතුරෙන් ලබාගත් වැටුපට හෝ කැඹිරීමක් නැති අය වශයෙන් නම් කළ හැක්කේ උතුරුපලාත් සභාවේ ආණ්ඩුකාරයා වශයෙන් 1993 අගෝස්තු 1994 දක්වා සිටි ශ්‍රී ලන්කා පරිපාලන සේවයේ දීප්තිමත් නිළධාරියෙකු වූ මා මිත්‍ර ලයනල් ප්‍රනාන්දු සහ රාජ්‍යසේවයේ පළපුරුද්දක් නොමැති වුවත් නැගෙනහිර පලාතේ ආණ්ඩුකාරවරිය වශයෙන් 2019 දෙසැම්බර් 4. සිට 2023. මැයි 15 දක්වා සිටි අනුරාධා යහම්පත් යන දෙදෙනා පමණි. ආණ්ඩුකාරයින් වශයෙන් පත්වීම් ලැබූවන් අතර වැඩි දෙනෙක් මානම් දකින්නෙ පාණ්ඩුකාරයින් මෙනි.වඩි දෙනෙක් මැතිවරණ පරාජිතයින්ය. සෙස්සෝ මැති ඇමතින්ගේ නෑදෑයෝය. ඒ අතර පුවත් පත්වල නක්ශාස්ත්‍ර පිටුව භාරව සිටි කාන්තාවක්ද සිටි බව්ඒ මතකය.(මද්‍යම පලාතේ) එසේම අන්ගවිකළ වූවන්ද සීට් බව මගේ මතකයට එයි. 1988 සිට මේ දක්වා ආණ්ඩුකාරයින් වශයෙන් රට පුරා පත්කොට සිටි 150 කට ආසන්න ආණ්ඩුකාර හමුදාවකින් මේ රටට සිදුව ඇති සේවාව පිලිබඳ කිසියම් අදහසක් මින් ඔබට ලබාගත හැකි වේයයි මම සිතමි.

සුද්දා රට පාලනය කරණලද ළද කාලයේ මේ මුලු රටටම හිටියේ එක් ආණ්ඩුකාරයෙක් පමණය. ඔහු සිට්යේත් කොලඹය. ඔවුන් මේ රට හූරාකමින්, ජනතාව මර්ධනය කරමින්, මරමින් උන් බොහෝ දෙනෙකු සිදුකළ විනාශයන් අපමනය. නමුත් ඒ අතර මේ රටට කිසිදාක අමතක නොවන සේවයක් කළ කීපදෙක්දනෙක්ද සිට ඇත. උදාහරණයකට හෙන්රි වෝර්ඩ් නම්කළ හැක. (1855-60). ඔහු තම අධිරාජ්‍යට සේවය කරන අතරම මේ රටේ ප්‍රධාන නගර සියල්ල සම්භන්ධ කොට මහා මාර්ග නිර්මාණය කළේය.එසේම,අදටත් මේ රටපුරා පවතින දුම්රිය මාර්ග සියල්ලම මෙන් නිර්මාණය කලේ  ඔහුය.එපමණක් නොව, ඔහුගේ බිරිඳගේ අදහසක් අනුව රටපුරා ප්‍රධාන මාර්ග දෙපස හිටවු යෝධ මාරාගස් අදටත් විරාජමානව වැජබෙණු ඔබට දැකිය හැකිය.1988 සිට මේ දක්වා එවනි සේවයක් මේ රටට කළ එක ආණ්ඪුකාරයෙකු ඔබ නම කළහොත් ඔබට නෝබෙල් ත්‍යාගය හිමිවනු නොඅනුමානය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress