විරමණය (වේරමනී } හා රමණය
Posted on June 1st, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

කාමලෝකයෙන් අපව මුදවා ගැනීමේ අරමුණ පෙරදැරි කරගත් බුදුදහම අන් සියලු ලෞකික විද්‍යාවන්ගෙන් වෙනස් වන්නේ ඒ සියලු ලෞකික විද්‍යා වන්ගේ අරමුණ ජීවිතය බදා ගැනීමට එය රස විඳීමට  එය රමණය කිරීමට අප යොමුකිරීම නිසාය නැකත් බලන්නේ  හා ගුප්තවිද්යා පසුපස යන්නේ ජීවිතය වඩාත් සුබදායක කරගෙන ආශ්වාදයන් විඳින්නට ඉඩ ලබාගනු සඳහායවිනය ලබාදෙන විද්‍යාව ජීවිතය දේ දුනු වර්ණයෙන් සරසන්නේ නැති නිසා විනය ගැන තැකීමක් නොකරන ඉහල පෙලේ ආර්ථික ශක්  ති යක් පමණක් ලබාදෙන හා ආශ්‍රවයන් වර්ධනය කරගැනීමට උපකාරීවන    ‘විද්‍යාවක් ‘ ලෝකයාට දැන් වැදගත්වී ඇත .  මේ සියලු ලෞකික විද්‍යා බෞද්ධයින්  ට වඩා අන් ලබ්ධිකයන්ට ඉතා වැදගත්ය . බොහෝ ථෙරවාදී බෞද්ධයෝ මේ ලෞකික විද්‍යාවන් පසුපස ගියද එසේ යන්නේ  නොයා බැරි කමට ය . ඒවායේ ඇති ආධ්‍යාත්මික වැදගත්කමක් නැති බව දන ගෙනමය   පාසල් යන ළමයා    පාසලේදී උදේ  ”වේරමනී ”’ කියන දේම දවල්  තිස්සේ ඇඟට ජීර්ණ කර ගන්න උත්සාහ ගන්නේ  එසේ නොකර ජීවත් වීමට නොහැකි තත්වයක් උදාකර ඇති නිසාය හොඳ මිනිහෙක් වීමට වඩා ලොකු මිනිහෙක් වීමට  අවශ්‍ය දේ උගත යුතු නිසාය
                                                        ලෞකික විද්‍යාවන්ගේ නව නිපැයුම්  නිරන්තරයෙන් බිහිවෙය් දවසින් දවස  ජීවිතය වඩවඩාත් ආස්වාද කිරීමට නැති ආශ්‍රවයන් ඇති කර ගැනීමට හා ඇති ආශ්‍රවයන් වර්ධනය කරගැනීමට  මේ නිපැයුම් අපව පොලම්බවය් . එහෙත් බුදු දහමේ ඉගැන්වීම්  අපව යොමුකරන්නේ මේ ලෞකික ආශ්වාදයන් කෙරෙන්  විරමණය කරවීම සඳහාය . බෞද්ධයෝ විරමණය  සිත්හි තබාගෙන තම තමන්ගේ ශක්ති පමණින් ලෝකය කෙරෙහි රමණය වීමෙන් වැළකෙන්නට උත්සාහ කරති පරලොවක් ගැන හෝ තිලක්ඛනය ගැන හෝ චතුරාර්ය සත්‍යය හෝ එක රේඛීය  චි න්තනය හෝ චතුස්කෝටිකය ගැන නොදන්නා ආත්මවාදීන්ට විරමණය යන්න විහිළුවකි බෞධ්ධයන්ගේ දහම හා ඔවුන්ගේ දහම මෙන් ම ඒ එකිනෙකාගේ  සංස්කෘතියත්  මේ අනුව වෙනස් ය .
                                         අකල්හි හෝ නොකල්හි දෙවියෝ රම ණය කරන විට අකල්  වැ හි ,අකල් උෂ්ණ අකල් සීත  ඇතිවෙන බව  සමහර  බෞද්ධයන් අතර විශ්වාසයක් ඇත . රමණය යනු  ”සංසර්ගය හෝ ස්ත්‍රී පුරුෂ සම්භෝගයම නොවේ කාමභෝගී ජීවිතයට වඩවඩාත් ආසක්ත වීම බැඳීම එහිමගිලී රසවිඳීම   රමණය වීමය් දෙවියෝ මිනිසුන්ටත් වඩා  කාම භෝගී ජීවිත ගතකරන්න වුන්ය  .මිනිස් ලෝවද  එවන් ”’දෙවියෝ ”’ ඇත .ඔවුහු කිසිදු චාරයක් නැතිව කම්සුව විඳිති පරිසරය ගැන තැකීමක් නැත . තම සැ පය සලකා මුළු පරිසරයම විනාශ කරමින් විද්‍යාව උපයෝගී කරගෙන තව තවත් සැප දෙන දේ නිපදවති  එවිට පරිසරය අසහනයට පත්වේ  සතරමහා භූතයෝ කෝප පවෙති එවිට  අකල් වැහි අකල් උෂ්ණ අකල් සීත ඇතිවේමගුල් තුලා වලදී හා අනෙකුත් උත්සව වලදී කාබීනටන විට දරුවන්ට  නිදාගන්නට නැත සිසුන්ට පාඩම් කිරීමට නොහැක  ලෙඩුන්ට අසහනය දෙය් දෙසැම්බර් 31 දින ගිනිකෙළි නිසා කන් අ ඩි පැ ලෙන බයෙන් ගැහෙන පිස්සු වැටෙන අහිංසක බල්ලෝ බළල්ලු  ලක්ෂ ගණනකි  .මේ   රමණයේ ප්‍රති පලවේ
                                         එනිසා මේ බෞද්ධ විශ්වාසය ගැන ටිකක් විමසා බලමුද     

 

15 Responses to “විරමණය (වේරමනී } හා රමණය”

  1. Dham Says:

    රමණී සොබා රමණී සොබා
    සිරි ආනන්දේනි හද පාවේ පාවේ
    ආනන්දේනි හද පිනවාවී
    ඔබ මාගේ ප්‍රියාවී සසරේ පවා
    ආලේ සදාකල් පවතීවා//

    සුර ලෝකෙ ප්‍රසාදේ ඒය ගලා
    තිර ආලේ නිසා අප පූජා ප්‍රියේ
    හා හා පූජා ප්‍රියේ
    අන්න සුදෝ අර පාට වලා
    සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේහා… ප්‍රීතී කෙරේ
    හා… ප්‍රීතී කෙරේ

  2. Christie Says:

    “එනිසා මේ බෞද්ධ විශ්වාසය ගැන ටිකක් විමසා බලමුද”

    ඹොදුව විස්වාසය මත ගොඩනැගූවක් නොවේ.

    කාමය අතහරින්නන්ට පැවිදි විය හැක.

    ගිහියන්ට කාමය තහනම් නැත.

    Budhdism is not based on a set of belief.

    Those who want to give up pleasure could leave lay life and be monks.

    Lay people are not banned from enjoying life.

    Dham, the song you are referring to comes from a film made by Indian colonial parasites as part of brainwashing of Sinhalese by the Indian Imperialists.

  3. Dham Says:

    “බෞද්ධ​” කියන ජන සමූහයට “විශ්වාසයන්” ඇත​. ඒවා අපේ සංස්කෘතික අංගවේ. එහෙත් ඒවා 100%ක් බුදුදහමේ කියා ඇති දේවල් වීමට හෝ නොවීමට පුලුවන​.
    පැවිද්දන් ගේ මග සීල​, සමාධි, ප්‍රඥා අනුපිලිවෙතයි. ගිහියට එයෙ , දාන , සීල භාවනා වේ.
    බුදු වීමට විශ්වාස අවශ්‍ය නැත​. එහෙත් රහත් වීමට ශ්‍රද්ධාව අවශ්‍යය​. කල්‍යාණ මිත්‍ර සංගමයක් අත්‍යාවශ්‍ය යයි බුදුරජුන් පැවසූ සේක​. ඒ නිසා අප සැමට ශ්‍රද්ධාව ( යනු තරමක් දුරට විශ්වාසයකි) නැතුව බොදු මෙගේ ඉදිරියට යා නොහැක​.කිත්සිරි අවමන් කිරීමට පෙර ඉගෙනගෙන් ඉන්න​.

    සංගීතය “රමණ” යේ ඉතාම වැදගත් අංගයකි. I like Indian Colonial Parasite Music. Our Hela music is not beautiful as Hindustan music. What can we do ? It is the way it is.

  4. NeelaMahaYoda Says:

    ථෙරවාදී බෞද්ධයෝහෝ වේවා, මහායාන බෞද්ධයෝහෝ වේවා, ඕල්කොට් බෞද්ධයෝහෝ වේවා මොවුන් සංසාරයේ නිමා නොවී කාම භවයට බැද තබනු ලබන්නේ කාම රාග නැමැති ලෝකයන්හි ඉපදීමට ඇති ආශාව සහිතවු සංයෝජනයයි. එය සාමාන්‍ය පුද්ගලයින් හෙවත් පෘතක්ජනයා වන ඔබගේත් මගෙත් සිත්සතන්හි පවත්නාවූ දස සංයෝජන වලින් එකකි. නවීන විද්‍යාව ප්‍රතික්ශේපකර ලෝකය ගල්යුගකයට ඇද දැමූවත් ඔබෙත් මගෙත් සිත්වලින් කාම රාග සංයෝජනය නැතිකල නොහැක. එය කල හැක්කේ විදර්ශනා භාවනායෝගීව ඤාන දස්සන විසුද්ධිය ලභා තමාගේම සන්තානයේ අනුලෝම ඤානය ඇතිකර අනාගාමි මාර්ග ඤානය ලබාගැනීමෙන් පමනි. කොතරම්හෝ නවීන විද්‍යාවට බැටදීමෙන් හෝ ද්වේෂකිරීමෙන් මෙම ඤානය ලබාගැනීමට නොහැක

  5. Christie Says:

    “What can we do ? It is the way it is.”

    I know how powerful the Indian imperialists and Indian colonial parasites are. That does not mean I have to like their music or think theirs is more beautiful than Sinhala music.

    We can only tru to free ourselves from the Indian imperialists.

  6. Senevirath Says:

    අකල් රමණය යන්න විකල් ප්‍රතිඵල දෙන බව බුදු හිමියන් දෙසු තැනක් තිබේද යන්නය් ප්‍රශ්නය වුයේ
    අකල් රමණය වරදවා හැසිරීම යන්නට සමානද අවිද්‍යාව තන්හාව ආදිය නැතිකරන ක්‍රමය බොහෝ ය දනිති ප්‍රශ්නය නම් නිවන් අවබෝධය ට අවශ්‍ය භාවනාවට යොමුවීම අපහසු කරවන දේවලුත් තිබීමය් ඒවායින් ඈත්වීමට යමෙක් උත්සාහකිරීම ගල්යුගයට යාමක් නොවෙය .මගහැරීමට උත්සාහ කිරීමක් .ක්‍රිස්ටිගේ බුද්ධාගම අනුව නිවන් සාක්ෂාත් කරගැනීමට තන්හා ආශා ඈත කරන ය මහන විය යුතුය් . අය්යෝ එතකොට බෞද්ධ ගිහියන්ට වෙන්නේ මොකක්ද බෞද්ධ ගිහිවත පැවිදි වතට ගොඩක් කිට්ටුය් අනෙල් ලබ්ධීන්වල ගිහිවතට වඩා . එසේවන්නේ ඒ ගිහියනුත් නියම මාර්ගයට ගනීමටය් න්ම්ය් කරුණු දන්නවා අපහාස උපහාස නැතුව සංවාදයේ යෙදෙමු නැත්නම් ලංකා වෙබ් එකට හොඳ නැහැ

  7. Dham Says:

    නිවන් මගට බෞද්ධයා පිවිසෙන්නේ ආස්වාද​, ආදීනව​, නිස්සරණ යන් අනු පිලිවලට යි. ආසිවාදයෙන් තොරව එහි ආදිනව දැකීමට අපහසුය​. ආස්වාදය විඳිමින් ( අනිවාර්‍යයෙන්ම් දුක් ද විඳීමට සිදුවේ) දිගටම සිටීමෙන් නිවන් දැකිය නොහැක​. උපතින්ම අන් ධයාට නිවන් දැකිය නොහැකැයි කියන්නේ ඇසේ ආස්වාදය කවදාවත් විඳ නැති බැවිනි.
    ආස්වාදයේ ආදීනව දැක නිස්සරණයට යොමුවීමින් නිවන් දැකිය හැක​.ප්‍රශ්නය වන්නේ, නවීන විද්‍යාව ආදීනව දැකීමට හරස් වන්නේ ද යන්නයි.මගේ අදහස , උත්තරය ඔව් සහ නෑ දෙකමය​. සමහර දේවල් වලට ඇබ්බැහිවීමෙන් ( උදාහරණයක් ලෙස මා දැන් කරන් දේ) කාලය අඩුවීයයි. වැඩ බහුල වී යයි. එහෙත් බනක් ඇසීමට පැය හතරක් පයින් යනවාට වඩා පැය භාගයකින් කාර් එකක යාමෙන් එය ආදීනව දැකීමට උදවු වෙයි. මේ සියල්ල සිදුවන්නේ ප්‍රඥාවේ තරමටය​. ඉතින් විද්‍යාවට බැනීමෙන් පලක් නැත​.

  8. NeelaMahaYoda Says:

    උපතින්ම අන් ධයාට නිවන් දැකිය නොහැකැයි කියන්නේ කවුද?

    බුදුදහමේ කියන පරිදි නිවන් යෑමේ එකම මග සතර සතිපට්ඨානයි, කායානුපස්සනා සතිපට්ඨානය,වේදනානුපස්, චිත්තානුපස්සනා සතිපට්ඨානය සහ ධම්මානුපස්සනා සතිපට්ඨානය යන මේ එකකටවත් චක්කු විංඥානය අනවශ්යයි

    සමත භාව්නාවටත් චක්කු විංඥානය නැතිව ආනාපාන සති භාවනාවෙන් පමනක් ධ්යාන සතරටම සමවැදිය හැක.

    විදර්ශනාවෙන් අවිද්යාව ප්රහීණ කිරීමට සහ නිර්වාණ අවබෝධය සදහා අවශ්ය සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කංඛාවිතාරණ විසුද්ධි, මග්ගාමග්ගඤාණ දස්සන විසුද්ධි, පටිපදා ඤාණ දස්සන විසුද්ධි, ඤාණ දස්සන විසුද්ධි, යන විසුද්ධි ලබාගැනිමටද චක්කු විංඥානය අවශ්යනැත.

  9. Dham Says:

    NMY,
    සමත භාව්නාවටත් චක්කු විංඥානය නැතිව ආනාපාන සති භාවනාවෙන් පමනක් ධ්යාන සතරටම සමවැදිය හැක. – yes, but not sure how all the visuddhis you wrote can be made with seeing people of old age, the dead and other endless suffering with no vision.
    How about a person who is both blind and deaf at birth, then he can’t read or hear Dhamma, thus unable to become an arahant. ( unless use science to gain vision and hearing).

  10. NeelaMahaYoda Says:

    Thanks to modern science, there are number of methods available for communicating with deaf and dumb and totally blind people. In Sri Lanka Brail reading method is very popular among blind people and even in UK we had an Education Minister who is totally blind. In Buddhism we do not discriminate these people who are born with defects in their sensory organs. .

    The teaching methods for the deaf and dumb with speech therapy, lip-reading and language skills are so advanced that people in the third world countries can get access to them

    Some deaf-blind people use a Screen Braille Communicator (SBC). This is a small, portable device that enables them to communicate with sighted people. The device has a QWERTY keyboard wotj an LCD display on one side, and an eight-cell braille display on the other side. The sighted person types short text on the QWERTY keyboard. The deaf-blind person reads the printed text by placing his or her fingers on the braille display. He or she then uses the braille display to type back text. The sighted person can read the text on the LCD display.

    In Sri Lanka there is a well-known school for Blind Deaf and dumb people at Ratmalana. I have donated money for that school recently.

    Regarding විදර්ශනා භාවනාව Insight Meditation
    නිර්වාණ අවබෝධය සදහා ක්රියාත්මක වීම බෞද්ධ භාවනාවේ අවසාන අරමුණයි. ඒ සදහා විශේෂයෙන් ම ඉවහල් වන්නේ විදර්ශනා භාවනාවයි.
    විදර්ශනා භාවනාවෙහි යෙදෙනවිට දෙඇස් වසා චක්කු විංඥානයෙන් තොරව භාවනාවෙහි යෙදිය යුතුය

    සීල විසුද්ධි, Purification of virtue
    ප්රාතිමෝක්ෂ සංවර සීලය, Virtue regarding restraint according to the Patimokkha, ශික්ෂාපද ශීලය යි.
    ඉන්ද්රිය සංවර සීලය, Virtue regarding restraint of the sense faculties, ඇස් කන් නාසාදී ඉන්ද්රියයන් ගේ මාර්ගයෙන් තමාගේ චිත්තසන්තානයෙහි රාගාදී ක්ලේශයන් පහළ වන්නට ඉඩ නො දී ඉන්ද්රියයන් සංවර කැරැ ගන්නා ශීලය යි.
    ආජීව පාරිසුද්ධි සීලය, Virtue consisting in purity of livelihood, ධාර්මිකාජීවය සඳහා පනවන ලද ශික්ෂාපදයන් නො ඉක්මවමින් ඉතා පිරිසිදු වැ ජීවත් වීමෙන් ඇතිවන සංවරය – හීලෑකම – තැන්පත් කම නම් වූ ශීලය ය.
    ප්රත්ය සන්නි ශිත සීලයයන, virtue connected with the use of the requisites සිවුපස පරිභෝග කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය නිසි ලෙස සිතා නිසි ලෙස යොදා ආහාර පානාදිය ගැනීමෙන් ඇතිවන සංවරය යි. ශීල විශුද්ධිය සම්පූර්‍ණ වීමට චතුපාරිශුද්ධි ශීලයෙන් සිල්වත් විය යුතු බව මෙයින් පැහැදිලි වෙයි. ගිහි අය වුව ද පඤ්ච ශීලයට වඩා උසස් ශීලයෙකින් හා ආජීවයෙකින් යුක්තවිය යුතු ය.

    චිත්ත විසුද්ධි, Purification of mind
    සිත කිලිටි කරන කාමචිචන්ද ආදි නීවරණයන්ට සිතට ඇතුළුවන්නට ඉඩ නොදී සිත භාවනා අරමුණෙහිම පවත්වා ගැනීමට උපකාරිවන බලවත් සමාධිය චිත්ත විසුද්ධියයි.
    රූපාවචර ධ්යාන සතරත් , අරූපාවචර ධ්යාන සතරත් යන අෂ්ට සමාපත්තිහු සමථ භාවනාවක් වන ආනාපාන සති භාවනාවෙන් පමනක් චක්කු විංඥානය නැතිව සමවැදිය හැක.

    දිට්ඨි විසුද්ධි, Purification of View
    පංචස්කන්ධය හෙවත් නාම රූප ධර්මයන් ඇති සැටියෙන් දකින්නාවු එමෙන් ම ආත්ම දෘෂ්ටිය දුරු කරන්නාවු ඤාණය දිට්ඨි විසුද්ධියයි
    නාමරූප ධර්මයන් පිරිසිඳැ දනිමින් භාවනා කරන්නා හට නාමරූප ධර්මයන් සත්ත්වයන් පුද්ගලයන් නොවන බවත් නාම රූප ධර්මයන්ගෙන් අන්ය වූ සත්ත්වයකු හෝ පුද්ගලයකු හෝ නැති බවත් හොඳින් මැ වැටහෙනුවා ඇත.
    චක්කු විංඥානය දිට්ඨි විසුද්ධි සඳහා අවශ්ය නැත

    කංඛාවිතාරණ විසුද්ධි, Purification by overcoming doubt
    විදර්ශනා භාවනාව වඩන යෝගාවචරයවා විසින් ද නාම රූප ධර්මයන්ගේ හේතු ප්රත්ය සෙවීමෙහිද යෙදිය යුතු ය. මෙසේ බලන විට මේ පඤචස්කන්ධය අතීතයෙහි වීද, අනාගතයෙකත් වන්නේ ද ආදි වශයෙන් පවත්නා සැක දුරු වෙයි. එය කංඛාවිතරණ විසුද්ධියයි. චක්කු විංඥානය කංඛාවිතාරණ විසුද්ධි සඳහා අවශ්ය නැත
    මග්ගාමග්ගඤාණ දස්සන විසුද්ධි, Purification by knowledge and vision of path and not path
    විදර්ශනා භාවනාවෙහි යෙදි සිටින යෝගවචරයාට ආලොක ආදි උපක්ලේශයන් පහළ වීමෙන් නිර්වාණගාමී මාර්ගය වැරදිය හැකි ය. ඔහුට නිර්වාණගාමී මාර්ගය කුමක් ද? අමාර්මය කුමක් දැයි වැටහෙයි. ආලෝක ආදියට මුළා නොවෙයි. මෙය මග්ගා මග්ග ඤාණ දස්සන විසුද්ධියයි
    චක්කු විංඥානය මග්ගාමග්ගඤාණ දස්සන විසුද්ධි සඳහා අවශ්ය නැත

    පටිපදා ඤාණ දස්සන විසුද්ධි, Purification by knowledge and vision of the way.
    සත්ත විසුද්ධියෙහි අවසාන විසුද්ධිය වන ඤාණ දස්සන විසුද්ධියට පටිපදා වශයෙන් පවතින බැවින් ඉහත කී ඤාණයන් පටිපදා ඤාණ දස්සන විසුද්ධිය නමි වෙයි.

    1.උදයබ්බයානුපස්සනාඤාණය – ස්කන්ධාදීන්ගේ උදයව්‍යය – ඇතිවීම නැතිවීම පිරිසිඳැ දක්නා නුවණ යි.
    2. භංගානුපස්සනා ඤාණය – ස්කන්ධාදීන්ගේ භඞ්ගය විනාශය නැතිවීම පිරිසිඳැ දක්නා නුවණ යි.
    3. භයතුපට්ඨාන ඤාණය – සංස්කාරයන් භය වශයෙන් වැටහෙන්නා වූ නුවණ යි.
    4. ආදීනවානුදස්සන ඤාණය – සංස්කාරයන්ගේ දෝෂ දක්නා නුවණ ය.
    5. නිබ්බිදානුපස්සනා ඤාණය – සංස්කාරයන් හට කලකිරීම් වශයෙන් පහළ වන නුවණ යි.
    6. මුඤ්චිතුකම්‍යතා ඤාණය – සංස්කාරධර්ම නමැති සංස්කාරයෙන් මිදෙනු කැමති වීම වශයෙන් පහළ වන නුවනයි.
    7. පටිසංඛානුපස්සනා ඤාණය – සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්‍ෂණ විස්තර වශයෙන් දක්නා නුවණ යි. මේ ඥානය ඇතිකර ගනු පිනිස ත්රිලක්ෂණ භාවනාව කළ යුතුය.( සංස්කාරයෝ, අනිත්යයෝය, දුඃඛයෝය,අනාත්මයෝය)
    8. සංඛාරුපෙක්ඛා ඤාණය – සංස්කාරයන් මධ්‍යස්ථ වශයෙන් දක්නා නුවණ යි. සංස්කාරෝපේක්ෂා ඥානය ලැබිය යුත්තේ සංස්කාරයන්ගේ ශුන්යතාව සම්මර්ශනය කිරීමෙනි. ද්විකෝටික චතුෂ්කෝටිකාදී ක්රමවලින් සංස්කාරයන්ගේ ශුන්යතාව හෙවත් අනාත්ම ලක්ෂණය සම්මර්ශනය කලයුතුය. ද්විකෝටික චතුෂ්කෝටිකාදී අනේක ක්රමවලින් සංස්කාරයන්ගේ ආත්ම ශුන්යතාව බලා ප්රතිසංඛ්යානුදර්ශන ඥානය තියුනු කළකල්හි සක්කායදෘෂ්ටිය දුරුවෙත්.
    කෙලෙසුන්ගෙන් මුළුමනින්ම මීදීම විමොක්ෂ (විමොක්ඛ) නමි. සූඤ්ඤත විමොක්ඛ මුඛ, අනිමිත්ත විමොක්ඛමුඛ, අප්රණීහිත විමොක්ඛ මුඛ යනු කෙළෙසුන්ගෙන් මිදෙන දොරටුවයි.
    අනිත්ය දර්ශන ඤානයෙන් කෙලෙසුන්ගේ උත්පත්තියට හේතුවන සංස්කාර නිමිත්ත බිඳලීම් වශයෙන් බැහැරකිරීම් වශයෙන් ලෝකෝත්තර මාර්ගයාගේ උත්පත්තිය සිදු කරවන බැවින් අනිමිත්තනුපස්සනා නම්වූ විමෝක්ෂ මුඛය වන්නේය. ඒ අනිමිත්තනුපස්සනාව නිසා එයට අනුව උපන් ලෝකෝත්තර මාර්ගයද අනිමිත්ත විමොක්ෂය නම් වේ.
    දුඃඛානුපස්සනා ඤානයෙන් සංස්කාරයන් පිලිබද ඇල්ම (ප්රණිධිය ) බිඳලීම් වශයෙන් ලෝකෝත්තර මාර්ගෞත්පත්තිය සිදු කරවන බැවින් ඒ දුඃඛානුපස්සනාව අප්රණිහිතානුපස්සනා නම්වූ විමෝක්ෂ මුඛය වන්නේය. ඒ අප්රණිහිතානුපස්සනා නිසා එයට අනුව උපන් ලෝකෝත්තර මාර්ගයද අප්රණිහිත විමොක්ෂය නම් වේ.
    බලවත්වූ අනාත්ම දර්ශන ඤානයෙන් සංස්කාරයන්ගේ ආත්ම ශුන්යත්වය දැක කෙලෙසුන් නසා ලෝකෝත්තර මාර්ගයට පමුණුවන බැවින් සුඤ්ඤතානු පස්සනා නම්වූ විමෝක්ෂමුඛය වේ. ඒ හේතුකොට එයට අනුව උපන් ලෝකෝත්තර මාර්ගය ශුන්යතා විමෝක්ෂ නම් වේ.
    9. සච්චානුලොම ඤාණය – මාර්‍ගචිත්තයනට අනුලෝම වූ නුවණ යි.
    සංස්කාරෝපේක්ෂා ඤානයෙන් ත්රිලක්ෂණය නැවත නැවත බැලීම හැර අනුලෝම ඤානය සඳහා වෙන කළයුතු විශේෂ භාවනාවක් නැත. ඒ සංස්කාරෝපේක්ෂා ඤානයෙන් සම්මර්ශන්ය කල පරිදි සංස්කාරය අනිත්යයකියා හෝ දුකය කියාහෝ අනාත්මය කියා හෝ අරමුනුකරමින් මනෝද්වාරාවජ්ජන චිත්ත උපදින්නේය. ඉන්පසු පරිකර්ම ජවන, උපචාර ජවන සහ අනුලෝම ඤානය යන ජවන චිත්තයන්ගෙන් අවසානයෙන් ගෝත්රභුඤානයට පැමිනීමෙන් ව්යුත්ථානගාමිනී විදර්ශනාවගේ අවසානය වන්නේය.

    මේ නව මහාවිදර්‍ශනඥානයන් පිළිවෙළින් පහළ වීමෙන් පටිපදාඤාණදස්සන විසුද්ධිය සම්පූර්‍ණ වේ.

    ඤාණ දස්සන විසුද්ධි, Purification by knowledge and vision.
    සවැදෑරුමි විසුද්ධි වැඩීවමන් උපදවා ගත යුතු වු සෝවාන් මාර්මය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අර්හත් මාර්ගය, යන සතර මාර්ගයෙන් චතුරාර්ය්ය සත්ය අවබෝධ කිරිම ඤාණ දස්සන විසුද්ධි නමි.

    ඉහතින් දක්වන ලද අධිප්රඥා සංඛ්යාත සප්ත විශුද්ධි අතුරින් මුල් විශුද්ධි හය ලෞකිකවේ. ඤාණ දස්සන විශුද්ධිය ලෝකෝත්තර වේ

  11. Dham Says:

    NMY,
    You said
    In Buddhism we do not discriminate these people who are born with defects in their sensory organs.
    Of course were are. However, we do have the knowledge that they are born like that because of past kamma. We should ignore it when we interact but should not forget it when you discuss dhamma. No need to shy away from it, their “inferior status” shall be take into account for the purpose of discussion.

    I haven’t read much of Visuddhi Magga.

    A born blind man DID have all his senses in past lives, had whatever enjoyment (ආස්වාද) even more than the others and specially has used his vision to accumulate grave bad kamma, so that he cannot see in this birth at all. Therefore there is no logic he could be able to see ආදීනව​ of the sense “eye” toward නිස්සරණ. he must use other senses wisely and gain his vision and try it next birth.
    If you go through පටිච්ච සමුප්පාද​ too this become clear.
    If someone does not have all the senses and born like a vegitable, he cannot even get ඵස්ස , වේදනා , උපාදාන​ through all senses except may be through “mano vinnaana”, it doesn’t mean has stopped arising Thana anymore, as he has not developed necessary “Vidya” or got rid of Avidya.
    On this basis I believe people born without any of the senses cannot gain enlightenment. I may be wrong.

  12. NeelaMahaYoda Says:

    Dham

    You should dedicate some of your retirement time for your spiritual awakening by learning Buddhism and try to achieve at least half-way to the stream-enterer level so that you can develop rest of it in your next birth.

    By the way, I do not recommend you to read Vissudhi Magga at the start. Instead I recommend you to read and try to understand අභිධර්ම මාර්ගය by Rev Rerukane Chandaimala thera.

    If you are interested in reading in English, best book available at moment is “ A comprehensive Manual of Abhidhamma by Bhikkhu Bodhi. Bhikkhu Bodhi’s explanation is simple and logical with tables etc. ( I ordered it from amazon and paid £35 and later realised that the same book is available at Buddhist Publication Centre book shop for Rs500)

    Then for විදර්ශනා භාවනාව Insight Meditation best book is විදර්ශනා භාවනා ක්රමය by Rev Rerukane Chandaimala thera
    Using this book you can start Samatha and Vipassana meditation at home for the start and then do it with a proper teacher later.

  13. Dham Says:

    NMY,
    Appreciate you advice.
    I must confess that I am no an amateur in Dhamma though my questions seems silly to you.
    As I said earlier අභිධර්ම මාර්ගය is 1 m away from my desk, so are numerous books including Ven. Bikkhu Bodhi’s “Buddha’s Words”, Majjima Nikaya (BB and Bikkhu Nanamoli).
    I have been to kanduboda for a retreat of 1 week or so at 18 years of age. I have studied at Dhamma school until Bauddhacarya level. I have also been associated with many good monks in the past. Most of all I can recognise what is Dhamma from Adhamma.
    Nevertheless I will try to progress further following your advice.
    First of all must stop participating in lankaweb too much. That desire must come to end, letting Anandas to be peaceful, without hurting with my harsh words.

  14. Ananda-USA Says:

    NMY,

    You have erred mightily, my friend ….

    Dham is an EXPERT in using Buddhism to UNDERMINE Patriots …..

    His consistent THEME is ….. MR is the source of ALL EVIL …. a much simpler to explain than the ABIDHAMMA!

  15. NeelaMahaYoda Says:

    Dham

    The type of questions you ask, one can easily conclude that you have not grasped the Buddhist teaching in real sense even though you have got your Dhamma school up to Baudhacharya examination.

    One week meditation at Kaduboda will give you only the first lesson in meditation.

    But anyway I am not surprised because in a country like Sri Lanka, where meditation has almost become a lucrative business, and where some of the Buddhist monks are willing to offer you a certificate to certify that you have entered into level of stream-enterer (සෝවාන් මාර්ග ඵලය) you can expect anything.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress