විගණකාධිපති වාර්තාවේ කරුණු වෙනස් කරන්නට අර්ජුන් – සමරසිරි ගෙන් මෙහෙයුමක්
Posted on June 30th, 2016

මාධ්‍ය ඒකකය දූෂණ විරෝධී පෙරමුණ

කථානායකවරයා සහ කෝප් කමිටුව වෙත ඊයේ බාර දුන් විගණකාධිපති වාර්තාවේ සදහන් වන කරුණු නිවැරදි නොවන බව සදහන් කරමින් මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් දිව්රුම් ප්‍ර‍කාශ ලබා ගැනීමේ ව්‍යාපාරයක් මේ වන විට ක්‍රියාත්මක වේ.  අර්ජුන් මහේන්ද්‍ර‍න් සහ නියෝජ්‍ය අධිපති සමරසිරි විසින් මහ බැංකුවේ නිලධාරීන්ට ඒ සදහා බලපෑම් කරමින් සිටින බව ‘දුෂණ විරෝධී පෙරමුණ‘ අනාවරණය කරයි. 

කෝප් කමිටුවේ වාර්තාවක් ලබා ගෙන ඇති අර්ජුන් කණ්ඩායම එහි සදහන් කරුණු නිවැරදි නොවන බවට කරුණු දැක්වීම මෙම උත්සාහයේ අරමුණයි.  විගණකාධිපති වාර්තාවේ ඇති චෝදනා සම්බන්ධයෙන් ‘එය එසේ නොව මෙසේ සිදු වූ බව‘ ප්‍ර‍කාශ කිරීමට සකස් කරනු ලැබූ දිවුරුම් ප්‍ර‍කාශ සදහා අත්සන් ගැනීමට මේ පිරිස උත්සහ දරයි.

අද සවස 4.00 ට මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමක් කැදවා ඇත.  බැදුම්කර වංචාව සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවෙන් චෝදනා ලබා සිටින නියෝජ්‍ය අධිපති සමරසිරි එම වාර්තාව නිවැරදි නොවන බවට පොදු ප්‍ර‍කාශයකට අත්සන් ගැනීමට නියමිතය.

මාධ්‍ය ඒකකය

දූෂණ විරෝධී පෙරමුණ

2016 ජූනි මස 29 වැනිදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress