බලන් කඩතුරා හැර දෑසේ …..
Posted on July 2nd, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

බස්ගාස්තු 15% කින් වැඩි කරන ලෙස ඉල්ලමින් පුද්ගලික බස් හිමියන් ජුලි මස 4 වන දින සිට වර්ජනයක් ආරම්භ කරන බවට එකඟතාව පලවී තිබේ. සාමාන්යයෙන් අප සැමදා අත්දුටු පරිදි මේ වර්ජනයද බස් හිමියන්ගේ ජයග්රහණයෙන් කෙලවර වනු ඇති අතර පොදු ප්රවාහන සේවාවන් ප්රයෝජනයට ගන්නා පොදු ජනතාව මත තවත් අමතර බරක් පැටවෙනු ඇත. නමුත් මේ බර ඔවුන්ට දැනෙනු ඇත්තේ දවස් කීයකටද? ඔවුන් තම තත්වය පිලිගන්නට පුරුදු වනු ඇති අතර මේ ප්රශ්ණ අමතක වී යන ආකාරයේ කොමඩි, ත්රාසජනක පුවත් ඕනෑ තරම් රස විඳීමේ අවස්ථාව ජනතාවට තිබේ. රූපවාහිනී නාලිකාවන් බොහෝ සංඛ්යාවක් ඔස්සේ දිනපතා විකාශනය වන ටෙලි නාට් වලට අමතරව ඔවුන්ගේ ඇස කණ අවදියෙන් තබන, අවධානය ඇද ගන්නා දේශපාලන ඇස්බැන්දුම් අපමනය.

 

අලුත්ම පුවත වනුයේ සංස්කෘතික නියෝජ් ඇමති පාලිත තෙවරප්පෙරුමගේ ක්රියාදාම ඉදිරිපත් කිරීම් පෙලයි. මේ සිද්ධියට මුල් වූ දරුවන් දස දෙනාගේ පසුබිම නොදැන යම් පාර්ශ්වයකට චෝදනා කිරීම සැබැවින්ම අපහසුය. විදුහල්පති සහ තවත් ගුරුතුමියකගේ ප්රකාශයට අනුව මේ දරුවන්ට ඇතුලු වීමට ඔවුන් පදිංචි නිවාස අසල වෙනත් පාසල් තිබේ. එය සැබෑ නම් ඇමතිවරයා මේ සිදු කලේ බරපතල වරදකි. කෙසේ වුවද මේ ක්රියා කල ආකාරය නම් පමනට වැඩිය. බලහත්කාරය සහ බිය වැද්දීම මෙහිදී පැහැදිලිව පෙනෙන්නට තිබිනි.

 

තම පුතාගේ අකල් වියොවින් පසුව තෙවරප්පෙරුම ඇමතිවරයාට යම් මානසික ව්යාකූලතාවයක් ඇතිව තිබෙන බවත්, මේ සම්බන්ධව ඔහුව මානසික වෙෙද්යවරයෙකු වෙත යොමු කිරීමට පියවර ගන්නා බවත් අධ්යාන ඇමතිවරයා පැවසීය.

 

පාලිත තෙවරප්පෙරුමගේ මේ මානසික ව්යාකූලතාව කවදා පටන් ඇතිවීද

 

වරක් ඔහු දිගින් දිගටම ප්රදේශයේ මාර්ග සහ වෙනත් ඉදිකිරීම් සම්බන්ධව හාරා අවුස්සා බලමින් ඒවායේ ඇති බාල ප්රමිතිය ඉස්මතු කොට දක්වමින් කලබගෑනියක් ඇති කලේය. මාර්ග අයිනේ අක්රමවත්ව බැහැර කරන කසල සම්බන්ධ ප්රශ්ණය ඇද්දේය. ඒවා කිසි සේත් වැරදි නැත. මන්ද එම මාර්ගයන්හි කාපට් ඇතිරීමේදී කොන්ත්රාත් කරුවන් විසින් සිදු කරන ලද වංචාකාරී පිලිවෙත එහිදී රටට හෙලිදරව් විය. කෙසේ හෝ මේ කොන්ත්රාත්කරුවන්ට එම ටෙන්ඩරය ලැබුනේ කෙසේද යනාදිය පිලිබඳව රහසක් ලෙස තබා ගනිමින්ම එම කතාව වසා දැමිනි. මාධ්යයන් වුව එවේලේසමහර විට තෙවරප්පෙරුමගේ ඉල්ලීම පරිදි පසුපස ගියා විනා ඉන්පසුව සිදු වූයේ කුමක්දැයි යන්න සොයා බැලීමට උනන්දුවක් නොගත්හ. ඇයි? වත්මන් දේශපාලන පිටිය තුල උණු කැවුම් මෙන් අලෙවි වන මාතෘකාවන් වැල නොකැඩී ගලා එයි. එබැවින් එවන් පුවතක් රූපවාහිනියෙන් පෙන්වන විට අසන, නරඹන ජනතාවටද ඊලඟ දිනයේ ලැබෙන වෙනත් කුතුහලාත්මක පුවතකින් තමා කලින් නැරඹූ පුවත අමතක වෙයි. කණගාටුවට කරුණ වන්නේ එය ඇමතිවරයාටම අමතක වීමය. එය සැබැවින්ම අමතක වීමක් නම් තම ජනප්රියත්වය තකා කරනු ලබන ක්රියාදාම රූ ගැන්වීම් පෙලේ තවත් එකක් පමනක් විය හැකිය. එසේත් නැතිනම් තමන් විසින් සොයාගත් මෙවන් කරුණු ක්රමානුකූලව පෙල ගස්වා, ගැටලුව ලිහාගෙන අවසන් ප්රතිඵලය දක්වා යාමේ සංවිධිත ක්රමවේදයක් ඔහුගේ දැනුම් පරිමාව තුල නොතිබෙනවා වන්නටත් පිලිවන. මන්ද ඔහු වරක් වව්නියාවට එපිට වනාන්තරයක සිදුකල දැව ජාවාරමක් හෙලි කලේය. අධ්යාපන ඇමතිගේ තක්සේරුවට අනුව මෙසේමානසික රෝග ලක්ෂණපහලවීගෙන එන විට ඊට සිදු කෙරෙන මූලික ප්රතිකාරයක් වශයෙන්දෝ රජය විසින් ඔහුට නියෝජ් ඇමති තනතුරක් පිරිනමන ලදී.

 

මේ මීගහතැන්න පාසලේ සිද්ධියට සමගාමීව ඔහු ගාල්ල දෙවටේ, නිසි සනීපාරක්ෂක ප්රමිතීන්ගෙන් තොරව පවත්වාගෙන ගිය හෝටලයක තොරතුරුද අනාවරණය කලේය. මේ හෝටලය පිලිබඳ සිද්ධියේදී මාධ් විසින් උලුප්පා පෙන්වූයේ නියෝජ් ඇමතිවරයාගේ නොඉවසුම් සහගත හැසිරීමයි. තම හෝටලයට ස්වයංක්රීය කැමරා පද්ධති සවි කරන්නට සැලකිලිමත් වන නමුදු, පිරිසිදුකම පවත්වාගෙන යන්නට කටයුතු කල හෝටල් හිමිකරුවාගේ වරද රටට පෙනුනේ ඉතා අඩුවෙනි. සාමාන්යයෙන් රටතොට ඇවිදින, හෝටල්වලින් (තරු පන්ති ඒවා නොවේ) කන බොන පොදු ජනතාව මේ හෝටල්වල සැබෑ තත්වය හොඳින් දනිති. කිසිවෙකු ආහාර ගත් විගස වමනය කල විටහෝටලයක් දැම්මායන කියමන ජනතාව අතර ව්යවහාර වන්නේ මේ නිසාය. මේ සම්බන්ධව මහජන සෞඛ් පරීක්ෂකවරුන්ගේ රාජකාරිමය වගකීම් පැහැර හැරීම ආදිය ගැන වගකිව යුත්තේ සෞඛ් අමාත්යංශයයි. අවාසනාවට මීගහතැන්න ප්රාථමික විදුහලේ අවාසනාවන්ත සිද්ධිය සිදු නොවිනි නම් මේ හෝටල් සිද්ධිය ඉදිරියට එනු ඇත. එසේ වී නම් සෞඛ් ඇමතිවරයාගේ වගකීම, තමා කරගසා පත් කරගත් යහපාලන රජයේ කුණු සුද්ධ කිරීම පමනක්ද යන්න මීට වඩා විධිමත්ව කතා කිරීමට ජනතා සංවිධානවලට අවස්ථාවක් ලැබෙන්නට තිබිනි.

 

මේ හෝටල් නිසා පමනක් නොවේ. නිවසින් පිටව ගමනක් යන්නට බසයකට, දුම්රියක ගොඩවූ තැන් පටන් පොදු ජනතාවට තමා ගෙවන මුදලට සරිලන සේවයක් ලැබෙනවාද යන්න සිතීමත් කණගාටුවට කරුණකි. ප්රශ්ණය නම් මෙවන් දේ ගැන සිතන්නටවත් පොදු ජනතාවට ඉඩකඩක් නැති වීමය. අහස උසට ඇති ජීවන වියදම සමග තමා උපයන සොච්චම ගලපා ගන්නට වෙර දරන ඔවුන්ට, තම අතිරේක කාලය ගෙවා ගැනීමට සවන් දෙන රට තොටේ පුවත් මේ ආකාරයේ නම්, එවන් පුවතක ඉස්මතු කල යුතු යතාර්ථය වෙනුවට වැරදි කෙලවරකින් ගත් වෙනත් මනස කළඹවන සුලු බහුභූත ඉස්මතු වී ඇත්නම් එසේ හැඩ ගස්වන සමාජය පිලිබඳ කුමක් කතා කරන්නද?

 

මේ සිද්ධිය සම්බන්ධව අධ්යාපන ඇමතිවරයාගේ ප්රකාශය වූයේ නි. ඇමතිවරයා මානසික වෙෙද්යවරයෙකු වෙත යොමුකරන බව පමනි. මෙය සමහර විට සිද්ධියේ බරපතල කම අඩුකර, රෝහලකට රිංගාගෙන, වරදට දඬුවම් කරන ලෙස නැගෙන ජනතා හඬ යටපත් කිරීමට තෙවරප්පෙරුමට ලැබුනු අවස්ථාවක් විය හැක. නමුත් අධ්යාපන ඇමතිවරයා මේ සිද්ධියේ සුලමුල සොයත් නම් අධ්යාපන ක්ෂේත්රයේ ඇති දහසකුත් එකක් අක්රමිකතා හෙලිදරව් වනු ඇත. මේ ළමුන් දස දෙනා තමන්ට නිවෙස් අසල පාසල් තිබියදී මේ කියන විදුහලටම ඇතුලත් කරන්නට දෙමව්පියන්ට අවශ් වූයේ ඇයි? මොවුන් අහම්බෙන් තම දරුවන් පාසලට ඇතුලත් කර දෙන ලෙස නි. ඇමතිවරයාගෙන් ඉල්ලුවා නොවේ. දරුවකු පාසලට ඇතුලත් කිරීමේදී අනුගමනය කල යුතු ක්රියා පටිපාටිය ඔවුනුත් අනුගමනය කරන්නට ඇත. අනුව ඔවුන්ට පදිංචිය සනාථ කරන ලිපි ලේඛණ පාසලට භාර දෙන්නට සිදුවෙයි. ඔවුන් නියමිත දුර සීමාවෙන් පිටත සිටියා නම් එසේ ලිය කියවිලි සෑදුවේ කෙසේද යන සැවොම පිලිතුර දන්නා ප්රශ්ණය මතුවේ. දරුවන් සිටින බොහො අය මෙවැනි ගැටලු සඳහා කටයුතු කල හැකි ක්රම සහ විධි දනිති. ඔවුන් සිටියේ දුර සීමාව තුල නම් තවත් ප්රශ්ණයකි. ඔවුන්ගේ නම් කැපී ගියේ කෙසේද? වෙනුවට පාසලට ඇතුලත් කර ගත් සියලු දරුවන්ගේ සුදුසුකම්අවංකවසැපිරී තිබිනිද? සොයා බැලිය යුත්තේ මෙවන් කරුණුය. පාසල් වලට සිසුන් ඇතුලත් කර ගැන්මේ ක්රමවේදයන්හි කිසිදු විනිවිද භාවයක් නොමැති හෙයින්ද, සෑම පෙදෙසකම පාලිත තෙවරප්පෙරුමලා නැති හෙයින්ද පාසලට සිසුන් ඇතුලත් කිරීමේ ක්රමවේදය විධිමත් කිරීම රජය සතු ශුද්ධ වූ වගකීමකි.  

 

තවත් ප්රශ්ණයක් තිබේ. පසුගිය කාලය මුලුල්ලේම අධ්යාපන ඇමතිවරයාගේ මුවග රැඳි සුලභ කියමනක් වූයේඅපි ලඟම පාසල හොඳම පාසල කරනවායන්නයි. එසේ නම් මේ දරුවන්ගේ දෙමව්පියන් තම නිවෙස් වලට වඩා ලඟ වූ පාසල් ප්රතික්ශේප කලේ ඇයි? පාසල් වල ඇති අඩුපාඩුව කුමක්ද? පාලිත තෙවරප්පෙරුම නි. ඇමතිවරයා මානසික වෙෙද්යවරයෙකුට යොමු කරන අතරම මෙවන් කාරණා සොයා බලන්නටත් අධ්යාපන ඇමතිවරයා වහාම පියවර ගත යුතුය. එය ඔහුගේ ප්රධානතම වගකීමයි. මේ කාර්යයන් දෙකෙන් ඔහුගේ ප්රමුඛතාවය ලැබිය යුත්තේ එයටය. සමාජයේ සෑම ක්ෂේත්රයක්ම පිසගෙන හමායන දූෂිත බවේ සුළං රැළි පිලිබඳව හොඳම උදාහරණ මේ සිද්ධි දාමය තුලින් සපයයි

 

අනිත් අතට මානසික වෙෙද්යවරු වෙත යොමු කරනවානම්, වත්මන් සෞඛ් ඇමතිගේ සිට සෑහෙන ප්රමාණයක් ලැයිස්තු ගතකල හැකිය. පසුගිය රජය පෙරලා දමා බලයට ඒමේදී තමන් පැවසූ කරුණු කාරණා අමතක වීම සම්බන්ධ අමතක වීමේ රෝගය ජනාධිපතිගේ සිට බොහෝ මැති ඇමතිවරුන්ට ඇති රෝගී තත්වයකි. ඔවුන් තම රජය විසින් සිදු කරන වැරදි සාධාරණීකරනය කිරීමට දරන උත්සාහය පිලිකුල් සහගතය.

මත්පැන් මත්ද්රව් ජාවාරම් වලට සම්බන්ධ දේශපාලකයින් ගැන තමා දන්නා බවත්, මේවා හෙලි කරන්නට ගියොත් රජය පවත්වාගෙන යා නොහැකි බවත් ඉතා මෑතකදී ජනාධිපති මෙෙත්රීපාල සිරිසේන පැවසීය. ඊට පෙරද වංචා දූෂණ චෝදනාවන්ට ලක් වූ ඇමතිවරු රජයට එක් කර ගැනීම සම්බන්ධව මාධ්යවේදිනියකගේ ප්රශ්ණයකටද ඔහු ලබා දුන්නේ මෙවන් පිලිතුරකි. වෙලාවේ රජය ස්ථාවරව සදා ගන්නට අවශ් වූ බවත්, ඊට කලු සුදු බල බලා ඉන්නට බැරි බවත් ඔහු කීය. රටේ ජනාධිපතිවරයා ලෙස ඔහු මෙසේ නිර්ලජ්ජිතව තම මතය ප්රකාශ කරන විටයහපාලනයයන වචනයේ මූලික අර්ථයවත් ඔහුට මතක් විනිද?

 

ඔහු මෙසේ කතා කරන විට පෙරදී ඔහු විසින් රාජපක්ෂ රජය සම්බන්ධව නැඟූ චෝදනාද, එම පාර්ශ්වය හැර ඒමේදී ගැන කියූ හේතුද සම්බන්ධව ජනතාව කෙසේ වටහා ගනු ඇතිද? රටක පලමු පුරවැසියා තම රජය පිලිබඳව මේ අයුරින් කතා කරන විට, ඔහුට මානසික රෝගයකුත් නැතිනම් 2015 ජනවාරි 8 වනදා තමන්ව විශාල බොරුවකින් රවටනු ලැබූ බව ජනතාවට සාක්ෂාත් වන විට ඔවුන් මානසික පීඩනයකට ලක්වනු වැලැක්විය හැකි නොවනු ඇත.

 

තවත් යමක් මතක් කරමි. පසුගියදා සමාජ වෙබ් අඩවි ඔස්සේ ප්රචාරය වූ වීඩියෝ පටයක, අද අප රටේ පැතිර යන වර්ජන රැල්ල පිලිබඳව අගමැතිවරයා කෝපයෙන් බැණ වදිනුයේමේ සෙල්ලම් නතර කරන්න ඕනෑබව කියමිනි. දහසකුත් එකක් පොරොන්දු දී බලයට පැමින පොරොන්දු ජනතාවගේ දෑස් ඉදිරියේ කඩා බිඳ දමනවිට, ජනතාවගේ කරපිට පැටවෙන බර සම්බන්ධව ඔවුන් දක්වන ප්රතිචාරයසෙල්ලමක්සේ දකිනවා නම් අගමැතිවරයාද මනෝ වෙෙද්යවරයකු වෙත යොමු කිරීමට අධ්යාපන ඇමති පියවර ගන්නේ නම් මැනවි. ඔහු සම්බන්ධව පසුගිය කාලයේ සිදු වූ සිදුවීම් එකිනෙක ගෙන බැලූ විට එය ඉතා කාලෝචිත බව ඔවුන් දෙදෙනාටම වැටහෙනු ඇත

 

මේනයින් අප රට කරවන ඇත්තන්ගේ කියුම් කෙරුම් දෙස බලත්දී ඔවුන්ගෙන් 3/4 ක් පමන මානසික වෙෙද් ප්රතිකාර සඳහා යොමු කරන්නේ නම් සුදුස බව පෙනී යයි. මේ සියල්ලටම ඉහලින් මොවුන්ව මේ තැනට ගෙන එන්නට කතිරය ගසන ජනතාවගේ තත්වය කෙසේ පවසම්ද? රැවටීමේ තිමිර පටලයකින් වැසුනු මනෝ අන්ධ භාවයයි

සියලු පෘථග්ජනයෝ උන්මත්තකයෝ බව බුදු වදනේ සඳහන් වේ !

3 Responses to “බලන් කඩතුරා හැර දෑසේ …..”

  1. Christie Says:

    iskay, wms ieu bkaÈhdkq wÈrofha jdiSkah’ bkaÈhdkq mrfmdais;ahka wmf.a md,lhkah’ Wkag we;s f,vla ke;’ wms f,vù blaukska ueÍhhs’ Wkag rgu whs;sh’

  2. Christie Says:

    සින්හල අපි සැම ඉන්දියානු අදිරදයේ වාසීන්ය. ඉන්දියානු පරපෝසිත්යන් අපගේ පාලකයන්ය. උන්ට ඇති ලෙඩක් නැත. අපි ලෙඩවී ඉක්මනින් මැරීයයි. උන්ට රටම අයිතිය.

  3. NAK Says:

    these maniacs can not be cured by sending them to psychiatrists, they all should be marched in to the hospital in Angoda and locked up

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress