යහපාලන ජනාධිපතිතුමාගේ බෞද්ධ විනය තැකීමේ ආරම්භය
Posted on January 14th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

පූර්ණ වර්ෂයක් පුරා කිසිදු ජනතා හිතවාදී වැඩක් නොකල මෙෙත්රීපාල සිරිසේන මහතාගේ යහපාලන ආණ්ඩ‌ුව සිය වර්ෂ පූර්ණය ඉතා ඉහලින් සමරා අළුත් වැඩකට අත ගසා ඇත. ඒ බෞද්ධ විනය සම්බන්ධව මහා වැඩපිලිවෙලක් දියත් කිරීමයි. බෞද්ධ භික්ෂුව යනු මේ රටේ මුදුන් මල් කඩක් වන්වූ අගනා වස්තුවක් බව ජනාධිපතිතුමා හදුනා ගත් බැවින් මේ කාර්යයට අත ගසා ඇති බව අපේ විශ්වාසයයි. මේ රටේ විනය පිරිහී ගිය හාමුදුරුවරුන් තොග ගනන් සිටින බව , මෙතුමාගේ මැතිවරණ ව්යාපාරවලදී මෙතුමා අවබෝධ කරගත් බැවින් මෙය සිදු කරනවාද විය හැක. යහපාලන ආණ්ඩුවට අනුව බෞද්ධ භික්ෂුවට,
1. රැකියා කිරීම අදාල නැත.

2.ව්යාපාර කිරීමද නොකල යුතුය.

3.යන්තර මන්ත්ර වැඩ කිරීමද නොකල යුතුය.

ඒ අනුව, විශ්ව විද්යාලවල උපකුල පතිවරයාගේ සිට, පාසල් ආචාර්ය වරයා දක්වාවූ සියලුම හාමුදුරුවරුන්ට ගැටළුවක් මතුකර තිබේ. ඒ සමග අත් වැල් බැදගත් කාරණය වන්නේ දැනට විශ්ව විද්යාල තුල හා ප්රාතමික තලයේ ඉගෙනගන්නාවූ සාමනේර භික්ෂූන් වහන්සේලාගේ අධ්යාපනයෙ ඉලක්කය කුමක්ද යන්නයි. ඔවුන් ලබන මේ අධ්යාපනයෙන් රැකියාවක් ලැබෙන්නේ නැත්නම් ඉන් ඇති කිසිදු පලයක් භික්ෂුවකට නැත. සමහර විට මෙෙත්රීපාල සිරිසේන මහතාගේ අරමුණ, උන්වහන්සේලාගේ ලෞකික අරමුණු වලින්  බැහැර කොට නිර්වානය සොයා යන මාවතට උන්වහන්සේලා  පෙල ගස්වා යැවීම සදහා විය හැක. නමුත් බුදු රජානන්වහන්සේ භික්ෂූන් නිර්වාණය කරා යන මාවතට යොමුකලේ ඉතා විද්යාත්මක ක්රමයන්ට අනුකූලවය. නිවන හැමෝටම උරුම නැත. හැමෝටම උරුම නම් ගෞතම බුදුන් වහන්සේ ඒ යුගයේ සිටි සියල්ලන්වම නිවන් මගට ගනු නිසැකය. එසේ නොවූ බැවින් මෙෙත්රීපාල නම් වූ ජනාධිපතිවරයෙක් හා භික්ෂූ පරපුරක්ද ලොවට ඉතුරු ව ඇත. දැන් ගැටළුව බවට පත්ව ඇත්තේ මෙරට ජනතාව මුහුණ දෙන ප්රශ්න නොව, මේ භික්ෂූන් වහන්සේලාට නිර්වාණය ලබා දෙන්නේ කෙලෙසද යන ගැටළුවයි. එයට පිලියමක් ලෙස මහා පරිමාණයෙන් භික්ෂූන් වහන්සේලා නිවන් දැක්ක වීමේ ව්යාපෘතියක් ආරම්භ කිරීම සදහා කටයුතු සම්පාදනය කිරීමට සැරසේ. මේ අනුව සම්මා සම්බුදුපියාණන් වහන්සේ විසින් පැනවූ විනය නීති කඩ නොකිරීම සදහා රාජ්යබලය උපයෝගී කිරීමට පාර්ලිමේන්තුව තුල අණපනත් සකස් කිරීමේ සූදානමක් ඇත.

අත්තටම රාජ්ය බලය යොදා නිවන් මාර්ගය භික්ෂුව මෙහෙයවීම බුද්ධ සාසන අමාත්යන්සයෙන් ආරම්භකර එය සාර්ථක වුවහොත්,  සියළුම බෞද්ධයන්ටද උදාවෙන්නේ කිසිදු රජයක් ලබා නොදුන් වරප්රසාදයකට උරුමකම් හිමිවීමයි.

සත්ය වශයෙන්ම  රටක ප්රශ්න විසදනවා කියන්නේ පෝර්ට් සිටි, අධිවේගී මාර්ග, මහා විශාල නිවාස සංකීරණ, වරායවල්, ගුවන්තොටුපලවල් කර්මානත වැනි දේවල් ගොඩනංවා මිනිසුන්ව ලෞකික ආසාවන් වැඩිකරවන එක නොවේ. නිවන් දක්වන එකය. එවැනි බැරෑරුම් කටයුත්තක් සදහා නොබියව අතගැසීම සම්බන්ධ මෙරට යහපාලනයට චන්දය දුන් බෞද්ධ ජනතාව ප්රබෝධයට පත්වෙනු නියතය.

බුදුරජානන්වහන්සේටත් කල නොහැකිවූ මේ කටයුත්ත සාරථක කර ගැනීමට අතිගරු ජනාධිපතිතුමාට සියලු ශක්තිය හා ධෙෙර්ය ලැබේවායි අපි පතමු.!

ශ්රී ලාංකීය සියළුම බෞද්ධයින්ට නිවන් සුව අත්වේවා!

සාදු! සාදු! සාදු!
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

3 Responses to “යහපාලන ජනාධිපතිතුමාගේ බෞද්ධ විනය තැකීමේ ආරම්භය”

  1. Christie Says:

    This guy has forgotten that monks, priests, poosaris etc etc are doing a job and get paid in kind or money. What they do is left to the individual and payments are the payers choice not that of the law or the work for the Indian chosen and appointed and voted in Governor of the Indian Empire.

    Two main local agents who divided and helped the Indian Empire; one Sobthaya may be in heaven looking after the good governance there and the other Gnanasaraya has left politics and may be counting the money.

  2. Christie Says:

    Correction:
    Two main local agents who divided the Sinhalese and helped the Indian Empire; one Sobthaya may be in heaven looking after the good governance there and the other Gnanasaraya has left politics and may be counting the money respectively.

  3. Kumari Says:

    For all Buddhists there is Karma and Karma Pala. The Buddha introduced the Vinaya Rules reluctantly as he knew most of the monks are/were good. With Buddha’s Vinaya rules the religeon lasted for over 2500 years. Political interference is the last this great relegeon needs.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress