භාණ්ඩාගාර බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්න. දුෂණ විරෝධී පෙරමුණ ඉල්ලයි.
Posted on May 5th, 2016
රජිත් කීර්ති තෙන්න්කෝන් උපදේශක/දුෂණ විරෝධී පෙරමුණ Executive Director/CaFFE Executive Director/CHR-Sri Lanka2016
ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,
ජනාධිපති මන්දිරය,
කොළඹ.
ගරු ජනාධිපතිතුමනි,
මහ බැංකුව විසින් සිදු කරනු ලැබූ භාණ්ඩාගාර බැදුම්කර නිකුතු සම්බන්ධයෙන් විනිවිද භාවයක් ඇති කර ගැනීම සහ දුෂණ වලක්වාගැනීම සම්බන්ධයෙනි.
මහා භාණ්ඩාගාරය විසින් සිදු කරනු ලැබූ බැදුම්කර නිකුතු සම්බන්ධයෙන් දුෂණ විරෝධී පෙරමුණ අවස්ථා ගණනාවක දී අදාළ පර්ශවයන්හි අවධානය යොමු කොට ඇත. 2015 පෙබරවාරි 27 සහ 2016 අප්‍රේල් 1 දින සිදු කළ භාණ්ඩාගාර බැදුම්කර නිකුතු පිළිබද අප සංවිධානය සිදු කළ නිරීක්ෂණයන් මගින් බලවත් සැක සංකා ගණනාවක් මතු කරනු ලැබීය.
ඉතා අවසනාවන්ත තත්වය නම්, 2015 බැදුම්කර සිදුවීමේ දී පමණක් නොව 2016 අලුත් අවුරුද්දට පෙර බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ද විනිවිදභාවය ඒත්තු ගැන්වීමට මහා භාණ්ඩාගාරයට තවමත් හැකියාවක් ලැබී නොමැතිවීම ය. පළමු බැදුම්කර සිද්ධිය මේ වන විට මුළුමනින්ම පාහේ අමතක කොට දමා ඇත. පසුගිය අප්‍රේල් 4 දින අප විසින් ඔබතුමන්ට ද පිටපතක් සහිතව දෙවන බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයෙන් සිදු කළ විමසීමට මේ දක්වාම පිළිතුරක් හෝ ලැබී නොමැත.
පසුගිය රජය සමයේ දී මහා භාණ්ඩාගාරයේ කටයුතු සම්බන්ධයෙන් අප විසින් දැඩි විවේචණය කරනු ලැබූවේ එහි කටයුතු සම්බන්ධයෙන් කිසිදු වෘත්තීය භාවයක් නොමැතිවීම හා විනිවිද භාවයක් නොමැතිවීම හේතුවෙනි. අද වන විට ලංකාව අති විශාල ණය උගුලක සිර කර තැබීමට එක් හේතුවක් වූවේ මෙවැනි විනිවිද භාවයක් නොමැති ගණුදෙනු ය.
ඔබගේ රජය යටතේ මේ වන විට අවස්ථා 5 ක දී එනම් 2015 එක් අවස්ථාවක දී සහ 2016 දී අවස්ථා 4 ක දී භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කොට ඇත.
පසුගිය අප්‍රේල් 1 දින අවසන් වූ අවසන් බැදුම්කර නිකුතව සම්බන්ධයෙන් දුෂණ විරෝධී පෙරමුණ මතු කළ ‘සැක සංකා නිරාකරණය සදහා කිසිදු පියවරක්‘ රජය විසින් මේ දක්වාම ගෙන නැත.
එහි දී, ඔබතුමන් වෙත ද පිටපතක් සහිතව 2016 අප්‍රේල් මස 7 දින, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් දුෂණ විරෝධී පෙරමුණ පහත නිරීක්ෂණ ඉදිරිපත් කළේය.
- ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් මිලියන 40,000 ක බැදුම්කර සදහා පමණක් නිවේදනයක් නිකුත් කර ඇත.
- 2016 මාර්තු 29 දින බැදුකම් සදහා වන ඉහළ ඉල්ලුමක් ලැබුණේ යැයි සලකමින් රුපියල් මිලියන 80,000 දක්වා ඉහළ බැදුම්කර අලෙවියක් සිදු කරනු ලබයි.
- මෙයින් රුපියල් මිලියන 28,975 ක් අලෙවි වන්නේ වසර 14 මාස 1 ක් සදහා වන රු. 80.52 ක මුදලක් (එනම් 14.23% ඉහළම පොලියක්) සදහාය.
ඉහත නිරීක්ෂණ මත පදනම්ව දුෂණ විරෝධී පෙරමුණ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පහත පැනයන් සදහා පැහැදිලි කිරීමක් අපේක්ෂා කරයි.
- රුපියල් මිලියන 40,000 ක් සදහා නිවේදනයක් නිතුක් කොට රුපියල් මිලියන 80,000 ක බැදුම්කර නිකුත්වක් සිදු කරනු ලද්දේ ඇයි?
- ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා ආර්ථිකයට වැඩිම වියදම්කාරී ලංසුව සදහා එකගත්වය ලබාදුන්නේ ඇයි?
- වසර 14 මාස 1 සදහා ලංසු තැබූ ප්‍රාථමික සමාගම් මොනවාද? ඔවුන් ලබාගත් කොටස් ප්‍රමාණයන් සහ ඒ සදහා වන පොලී අනුපාතයන් මොනවාද?
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොදු ජන යහපත සදහා ඉහත තොරුතුරු හෙළි කොට රාජ්‍යයේ උපරිම අභිවෘද්ධිය සදහා බැදුම්කර නිකුතුව සිදු කර ඇති බව තහවුරු නොකරන්නේ නම් ඒ සදහා මැදිහත්වීමේ වගකීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාරව විධායක ජනාධිපතිවරයා වශයෙන් ඔබතුමන් සතු වේ.
2015 ජනවාරි මස යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව මේ දක්වා සිදු කල භාණ්ඩාගාර බැදුම්කර නිකුතු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සදහා සුදුසුකම් සහිත ජනාධිපති කොමිෂන් සභාවක් හෝ ඔබතුමන් සුදුසු යැයි හැගෙන වෙනත් විමර්ශන යාන්ත්‍රණයක් ඇති කිරීම සදහා කටයුතු කරන මෙන් ඉතා කරුණිකව ඉල්ලා සිටිමු.
මෙයට විශ්වාසී,
පූජ්‍ය උලපනේ සුමංගල හිමි රජිත් කීර්ති තෙන්න්කෝන්
සභාපති/දුෂණ විරෝධී පෙරමුණ උපදේශක/දුෂණ විරෝධී පෙරමුණ
May 5th, 2016 at 7:00 am
බාන්ඩාගාරයේ බැඳුම්කර දූසන නොවේ; වන්චාවන්ය.
May 5th, 2016 at 7:04 am
බාන්ඩාගාරයේ බැඳුම්කර දූසන (corruptiom) නොවේ; වන්චාවන් (fraud)ය.