වර්ජනයට දවස් 5 යි – ආයුර්වේද සේවකයෝ රෝහලේ වහල උඩ විරෝධතා
Posted on June 17th, 2016

තම හිඟ දීමනා ලබාදෙන ලෙස ඉල්ලා ආයුර්වේද රෝහල් කාර්ය මණ්ඩලය විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනයට මේ වන විට දින 5 ක් ගත වී ඇති අතර අද දිනයේද බොරැල්ල රෝහලේ ගොඩනැගිල්ලක වහලයට නැග විරෝධතාවයක්ද පැවැත්විය.

තම ඉල්ලීම් ලබාදෙන තෙක් ආරම්භ කර ඇති වැඩවර්ජනය නොනවත්වන බව ප‍්‍රකාශ කරන සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමයේ ලේකම් මහින්ද ගුරුගේ සහෝදරයා ඇමතිවරයා මෙම සේවක ප‍්‍රශ්ණය මගහැරීමට කටයුතු කරමින් රෝහල් සේවාව ජනතාවගෙන් තව දුරටත් ඈත් කිරීමේ ක‍්‍රියාවලියක නිරත වන බවත් ඒ හරහා දේශීය වෛද්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීමේ වටපිටාවක් සකසමින් සිටින බවත්ය.

strike

ඇමතිවරයාගේ මෙම ක‍්‍රියාකලාපයට එරෙහිව ලබන සතියේ සිට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සියළුම සේවාවන්වල වෛද්‍යවරුන්, සිසුන් ඇතුළු කාර්ය මණ්ඩලය සමග දැවැන්ත ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ බවත් මහින්ද ගුරුගේ සහෝදරයා මෙහිදී පැවසීය. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress