මෙන්න මෝදි
Posted on February 29th, 2016

නලින් ද සිල්වා

 
නවසීලන්්ත අගමැති ජෝන් කී ලංකාවට පැමිණ ආපසු ගියේ ය. ඔහු ලංකාවේ සිටි කාලයේ දී දළදා මාළිගාවට ද ගියේ ය. දැන් දැන් ලංකාවට පැමිණෙන සිංහල බෞද්ධ විරෝධීන් දළදා මාළිගාවට යෑම සිරිතක් කරගෙන ඇත. ජෝන් කී පමණක් නොව මානව අයිතිවාසිකම් කුමරු හුසේන් ද දළදා මාළිගාව නැරඹීමට ගියේ ය. මෙය හුදෙක් සිංහල බෞද්ධ සංස්කෘතිය ඇගයීමක් යැයි අපි නො සිතමු. මොවුන් එසේ යන්නේ එක්කෝ සිංහල බෞද්ධයන් රැවටීමට ය. එසේත් නැත්නම් දළදා මාළිගාව වෙනත් සංස්කෘතියකට ගැනීමට ය. අපි විමසිල්ලෙන් සිටිමු. 
 
කෙසේ වෙතත් ජෝන් කී ලංකාවට පැමිණියේ දළදා වැඳීමට නො වේ. ඔහු පැමිණියේ ඊනියා ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ විධායක සභා රැස්වීමකට ය. ජනමාධ්‍යවේදීන්ට ඒ තේරුමක් නො වී ය. ඔවුහු කී සමග දළදා මාළිගාව නැරඹීමට ගීියහ! ඉහත කී ඉහත කීගේ සංගමයේ සාමාජිකයන් වනුයේ ලෝකයේ විවිධ රටවල ඇති දක්‍ෂිණාංශීක, බටහිර යටත්විජිත ගැති දේශපාලන පක්‍ෂ ය. ඇතැම් විට මේ පක්‍ෂ ලිබරල්, නව ලිබරල්, සාම්ප්‍රදායික ආදී විශේ’ෂණ පදවලින් ද හඳුන්වනු ලැබෙයි. මොන නම්වලින් හැඳීන්වුවත් මේ පක්‍ෂ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ හා යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ පක්‍ෂ ය. එ ජා ප මේ සංගමයේ සාමාජිකයකු පමණක් නො වේ. රනිල් වික්‍රමසිංහ සංගමයේ ආසියානු ශාන්තිකර කලාපයේ සභාපති ය. 
 
මේ විධායක සභාවේ දී ඉන්දියාවේ භාරතීය ජනතා පක්‍ෂයට සංවිධානයේ සාමාජිකත්වය දීමට තීරණය විය. වෙනත් අයුරකින් කියන්නේ නම් දේශපාලනය, සංස්කෘතිය හා ආර්ථිකය ලෙස බැලූ කල, ප්‍රතිපත්තිමය වශයෙන් එ ජා පක්‍ෂය හා භාරතීය ජනතා පක්‍ෂය අතර විශාල වෙනසක් නැත. 1980 දී පමණ බිහි වූ භාරතීය ජනතා පක්‍ෂය අද වන විට තම මුල් ප්‍රතිපත්තිවල විකාශය වූ අවස්ථාවකට පැමිණ ඇත. හින්දුත්වය ගැන කතා කළ ද අද භාරතීය ජනතා පක්‍ෂය සඵල වශයෙන් ගත්කල යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ පක්‍ෂයකි. 
 
අපට ඇතැම් විට කල්පනා වනුයේ භාරතීය ජනතා පක්‍ෂය වඩා සමීප ශ්‍රී ල නි පක්‍ෂයට කියා ය. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂය ඒ මරා දැමීමට පෙර ඉහත කී සංගමයේ සාමාජිකයකු වීමට ඉල්ලුම් කළ බවක් දැනගැනීමට නැත. චන්ද්‍රිකා කාලයෙහි දී ශ්‍රී ල නි පක්‍ෂය පීළි පැන්නවීමට වික්ටර් අයිවන්ලා, රාජීිතලා, රෙජිනෝල්ඩ් කුරේලා ආදීන් උත්සාහ කළ ද එය සාර්ථක නො වී ය.  ශ්‍රී ල නි පක්‍ෂය හා භාරතීය ජනතා පක්‍ෂය අතර වෙනසක් වෙයි. ශ්‍රී ල නි පක්‍ෂයේ යටත්විජිත විරෝධයක් වෙයි. සිංහලයන්ගේ මුස්ලිම්වරුන්ට දෙමළ ජනයාට එරෙහිව ජනවාර්ගික විරෝධයක් නැත. සිංහලයන්ට ඒ ජනවර්ග ගැන ඇත්තේ මූලික වශයෙන් ඔවුන්  බටහිරයන්ගේ හා ඉනදියානුවන්ගේ ඒජන්තයන් ලෙස ක්‍රියාකිරමින් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය විශේෂිත සංස්කෘතිය ලෙස නොපිළිගැනීම පිළිබඳ විරෝධයකි. 
 
එහෙත් භාරතීය ජනතා පක්‍ෂය එරට මුස්ලිමුන්ට විරුද්ධ වන්නේ මූලික වශයෙන් යටත්විජිතවාදී ස්ථාවරයක සිට ජනවාර්ගික පදනමකිනි. ශ්‍රී ල නි පක්‍ෂයට චන්ද්‍රිකා සමයේදීවත්, ඇය බටහිරයන් විසින් පුම්බනු ලැබ තිබියදීත්, යටත්විජ්තවාදී පක්‍ෂයක් වීමට නොහැකි විය. මේ වෙනස ඉතා වැදගත් ය. මෝදී එදත් අදත් යටත්විජිතවාදයෙකි. ඔහුගේ මුස්ලිම් විරොධය හා බටහිරයනගේ මුස්ලිම් විරෝධය අතර වෙනසක් නැත. මෝදී යටත්විජිතවාදීව හින්දුත්වය ගැන කතා කරයි. රනිල් හා මෝදී අතර මොන මොන වෙනස්කම් තිබුණත් ඔවුහු මූලික වශයෙන් යටත්විජිතවාදීහු වෙති. අද මෛත්‍රිපපාලට වඩා රනිල් ඉන්දියාවට සමීපවීම පුදුමයක් නො වේ. එක්ටා ගිවිසුම ගැන පන්නන්නේ මෛත්‍රිපාලට වඩා රනිල් ය. බර්ලින් තාප්පය වැටීමෙන් පසු ඉන්දියාවේ සිදු වූ වෙනස්කම් සිංහලයන් විසින් නිසි අධ්‍යයනයකට භාජනය කර නොතිබීම සිංහලයන්ගේ කරුමයකි.    
 
නලින් ද සිල්වා
 
2016 පෙබරවාරි 27

5 Responses to “මෙන්න මෝදි”

  1. Dham Says:

    එසේත් නැත්නම් දළදා මාළිගාව වෙනත් සංස්කෘතියකට ගැනීමට ය.

    One of our chief monks accepted a Koran saying that he would read it and then would teach it to Bauddhayas. නායක හාමුදුරුවෝත් කෝරානය භාරගෙන, එයකිවා, අපටද කියා දෙනවග ප්‍රකාශ කළ සේක​.

    “අද මෛත්‍රිපපාලට වඩා රනිල් ඉන්දියාවට සමීපවීම පුදුමයක් නො වේ. ” I don’t thick so. Both visited Thirupathy following the tradition of previous one who introduced another new Gihi Nikaya of Buddhism. These betrayers do not recite the Gathas with නත්ථිමේ සරණං අන්ඤං.

  2. Dr.K Says:

    ” සිංහලයන්ගේ මුස්ලිම්වරුන්ට දෙමළ ජනයාට එරෙහිව ජනවාර්ගික විරෝධයක් නැත. සිංහලයන්ට ඒ ජනවර්ග ගැන ඇත්තේ මූලික වශයෙන් ඔවුන් බටහිරයන්ගේ හා ඉනදියානුවන්ගේ ඒජන්තයන් ලෙස ක්‍රියාකිරමින් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය විශේෂිත සංස්කෘතිය ලෙස නොපිළිගැනීම පිළිබඳ විරෝධයකි. ”
    ශ්‍රී ලංකාවේ සිංහළ, දෙමළ හා මුස්ලිම් ජන කොටස් අතර අද පවතින ගැටුමහි මුලික පදනම එයයි. ශ්‍රී ලාංකීය දෙමළ හා මුස්ලිම් ජන කොටස් මේ තත්වය අවබෝද කර ගත් දිනක ඔවුන්ද සිංහලයන් හා එක්ව පොදු සතුරාගෙන් රට බේරාගැනීමට උරදෙනු ඇත.

  3. Leela Says:

    මම නම් හිතන්නෙ විදේශ වලින් පැමිනෙන සිංහල බෞද්ධ විරෝධී නායකයන් මල් වට්ටියකුත් උස්සගෙන දළදා මාළිගාවට යන්නෙ කොල පාට කන්නඩි දා ගෙන ඉන්න මහානායකල අන්දවල දිගටම නිදි මතේ තියන්න කියලය්. මොදි හා භාරතීය ජනතා පක්‍ෂයේ ගමන් මග සහ අභිමතාර්ත ගැන සිංහලයට සහ විශේෂයෙන්ම මහානායකලගෙ දැන ගැනීම සඳහා ලිපි පෙලක් ලියන්නේ නම් අපි නලීන්ට ඉමහත්ව කෘතඥ වෙමු.

  4. Lorenzo Says:

    As long as SL is ruled by THIRUPATHY worshiping people, SL is DOOMED.

  5. Dham Says:

    True. Those who worship there are not Buddhists. Their character is tainted with FEAR.

    When very young we recited following Gathas with parents. Now can’t even hear people teaching their kids. These Gathas are in Pali but may not have come from Tripitakas.

    බුද්ධෝ තිලෝක සරණෝ – බුද්ධෝ සුරියෝ තමෝනුදෝ
    ඒවං තං සරණං බේමං – බුද්ධෝ මේ සරණං වරං
    ගච්ඡාමි සරණං බුද්ධං – නත්ති මය්හං භයං සදා

    Buddha is the refuge for (all) three worlds, Buddha is the Sun who brings morning( light to dispel darkness of ignorance)
    Going to refuge of fearlessness of Buddha is my refuge
    Thus, by going refuge of Buddha, I have no fear for ever.
    (Note: words in brackets added to get the meaning proper)

    Our culture teach us how to take huge risks with full mindfulness. “Fearlessness” is achieved through full understanding of “not-self” or selflessness. Just look at the three words අසෝඛං ,විරජං , ඛෙමං , (no sadness, no clinging , no fear) – whole Buddhism is within these words.
    There is no doubt, our culture consist of all tools to fight any adverse force.

    Any fool who is going to Thrupathy, Mecca and Vatican , have not brought up in Sinhala Buddhist Culture and one should not expect them to protect the nation whether they are Southerners, Colombians or Kandians or not. Majority of Southerners are going refuge to MR. MR is going refuge of Thirupathy. Whh ?

    Sinhala Buddhist leader need not go to these places to show solidarity with minorities. Instead they should prove they are 100% honest with them and fair to them. People have matured beyond foolish gestures. Minorities will not vote just because they go and see heads of other religions or pay them money to go to Mecca.

    Buddhism and racism cannot go together. Make no mistake Buddhism does not accept other religions as equal . But it treats all people and even animals exactly the same and never tries to attract people to the religion. It is the only refuge for people of all religions and races.

    Any future leader shall only be bold enough to declare these TRUTH.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress