ආගමේ නාමයෙන් කෙරෙන ශබ්ද දූෂණය
Posted on December 10th, 2015

වෛද් රුවන් එම් ජයතුංග 

නිහඞතාව අගය කළ

බුදුන්ට මුනින්දා කීමුත්

ඒ අගය කළ නිහඞතාව

මේඝයක් සේ සිඳ බිඳ දමමින්

නිහඞතායේ මියුරුහඞ පරයා

ශබ්ද දූෂණය උපරිම කළ

යකඩ කටින් එන පිරිත් හඞ

පන්සල් භූමියටත් එහා ගිගුම් දෙයි

පහන් සංවේගය මොට කරමින්

agama

ආගම තරඟයක් වූ කාලයක

යහපත් ධර්ම මාර්ගය නොව​

ආගමික ආධිපත්‍ය වැදගත් වූ යුගයක

උදේ සවස යකඩ කටින්

අල්ලහු අක්බාර් කියන

කටෝ‍ර හඞට තරඟයක් දීම​ට

නිහඞතායේ මියුරුහඞ යටපත් කොට

යකඩ කටින් දෙසවන් පුපුරන්න​ට

ගලා යයි සෙත් පිරිත් පද වැල්

හුදී ජනයන්ගේ මෙලොව

පරලොව වැඩ පිණිස​

 

වෛද් රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress