ආයෙත් සාම තෙල්කාරයන්ගේ මැදිහත්වීම්
Posted on December 17th, 2015

දිවයින කතුවැකිය

නව ව්යවස්ථාවක්පිළිබඳව මේ වන විට රටේ විශාල කතාබහක්ඇතිවී තිබේ. අතරම නව ව්යවස්ථාව සඳහා නෝර්වේ රාජ්යයේ මැදිහත්වීමක්සිදුකිරීමට නියමිත බවක් කියෑවේ. එවැන්නක්සිදුවන්නට නියමිත නම් එය පුදුමයට කාරණයක් නොවේ. තවමත් බෙදුම්වාදී බළලුන් බුරුතු පිටින් මලුවලින් එළියට පනින තත්ත්වයක්තුළ නෝර්වේ නොව තවත් රටවල් එකතුවී අපට නව ව්යවස්ථාවක්සම්පාදනය කර එවීමට සූදානම් වුවද පුදුම විය යුතු නැත.

පසුගිය අගෝස්තු මාසයේ මැතිවරණයට දින කිහිපයක්ඉතිරිව තිබියදී උතුරු පළාත් අධ්යාපන ඇමැති ටී. කුලරාජා කියා තිබුණේ දෙමළ ජනතාව වෙනුවෙන් උතුරේ වෙනම රාජ්යයක්පිහිටුවීම යුගයේ අවශ්යතාවක්කරුණක්වී ඇති බවය. ඉදිරි පරම්පරාව වෙනුවෙන් උතුර ආරක්ෂා කළ යුතු බවත් එය කළහැක්කේ වෙනම රාජ්යයක්බිහිකරමින් බවත් කුලරාජා කියා තිබේ.

මේ කුලරාජාගේ පෞද්ගලික මතය නොවේ. අද වන විට බටහිර රටක මැදිහත්වීම මත මේ කූඨ ලෙස ක්රියාත්මක කරන්නට යන්නේ එම මතයයි.

කුරිරු ත්රස්තවාදය පැතිර ගොස්තිබූ වකවානුවේ නෝර්වේ පමණක්නොව තවත් බොහෝ රටවල්සාම මැදිහත්කරුවන් ලෙස පෙනී සිටිමින් මෙරටට පැමිණ කළේ කවරක් යන්න රටේ තණකොළ නොකෑ සියලු දෙනාටම අමුතුවෙන් සිහිපත් කළ යුතු නැත. එවකටද මෙරට දේශප්රේaමී ජනතාව සහ බොහෝ සිවිල් සංවිධාන ශ්රී ලංකාවේ තුවාලය සනීප කරන්නට පැමිණෙමින් සිටි සාම තෙල් බෙහෙත්කාරයන්ට විරෝධය පෑවේ එවක රජය සඳහා පූර්ණව කැපව සිටි මොහොතකය. බටහිර රටවල් සියල්ල එකතුවී මෙරට බෙදුම්වාදය පෝෂණය කරන්නටත්, එල්.ටී.ටී.. යේ වෙනම රාජ්යයක්සිහිනය සැබෑ කරන්නටත් කටයුතු කළේඅපේමඋදවියගේ සහයෙන් බවද කිව යුතුය. නෝර්වේ ඇතුළු බටහිර රටවල් අර්බුද මතුව ඇති වෙනත් රටවලදී කළ මැදිහත්වීම් රටවල විනාශයටත්, රටවල් බෙදී වෙන්වන්aaනටත් හේතුවූවා මිස යහපතක්නම් සිදු නොවූ බවඅපේ උදවියහොඳින්ම දැන සිටි කාරණයකි. දැන උගත්මහත්වරු දැන දැනම රට අනතුරේ හෙළන්නට කටයුතු කළේ පටු පරමාර්ථ මුල් කර ගනිමිනි. 

2005

න් පසු මේ ජඩ උත්සාහයන් කුණු කූඩයට දැමුණේ කිසිදු බටහිර රටක මැදිහත්වීමකින් තොරව ත්රස්තවාදය මුලිනුපුටා දැමීමට එවක රජය සමත්වීමත් සමගය. යුද්ධය අවසන් වුවත් බෙදුම්වාදය සඳහාවූ උත්සාහය අත්aනොහැරී ඇති බව පෙනෙන්නට ඇත්තේ ව්යවස්ථාව හරහා හෝ ඊට මැදිහත්වීමට බටහිර රටවල් උත්සාහ ගන්නා බව පෙනෙන්නට ඇති නිසාය. අපට පෙනෙන්නට ඇති කාරණය නම් මේ සිදුකරන්නට යන්නේ බෙදුම්වාදී නියෝජිතයන්ගේ මැදිහත්වීමක්රටේ ව්යවස්ථාවේ සහ රාජ් ව්qහයේ ඒකීයභාවය හැලීම වෙනුවෙන් පෙළගැසීමය. හදිසියේ අපේ රටේ ව්යවස්ථාවක්සකස්කිරීම වෙනුවෙන් විදෙස්මැදිහත්වීමක්සිදුවන්නේ නම් ඇයිදැයි යන සැකය මතුවේ. මේ දිය කොරහේ කිඹුලන් දැකීමක්නොවේ.

විදෙස්මැදිහත්වීම් වෙනුවෙන් මෙන්ම උතුර නැගෙනහිර නැවත ඒකාබද්ධ කිරීම වෙනුවෙන්ද ටී.එන්.. ඩයස්පෝරා ඉල්ලීම් ගලා එන්නේ අදාළ මාර්ග සිතියම වෙනුවෙන් බව තේරුම් ගැනීමට අපහසු නැත. බෙදුම්වාදයට ඉඩ ලැබෙන පරිදි 1987 දී උතුර නැගෙනහිර ඒකාබද්ධ කරන ලද නමුත් එදා ජනතා විමුක්ති පෙරමුණ විසින් පවරන ලද නඩුවකට අනුව 2006 ඔක්තෝබර් 16 අධිකරණය ඓතිහාසික තීන්දුවක්දෙමින් උතුර නැගෙනහිර දෙපළාත වෙන්කරන ලදී. ජාත්යන්තරයත්, බෙදුම්වාදයට උඩගෙඩි දෙන උදවියත් මුට්ටිය දමා බැලීමේ සෙල්ලම් එමටය. ජාත්යන්තර කුමන්ත්රණ ගැන කියන උදවියට සමච්චලයෙන් සිනාසෙන දැන උගත් මහත්වරුන්ට මේඇත්තතේරෙන විට පෙරහැර ගොස්අලිබෙටිද ඉවත් කර අවසන්ව තිබෙන්නට පුළුවන් බව පමණක්සිහිපත් කර සිටිමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress