ගිවිසුම අවලංගු කළොත් රජය ඇවන්ගාඩ් සමාගමට ඩොලර් මිලියන 40,000 ක්‌ ගෙවිය යුතුයි – ඇවන්ගාඩ් හිටපු වාණිජ්‍ය නෞකා කළමනාකරු
Posted on December 15th, 2015

ජයසූරිය උඩුකුඹුර උපුටා ගැන්ම දිවයින
ඇවන්ගාඩ් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව හා ව්‍යාපාරික කටයුතු නාවික හමුදාවට බාර දී ඇතත් රජය හා ඇවන්ගාඩ් සමාගම අතර ඇති ගිවිසුම අවලංගු කර නැති බවත් එම ගිවිසුම ඒකපාර්ශ්වීයව අවලංගු කරන්නේ නම් රජය ඇවන්ගාඩ් සමාගමට ඩොලර් මිලියන 40,000 ක්‌ ගෙවිය යුතු බව එම සමාගමේ හිටපු වාණිජ්‍ය නෞකා මෙහෙයුම් ජ්‍යෙෂ්ඨ කළමනාකරු විශ්‍රාමික ලුතිනන් කර්නල් නිලන්ත ජයවීර මහතා සඳහන් කළේය.

“දිවයින” කළ විමසුමකට පිළිතුරු දෙමින් හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

ඇවන්ගාඩ් සමාගම රජය සමග ගිවිසුම් අත්සන් කරලා දෙපාර්ශ්වයටම එකඟ වී තිබෙනවා. යම් පාර්ශ්වයක්‌ තනි තීරණයකට එයින් ඉවත් වනවා නම් ඒ අය අනෙක්‌ පාර්ශ්වයට රුපියල් මිලියන 40,000 ක්‌ ගෙවන්න ඕනේ. අපි ගිවිසුම ප්‍රකාරව කටයුතු කළත් රජය ඒ ගිවිසුම කඩ කරලා තියෙනවා. නමුත් ඒ ගිවිසුම අහෝසි කරන්න රජය පියවර අරගෙන නෑ.

නාවික හමුදාවට මෙම සමාගමේ කටයුතු පවරලා පෙරේදාට (14දා) මාසයක්‌ ගත වෙනවා. මේ නිසා 6754 ක ගේ රැකියා අහිමි වෙලා. ඒ වාගේම සෘජු හා වක්‍ර ආදායම් බොහොමයක්‌ නැවතිලා. මේ නිසා විශාල පිරිසක්‌ අසරණ තත්ත්වයට පත් වෙලා.

3 Responses to “ගිවිසුම අවලංගු කළොත් රජය ඇවන්ගාඩ් සමාගමට ඩොලර් මිලියන 40,000 ක්‌ ගෙවිය යුතුයි – ඇවන්ගාඩ් හිටපු වාණිජ්‍ය නෞකා කළමනාකරු”

  1. Nanda Says:

    How much Avant Garde supposed to pay if they breached the agreement ? Same amount ?
    Which insurance will cover them then and which government accept such insurance ?

    $40 billion ? That is 2/3 of Sri Lanka’s GDP.
    We can build 100 modern 40 storey buildings or 10 x Australia’s biggest project cost.

    What kind of government in this world would sign such an agreement ? For what benefit ? Even if they pay benefits of $4 billion a year such a contract is challengeable in any court. It is like signing a marriage contract with both parties agreeing to commit suicide if agreement is broken.

  2. Kumari Says:

    Are the figures in US Dollars or SL Rupees?

    This government is famous for breaching all the good contracts run by SL. They will pay any amount to destroy the good name of Sri Lankan Businesses. It is only the white masters who can do anything worthwhile, not the brown skinned Sri Lankans. That is why they agreed to hand over the only Terrorist winning force of the world to the whites.

  3. Nanda Says:

    Indian rupees 240 billions = US $ 3.6 billion. Avant Guard can build 10 such bridge + tunnels with this money !

    ඉන්දියාව-ලංකාව යා කිරීම කඩිනම් කෙරේ.. මුහුද උඩින් පාලමක්.. යටින් උමං මඟක්..

    December 17, 2015 at 1:20 pm | lanka C news

    ඉන්දියාව-ලංකාව යා කිරීම කඩිනම් කෙරේ.. මුහුද උඩින් පාලමක්.. යටින් උමං මඟක්..
    ඉන්දියාවේ රාමේෂ්වරම් හා ශ‍්‍රි ලංකාවේ තලෙයිමන්නරම යා කරමින් පාලමක් සහ උමං මාර්ගයක් ඉදිකිරීම සඳහා සියළු කටයතු සූදානම් බව ඉන්දීය ප්‍රවාහන ඇමති නිතින් ගද්කරී ඉන්දීය ලොක් සභාව අමතමින් කියා සිටියේය.

    මේ සම්බන්ධයෙන් පසුගියදා දෙරටේ අගමැතිවරුන් හමුවූ අවස්ථාවලදී සාකච්ඡා කර ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව ව්‍යාපෘතියට පූර්ණ මූල්‍ය දායකත්වය දෙනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    ඉන්දීය රුපියල් බිලියන 240ක වියදමක් ඇස්තමේන්තු කර ඇති මෙම මාර්ගයේ දිග කිලෝමීටර් 22කි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress