යෝෂිත රාජපක්ෂ මහතා හා ජනාධිපති මෙෙත්රීපාල සිරිසේන මහතා
Posted on February 21st, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ජනාධිපති මෙෙත්රීපාල සිරිසේන මහතා, අවුරුදු 61ක වයෝවෘධ පුද්ගලයකු වන අතර. යෝෂිත රාජපක්ෂයන් ජීවිතයේ අතිසුන්දර අවධිය වන තාරුණ්යේ පසුවෙන මනා රූ සපුවකින් හෙබි කඩවසම් තරුණයෙකි. මේ තරුණයාගේ තාරුණ්ය විනාශ කිරීමේ අරමුණින්, ඔහුව,සිරගතව තැබීම හෝ ඊටත් එහා ගිය විනාශකාරී තත්වයකට පත්කිරීම පෙරදැරි  කරගත් වැඩපිලිවෙලක්, මේ යහපාලන රජය විසින් දියත් කර ඇත. එ් බව සමාජයට සංවේදනය වෙන විට, නොතේරෙනවා සේ බලා සිටීමත්, මේ සිදුකරන්නේ නීත්යාණුකූල සුපිරිසිදු කටයුත්තක්සේ සිතා ඉවසා වදාරා සිටීමත් සමාජ වගකීමක් නොවේ. මේ සිදු කරන්නේ පැහැදිලිවම දඩයමකි. අන්තර්ජාතික බලවේගයන් සමග එකතුව සිදුකරන දේශපාලන දඩමකි. ඒ දඩයමට මේ තරුණයාව බිලිදෙනවාද නැද්ද යන්න තීරණය කිරීම මෙරට ජනතාවට බාරව ඇත.

මේ දඩයමේ ඉලක්කය මහින්ද රාජපක්ෂ මහතාය. එකවර මහින්ද රාජපක්ෂ මහතාට ලගාවීම සතුරාට මරු කැදවන්නෙකි. එබැවින් නීතිය නම්වූ ආයුධය අතැතිව, සතුරා, රාජපක්ෂ පවුල වෙත ලගාවීම අරඹා ඇත. බිත්තිය බින්ද හොරා ගෙට මුට්ටිය දමා බලන්නාසේ, රාජපක්ෂ දඩයමේ පලමු බිල්ල කොටුකර සිරගත කර ඇත. මෙෙත්රීපාල රජය විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂයන්ව අත්අඩංගුවට ගැනීම, මහා විනාශකාරී පෙර ගමන් මගක සලකුණකි. විශේෂයෙන් පෞද්ගලිකව ජනාධිපති තුමාට හා ඔහුගේ මුළු පවුලේම ස්ථාවරත්වයට, ඔහු ගන්නා ලද මේ තීරණය බලපාන බව ලෝක ඉතිහාසය විසින් ඉතා මැනවින් පැහැදිලිව දක්වා තිබියදීත්, මෙවන් බරපතල කරුණකට එතුමා අත පෙව්වේ ඇයිදැයි යන ප්රශ්නය අපතුල හට ගෙන යලි යලිත් ප්රශ්න කරයි. මේ රටේ, අනාගතයේ දී  සිදුවෙන සියලූම සිදුවීම් තීරණය වන්නේ වර්තමානයේදී ජනාධිපතිතුමා වශයෙන්, මෙෙත්රීපාල සිරිසේන මහතා ගන්නා තීරණ හා තීන්දු මතය. හොද තීන‌්දු රටට හොද අනාගතයක් නිර්මාණය කරන අතර, වැරදි තීන්දු රටට පමණක් නොව ඒවා ක්රියාත්මක කරන පුද්ගලයින්ටද විනාශකාරී අනාගතයක් ගොඩනංවයි. රටක් බේරාගත් ජන නායකයකයා වන මහින්ද රාජපක්ෂ මහතාව ඉලක්ක කරගත් දඩයම් ව්යාපෘතියකට දායකත්වය සැපයීමට ජනාධිපතිවරයකු වශයෙන් මෙෙත්රීපාල සිරිසේන මහතාට කිසිදු අයිතිවාසිකමක් නැත. එසේ වුවද  ජාතික හා ජාත්යන්තර බලපෑම් හමුවේ, ඔහුට ජාතික ප්රතිපත්ති බලගැන්වීමට හැකි පසුබිමක්ද නිර්මාණය වී නැත. මේ රජය සිය දෙවන වසරේ‌ වැඩකටයුතු ආරම්භ කිරීම, සිය පුතුගේ වයසේම සිටින, කලකට පෙර තමන් දරුවෙකු සේ සලකන ලද දරුවෙකුවූ, යෝෂිතයන්ව අත්අඩංගුවට ගෙන සතුටු විය හැකි මනසක් ජනාධිපතිතුමාට කෙසේවත් තිබිය නොහැක. නමුත් එය කිරීමට ඔහුට  සිදුව ඇත. එය ඔහුට නියමිත කාර්යයේ එක් කොටසක් පමණි. මෙය එතුමාට එරෙහිව, ගොඩනැංවෙන එක් බල සංරචකයක් වන අතර,එය එතුමාට  බලපාන  බලවත්ම අශුභ ලකුණකි.

මේ වනවිට යහපාලන රජයට වසරක් සම්පූර්ණව ඇත. ගොඩනංවා තිබූ සංව්ර්ධන ව්යාපෘතීන්. අඩපන කිරීම, නවතා දැමීම හා විනාශ කර දැමීම හැරුණ කොට, වෙන කිසිදු සංවර්ධන ව්යාපෘතියක් ආරම්භ කිරීමටවත් නොහැකි බව මේ වනවිට, දිනපතා සිදුවෙන සිදුවීම් රටට පෙන්වා දෙයමින් සිටී.. අප අද දෙෙනිකව, නරඹන පුවත් තුල ඇත්තේ, පුද්ගල පැහැර ගැනීම් කුඩා බිළිදුන් දූෂණය කර මරා දැමීම්, යහපාලන රජය විසින් සිදුකරන දේශපාලන දඩයම්, හා භික්ෂූ දඩයම් යන ක්රියාවලීන්ය.ජනාධිපති මෙෙත්රීපාල සිරිසේන මහතාට ඔහු විසින් නියම කල මිලට වේලිච්ච හාල්මැස්සන් කරවල ටිකවත් දීගත නොහැකි ජනාධිපතිවරයකු වුවද, රාජපක්ෂ දඩයම, පෙර රජ දවස මුව දඩයම මෙන් සලකා පියවරින් පියවර ඉදිරියටම මෙහෙය වන බලයක් මෙතුමා තුල අනුගතව ඇත. විටෙක තාජුදීන් නම් තරුණයාගේ මලකද ගොඩට ගෙන සිය දඩයමට යන යහපාලන රජය, එය අසාර්ථක වූ විට කළු සල‌්ලි විශුද්ධිකරණ චෝදනා යටතේ යෝෂිත රාජපක්ෂවම අත්අඩංගුවට ගෙන සිරගත කලහ..

මේ රටේ ප්රධාන ආදායම් මාර්ගයක් වන්නේ, පිටරට වල සේවය කරන ශ්රී ලාංකිකයින් මෙරටට එවන ධනස්කන්දයයි. මේ ධනය මොවුන් උපයන්නේ කෙලෙසද යන්න සම්බන්ධව මේ රජයට කිසිදු අවබෝධයක් නැත. ඒ සම්බන්ධව කිසිවෙක් අසන්නේද නැත. මේවා කළු සල්ලිද? සුදු සල්ලිදැයි සොයා නොබලන රජය,  CSN නාලිකාව සදහා ආයෝජනය කර ඇති මුදලින් කොටසක් කලු සල්ලි යයි චෝදනා කර එහි නිලවශයෙන් අධ්යක්ෂකයෙකු නොවන යෝෂිත රාජපක්ෂයන්ව අධ්යක්ෂවරයෙක්ය යන පදනමේ පිහිටුවා ඔහුවම ඉලක්ක කරගත් මෙහෙයුමේ යෙදෙන අතරේම එහි සැබෑ අධ්යක්ෂකවරයෙකු අත් අඩංගුවට නොගන්නේ,ඔහු මුදල් විශුද්ධිකරණය මතම චෝදනා මත නඩුපවරන ලදුව සිට, යහපාලන රජය විසින් නඩුව ඉල්ලා අස්කරගෙන, නිදහස ලබාදුන් යහපාලන ඇමතිවරයකුගේ ඥාතියකු වීම නිසාය.  යෝෂිත රාජපක්ෂ මහතා යනු මුදල් විශුද්ධිකරණය සම්බන්ධව නඩුවකට පැටලු පලමු පුද්ගලයා නොවේ. මීට පෙරද එවැනිම නඩු ගනනාවක් විවිථ පුද්ගලයන්ට පවරා තිබුණද, එය ඇප දීමට නොහැකි තරම් බරපතල ගැටලුවක් නොවන බව එෙතිහාසික නඩු වාර්තා තුලින් අපි දකිමු. නමුත් යෝෂිත රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ පුතනුවන් බැවින් නීතිය විකෘතිව ඇත. මෙෙත්රීපාල සිරිසේන මහතා පමණක් නොව , නඩුකාරතුමාද අසරණව ඇත.  වෙනත් දේශපාලන නඩුවක විනිසුරුවරෙක් සෘජුවම තමන්ගේ අත් බැද ඇතිසේ දැනෙනවායයි කීමට තරම් අධිකරණය කොටිකරණය වී ඇතිබව මේ සිදුවීම් සමාජයට කියාපායි.

අධිකරණයට කිසිදාක සාධාරණ විනිශ්චයක් දිය හැකි සමාජයක් අප සතුව නැත. එදා යේසුස් ක්රිස්තුස්වහන්සේව ඝාතනය කිරීම සදහා බොරු චෝදනා නගා අත් අඩංගුවට ගත්තා සේම; රාජපක්ෂ පරපුරම ඝාතනය කිරීමේ ඉලක්කයක් කොටි සංවිධානයට හා උන්ගේ හාම්පුතුන්ට ඇත. එදා විනිශ්චයකරුවා ඉතා පැහැදිලිව, යේසුස්වහන්සේ නිවැදිකරුවෙක් බව දුටහ. ඒ අනුව යේසුස්වහන්සේව නිදහස් කරවීමට ගත හැකි හැම උපාය මාර්ගයක්ම ගත්හ. ඒත් ඒ විනිසුරුතුමන්ගේත් දෑත් බැද ඇති බවක් එතුමා දැන සිටියහ. අවසානයේදී කුරුසයේ බිල්ලක් වීමට යේසුස් ක්රිස්තුස්වහන්සේට සිදුවිය. යෝෂිත රාජපක්ෂයන්ද හඹා යමින් සිදුකරනුයේ එදා පැරණි ක්රියාදාමයම රග දැක්වීමය. මේ කාර්යම ජේ. ආර්. ජයවර්ධනයන් විසින් විජය කුමාරණතුංගට එරෙහිව සිදුකොට, විජයගේ බිරිදව හීලෑ කොට විජයට නිදහස ලබාදුන්හ. ඒ ආකාරයටම මහින්ද රාජපක්ෂයන්ව හීලෑ කොට යෝෂිතයන්ව, නිදහස් කිරීමේ උවමනාවක් ඉස්මතුවුවද කසිදාක සතුරා මහින්ද  හා ගෝඨාභයන්ගේ නිදහස් පැවත්ම අනුමත නොකරන බව අප වටහා ගත යුතුමය.

දරුවන් අත් අඩංගුවට ගෙන රටවල් හා රාජ්යන්ට හා පුද්ගලයන්ට මට්ටු කිරීමට වෙර දැරීම අතීතයේදීද මෙලොව තුල සිදුව ඇත.දෙවන ලෝක යුද්ධයේදී, හිට්ලර් හමුදාව විසින් යුධ පෙරමුණේ රතු හමුදාව හා සම්බන්ධවී සටන් කරමින් සිටි රුසියානු නායක ජෝෂප් ස්ටාලින්ගේ පුතාව අත් අඩංගුවට ගෙන, පුතාව නිදහස් කිරීමට නම්, සෝවියට හමුදාවේ සිටි ප්රභල සෙන්පතියන් කීපදෙනෙක් නම් කර ඔවුනව තමන්ට භාර දෙන ලෙස සෝවියට නායකයාට දන්වන ලදී. රටේ ජයග්රහණයකර තම පුතාව නිදහස් කර ගැනීමට ඉදිරිපත් නොවුන සෝවියට නායකයා තම පුතාට වඩා රට වෙනුවෙන් සටන් වදින හමුදා සෙන්පතියන් අගය කොට රැ බලාගත්හ. අවසානයේදී හිට්ලර්ගේ හමුදාව පරදා සෝවියට් දේධය ලොව ඉහලම බලවේගයක් බවට පත් කලහ

අද මේ යහපාලන රජය යනු මෙෙත්රීපාල සිරිසේන ,මහතාගේ හෝ රනිල් වික්රමසිංහයන්ගේ රජයක් නොවන බව පලමුව අවබෝධ කරගත යුතු අතර,යහපාලනයේ නියමුවන් වන්නේ ඇමරිකාව,යුරෝපය,  ඉන්දියාව ඇතුලු විදේශීය රාජ්යන් පද්ධතියක් බව වටහා ගත් විට මේ රජයට උරුමව ඇති සැබෑ කරුමය අවබෝධවේ. නොසිතූ ආකාරයට, ඇමරිකාව, හා යුරෝපය, යුක්රේනය, සිරියාව, ලිබියාව, ඇෆගනිස්ථානය, ඉරාකය හන රටවල්තුල මහා දරුණු යුද්ධයන්ට හිරවී ආර්ථික වශයෙන්ද දුබලව පරාජයන් පිට පරාජයන් ලබමින් සිටී. මේ අවස්ථාවේදී යහපාලනය රජය ගලවා ගැනීමට ඔවුනට කල හැකි කිසිදු දෙයක් නැත. මේ රටවල් මෙන්ම, ජනාධිපති මෙෙත්රීපාල සිරිසේනද, අගමැති රනිල් වික්රමසිංහ මහතාද සිටින්නේ ඉතා අසරණ අවස්ථාවකය. මේ පවතින වාසිදායක තත්වයන් නිවැරදිව,  කලමණාකරනය කර පලමුව රෝෂිත රාජපක්ෂයන් ඇතුලු සියලූම අත් අඩංගුවේ පසුවෙන හමුදා රණ විරුවන් නිදහස් කරගැනීමේ සටන ආරම්භ කල යුතුය. මේ සටන ජාතික තලයට කොටුකර නොතබා ජාත්යන්තර තලයට ඔසවා තැබිය යුතුය. අපේ මිතුරු රාජ්යන් පද්ඩතියක්ද ඇත ඒ ලොවේ බලවත්ම රාජ්ය පද්ධතියයි.චීනය, රුසියාව, කියුබාව, උතුරු කොරියාව හා බද්ධව මේ රටතුල සිදුකරන අධිරාජ්යවාදී හා ඉන්දීය ව්යාප්තවාදී සියලූම මූලයන් ගලවා දමන තෙක්ම ස ටන ඉදිරියටම මෙහෙය විය යුතුය. එහි නියමුවා බවට මහින්ද රාජපක්ෂ මහතා සමග ගෝඨාභය රාජපක්ෂයන් හා, බැසිල් රාජපක්ෂයන්ද සිටීම බලවත් ශක්තියකි

අධිරාජ්යවාදයට විනාශය , ජනතාවට විමුක්තිය යන්න හා අත්වැල් බැදගෙන ඇත්තේ ඉන්දීය ව්යාප්තවාදයට විනාශ ජනතාවට විමුක්තිය ලෙසයි.

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

7 Responses to “යෝෂිත රාජපක්ෂ මහතා හා ජනාධිපති මෙෙත්රීපාල සිරිසේන මහතා”

  1. Christie Says:

    Thank you Chandra, you see what India is up to.

    Indian Empire is testing the waters with Yoshitha.

    Their ultimate aim is Gota as I have heard over the grape wine or the labu WAla. An Indian woman who is a former Time Mag Asia and now paying for her position in the US based Human Rights Watch has mouthed Gota is the worst.

    I am sure when The third Eye the Indian intelligence service profiled their preferred Presidential candidate in 2015, that is Mahinda over Ranil it did not take Gota in to account.

    This guy wiped out the Indian terrorist arm in the island.

  2. Christie Says:

    Sinhalaunicode

  3. Christie Says:

    චන්ද්රා ට තුති. ඉන්දියානු අදිරදවාදී ජඩයෝ යෝශිත හිරයට ගෙන බලන්නේ රටේ කලබලවේද කියාය. උන්ගේ ඉලක්කය ගෝටාබයය. උන්ගේ රහස් ඔත්තු සේවය 2005 දී රනිල් වෙනුවට මහින්දව තෝරා ගත් වෙලාවේ ගොටාබය ගැන සිතුවේ නැත.
    පසුගිය දිනක ටයිම් සඟරාවේ ආසියා මැදියකු වූ දැනට මුදල් ගෙවා හියුමන් රයිට්ස් වොච් හී වැඩකරන ඉන්දියානු පිලිලයක් ගෝටා තමයි නරකම එකා කියූ බව ලබුවැල දිගේ මම අසා ඇත්තෙමි.

    It is 2005 in the English one not 2015. In 2015 Indian Empire selected Sirisena and backed him.

  4. Cerberus Says:

    Thank you Mr. Pandithage for raising this issue to the people. As you say it is ridiculous for them to remand a young man in his prime for something he is not guilty of without even giving bail. As you say they are simply hunting the Rajapaksa family. May all the Deities protect the Rajapaksa family.

    The Tamils ego was pricked when the Sri Lanka forces apparently defeated the Sun God. However the reality is that it was not our forces that killed Prabahakaran. It was the Tsunami which killed him and swept away the LTTE Sea Tiger force. See: http://www.asiantribune.com/news/2005/01/09/sri-lankan-state-radio-announces-death-prabhakaran

    So why try to take revenge on the Rajapaksa family? MR only saved the country from an insane megalomanic’s double who was being manipulated by foreign forces to destroy the country. The Tamils thought they were getting a separate state, but in fact they lost more than anyone else – they have lost their honor. It is estimated that in the weapons ships which were sunk by the Sri Lanka Navy and the other expenses of the LTTE they lost about $5 Billion. People need to remember that the ships would not have been sunk without the help of India and USA which has been conveniently forgotten by the Tamil diaspora and the others who were critical who are in the Yahapalanaya govt now.

    There was an article in Lankaweb the other day pointing out a whole series of legitimate investigations which should be done. Please see: http://www.lankaweb.com/news/items/2016/02/13/some-investigations-which-should-be-done-by-the-people-of-sri-lanka-to-ensure-good-governance/

    The biggest robbery that took place at the Central bank which was an obvious case of insider trading, has been hushed up while this poor boy is being harassed and imprisoned for something he did not do, just because he is Mahinda’s son. Surely the whole country as you say must rise up in revolt against this grave injustice. Demonstrations should take place daily to get the above cases highlighted in the public mind as counter measures to protect our heroes.

  5. dhane Says:

    What happening under “Horapalaya” is same what JR did earlier now carrying by Ranil. JR want hook or crook put Sirima out of Politics. He did that. Now MS, RW & Chandrika with the help of India & western countries want to put Rajapaksa out of politics. Like a big talk RW now taking about massive Investment Zone for China. This Modaya RW will think SL people are Modaya like him to give the credit for his mismanage Govt: for these proposals. If not to Hambanthota Harbour, Air Port, Stadium & High way China or any other country will not come to SL. Also everybody including the oppression is now silence regarding Central Bank Bid Bond , Avon guard, Hirunika Kidnap case, and many other investigation. It looks everything gone under the carpet.

  6. Kumari Says:

    Taking Buddhist Monks and Rajapakse’s into custody is done for one purpose only. That is to create another 1983 July riot. Indian thought by taking Weerawansa would be a spark, nothing happened. Questioning Madam Rajapakse too did not give the desired outcome. Then taking so many Buddhist monks too was of no avail. Then they tried taking a Rajapakse, that too was a failure.

    As Dhane mentions, cover up of Central Bank robbery (where Ranil is directly implicated) and Kidnapping a man in broad daylight by Hirunika are good examples of how impartial this Yahapanaya is.

    Indians are doing all these to get the Sinhalese Buddhist out on to the streets so that the released LTTE carders could kill a few innocent tamils and burn down some tamil businesses, paving way for the separation of the country. That also will be a proof that us Sinhalese and our Sinhalese Governments continuously genocide the Tamil community.

    The patience of the average Sinhalese Buddhist proves beyond doubt, the 83 riots had a foreign hand and I am now sure it was the Indians. They have killed and suppressed more Tamils than all the Sri Lankan governments combined.

  7. Fran Diaz Says:

    Yes, definitely, the Yahap leaders want a Riot, just like the 1983 one.

    Rathupaswela troubles were such an attempt for Rioting while MR govt was in power.

    Constant attempts to de-stabilise Lanka are on …. who gains from all this ? Indo/Brits ? Pimping countries ?

    Note :
    *. Ranils Chunnel to Tamil Nadu
    *. Also Ranils 5000 acre leases for 99 yrs (Tea & Sympathy for Britosaurus Rex ? – and all haile the neo- Colonists !).

    Do come and trade with us, but come the proper & legal way.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress