හමුදාවේ ජීවගුණය මෙතරම් සිඳින්නේ ඇයි.. මහ ඇමති රණවිරුවන්ට අපහාස කලාට මහින්දට රිදේ..
Posted on May 26th, 2016

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

නාමුක හමුදා නාලධාරියෙකුට නැගෙනහිර මහ ඇමති ප‍්‍රසිද්ධියේ බැණ වැදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පල කරයි.

ඒ සම්බන්ධයෙන් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

සාම්පූර් ප‍්‍රදේශයේ පැවැත්වූ ප‍්‍රසිද්ධ රැස්වීමකදී නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා විසින් නාවික හමුදාවේ උසස් නිළධාරියෙකුට ඉතා පහත් ආකාරයට බැණවදින වීඩියෝ පටයක් අද මුළු රටේම අවධානයට ලක්වී ඇත. මේ වීඩියෝ පටය ප‍්‍රසිද්ධ ජනමාධ්‍යවල මෙන්ම සමාජ ජාල ඔස්සේ ද ප‍්‍රචාරය වී ඇත. මේ අසෝබන සිද්ධිය ඇමරිකානු තානාපතිවරයා ඉදිරියේ සිදුවීමෙන් මෙහි බරපතල බව තවත් තීව‍්‍ර වේ. වේදිකාව මත තමන්ට හිමි තැන ගැන ආරවුලක් ඇති කරගන්නා මහ ඇමතිවරයා, එවැනි කාරණා ගැන වගකිව යුතු නැති නාවුක හමුදා නිළධාරියාට ඉතා පහත් ලෙස යනව යන්න මෙතනින්”,”මුග්ධයා””කට වහගන්නවා”යනාදි වශයෙන් ඉංග‍්‍රීසි බසින් නැවත නැවත නැවතත් බැණ වදින ආකාරය වීඩියෝ පටයේ සටහන් වී ඇත.

මීට කලින් අවස්ථාවකදී දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයන් පිරිසක් හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධියක් ගැන ආන්දෝලනයක් ඇති වූ විට, ආණ්ඩුව එය සුළු සිද්ධියක් ලෙස හුවා දක්වා ඒ ගැන කිසිදු පියවරක් නොගෙන සිටියේය. දැන් මේ ඊට සමාන දෙවැනි සිද්ධියයි. උතුරේ සිදු වීමත්, සාම්පූර්වල සිදුවීමත් යන දෙකම ලංකාවේ මොන පළාතකවත් සිදු නොවිය යුතු සිදුවීම් ය. මොන පළාතකවත් දේශපාලනඥයන් පූර්ව අවසරයක් හෝ දැනුම්දීමක් නොමැතිව හමුදා කඳවුරකට ඇතුළු නොවිය යුතුය. මොන පළාතකවත් දේශපාලනඥයන් ආරක්‍ෂක හමුදා නිළධාරියෙකුට නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා ප‍්‍රසිද්ධ වේදිකාවේ දී කථා කළ ආකාරයට කථා නොකළ යුතුය.

මේ රට ත‍්‍රස්තවාදයෙන් බේරාගත් ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ට මේ ආකාරයට දේශපාලන බළධාරීන් විසින් සිතා මතා අවමන් කිරීම නතර විය යුතුය. මේ නවතම සිද්ධිය පසුගිය වසරේ ජනවාරියේ සිට ආරම්භ වූ රණවිරුවන්ගේ ජීවගුණය බිඳ දැමීමේ වැඩපිළිවෙළේ තවත් අදියරක් දැයි සාධාරණ සැකයක් අපි තුළ ඇති වී තිබේ. කලින් උතුරේ ඇති වූ සිද්ධියත් සුළු කොට පෙන්වා යට ගැසූ ආකාරයට සාම්පූර් සිද්ධියත් යට නොගසන මෙන් මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි.

නැගෙනහිර පළාත් මහ ඇමතිවරයාගේ ක‍්‍රියා කලාපය ගැන විධිමත් ලෙස සොයා බලා මෙවැනි සිද්ධීන් නැවත ලංකාවේ මොන පළාතකවත් ඇති නොවන තැනට වග බලා ගැනීම ආණ්ඩුවේ යුතුකම වේ.

මහින්ද රාජපක්‍ෂ පා.ම
හිටපු ජනාධිපති

2 Responses to “හමුදාවේ ජීවගුණය මෙතරම් සිඳින්නේ ඇයි.. මහ ඇමති රණවිරුවන්ට අපහාස කලාට මහින්දට රිදේ..”

  1. Christie Says:

    “මේ අසෝබන සිද්ධිය ඇමරිකානු තානාපතිවරයා ඉදිරියේ සිදුවීමෙන් මෙහි බරපතල බව තවත් තීව‍්‍ර වේ. ” If this guy is the Indian guy then it is the reason why CM scolded the Navy Officer. The US Highcommissioner is an Indian vermin from the US. He is not an Inuit or a Red Indian.

  2. Ratanapala Says:

    Meka thamai kiyanne Urage malu ura udama thiyala kapanawa kiyala. That is why they are using Indian vermin like Biswas and now this excuse for a latrine to represent the US.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress