ඇත්ත කී නිසා මා දඩස්‌ගා මාරු කළා – දඩල්ලගේ කියයි
Posted on July 9th, 2016

චමින්ද සිල්වා උපුටා ගැන්ම දිවයින

“මගේ ස්‌ථාන මාරුව ගැන මට කලකිරීමක්‌ නැහැ. මාව මාරු කළේ ඇත්ත කියූ නිසා” යෑයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ජිනසිරි දඩල්ලගේ මහතා ‘දිවයින’ ට ඊයේ (06 වැනිදා) පැවසීය.රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ජිනසිරි දඩල්ලගේ මහතා පෙරේදා (05 වැනිදා) සිට බලපැවැත්වෙන පරිදි තැපැල් අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් කර යෑවීමට ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා විසින් පියවර ගෙන ඇත. දඩල්ලගේ මහතාගේ ස්‌ථාන මාරුව සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

“මං රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ බාරගැනීමෙන් පසු හිතට එකඟව වැඩ කළා. මට කරන්න බැරි දෙයක්‌ කවුරු හරි කිව්වොත් මම ඒක කරන්න බැරි බව කෙළින්ම කියනවා. එක එක්‌කෙනාට නැවෙන්න යන්නෙ නැහැ.

මම හිතන්නේ මගේ ස්‌ථාන මාරුවට හේතුව කෙළින් කතා කර කෙළින් වැඩ කිරීමයි. මට ඒ නිසා කනගාටුවක්‌ නැහැ. මගේ ස්‌ථාන මාරුව සම්බන්ධයෙන් අභියාචනයක්‌ ඊයේ යෑව්වා. ඒ අභියාචනයට සාධාරණයක්‌ ඉටු වුණොත් ඉන්නවා. නැත්නම් මම විශ්‍රාම යනවා. මාව මාරු කළේ වැරැද්දකට නොවෙයි රාජ්‍ය නිලධාරීන් මුහුණපා සිටින ඇත්ත කියන්න ගිය නිසයි කියලා මම හිතනවා.

මම පසුගියදා ජුනි 26 දා “දිවයින ඉරිදා සංග්‍රහය’ට සම්මුඛ සාකච්ඡාවක්‌ දුන්නා. එමගින් රජයේ නිලධාරීන් මුහුණ දෙන ගැටලු ගැන විග්‍රහයක්‌ කළා. එහිදී “සියලු රාජ්‍ය නිලධාරීන්ගේ ගැටලු ගැන මට වගකීමක්‌ තියෙනවා” “කයිවාරු දොඩවන යහපාලනයේ ඇති වැඩේ මොකක්‌ද?” සිල් රෙදි අල්ලස්‌ නම් ජන සවිය, සමෘද්ධි, දිවි නැඟුම ඒවත් අල්ලස්‌නෙ කියලා පැවසුවා.

මේ කියපු දේවල් හිතට එකඟවයි මම කිව්වේ. දේශපාලනඥයෝ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්‌ දීලා පස්‌සේ රාජ්‍ය නිලධාරීන් නීතිය හමුවට ගෙනියනවා. ඒක කරනවා නම් මටත් ඒක වෙන්න ඕන කියලා මම පුවත්පතට කියලා තිබුණා. මේ කාරණා මගේ ස්‌ථාන මාරුවට බලපාන්න ඇති කියා මා හිතනවා.

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ජිනසිරි දඩල්ලගේ මහතා අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු වැඩ බලන ලේකම් ලෙස එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය ලෙස කටයුතු කළ එම්. අබේගුණවර්ධන මහත්මිය පත් කර ඇත.

 

 2016/ 07 / 07 (ජුලි හතයි !!! )

Ministry Secy gets lightning transfer for ‘speaking truth’

July 6, 2016, 9:14 pm

by Chaminda Silva

Senior administrative officer Jinasiri Dadallage yesterday said that he had been given a punishment transfer because he was openly critical of the misdeeds of the incumbent regime.

I don’t regret what I have said and I have got this transfer because I dared speak the truth,” Dadallage said.

Dadallage has been transferred from the Ministry of Public Administration and Management, where he served as Secretary the Ministry of Post, Postal Services and Muslim Religious Affairs with effect from Tuesday (05) at the behest of Secretary to the President P. B. Abeykoon.

I worked according to my conscience and guidelines laid down in the Es tablishments Code. When a politician gives me a wrong order I refuse to carry it out. I have never given in to political pressure,” he said.

Dadallage said that he had given an interview to the Sunday Divaina paper criticising the misdeeds of the incumbent regime. “I asked what was the use of having a government which did not translate its words into deeds. I also wanted to know if sil redi could be considered bribes why the Samurdhi, Divineguma and Jana Saviya did not fall into the same category. Aren’t they also bribes?

Dadallage said that he had submitted an appeal against the transfer order and would retire if he did not receive a favourable response. I got the marching orders because I spoke of the problems public officials are faced with,” he said.

The government has appointed Additional Secretary M Abeygunawardena Acting Secretary to the Ministry of Post, Postal Services and Muslim Religious Affairs.

7th of July 2016 ( JULI HATHAI !!! )

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress