යුද්ධය නිමා වී අදට අවුරුදු හතයි……!!! -මතකයේ සටහන -2009 මැයි මාසයේ දවසක ජාතික පුවත්පතකමෙසේ සටහන් විය.
Posted on May 19th, 2016

සිළුමිණ පුවත් පතෙනි

මේ දවස උදා වනතෙක් අපි බලා සිටින්නෙමු. මේ අභිමානනීය දවස උදාවන තෙක් අප පමණක් නොව ශ‍්‍රී ලාංකේය ඉතිහාසයම තිස් වසරක් පුරා බලා සිටියේ ය.

කළු අන්ධකාරය මැද තාරකා පෙළක් දිස්වන්නට පටන් ගත්තේ මින් තෙවසරකට පෙර එක් අභියෝගාත්මක දිනයක දී ය. ඒ තාරකා පෙරහර හෙට වීදි බසිනු නිසැක ය. එය ත‍්‍රස්තවාදයේ කළු අන්ධකාරය නියත වශයෙන් ම අවසාන කරනු ඇත.
පියා අහිමිව බිළිඳුන් හැඬූ යුගය අවසාන වනු ඇත. බිරින්දන් කනවැන්දුම් වූ යුගය අවසාන වනු ඇත. පෙම්වතියන් හුදෙකලා වූ යුගය අවසාන වනු ඇත.
විස්සෝපය පළවා හැර සන්තුෂ්ඨියට දොරගුළු විවර වන මොහොතට තුරු මුදුන්හි මල් පිපෙනු ඇත. සියොතුන් සැහැල්ලුවෙන් ගී ගයනු ඇත. ඒ ගී හඬත් බිළිඳුන්ගේ කිරි සිනා හඬත් ශ‍්‍රී ලාංකේය වාතලයේදී එකට මුසුවනු ඇත.
හිරුගේ නව අරුනැල්ල සමඟින් නව ප‍්‍රාර්ථනාවන්හි රශ්මි කදම්බයන් අපේ ජීවිත මතට පතිතවනු නිසැකය.
තිස් වසරක් පුරා හෙලූ කඳුළු… හෙලූ සුසුම්… ඇසුණු අඳෙ¤නා සහ විලාපයන්… නිමා වී සැහැල්ලුවට එන්නට පාර කියාදෙනු ඇත.
ලේ පිපාසිත පිරිබාහරන් ගේ කාලය අවසාන විය. අපේ මවු බිම ලේ වලින් තෙත් කළ සාපය ආත්මයෙන් ආත්මයට ඔහු පසුපසින් ලුහුබඳිනු ඇත.
ප‍්‍රීතියේ දූපත අෙඳ¤නාවේ දූපත බවට පත් කළ ඔහු සහ ඔහුගේ ම්ලේච්ඡ සගයන්ට නියමිත ඉරණම ඔවුන්ගේ හිසමතට කඩා පාත්වී ඇත.
රණවිරුවනි… ඔබ අන්ධකාරය මැද පෑයූ තාරකා පෙළය…
හමුදාපතිවරුනි ඔබ තාරකා පෙළ මැද දිලුණු පහන් තාරකාවන් ය.
ආරක්ෂක ලේකම්තුමනි ඔබ තාරකා පෙළ ඉස්මත්තෙන් පායා ආ සඳු ය.
සේනාධිනායක ජනාධිපතිතුමනි ඔබ අහස් කුස ඒකාලෝක කළ හිරු ය.
ඉතිහාසයේ පිටු තිබෙන්නේ ඔබගේ නම් ලිවීමට ය.
යුද මුක්ත කලාපයේ සිට පලා ආ මිනිසුන්ගේ කර මතින් පැමිණි කුඩා දරුවන්ගේ සතුටු කඳුළු වලින් ඒ නම් පෙළ ඉතිහාසයේ ලියැවෙනු ඇත. ඔවුන්ගේ සිනා මල් වලින් විහිදෙන සිනා සුවඳ ඔබ ගේ ජීවිතයට ආශිර්වාදයක් වනු ඇත.
ඔවුන් ගේ හදවත් සියල්ලම එකම සෙල් ලිපියක් වනු ඇත. ඒ සෙල් ලිපියේ අභීත සේනාධිනායකයාගේ සිත වීරෝදාර රණවිරුවා දක්වා වූ නම් පෙළක් සදා නොමැකෙන සේ සටහන් වනු ඇත. ඒ නම් පෙළට යටින් මෙවන් වදන් පෙළක් ද සටහන් වනු ඇත.
ඉතිහාසය විසින් ඔබට පවරන ලද වගකීම සහ යුතුකම ඔබ ඉටු කරන ලද්දෙහිය. මාතෘ භූමිය අපේ ප‍්‍රාණයයි. මාතෘ භූමිය රැක ගැනීමේ වගකීම ඉතිහාසය විසින් ඔබට පවරන ලද්දේ ඔබේ ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය මෙන් ම අදීනත්වය සහ කැපකිරීම් ගැන අචල විශ්වාසයක් තැබූ හෙයිනි.
සේනාධිනායකයාණනි, ආරක්ෂක ලේකම් තුමනි, සෙන්පතිවරුනි, රණවිරුවනි මේ මවුබිම ඔබට සදා ණය ගැති ය. මතු උපදින දරුවන් ඔබට නමස්කාර කරනු ඇත. ඔවුන්ගේ ආත්මය ඉදිරියේ ඔබ පූජනීයත්වයට පත්ව ඇත.
මන්ද ඔබ ඔවුන්ට ජීවත්වීම සඳහා දේශයක් ඉතිරි කළ බැවිනි.
සේනාධිනායකයාණනි, ඔබ සියලු රැළි දරා ගනිමින් වෙරළක් සේ නොසැලී සිටියෙහි ය. ඉතිහාසයේ අන්ධකාරය මැද ඔබ හිරු සේ සිටියෙහි ය. ඉන්ද්‍රඛීලයක් සේ නොසැළුණු ඔබේ හදවතට ස්තුති වේවා! ඔබේ ආත්ම ශක්තිය හා ආත්ම විශ්වාසය අපේ ඉතිහාසය යළි නිර්මාණය කෙළේය.
මතු පරපුරට දායාද කරන්නට නිදහස් ඒකීය රටක් ඔබ ඉතිරි කෙළෙහිය. ශී‍්‍ර ලාංකේය ඉතිහාසය ඔබට ආචාර කරනු නිසැකය.
සිළුමිණ පුවත් පතෙනි

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress