අන්තවාදය බිළිගත් උ-නැගෙනහිර අක්‌කර දහසය දහසක්‌…
Posted on December 19th, 2015

ජගත් කණහැරආරච්චි උපුටා ගැන්ම දිවයින

තිස්‌ වසරක යුද්ධය හේතුවෙන් රැකුණු උතුරු – නැගෙනහිර වනාන්තර යුද්ධය නිමාවීමෙන් පසු බරපතල විනාශයකට ගොදුරු වී ඇත. යුද්ධය ” හොඳ” යෑයි ඉන් අදහස්‌ නොකළත්, වනාන්තර සංරක්‍ෂණයට යුද්ධයෙන් සිදු වූ සේවාව අවතක්‌සේරු කළ හැකි නොවේ. වර්තමානයේ මන්නාරම, වව්නියාව, මුලතිව්, අම්පාර සහ මඩකලපුව දිස්‌ත්‍රික්‌ක ප්‍රධාන ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කවලටද අඩු වැඩි වශයෙන් එහෙත් මධ්‍ය හා මහා පරිමාණ වශයෙන් වන විනාශය සිදු කෙරේ.

මෙම වනාන්තර බහුතරය වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු රක්‍ෂිත වනාන්තරය. ශ්‍රී ලංකාවේ වනගහනයෙන් 14% ක්‌ පාලනය කරන වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු 80% ක්‌ පමණ වනාන්තර පිහිටා ඇත්තේ උතුරු නැගෙනහිර දෙපළාතේය. මෙම වනගහනයේ බහුතරය අද විනාශයේ මාවතට ඇදවැටී ඇත.

මෙම උතුරු නැගෙනහිර වන විනාශයේ සුප්‍රකටම වනාන්තර විනාශය විල්පත්තු උතුර, මරිච්චකඩ්ඩු කරඩික්‌කුලි කල්ආරු ඔයේ ජල පෝෂක වනාන්තර විනාශයයි. පසුගිය රජය මගින් එහි අක්‌කර 2500 ක්‌ නිල වශයෙන්ම නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා යෑයි පවසමින් නැවත පදිංචි කිරීමේ (එවක) ඇමැතිවරයා වූ රිෂාඩ් බදියුදීන් මහතා විසින් ලබා ගන්නා ලද්දේ නැවත පදිංචි කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකාය සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ එකමුතුවෙනි. මේ පිළිබඳව අප අවස්‌ථා ගණනාවක්‌ම අනාවරණය කර ඇති අතර පරිසර හා සිවිල් සංවිධාන රැසක (ජනතා) විරෝධතා ඇති කළත් තවමත් මේ විනාශයේ අඩුවක්‌ නැත. ඊට යාව මොල්ලිකුලම නාවික හමුදා කඳවුර පිහිටි ප්‍රදේශයේ තවත් අක්‌කර 650 ක්‌ පමණ පවරා ගැනීමට දැන් පිඹුරුපත් සැකසෙමින් පවතී.

තත්ත්වය මෙසේ තිබියදී පෙර දැක්‌වූ පරිදි වව්නියාව, මුලතිව්, මන්නාරම හා අම්පාර දිස්‌ත්‍රික්‌කවල වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ආරක්‍ෂිත ප්‍රදේශ 17 ක වනාන්තර අක්‌කර 16500 ක්‌ පමණ එළි පෙහෙළි කරමින් අලුතින් ජනාවාස පිහිටුවීම හා වගා බිම් ව්‍යාප්ත කිරීම නීති විරෝධී ලෙස සිදු කෙරෙමින් පවතින බව තමන් විසින් කරන ලද අධ්‍යයනවලදී හෙළි වූ බව පරිසර සංරක්‍ෂණ භාරයේ අධ්‍යක්‍ෂ සජීව චාමිකර මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කරන්නේ පසුගිය රජය සමයේදී ආරම්භ කළ මෙම වනාන්තර විනාශය මෙම රජය යටතේද තවදුරටත් සිදු වෙමින් පවතින බවයි.

තමන්ගේ අධ්‍යයන අනුව නීති විරෝධීව විනාශ කරන රක්‍ෂිත අතර මරිච්චකඩ්ඩි කරඩික්‌කුලි වන රක්‍ෂිතය (මන්නාරම) කරුන්කාලිපුරම් වන රක්‍ෂිතය (වව්නියාව), මඩුපාර වන රක්‍ෂිතය පුවරසන්කුලම් වන රක්‍ෂිතය කුලාමරිප්පු වන රක්‍ෂිතය නාගන්මෝලෙයි වන රක්‍ෂිතය ඉර සෙන්තිරම් කුලම් වන රක්‍ෂිතය වඩකාඩු වනාන්තරය කාතේනිකුලම් වනාන්තරය පෙරිය මඩු වනාන්තරය ඔඩ්ඩුසුඩාන් වනාන්තරය මුහුදු බඩ පත්තු වනාන්තරය කරඩික්‌කුලි රජයේ කැලෑව (මන්නාරම) සාලම්බයිකුලම් වනාන්තරය සහ සුදුවෙත්තකුලම් වනාන්තරය යන රක්‍ෂිත හා රජයේ වනාන්තර පවතින බව පරිසර සංරක්‍ෂණ භාරය පවසයි. මෙම වනාන්තර හෙළි පෙහෙළි කර ජනවාස පිහිටු වීම සිදු කෙරෙමින් පවතින බවත්, මීට අමතරව කුඹුක්‌කන වන රක්‍ෂිතය හා බක්‌මිටියාව, තිඹිරිගොල්ල වන රක්‍ෂිතය එළි පෙහෙළි කරමින් වගා බිම් ව්‍යාප්ත කිරීමද සිදු කෙරෙමින් පවතින බව ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.

වර්තමානයේදී වව්නියාව මුලතිව් හා මන්නාරම දිස්‌ත්‍රික්‌ක තුනේ වන රක්‍ෂිත හයකට හා රජයේ වනාන්තර බිම් අටකට අයත් වනාන්තර අක්‌කර 10438 ක්‌ එළි පෙහෙළි කරමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සෘජු මෙහෙයවීම මත අලුතින් ජනාවාස පිහිටු වීම සිදු කරන බවද පරිසරවේදී සජීව චාමිකර මහතා පවසයි. මේ අතර විල්පත්තු උතුරු මරිච්චකඩ්ඩි, කරඩික්‌කුලි වන විනාශයද වේ.

වව්නියාව දිස්‌ත්‍රික්‌කයේ සෙට්‌ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඉරසෙන්තිරම්කුලම් වන රක්‍ෂිතයේ අක්‌කර 100 ක්‌, කරුන්කාලිපුරම් රක්‍ෂිතයේ අක්‌කර 5000 ක්‌ ආදී වශයෙන් වනාන්තර විනාශයක්‌ සිදුවන බවද පවසන පරිසර සංරක්‍ෂණ භාරය වැඩිදුරටත් කියා සිටින්නේ පසුගිය රජය පැවැති කාල සීමාව තුළ හා දින සියයේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වූ කාල වකවානුව තුළ මෙම නීති විරෝධී වනාන්තර විනාශය හා අලුතින් ජනාවාස පිහිටුවීම පිළිබඳව පරිසරවේදීන්, ජනමාධ්‍ය කොතෙකුත් රජයේ අවධානය යොමු කෙරුවද ඒ පිළිබඳව කිසිදු ක්‍රියා මාර්ගයක්‌ නොගෙන තවදුරටත් යහපාලන රජය තුළ හිඳ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා තමන්ට රිසියේ වනාන්තර එළි කරමින් අලුතින් ජනාවාස පිහිටුවීම අඛණ්‌ඩව සිදු කරන බවයි.

රජය මීට ක්‍රියා මාර්ග නොගැනීම මත මෙම වන විනාශය හා ජනපද පිහිටුවීම ජාතිවාදී ගැටලුවක්‌ බවට පත් වෙමින් පවතින බවද පවසන සජීව චාමිකර මහතා පෙන්වා දෙන්නේ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ යෑයි කියන ආධාරකරුවන් විසින් මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ මඩු වන රක්‍ෂිතයේ කොන්ඩියා කුප්පම් ප්‍රදේශයේ අක්‌කර 600 ක්‌ එළි පෙහෙළි කරමින් අලුතින් ජනාවාය පිහිටුවීමට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක්‌ දැඩි බලපෑමක්‌ එල්ල කර තිබෙන බවයි.

මෙවන් ජාතිවාදී ගැටුම් තත්ත්වයන් රටතුළ ඇති විය හැකි බව පරිසරවේදීන්ද මාධ්‍යවේදීන්ද පෙන්වා දෙන්නේ කලක පටන්ය. රජය පරිසර සංරක්‍ෂණය පිළිබඳ ලෝකයා ඉදිරියේ පෙන්වන හොඳ මුහුණ සැබෑවේ දක්‌නට නැත.දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා වන එක්‌ වැදගත්ම කාරණයක්‌ වන්නේ වනාන්තර සංරක්‍ෂණය නොහොත්, වනාන්තර විනාශය පිටු දැකීමය. එසේ නොවුණොත් රටේ ජනතාවගේ වාතය, ආහාර, ජලය යන අවශ්‍යතා වෙනුවෙන් මෙන්ම අනෙකුත් වන සතුන්ගේ ජීවත්වීමේ අයිතිය උදෙසාද වනාන්තර සංරක්‍ෂණය අවශ්‍ය වේ. රටේ වනගහනය සියයට 30 ක්‌ දක්‌වා වැඩි කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කර ජාතික රුක්‌ රෝපණ මාසයක්‌ ක්‍රියාත්මක කර නිමාවට පත් කෙරුණේ මේ නොබෝදාය. එසේ තිබියදී අක්‌කර සිය දහස්‌ ගණනින් වනාන්තර විනාශයට මෙම “ඊනියා” වනගහනය වර්ධනය කිරීමේ ප්‍රතිපත්තිය සමඟ ගැලපෙන්නේ කෙලෙසක දැයි අපට නොතෙරේ. මෙම වනාන්තර විනාශය පිළිබඳව රටේ පාලකයන්ට එතරම් දැක්‌මක්‌ අවබෝධයක්‌ නැතිනම් හෝ, විනාශයේ තරම තවදුරටත් නොපෙනේ නම් කළ යුතු ක්‍රියාකාරකම් දෙකක්‌ යෝජනා කරන්නට අප කැමැතිය. ඉන් එකක්‌ ඉතා පහසු කාර්යයකි.

එනම්, ගූගල් අර්ත්” වෙබ් අඩවියට ගොස්‌ උතුරේ සහ නැගෙනහිර වත්මන් වනගහනයත්, යුද්ධයට පෙර වනගහනයත් නිරීක්‍ෂණය කිරීමය. නොහොත් වන විනාශය අහසේ සිට නිරීක්‍ෂණය කිරීමය. නැතහොත් යුද සමයේදී කොටි ” අඩවියේ” කේළාම්” සොයන්නට ගෙනැවිත්, අද මළකඩ කකා ගුවන් හමුදාව මගින් පසෙකට දමා ඇති “කේළමා” නොහොත් “ෙඩ්‍රාaන්” යානා යොදවාගෙන මෙම වනාන්තර විනාශයේ තරම සූක්‍ෂ්මව නිරීක්‍ෂණය කර අවශ්‍ය පියවර ගැනීමය.

මෙතරම් ජනමාධ්‍ය හා පරිසරවේදීන් හඬ නඟන්නේ යහපාලන රජය සමග හෝ, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග හෝ, වෙනත් පුද්ගලයකු සමග ඇති තරහක්‌ පිරිමහ ගන්නට නොවේ. මෙරටේ පරිසරය, වනාන්තරවල යහපැවැත්ම සඳහා එල්ල වී ඇති සුවිශාල විනාශය වළකා ගන්නටය.

මෙරටේ වනාන්තර සිංහලයාට, දෙමළාට, මුස්‌ලිම් මිනිසාට හෝ තවත් කාට හෝ අයිති බූදලයක්‌ නොවේ. එය සියලු ජාතීන්ට ආහාර, ජලය, වාතය සපයන, බුදුන් වහන්සේගේ දේශනාව (වන රෝප සූත්‍රය) අනුව ගහේ අත්තක්‌ කඩා දමන්නාට පවා සෙවණ සපයන උත්තුංග වස්‌තුව ගසයි. එය සමස්‌ත විශ්වයටම උරුම සම්පතකි. එහෙත්, තණකොළ බුදින හරකුන්ට මේවා නොතේරේ. වනාන්තර විනාශය ගැන කතා කරන පරිසරවේදීන් හා මාධ්‍යකරුවන් ඔවුන් දකින්නේ නයාට අඳුකොළ සේය. ආණ්‌ඩු පෙරළන්නට හදන විරෝධතාකරුවන් සේය. (අහෝ) මේ රට පත්ව තිබෙන අභාග්‍යයයි. ‘ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ’ යෑයි කියන ජනවහර අපට සිහිපත් වේ. මේ.., මේ රට ලබා උපන් හැටිනම් ඊට අපි කුමක්‌ කරමුද? තිස්‌තුන් කෝටියක්‌ දෙවියෝ මේ රටේ වනගහනය රකිත්වා ඔවුන්ට මෙහි දැක්‌වෙන වන විනාශය පෙනෙත්වා.

One Response to “අන්තවාදය බිළිගත් උ-නැගෙනහිර අක්‌කර දහසය දහසක්‌…”

  1. Ancient Sinhalaya Says:

    Sinhalese leaders including MR couldn’t resettle Sinhalese thrown out by the terrorists from their homes.
    But breeding machines mussies ever increasing xxx population is being settled down in government lands.
    They even bring mussies from afganisthan and pakesthan and settle them down there. That’s how pathetic our so called
    Sinhalese leaders. xxx population increasing at an alarming rate and Sri Lanka will be gone for the Sinhalese in less than 50 years! Until that time, these low life politicians steal, steal, steal and point finger at MR to divert attention.

    Maru sira, bandit queen, pongal mangal, karu(me) j, etc. etc are you Sinhalese? Traitors to the hilt. No point asking
    pol pot ponil. He doesn’t give a toss about the Sinhalese anyway.

    Stick in the mud maru sira is playing his veena while Sri Lanka is burning. He is determined to have a jolly good time
    before the stinking ship sinks. His biggest problems is to wear trouser or sarong on his frequent foreign trips. If I wear trousers, do I have to speak in English? If the pea-brained, zero-patriotic, with a back bending like a spring in any direction doesn’t know world’s most
    powerful man, Chinese president doesn’t speak any English. The only thing he has to learn is to have a spine like MR. Then
    people respect you! People believe you can make a decision on your own!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress