” මාතෘ භූමියේ ඒකීය භාවය උදෙසා කටයුතු කල, හිටපු ජනාධිපති, ආරක්ෂක ලේකම්, හමුදා ප්රධාණීන් හා රණ විරුවන්ට එරෙහිව සිදුකරන සියලූම කටයුතු වහාම නවතා දමව්! අත් අඩංගුවට ගත් සියලූම හමුදා නිලධාරීන් නිද හස් කරව්!
Posted on December 26th, 2015

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

මේ රටේ බලය දරණ, කොටි ත්රස්තවාදී රජය, පලවා හැරීමේ සටන, ආරම්භ කරන්නේ, කවුද? කවදාද? කොහොමද?
මේ රටේ ඉතිහාසයේ කිසිදා කිසිවෙක් අපේක්ෂා නොකල දෙයක් සිදුව ඇත. ඒ වේලුපිල්ලේ පිරිබාහරන් රටෙන් 1/3ක් නොව මුලු රටම අල්ලා ගෙන පාලනය කරමින් සිටීමයි. ජීවත්වූ පිරිබාහරන්ට වඩා මියගිය ප්රභාකරන් බලවත්ව මුලු රටම පාලනයට නතු කරගෙන සිටින මේ මොහොතේ; නන්දිකඩාල්වල මරා දැමූ ප්රභාකරන් ගැන අභිමානවත්ව සිතමින් උදම් අනමින් කල් ගත කරන්නට අපට කාලයක් ඉතුරුව නැත. දැන් ජීවත්ව සිටින ප්රභාකරන්ව පලවා හැරීමේ මහා සංග්රාමය වහා වහා ඇරඹිය යුතු අවදියට සපැමිණ ඇත. ඒ අනුව මේ කටයුත්තට අත ගැසීමේ මහා පුණ්යකර්මය ජාතිය ඉදිරියේ ඇති බැවින්; කවුරු කවදා කොහොම මේ කටයුත්ත ආරම්භ කරනවාද? යන පැනය මතුව තිබේ. මේ මහා ජාතික සටන ආරම්භ කිරීමේ අවශ්යතාවය ඇත්තේ මෙරට 58 ලක්ෂයක් දේශප්රේමී ජනතාවට වන අතර, ඔවුනට එරෙහිව ලක්ෂ 62ක සතුරු බල ඇණියක් මේ දේශයේ විනාශය වෙනුනෙන් කටයුතු කිරීට පෙලගැසී සිටින බවද වටහා ගෙන සටනට අවතීර්ණ විය යුතුය.

සතුරා නිතිපතා ප්රකෝප කිරීම් සිදුකරමින් සිටින මේ මොහොතේ, ජන මනස විසින් මේ ප්රකෝප කිරීම් සදහා ක්ෂණික ප්රහාරයක් අපේක්ෂාවෙන් සිටී. තමන් අපේක්ෂා කරන මේ ක්ෂණිකවූත් බලවත් වූත්  ප්රහාරය පලමුව, දියත් කරන්නේ කවුදැයි බලා සිටින ජනතාව සම වන්නේ, කැද බීම සදහා උතුරණ වතුර මුට්ටියට පලමු සහල් මිට දමන තෙක් බලා සිටින ආඩින්ටය. එබැවින් අපේක්ෂා කරන කැද බීමට නම්, පලමු සහල් මිට උතුරණ වතුර මුට්ටියට දැමීමට 58 ලක්ෂයක් වූ ජනතාවම අදිටන් කර ගත යුතුය. මනාව දේශප්රේමී අරගලයක් සදහා මධ්යගත සම්බන්ධීකරණයකට භාජනය නොවුණ ජනතාවක්, ස්වයංව දේශප්රේමී අරගලයේ කොටස් කරුවෙකු වන්නේ කෙසේ ද? ඒ සදහා ගත යුතු ක්රියාමාර්ගය කුමක්‌ද? යන්න සම්බන්ධව, ජනතාව ඉදිරියේ ගැටළුවක් ඉස්මතුව ඇත. ඇත්තටම 58 ලක්ෂයක් වූ අප කවුද? අප සතු බලය කුමක්ද? ඒ බලය උපයෝගී කරගෙන සටන් වදින්නේ කහොමද? අපේ සතුරා කවුද? සතුරාගේ බලය කුමක්ද? යන්න සම්බන්ධව අපට මනා අවබෝධයක් තිබිය යුතුමය.

ගැමුණු කුමරුට සටන හා සටන් උපක්රමය කියාදුන් ඒ මාතාව පැවසූ ආකාරයට, අපද  සටන අනාගත යුතු නැත. අපේ දෙෙනික කාර්යයන් සිදුකරන ගමන්ම සටනද අපට ඉදිරියට දියත් කල හැක. ඒ සදහා අප දෙෙනික ජීවිතයේදී, කලයුතු කාර්යයත්, පූර්ණ සටන් බිමේ කලයුතු කාර්යයත් නිසි ලෙස කිරීමට අපට අවබෝධයක් තිබිය යුතුය.58 ලක්ෂයක් චන්ද දායකයින් වූ අප වටා චන්ද බලය උරුම නැති පරම්පරාවක්ද ගොනුව සිටින අතර, ඒ අයත් සමග ගත්කල ලක්ෂ 75කට ආසන්න ජනබලවේගයක දෙෙනික ගැටලු විසදීමට, අපට සිදුව තිබේ. අප කාලය සමග බද්ධව ගමන් කරන ජීවීන් පරපුරක් බැවින්, කුමන රජයක් තිබුණද අපට අපේ ගැටලු විසදා ගනිමින් ඉදිරියට ගමන් කිරීමට සිදුව තිබේ. මේ ලක්ෂ 75ක ජනබලකාය ජීවත් කරවීම සදහා විශාල මුදල් සම්බාරයක් ඇවැසිය. ඒ මුදල් සොයා ගන්නේ අපමය, එය අපගේ දෙෙනික අවශ්යතා උදෙසා වැය කරන්නේද අපමය. එය අප සතු බලයයි. වර්තමානයේදී, එය සුළුපටු බලයක් නොව මහා බලයකි.

මේ මාසිකව අප උපයන මුදල් වලින් හා විදේශයන්ගෙන් ගන්නා ණය මුදල් මත දුවන මේ ආණ්ඩුව, අපව මරණ බියෙන් මුදවා ගත් රණවිරුවන්ව එක එකා අත්අඩංගුවට ගෙන කොකා මාළු ගිලින්නාසේ විනාශ කරමින් සිටී. මේ පාදඩ ක්රියාව ඉදිරියේ මෙරට දේශප්රේමී ජනතාවට තවදුරටත් නිහඩව සිටිය නොහැක. එම නිසා මෙරට දේශප්රේමීංන් මෙරට   රජය පවත්වාගෙන යෑම සදහා තමන් ලබාදෙන ප්රතිපාදන ලබාදීම වහාම අත්හිටවීමට පියවර ගත යුතුව තිබේ. එය කරන්නේ කෙසේද? අප සියලු දෙනාම එකතුව සිතීම ආරම්භ කරමු. ලක්ෂ 58 චන්ද දායකයින්ගේ ලක්ෂ 58ක්වූ මනසයන්ට කල හැකි කාර්යයභාරය සුලු නොවේ. මේ රජය යුධ විරුවන් දඩයම් කිරීමට එරෙහිව අප සාමූහිකව ගත යුතු ක්රියා මාර්ගයන් සම්බන්ධව සිතමු. ලකෂ 58කට ලකෂ 58ක් දේවල් කල හැකි බව තේරුම් ගන්න. එහි එකතුව ජනතා බලය ඉදිරියේ දණගහන ලද පාදඩ රජයක් වන්නේ නම් එය අපේ ජයග්රහයයි ඔබ සැමට ජයවේවා!

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

One Response to “” මාතෘ භූමියේ ඒකීය භාවය උදෙසා කටයුතු කල, හිටපු ජනාධිපති, ආරක්ෂක ලේකම්, හමුදා ප්රධාණීන් හා රණ විරුවන්ට එරෙහිව සිදුකරන සියලූම කටයුතු වහාම නවතා දමව්! අත් අඩංගුවට ගත් සියලූම හමුදා නිලධාරීන් නිද හස් කරව්!”

  1. Christie Says:

    Our enemy is Indian Imperialism and colonialism. We have to stand up to India and and decolonize all Indian colonies. We are not the only subjects of the Indian Empire. Blacks and other people in Indian colones suffer leke us.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress