රටට සතුරු ව්‍යවස්ථාව සූදානම්.. ඊට පෙර විරුද්ද නායකයන් සිරගත කරනවා.. ගම්මන්පිල පලමු ගොදුරයි..
Posted on June 20th, 2016

lanka C news

විරවංශ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති සම්පුර්ණ නිවේදනය මෙසේය.

අසත්‍ය චෝදනා ඉදිරිපත් කොට උදය ගම්මන්පිල සිරගත කිරීම තරයේ හෙළා දකිනවා…

පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අසත්‍ය පැමිණිල්ලක් පදනම්කොට ගෙන අත් අඩංගුවට ගෙන සිරගත කිරීම, ජාතික නිදහස් පෙරමුණ තරයේ හෙළා දකින්නෙමු.

එක් අතකින් රටේ ජාතික ආරක්ෂාව බිඳ වට්ටවා බෙදුම්වාදයට යළි හිස එසවීමට හැකි වාතාවරණයක් නිර්මාණය කරමින් අනෙක් අතින් රටේ ආර්ථිකය බිඳ වට්ටවා ජනතාව මත අධික බදු බර පටවමින් ගෙන යන මේ ආණ්ඩුවේ ජනතාද්‍රෝහී – දේශද්‍රෝහී පාලනයට එරෙහිව පොදු ජනතාව මේ වනවිට ස්වයංව වීදි බසින තත්වයක් ඇතිව තිබේ. ඒ නිසා ආණ්ඩුවට ජනතා අවධානය වෙනතකට හැරවීමේ දැඩි උවමනාවක් ඇති අතර තමන්ට එරෙහි ජන බලවේගයක් ඒකරාශීවීම වැළික්වීමටද අවශ්‍යව තිබේ.

රටට සතුරු ව්‍යවස්ථාව සූදානම්.. ඊට පෙර විරුද්ද නායකයන් සිරගත කරනවා.. ගම්මන්පිල පලමු ගොදුරයි..

එසේම නුදුරේදීම රටටත්, ජනතාවටත් සතුරු නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙසේ හෝ ගෙන ඒමටත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමටත්, රණවිරුවන්ට එරෙහිව නඩු ඇසීමේ දෙමුහුන් අධිරකරණයක් පිහිටුවීමට අදාළ නීති ගෙන ඒමටත් මේ ආණ්ඩුවට අවශ්‍යය.

මේ අනතුරුදායක තත්වය පිළිබඳව ජනතාව කල් තියා දැනුවත් කරන, ඊට එරෙහි ජන බලවේග ඒකරාශී කරන ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් නිහඬ කිරීම කඩිනමින් කළ යතුතක් ලෙස මේ ආණ්ඩුව දකී. ආණ්ඩුවේ එකී ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් දඩයම් කිරීමේ මෙහුයුමේ පළමු ගොදුර ලෙස උදය ගම්මන්පිල මහතා මේ ඉරණමට ලක්ව තිබේ.

වසර 17කට පෙර සිදු වූ සිදුවීමකට අදාළව අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කරවා, සැලසුම් සහගතව සිදු කළ මේ දේශපාලන දඩයම මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ ආදිපත්‍යය අගයන සියලු ජන බලවේග තරයේ හෙළා දැකිය යුතු අතර ඊට එරෙහිව නැගී සිටිය යුතුය.

මෙසේ පිළිකුල් සහගත ලෙස තම දේශපාලන ප‍්‍රතිවාදීන් දඩයම් කරන යහපාලන ආණ්ඩුවේ මේ නින්දිත ක‍්‍රියා පිළිවෙත යළිත් තරයේ හෙළා දකින්නෙමු.

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ

අසත්‍ය චෝදනා ඉදිරිපත් කොට පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා සිරගත කිරීම තරයේ හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress