යෝජිත විගණන පනත සංශෝධන රහිතව සම්මත කරමු.
Posted on June 17th, 2016

දුෂණ විරෝධී පෙරමුණ

යෝජිත විගණන පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත කර ගැනීම සදහා කටයුතු කරන ලෙස ‘දුෂණ විරෝධී පෙරමුණ‘  ඉතා ඕනෑකමින් ඉල්ලා සිටී.

අද වන විට විගණන කේෂ්ත්‍ර‍ය විධිමත් කිරීමේ අවශ්‍යතාව ඉතිහාසයේ අන් කවරදාකටත් වැඩියෙන් මතුව ඇත.  ජාතික විගණන පනත දිගු කාලයක් සිවිල් සමාජය විසින් මතු කළ, ශක්තිමත් කළ, බලාපොරොත්තුවකි. එහි වගන්ති මගින් විගණන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්‍ය බලය සැපයෙන බව අපගේ විශ්වාසය යි.

ජාතික විගණන පනත දුර්වල කිරීමට දේශපාලනඥයින් කිහිප දෙනෙකු ද, රාජ්‍ය පරිපාලන කේෂත්‍රයේ දුෂණ චෝදනා එල්ලවී ඇති බලවේග සහ පුද්ගලයින් කිහිප දෙනෙකු ද කටයුතු කරමින් සිටී.

  1. ජාත්‍යන්තර නිර්ණායක අනුව ඉතාමත් උසස් ගණයේ ‘ජාතික විගණන පනතක්‘ වත්මන් රජය විසින් කෙටුම්පත් කොට ඇත.  එම පනතේ වගන්ති 20 ක් පමණ කැබිනට් අනු කමිටුව විසින් සංශෝධනයක්ට යටත් කොට ඇති අතර ඇතැම් වගන්ති සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට යෝජනා කොට ඇත.
  2. මෙම වගන්ති ඉවත් කිරීම හා සංශෝධනය කිරීම විගණන පනතේ මුලික අරමුණු වලට හරයාත්මක බලපෑමක් සිදු කොට ඇත. එමගින් ජනතා අපේක්ෂාවන් ඉටු නොවන තත්වයක් මතුව ඇත.
  3. යෝජිත පනතේ 21 සිට 25 දක්වා වන වන වගන්තිය මගින් අධිභාර පැැනවීම සදහා විගණාකාධිපතිවරයාට සතු බලතල පිළිබද දැක්වේ. මෙම වගන්ති ඉවත් කිරීම සදහා මේ වන විට වංචා දුෂණ පිළිබද අතීතියක් තිබෙන නිලධාරීන් පිරිසක් දැවැන්ත ව්‍යාපාරයක් දියත් කොට ඇත.
  4. වංචාව, දුෂණය, නාස්තිය, නෙසැලකිල්ල හේතුවෙන් රජයේ දේපලවලට සිදුවන හානිය වගකිව යුතු නිලධාරීන්ගෙන් අයකර ගැනීමට‘ විගණන පනත මගින් විගණකාධිපතිවරයා වෙත පනත මගින් බලය ලබාදීමට යෝජිතය. මෙම වගතිය ඉවත් කිරීම සදහා බලපෑම් කරන නිලධාරීන් අතර කැපී පෙනෙනුයේ පසුගිය සමයේ දුෂණ චෝදනා එල්ල වී ඇති නිලධාරී ලැයිස්තුවේ සිටින ප්‍ර‍මුඛයින් සහ දේශපාලනඥයින් ය.  මෙයින් බහුතරයකගේ ලිපි ගොනු මේ වන විට ‘නීතිපති දෙපාර්තමේන්තුවේ දී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ දී ගොඩ ගැසී ඇත්තේය.

මෙවැනි තත්වයක් නැවත ඇති  නොවීම සදහා ආයතනික රෙගුලාසි මෙන්ම මුල්‍ය රෙගුලාසි ආරක්ෂකරන රාජ්‍ය සේවයක් අද රටට අවශ්‍යව ඇත.  ඒ සදහා වන තීරණාත්මක පියවරක් වන්නේ ජාතික විගණන පතන සංශෝධනයන්ගෙන් තොරව සම්මත කොට ගැනීමට කටයුතු කිරීමයි.

දුෂණ විරෝධී පෙරමුණ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress