ලුතිනන් කර්නල් තුවාන් මීඩීන්
Posted on July 12th, 2016

වෛද් රුවන් එම් ජයතුංග 

ලුතිනන් කර්නල් තුවාන් මීඩීන් මට හමු වන්නේ 2003 වසරේදී ය​. එම වසරේදී යුද ආතතිය සහ සංග්‍රාම විඩාව පිලිබඳ දේශනයක් කිරීමට උතුරට ගිය අවස්ථාවකදී මට ඔහුව හමු විය​. එවකට ඔහු මේජර්වරයෙකු වූයේය​. තුවාන් මීඩීන් සේවය කලේ යුද හමුදා බුද්ධි අංශයේය​. ඔහු තුල ඉතා හොඳ දැණුමක් තිබුනේය​. එම නිසා අප සුභාශ් හෝටලයේදී සංවාදයේ යෙදුනෙමු.

මේ කාලයේ මම ප්‍රභාකරන් ගේ මානසික තත්වයන් පිලිබඳව පොතක් ලියමින් සිටියෙමි. ඒ නිසා මේජර් මීඩීන් ප්‍රභාකරන් සහ ඔහුගේ අභ්‍යන්තර කවය පිලිබඳ දැන සිටි කරුණු මෙම පොත ලිවීමේදී මට ඉතා ප්‍රයෝජනවත් විය​. ප්‍රභාකරන් ගේ කායාරක්‍ෂකයන් අතර උන්ඩ ප්‍රතිග්‍රාහකයන් තිදෙනෙකු සිටින බව ඔහු හෙලි කලේය​. මෙම තොරතුර උසස් හමුදා නිලධාරීන් පවා දැන සිටියේ නැත​.

thuan

2005 වසරේදී වරක් ඔහු මා සොයා කොලඹ හමුදා රෝහලට ආවේය​. මා විසින් මෝහන ප්‍රතිකාර මගින් සුව කරන ලද සංවර්තන ආබාධ ( Conversion Disorders ) තිබූ රෝගීන් කීප දෙනෙකු සමග ඔහු කතා කලේය​. එසේම මගේ මෝහන ප්‍රතිකාර සැසියක් ද ඔහු නිරීක්‍ෂණය කලේය​. තවද අත් අඩංගුවට ගත් කොටි සාමාජිකයන්ට පහර දී තොරතුරු ගන්නවා වෙනුවට මෝහනය කිරීමෙන් තොරතුරු ලබා ගත හැකිදැයි බැලීම ඔහුගේ අභිප්‍රාය විය​.

අවසන් වරට ඔහු මා හමුවූ දිනයේ ලුතිනන් කර්නල් තුවාන් මීඩීන් මට මෙසේ කීවේය ” තව ස්වල්ප දිනකින් ඔබට මාව ඝාතනය කලා කියා ආරංචි වෙයි. මගේ අවමංගල උත්සවයට පැමිණ වැතිර සිටින මා දෙස බලන්න​. මෘත ශරීරයක් ව වැතිර සිටින මේ මිනිසා බොහෝ රහස් දන්නේය​. ඒවා හෙලි කලහොත් බොහෝ දේශපාලකයන්  හමුදා නිලධාරීන් බලවත් අපහසුතාවට පත් වනු ඇත​. එම නිසා මම ඒ රහස් රැගෙන මගේ මිනී ව​ළට යමි. “

ඔහු මට මෙය කීවේ කොලඹ යුද හමුදා රෝහලේ මානසික රෝග වාට්ටුවේ මගේ ප්‍රතිකාර කාමරයේදීය​. මම ඔහුගේ මරණය පිලිබඳ කතාව බැරෑරුම්ව නොගත්තෙමි. නමුත් ඉන් සති කීපයකට පසුව ලුතිනන් කර්නල් තුවාන් මීඩීන් කොටින් ගේ බුද්ධි අංශය විසින් ඝාතනය කල බව මට ආරංචි විය​.

4 Responses to “ලුතිනන් කර්නල් තුවාන් මීඩීන්”

  1. aloy Says:

    Ruwan,
    I understand Tuan is a respected title in Malay. Could you please give a translation of this article in English?.

  2. plumblossom Says:

    In this eelam war of 26 years, over 65,000 Sinhala people and over 75,000 Muslim people were ethnically cleansed from the Northern province. I am sure they also suffered from PTSD due to this and having to live in temporary accommodation for over twenty six years. Also what about the over 360,000 Sinhala people in the East, over 560,000 Muslim people in the East and the over 1.2 million mainly Sinhala people in the North Central Province who had to live in fear being attacked by the LTTE terrorists due to they living in what were called threatened villagers. Over 6,000 mainly Sinhala civilians were massacred by the LTTE terrorists by these attacks as well as bombings. What about all the people in the entire country who had to live in fear of the LTTE terrorists suicide bombings, large scale bomb attacks in Colombo, attacks in installations like the Katunayake airport, the Colombo world trade centre, oil storage facilities to name a few? The LTTE also attacked civilians using claymore mines and IED devices set up along road roadsides which also affected civilians, especially ISnhala civilians in the East and the North Central Province. So all these civilians would have also suffered from PTSD. What about the over 35,000 of the Sri Lankan Forces, Police Force members, Civil Defence Force members who were killed by the LTTE terrorists? What about the over ten thousand Sri Lanka Forces members who are disabled? All of them too must be suffering from PTSD. So this doctor should write about all these victims too not just LTTErs and some Tamil people in the North only. Actually the entire country must be suffering from PTSD to one degree or another due to the LTTE terrorist activities and war. The doctor should also write about these victims too.

  3. aloy Says:

    plumbossam,

    I think you have to read between the two lines in the last para to understand the context on which he is writing this. History has a habit of repeating. Perhaps very soon it will happen. Why SF is being pampered so much now?. They want the support of who ever in his faction. We must understand what they are getting ready for.

  4. aloy Says:

    Sorry ‘plumblossam’

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress