අමරතුංග මහතා වෙනුවෙන් පඹයන් ඉදිකිරීම
Posted on December 3rd, 2015

නලින් ද සිල්වා

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ක්වොන්ටම් යාන්ත්‍රිකය ගැන ජනප්‍රිය පොතපතට එහා යන පොතක් කියවා නොමැති බව පැහැදිලි ය. ඒ බව උදාහරණ කිහිපයක් පමණක් රැගෙන මම පසුගිය සතියේ ද එයට පෙර සතියේ ද විදූසරෙන් පෙන්වා දුන්නෙමි. දැන් ඒ මහතා නිවැරදි යැයි කීමට කණිටු පාසල් සිසුවකු තරමටවත් වාද කිරීමට තබා යමක් තේරුම් ගැනීමටවත් හැකියාවක් නැති කැනඩාවේ කාර්මික පසලක බටහිර විද්‍යාව උගන්වන බෝධි ධනපාල මහතා මාස කිහිපයකට පසුව නැවතත් කරළියට පැමිණ ඇත. 
ඔහු ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන අසත්‍ය කරුණු කියන්නේ මහාචාර්ය අශෝක අමරතුංග මහතාගේ වැරදි වැසිමට ය. මෙය ධනපාල මහතාට දෙන පිළිතුරක් නොවේ. ධනපාල මහතා මා පඹයන්ට පහර දෙන්නේ යැයි කියමින් අමරතුංග මහතා නොකී කතාවලට පඹ කතා කියයි. කවදත් කොතැනත් තිබුණේ එකම විද්‍යාව යැයි අමරතුංග මහතා නොකී බව කීමට ධනපාල මහතා පඹයකුගේ මාර්ගයෙන් උත්සාහ කළ ද තමා ලිපි බොහොමයක ම ඒ බව කියා ඇති බවත් තම 2014 පෙබරවාරි 19 දින විදුසර ලිපියෙහි මාතෘකාව ම ඒ වූ බවත් අමරතුංග මහතා දන්නවා ඇත. 
අමරතුංග මහතාගේ දැනගැනීම පිණිස මා කිසිවිටෙකත් ෂ්රොඩිංගර් සමීකරණයෙන් අයිගන් අගය ව්‍යුත්පන්න (deduce) කළ හැකි යැයි ප්‍රකාශ කර නැති බව කිව යුතු ය. ආශ්‍රයෙන් ලබාගැනීම යනු ව්‍යුත්පන්න කිරීම නොවේ. ෂ්රොඩින්ජර් සමීකරණය විසින් පූර්වකථනය කෙරෙන්නේ යම් පද්ධතියක ගුණ මැන්න විට ලැබෙන ප්රතිඵල ක්‌වොන්ටීකරණයට (Quantised) භාජන විය හැකි බව” යැයි කීවේ තමා මිස මා නොවන බව ධනපාල මහතා කෙසේ වෙතත් අමරතුංග මහතා දන්නවා ඇත. ක්වොන්ටම් භෞතිකය සම්භාව්‍ය භෞතිකයට සමාන යැයි තමා කියන විට තමා ශූන්‍ය ලක්‍ෂ්‍ය ශක්තියක් ගැන කතා  නොකළ බව ද පඹයන් තනන ධනපාල මහතා කෙසේ වෙතත් අමරතුංග මහතා දන්නවා ඇත. රේඛීය අනුවර්ති දෝලකය ගැන කියමින් ක්වොන්ටම් යාන්ත්‍රිකයෙහි ශක්තියේ අවම අගය (නිශ්ශූන්‍ය) ගැන සඳහන් කෙළේ මා ය. ක්වොන්ටම් භෞතිකය තවමත් අවුලක ඇත. මේ අවුල තේරුම් ගැනීමට ජනප්‍රිය පොත පත සඟරා කියවන අමරතුංග මහතාට 2015 නොවැම්බර් 07 නිව් සයන්ටිස්ට් සඟරාවේ 31-33 පිටු කියවීම නිර්දේශ කරමි.   
අමරතුංග මහතාට ඒ මහතා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට නොහැකි බව ධනපාල මහතා තේරුම් ගෙන සිටීම වැදගත් ය. ඒ කෙසේ වෙතත් ධනපාල මහතා සමග විදුසර පුවත්පත මගින් වාද කිරීමට මා සූදානම් නැත. එයට හේතුවක් වේ. එය පසුව දක්වමි. එහෙත් එයට පෙර ඔහුට ක්වොන්ටම් භෞතිකය ඇතුළු ෙසෙද්ධාන්තික භෞතිකය තේරුම් ගැනීමට තබා සරල සිංහලෙන් ලියූ ප්‍රකාශයක්වත් කියවා තේරුම් ගැනීමට තරම්වත් හැකියාවක් නැති බව එක් උදාහරණයකින් දැක්වීමට කැමැත්තෙමි. (ඇතැම් විට ඔහු විවාදවල දී කරුණු විකෘති කරනවා විය හැකි ය. ප්‍රසිද්ධ වාචික විවාදයක දී නම් ඒ කරුණු එකින් එක ගෙන එවේලේ ම පැහැදිලි කර දිය හැකි ය)
ධනපාල මහතා 2015 නොවැම්බර් 25 වැනි දින විදුසර පුවත්පතෙහි මෙසේ සඳහන් කරයි. අමරතුංග මහතා ක්‌වන්ටම්වාදයේ නිර්මාතෘවරයකු වන ෂ්රඩිංගර් (Schrödinger) ගේ නම සිංහලයෙන් වරදවා දැක්‌වීම ගැන තදින් දොස්‌ කියන නලින් ද සිල්වා ද බ්රෝයි (de Broglie) ගේ නම “ද බ්රූලි” යයි වරදවා ලියූ බව පමණක්‌ නො ව, එම වැරැද්ද පෙන්වා දුන් පසු ද එය පුන පුනා වැරැද්දූ බව ද මෙහි දී මතක්‌ කිරීම සුදුසු ය. අන්තිමේ දී සිල්වා මහතා කිව්වේ ඔහු එසේ ලිව්වේ එංගලන්තයේ ආචාර්යවරයකු (අවුරුදු 40කට පමණ ඉහත දී කිව් දෙයක්‌) අනුකරණය කරමින් බව ය. අවුරුදු 40ක්‌ ම ගිය මුත්, එපමණ කාලයක්‌ විද්යා  ආචාර්යවරයකු ලෙස කටයුතු කළ මුත්, ක්‌වන්ටම්වාදයේ නිර්මාතෘවරයකු වන ද බ්රෝයි ගේ නම උච්චාරණය කිරීමේ තම වරද ඔහු දැන හිටියේ නැත. මෙතැන දී විචාර බුද්ධිය වෙනුවට අවුරුදු සතළිසක්‌ අනුකරණය පාවිච්චි කරන සිල්වා මහතා විද්යා ව පට්‌ට පල් බොරුවක්‌ යෑයි නිතොර ම පවසන්නේ ද සිවලා මිදි පොකුර තිත්ත බව පැවසූ අන්දමින් (තමා ගේ දුර්වලකම් වසාගැනීමට) විය හැකි ය. අමරතුංග මහතා තමා දන්නා අන්දමට අකුරෙන් අකුර උච්චාරණය කරන්නට ගොස්‌ ෂ්රඩින්ගර් ගේ නම වරද්දාගෙන ඇති බව පැහැදිලි ය. ෂ්රඩින්ගර් ගේ නමෙහි ඇති ඹී අක්‌ෂරය ,ඔ, සහ ,අ, එකතුවෙන් යෙදෙන ස්‌වරයක්‌ වේ. මෙය පහසු අන්දමකින් සිංහලයට ගැනීම සුදුසු ය. එහෙත් අමරතුංග මහතා ගේ යෙදුම සුදුසු නැතැයි කිව යුතු ය.”  
මා අමරතුංග මහතාට තදින් තබා කෙසේවත් දොස් කීවේ දැයි පාඨකයාට ම විනිශ්චය කිරීම සඳහා අදාළ පාඨය 2015 නොවැම්බර් 18 වැනි දා විදුසර මගේ ලිපියෙන් උපුටා දක්වමි. ඒ  මහතා (අමරතුංග මහතා) ෂ්රොඩිංගර් යන්න ලියන්නේ ස්ක්‍රොඩිංජර් ලෙස ය. ඒ රෝම අකාරදීය යොදා ගනිමින් ෂ්රොඩිංගර් (Schrodinger)  යන්න ලියන ආකාරය සිංහලෙන් ප්‍රකාශ කරමින් ලබාගන්නකි. එසේ සිංහලෙන් ලිවීම (උච්චාරණය) පිළිබඳ ව මම ඒ මහතාට දොස් නො කියමි. එහෙත් ඒ මහතා ෂ්රොඩිංගර් සමීකරණය පිළිබඳ ව ගුරුවරයකුගෙන් අසා දැන නොගත් බවත් තමන් වැනි ම අය හෑර වෙනත් කිසිවකු සමග ඒ පිළිබඳ සාකච්ඡා කර නොමැති බවත් එයින් පැහැදිලි වෙයි. මෙරට විශ්වවිද්‍යාලවල විද්‍යා පීඨවල කිසිවකු ෂ්රොඩිංගර් යන්න ස්ක්‍රොඩිංජර් ලෙස උච්චාරණය කරනු මා අසා නැත. ඔවුහු ඇතැම්විට ෂ්රූඩිංගර් ලෙස නම් එය උච්චාරණය කරති.” මට අවශ්‍ය වූයේ අමරතුංග මහතා ෂ්රොඩිංගර් යන්න ගුරුවරයකුගෙන් අසා නැති බව පෙන්වා දීමට ය. ඔහු ජනප්‍රිය පොතපත කියවා ක්වොන්ටම් යාන්ත්‍රිකය ගැන ද දැනගනියි”. 
මා ද බෘලි ගැන අසා දැනගත්තේ මගේ ගුරුවරුන්ගෙනි. මා ඒ බව දැනගත්තේ එංගලන්තයේ ගුරුවරුන්ගෙන් යැයි මා කොහේවත් කියා නැත. මට ලංකාවේ පාසලේ ද විශ්වවිද්‍යාලයේ ද එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ ද භෞතික විද්‍යාව ඉගැන්වූ ගුරුවරු සිටියහ. ඒ පිළිබඳ මා කියා ඇති දේ ද පහත දැක්වෙයි. එබැවින් ඒ නැවතත් කීම අනවශ්‍ය ය. මා ධනපාල මහතා සමග විදුසර පුවත්පතේ පමණක් නොව කිසිම පුවත්පතක, වෙබ් අඩවියක, ඉ – ලිපි සංසදයක වාද නොකරන්නේ ඔහු මා සමග වාචික ප්‍රසිද්ධ වාදයකට එකඟ වී ඉන් පළා ගිය බැවිනි. දැනට මාස කිහිපයකට පෙර ධනපාල මහතා සමග විදුසර පුවත්පතෙහි හා වෙනත් සංසදවල මා පැවැත්වූ වාදයක දී ඒ මහතාට මේ සියල්ල සාකච්ඡා කිරීම සඳහා වාදයකට ලංකාවට පැමිණෙන ලෙසට මම ආරාධනය කෙළෙමි. ඒ සඳහා ගුවන් ගමන් බලපත්‍රයේ වටිනාකම ද මා දැරීමට සූදානම් බව පැවසීමි. ඔහු කියා සිටියේ ඒ මුදල ධර්මවිජය පදනමට බැරකරන ලෙස ය. මම එයට ද එකඟ වීමි. එහෙත් ඔහු බොරු කතා කියා විවාදයෙන් පැන ගියේ ය. ඔහු ලංකාවට පැමිණෙන්නේ නම් පමණක් මම ඔහු සමග ප්‍රසිද්ධ විවාදයකට එළඹීමට කැමැත්තෙමි. ඒ හැරෙන්නට ඔහු සමග වෙනත් වාද විවාද කතිකාවත්වලට මා සූදානම් නැත. පාඨකයාගේ දැනගැනීම සඳහා විිදුසර පුවත්පතේ මා පළකළ ලිපිවලින් අදාළ පාඨ උපුටා දක්වමි. 
2015 ජූනි 17 වැනි දා විදුසරෙහි මම මෙසේ සඳහන් කෙළෙමි. ඔහුට අනුව මා අනුකාරකයෙකි.  ඒ සඳහා ඔහු උදාහරණයට (එක ම උදාහරණය!) ගන්නේ ම ජිම් බැගට්ගේ පොතෙන් දත්තයක් දෙකක් ලබාගැනීම ය. එක්කෝ ඔහු අනුකාරකයා යන්නෙහි තේරුම නො දනියි. නැත්නම් වුවමනාවෙන් කරුණු විකෘති කරයි. අනුකරණය යනු යමක් සංශෝධනය නොකර, තම සංස්කෘතියට අවශෝෂණය නොකර මුල් කෘතිය (වස්තුව, දැනුම, මතවාදය) ඒ ආකාරයෙන් ම ලබා ගැනීම ය. ග්‍රෙගරි යන්න සුද්දන් උච්චාරණය කරන අයුරින් ම උච්චාරණය කිරීම අනුකරණයකි. අනුකාරකයන් නොවූ ගැමියෝ ඒ ගිරිගෝරිස් කර ගත්හ. මෑතක් වන තුරුම කොළඹ ගිරිගොරිස් නමින් පාරක් විය. ද බෘලි යන්න ද එසේ ම ය. එය ප්‍රංශ කාරයන් කෙසේ උච්චාරණය කළත් අපට එය ද බෘලි වෙයි. 
මම බැගට්ගෙන් මතවාදයක්, ප්‍රවාදයක් ලබා නො ගත්තෙමි. මා කියා ඇත්තේ 1927 දී ඔහු මතවාදයක් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කළ බව ය. එය මට වැදගත් වූයේ ෂ්රොඩිංගර් (මේ නම ජර්මානුවන් උච්චාරණය කරන්නේ කෙසේ දැයි නො දනිමි. මට ඒ නම ඇසී ඇත්තේ ෂ්රොඩිංගර් හෝ ෂ්රූඩිංගර් හෝ ආකාරයට ය.)   ඒ සභාවේ සිටි නිසා ය. ඔහුගේ නමින් ඇති සම්කරණයට මුල් බීජය වූයේ ද බෘලි එදා කළ දේශනය ය. කෙසේ වෙතත් ඒ දත්තය, එනම් 1927 දී ඒ ප්‍රසිද්ධ දේශනය කළ බව මා දැනගත්තේ බැගට්ගේ පොතෙනි. එය අනුකරණයක් නොව දත්තයක් ලබාගැනීමක් පමණකි. අනුකරණය යනු කුමක් දැයි නොදන්නා බෝධි ධනපාල මහතාට අනුව නම් ඒ අනුකරණයකි.” 
ධනපාල මහතා සමග ගනු දෙනු කල ඉ-ලිපිවල (දින වකවානු සහිත ව) ද සඳහන් කරුණු ගැන ද කියමින් මම 2015 ජූලි 08 වැනි දා විදුසරෙන් මෙසේ ප්‍රතිචාර දැක්වීමි. පසුගිය සතියේ මා සඳහන් කර සිටියේ ධනපාල මහතා මා සමග ප්‍රසිද්ධ වාදයකට එළඹීම සඳහා ලංකාවට පැමිණීමට කරන ලද ආරාධනය පිළිගෙන ඇති බව ය. මම ඔහුට ඒ පිළිබඳ ව ස්තුතිවන්ත වීමි. එහෙත් ඉන් දින කිහිපයකට පසුව ඔහු අමරතුංග මහතා මෙන් ම ප්‍රසිද්ධ විවාදයෙන් පළා ගියේ ය. මා ඔහුට යවන ලද විද්‍යුත් ලිපිය මෙහි දී ඉදිරිපත් කරන්නේ මේ විද්වතුන්ගේ තරම දැනගැනීම සඳහා ය. 
බෝධි ධනපාල මහතා 2015 ජූනි 29 වැනි දා එවූ විද්යුැත් ලිපිය මෙසේ ය. I will come to Sri Lanka after the elections and if possible privately meet Dr. de Silva; there will be no debate as the terms of the debate were changed by Dr. Silva who added the word “abstract” before the word “gravitational”. Furthermore, if we cannot even agree on the date of the Schrodinger equation (well established date), and the Solvay conference (well established date), what is there to debate?”
 
දින පහක පමණ ප්රමාදයකින් පසුව වුව ද එයට ඉතා කෙටි ප්රඑතිචාරයක් (සාකච්ඡාවක් නො වේ) දැක්විය යුතු ය. එහි කරුණු තුනක් සඳහන් වෙයි. 
(1) ඔහු මැතිවරණයෙන් පසු ලංකාවට පැමිණෙන බවත් හැකි නම් මා පෞද්ගලික ව මුණ ගැසෙන බවත් කියයි.
මට ඔහු පෞද්ගලික ව මුණ ගැසීමේ අවශ්ය තාවක් නැති බව දන්වනු කැමැත්තෙමි. මේ විවාදය ලංකාවේ කෙරෙන ප්රදසිද්ධ විවාදයක් ලෙස පැවැත්වීම මගේ අවශ්ය්තාව විය. විද්යුසත් ලිපි මගින් පැවැත්වූ විවාදය ගැන කියමින් ඒ බව මා මෙසේ පවසා ඇත. 
මේ විවාදය සතපහක් වටින විවාදයක් නොවන්නේ එයින් ලංකාවට කිසිම බලපෑමක් නොවන බව ය. එහෙත් ඒ ලංකාවේ දී කෙරෙන ප්රිසිද්ධ විවාදයක් බවට පත්වූ විට මට බටහිර විද්යාවව පට්ටපල් බොරු බව තවත් විශාල පිරිසකට තේරුම් කර දීමට හැකි වනු ඇත. (2015 ජූනි 24)
පෞද්ගලික මුණ ගැසීම් මගින් සතපහක බලපෑමක් ලංකාවට නො සිදු වෙයි.
(2) මා ගුරුත්වාකර්ෂණ යන වචනයට පෙර වියුක්ත යන වචනය එකතු කිරීමෙන් විවාදයේ කොන්දේසි බිඳ දමා ඇත. එබැවින් විවාදය නො පැවැත්වෙයි. 
මා විවාදය යෝජනා කෙළේ 2015 ජූනි 22 වැනි දා ය. ම ජූනි 24 වැනි දා ද වියුක්ත ගුරුත්වාකර්ෂණය යන්න සඳහන් කර ඇත. මා නාථ දෙවියන් පෙන්වන්නේ ධනපාල මහතා හෝ වෙනත් කවරකු හෝ වියුක්ත ගුරුත්වාකර්ෂණ බලය (ක්ෂෙත්රය) මට පෙන්වන්නේ නම් පමණක් බව මා කියා ඇත. මම පොරොන්දු කඩ නො කරමි.” 
ධනපාල මහතා ජූනි 29 දින තෙක් එයට විරුද්ධ නො වී ය. මා ජූනි 22 වැනි දාට පසු එහි වෙනසක් කර නැත. මම කොන්දේසියක් කඩ නො කෙළෙමි. ධනපාල මහතාගේ දැනගැනීම පිණිස කිවයුත්තේ විවාදය යෝජනා කිරීමට පෙර දින ද ජූනි 21 වැනි දා මා වියුක්ත ගුරුත්වාකර්ෂණය යන්න යොදා ගෙන ඇති බව ය. 
එහෙත් ගුරුත්වාකර්ෂණය පංචෙන්ද්රිකය ගෝචරව දැනගත් අයකු නැත. එය සූචක කියවීමකින් (පොයින්ටර් රීඩින් pointer reading) වෙනස් ය. සූචක කියවීමකට ගුරුත්වාකර්ෂණය හසු නො වේ. වියුක්ත (ඇබ්ස්ට්රැක්ට් abstract) ගුරුත්වාකර්ෂණය යොදා ගැනීමෙන් ලබාගන්නා වියුක්ත නිගමන තර්ක විරෝධී ව සංයුක්ත (කොන්ක්රීට් concrete) නිදර්ශන සමග සංසන්දනය කිරීම ගුරුත්වාකර්ෂණය සූචක කියවීමකට හසුකර ගැනීමක් නො වේ.” 
වියුක්ත යන්න එකතු කිරීම නිසා විවාදය නැතැයි කීම විශ්වාසනීය නොවූ හේතුවක් පමණකි. 
(3) දින ගැන එකඟත්වයකට පැමිණිය නොහැකි නම් විවාදයක් කිරීමට ඇත්තේ කුමකට ද?
විවාදයක් පැවතිය යුත්තේ ඒ දින සම්බන්ධයෙන් ද බව කිව යුතු ය. ජූනි 26 වැනි දින මම මෙසේ සඳහන් කෙළෙමි. අපට මේ සියල්ල ලංකාවේ දී සාකච්ඡා කළ හැකි ය. ඔබේ බුද්ධිමය වංචනිකබව හෝ සුවිශේෂත්වය හෝ ලංකාවේ දී ප්රාදර්ශනය කළ හැකි ය. කරුණාකර ඔබ ලංකාවට පැමිණෙන දිනය පමණක් දන්වන්න. මේ කරුණු පිළිබඳ ව ඔබ සමග මින් ඉදිරියට සාකච්ඡා කෙරෙනුයේ ලංකවේ දී පමණක් බව මා දන්වා ඇත.”         
නලින් ද සිල්වා
2015 නොවැම්බර් 30

 

One Response to “අමරතුංග මහතා වෙනුවෙන් පඹයන් ඉදිකිරීම”

  1. AnuD Says:

    Very soon they or already sent a Satellite which could detect gravity waves as einstein predicted.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress