ව්‍යවස්ථාව ඉරා දමමින් පැමිණි ජාතිවාදී මුට්ටිය
Posted on February 21st, 2016

මතුගම සෙනෙවිරුවන්

පසුගිය දා නිදහස් උත්සවයේදී ලංකාවේ ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කරන ලදී. මෙය අහඹු සිද්දියක් නොවේ. මනා ලෙස සැලසුම් සහගතව කරන ලද වැඩකි. ව්‍යවස්ථාවේ නැති දෙයක් කිරීමට එ් අනුව රජය පෙළඹී ඇත. මෙය එක් අතිකින් ප‍්‍රජාතන්තුවාදය ගැන නන් දොඩවන යහපාලන ගැන වැදි බණ දෙසන පාලකයන් නිරුවත් කරලීමකි. ව්‍යවස්ථාව ඉරාගෙන පැමිණි මේ දෙමළ ජාතිවාදී මුට්ටිය නිසා රට තොට ඇවිස්සේ යයි රජය සිතනවා විය හැකිය. මාධ්‍ය එල්ල කරගෙන සිදු කරන බැණ අඩ ගෑම භික්ෂූන් වහන්සේලා සිරගත කොට දණ්ඩනයට යටත් කිරීමට ගන්නා  උත්සාහය මේ සියල්ල අගමැතිවරයාගේ උද්දච්ච කම නිසාවෙන්ද යන්න සාකච්ඡුාවක් බවට පත් වෙමින් තිබේ. එ් අතර නව ව්‍යවස්ථාව සකස් කරලීමට මහජන අදහස් විමසා ලන්නට එම කමිටුව රට පුර යමින් තිබේ. එහිදී මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී , කිලිනොච්චිය සහ යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාරයාලයේදී ඉදිරිපත් වූ අදහස් විශේෂය. ඊට හේතුව ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කිරීම උතුර සහ නැගෙනහිර යළි එක්කොට ඊලාම් රාජ්‍යයක් ලෙස පිළිගැනීමක් ව්‍යවස්ථාව තුළ ලබා දීම යන කාරණා උතුරේ සහ මන්නාරමේ ද්‍රවිඩ සංවිධාන වලින් ගෙනා යෝජනා අතර වීමයි.
රටක ව්‍යවස්ථාව එක් අතකින් රටේ නීතිය පිලිබඳ ප‍්‍රතිපත්තිය ප‍්‍රකාශ කරයි.අනෙක් අතින් ජාතික ප‍්‍රතිපත්තියද හෙළිදරව් කරයි. වර්තමානය තුළ අප භාවිතයට ගන්නා ව්‍යවස්ථාව 1978 දී ඇති කළ ලියවිල්ලකි. එහි ඉතා වැදගත් වගන්ති කීපයක් වෙයි. රටේ එ්කීය භාවය, රටේ ජනාධිපතිවරයා සතු බලතල, බුද්ධාගම පිළිබඳ කියවෙන නවවන ව්‍යවස්ථාව. ජාතික කොඩිය, ජාතික ගීතය  වැනි දේ ප‍්‍රතිපත්ති ලෙසින් සැලකේ. එවැනි වගන්ති දොළසක් ජනමත විචාරණයකින් තොරව වෙනස් කල නොහැකිය. පළාත් සභා විසිරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා සතු බලතල ද මෙහිදී වැදගත් ව්‍යවස්ථාවකි. නව රජය පත් වූවායින් පසුව ව්‍යවස්ථාව වෙනස් කරලීම සඳහා අවශ්‍ය ඇයිද යන්න ප‍්‍රකාශ යට පත් කරන ලදී. නවීන ලෝකය සමග අත්වැල් බැද ගෙන යන ගමනේදී පවතින ව්‍යවස්ථාව බාධාවක් යයිද එ් මගින් සංහිඳියාව ඇති නොවන්නේ යයිද දක්වා තිබුණි.
සැබවින්ම 1978 ව්‍යවස්ථාව තුළ අඩුපාඩු නැත්තේ නොවේ. 1815 උඩරට ගිවිසුම ප‍්‍රකාරව රටේ පාලකයන් බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේය යයි සඳහන් යෝජනාව අඛණ්ඩව ව්‍යවස්ථාවට ඇතුලත් වී තිබේ. එයට හේතුව ලංකාව චිරාත් කාලයක් තිස්සේ සිංහල බෞද්ධ රටක් වශයෙන් සිය ප‍්‍රතිපත්ති සහ මූල ධර්මයන් ක‍්‍රියාත්මක කළ බැවිනි. නමුත් 1978 ව්‍යවස්ථාව තුළ නවවන වගන්තිය සඳහන් පිටුව හිස් පිටුවක් ලෙස පවතී. බුද්ධ ශාසනය එහි අර්ථ දක්වා නොමැත. මූලික අයිතිවාසිකම් සඳහන් වන දහවන ව්‍යවස්ථාවෙන් එය හෑල්ලූවට ලක්කොට තිබේ.එවිට නව ලෝකය සමග ඉදිරියට යන කල්හි  බෞද්ධ  ආර්ථික ප`තිපත්ති ගලපාගන්නේ කෙසේ දැලි ප‍්‍රශ්ණයක් පැණ නගී. එම නිසා මේ වගන්තිය ශක්තිමත් කරලීමට නව යෝජනා ඉදිරිපත් විය යතුය. එලෙසම 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය 1978 ව්‍යවස්්ථාවට එක් කරන ලද්දේ ජනතා විරෝධතා මධ්‍යයේය. එහි ප‍්‍රතිඵලය වන්නේ විශාල වියදමක් දරා (පුනරාවර්තන වියදම් *පළාත් සභාවන් නඩත්තු කරලීමට ජනතාවට සිදු වීමය. මේ නිසා පළාත් සභා අහෝසි කොට රටට ඔරොත්තු දෙන පළාත් පාලන ක‍්‍රමයකට අප යායුතු වීමේ අවශ්‍යතාවයද ඇත්තේය. තවද මනාප චන්ද ක‍්‍රමය තුළ රටේ ඇතිවූ මනාප පොරය සහ අධික වියදම රටක් වශයෙන් ඔරොත්තු නොදීම යන කාරණා මෑත කාලයේදී රටේ විශාල වශයෙන් සාකච්චාවට ලක් විය. මේ ක‍්‍රමය වෙනස් විය යුතු බව රටේ පොදු මතයයි. නමුත් ජනාධිපති ක‍්‍රමය තව දුරටත් රටේ පැවතිය යුතුය යන අදහස බහුතරයක් තුළ පවත්න්නේ එ් මගින් රටේ එ්කීය බව ආරක්ෂා වීම සහතික වන නිසාය.
කෙසේ නමුත් මෙවැනි කාරණා තිබුණද රටේ හදිසි ව්‍යවස්ථා වෙනසක් ජනතාව බලාපොරොත්තු වූයේ නැත. එයට හේතුව දරිද්‍රතාවයෙන් සහ විදේශ පීඩනවලින් තවමත් රට මිදී නොමැති බැවිනි. රටේ කෘෂි ආර්ථිකයට යහපත් අනාගතයක් හිමිවීම තවදුරටත් සිහිනයක් පමණි. කෘෂි භෝග මගින් රටේ දළ ජාතික නිෂ්පාදන වලට දක්වන දායකත්වයට සැබෑ වටිනාකමක් තවමත් ලැබී නොමැත.එවැනි තත්ත්වයක් තුළ ව්‍යවස්ථා වෙනසකට වඩා රටේ ආර්ථික ප‍්‍රතිපත්ති වල පැහැදිලි වෙනසක් ජනතාව බලාපොරොත්තු විය. ඊට අමතරව වංචා සහ ¥ෂණ පිටු දකිමින් ඉදිරියට යා හැකි ජන සම්මතවාදි පාලනයක් පිළිබඳ විශ්වාසයද කා තුළත් වූහ. කෙසේ නමුත් පසුගිය ජනවාරි මාසයේ සිට ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය මහජන අදහස් ගැනීම සිදු වෙයි. කොළඹින් ආරම්භ කොට වෙනත් ප‍්‍රදේශ වලට ගොස් මහජන අදහස් විමසීමට කමිටුවක්ද පත් කර තිබේ. නමුත් මේ කමිටුව පිළිබඳ විශ්වාසයක් ජනතාවට නැත.  යාපනයේ සහ මන්නාරමේ ද්‍රවිඩ සංවිධාන වල ඉල්ලීම් වලට මහ ඉහළින් ඇහුම්කම් දුන් මේ කමිටුව යාපනයේ සහ අනුරාධපුරයේ සිංහල ජනතාව සහ වෘත්තිකයන් අදහස් ඉදිරිපත් කරන කල්හි බරපතල බාධා කිරීම් කළ ආකාරය දක්නට ලැබුණි. එයින් ප‍්‍රකට වූයේ රටේ එ්කීය භාවය වෙනස් කිරීමට, ජාතික කොඩියේ සිංහයා ඉවත් කිරීමට මෙන්ම පළාත් සභාවලට වැඩි බලතල ලබා දෙන ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට කමිටුවේ බහුතරයක් කැමැත්තෙන් පසුවන බවයි.සැබවින්ම බොහෝ ප‍්‍රදේශ වල මහජන අදහස්  ප‍්‍රමාණවත් තරම් දක්නට නොමැති විය. දෙමළ සමාජය උනන්දුවෙන් අදහස් ඉදිරිපත් කළද සිංහල සමාජය එලෙස කළ බවක් පෙන්නුම් නොකළහ. එ් මන්ද කියා විමසිය යුතුය.
මෙයට පැහැදිලි හේතුවක් වහයෙන් අපට ගත හැක්කේ රටේ වෙනත් ප‍්‍රශ්ණ මවා එ්වා සාක්ච්ඡුාවට ලක් කර  ගැටෙන්නට ඉඩ සලස්වා තිබීමයි. භික්ෂූන් වහන්සේලා දඩයම් කිරිම එක් කතාවකි. මේ නිසා ජනතාවගේ ඇස්  කන් සියල්ල එ් දෙට හැරී පවතී. එ් නිසා ව්‍යවස්තාව සකස් විය යුතු ආකාරය ගැනි නිසි පරිදි අදහස් ඉදිරපත් වන්නේ නැත. විපක්ෂයේ දෙශපාලඥයන් පවා මේ ගැන උනන්දුවක් නොදැක්වූ බව පෙනේ. ජාතික හෙළ උරුමය පවා තම අදහස් කමිටුවට මෙතෙක් ඉදිරිපත් කළ බවක් දැන ගන්නට නැත. මේ අතර වාරයේ දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමේ සංදර්ශනය නැරඹුවෙමු. මෙයින් ගම්‍ය  වන්නේ කුමක්ද .රජයේ අවශ්‍යතාවයයි. ව්‍යවස්ථාව තුළ ජාතික ගී දෙකක් පැවතීම රජයේ අභිලාශයයි. එය  උතුරේ විග්නෙශවරන් මහ ඇමතිගේ ද අභිලාශය වෙයි. රෙජිනොල්ඞ් කුරේ ආණ්ඩුකාරවරයා ද පසුගිය දා එලෙස ක‍්‍රියාකරනු දක්නට ලැබුණි. එවිට පෙනෙන්නේ නම් ව්‍යවස්ථාව අමුඅමුවේම උල්ලංඝණය කරමින්  කටයුතු කරන්නට වුවද රජය සූදානම් බවයි. එම් නිසා ව්‍යවස්තාව සකස් කිරීමට මහජන අදහස් විමසීම අවංක චේතනාවෙන් කරන්නේ යැයි අපට නොසිතේ. නමුත් සිංහල ජනතාවගේ වැඩි නියෝජනයක් මේ මහජන අදහස් තුළ තිබීම අත්‍යවශ්‍ය  කරුණකි. එසේ නැතහොත් ද්‍රවිඩ සංවිධාන වල අවශ්‍යතාවය වඩාත්ම උනන්දුවෙන් තහවුරු වීම වලක්වාලිය නොහැකිය. 1948-1951 වර්ෂයේ දී කොඩි කාරක සභාව ඉදිරියේ සාක්ෂි දුන් දෙමළ මුස්ලිම් ජනතාවගේ අදහස්  මත පැරණි රාජකීය කොඩියට පටි ගැසීමට තීරණය වීම මෙහිදී මතකයට නැගේ. එහිදී මේ රටේ ඓතිහාසික ජාතිය වූ සිංහලයා පරාජයට පත් වූ බව අමුතුවෙන් පැවසිය යුතු නැත.

One Response to “ව්‍යවස්ථාව ඉරා දමමින් පැමිණි ජාතිවාදී මුට්ටිය”

  1. Jag Says:

    Senevi, you have stated all the facts accurately. This govt is on a mission to suppress Singhalese Buddhists as per the contract they have undertaken from the west, and also grant demands of Tamils to please India.

    They are laying the ground work for another blood bath, without a doubt.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress