ලක් ඉතිහාසයේ දරුණුතම හමුදා පාවාදීම සූදානම්.. බිහිසුණුම පනතක් පාර්ලිමේන්තුවේ..-අතුරුදහන් වූවන්ගේ කාර්යාලය තුළින් සන්නද්ධ හමුදා පාවා දීම
Posted on July 20th, 2016

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති

අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් පිහිටුවීම තුලින් සන්නද්ද හමුදා පාවා දීමට යවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

අතුරුදහන් වූවන්ගේ කාර්යාලය තුළින් සන්නද්ධ හමුදා පාවා දීම

රටේ සියලුම දේශපාලන හා ආර්ථික ව්‍යාකූලතා මධ්‍යයයේ වුවත් ආණ්ඩුව ‘අතුරුදහන් වූවන්ගේ කාර්යාලය’ නමින් හැඳින්වෙන ආයතනයක් පිහිටුවීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.  මෙය පසුගිය වසරේ සැප්තැම්බර් මස ආණ්ඩුව බටහිර බලවතුන් සමග එකතු වී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ‘යටගියාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට’, පිහිටුවීමට එකග වූ ආයතනවලින් එකකි. යෝජිත අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත් කෙටුම්පතේ අපේ ආරක්‍ෂක හමුදා දඩයම් කිරීමට සම්පාදනය කර ඇති වගන්ති ගණනාවක්ම තිබෙන අතර ඉන් කිහිපයක් මෙහිදී ගෙනහැර දැක්වීමට මම කැමැත්තෙමි.

  1. මෙකී අතුරුදහන් වූවන්ගේ කාර්යාලය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ හෝ යුක්තිය පසඳලීමේ ආයතන පද්ධතියේ කොටසක් වන්නේ නැත. මෙය පාර්ලිමේන්තුව විසින් සංස්ථාපිත ස්වාධීන ආයතනයක් වන අතර එයට රජයේ ආයතනවලට බලපාන සාමාන්‍ය නීතිරීති වලට පිටින් කටයුතු කිරීමට හැකියාව ලැබේ.
  2. මෙය ‘කාර්යාලයක්’ ලෙසට හැඳින්වුව ද එය සැබවින්ම විමර්ශන සභාවකි. මෙම අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට සාක්ෂිකරුවන් ගෙන්වා පරීක්ෂා කිරීමටත්, කැඳවුම් නියෝග නිකුත් කිරීමටත්, විභාග පැවැත්වීමටත් බලය ඇත. මෙම ආයතනයේ නිළධාරීන්ට වරෙන්තුවක් නොමැතිව වුවද, රෑ දවල් ඕනෑම වෙලාවක පූර්ව දැනුම්දීමකින් තොරව, ඕනෑම පොලිස් ස්ථානයකට, බන්ධනාගාරයකට හෝ ත්‍රිවිධ හමුදා කඳවුරකට ඇතුල් වීමටත්, විමර්ශනය කිරීම සඳහා ඕනෑම ලියවිල්ලක් හෝ භාණ්ඩයක් තම සන්තකයට ගැනීමටත් බලය ඇත. මෙකී කාර්යාලයට සහයෝගය නොදක්වන ඕනෑම අයෙකුට උසාවියට අපහස කිරීමේ චෝදනාව යටතේ දඩුවම් කළ හැක.
  3. පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති පනත් කෙටුම්පතට අනුව අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ සාමාජිකයන් හත් දෙනාට විමර්ෂන පැවැත්වීම පිළිබඳ අත්දැකීම් මෙන්ම මානව අයිතීන් නීතිය හා ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබදව දැනුමක්ද තිබිය යුතු බව කියවේ. මේ අනුව එහි සාමාජිකයන් වීමට සුදුසුකම් ලබන්නේ බටහිර මුදල්වලින් නඩත්තු වන රාජ්‍ය නොවන සංවිධානවල සමාජිකයන් සහ බටහිර අනුග්‍රහය යටතේ පවත්වාගෙන යන ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණවල සේවය කළ අය පමණි.
  4. පනත් කෙටුම්පතේ 21 වන වගන්තියට අනුව ඕනෑම විදේශීය පුද්ගලයෙකුගෙන් හෝ ආයතනයකින් ඍජුවම අරමුදල් ලබා ගැනීමට අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට බලය පැවරේ.
  5. ආයතනයේ රාජකාරී කටයුතු සම්බන්ධයෙන් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට ඕනෑම විදේශීය පුද්ගලයෙකු හෝ සංවිධානයක් සමග ගිවිසුම්වලට එළඹීමට හැක.
  6. අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ සාමාජිකයන්ට එම ආයතනය තුළ විවිධ අංශ හා ඒකක පිහිටුවා තමාගේ බලතල එම ඒකකවලට පැවරිය හැක. කාර්යාලයේ සේවකයන් පත් කරන්නේත්, ඔවුන් සේවයෙන් පහ කරන්නේත් එම ආයතනය විසින්ම පමණි. මේ කාර්යාලයේ සේවකයන් ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතු බවට කිසිදු වගන්තියක් පනත් කෙටුම්පතේ නැත.
  7. මෙම කාර්යාලයට, අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගෙන් හා මිතුරන්ගෙන් මෙන් ම වෙනත් ඕනෑම දේශීය හෝ විදේශීය පුද්ගලයෙකුගෙන් හෝ සංවිධානයකින් වුවද පැමිණිළි භාරගත හැක
  8. ත්‍රිවිධ හමුදා හා බුද්ධි අංශ ඇතුලු සියලුම ආණ්ඩුවේ ආයතන මෙකී අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට සම්පූර්ණ සහයෝගය ලබා දීමට බැඳී සිටින අතර රාජ්‍ය රහස් පනතේ විධි විධාන ද එහිදී බල රහිත වේ
  9. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිළිබඳ පනත් කෙටුම්පතේ 12(ඇ)(iii) වගන්තියට අනුව සාක්ෂි ආඥා පනතේ නියමයන් නොසලකා හරිමින් වුවද ඕනෑම ප්‍රකාශයක් හෝ භාණ්ඩයක් ‘සාක්ෂි’ ලෙසට පිළිගැනීමට මෙම කාර්යාලයට බලය පැවරේ
  10. මෙම කාර්යාලයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත බල රහිත වේ. මෙකී කාර්යාලයේ නිළධාරියෙකුට ලැබුණු රහස් තොරතුරු ගැන කරුණු විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයද ඇතුලුව මොනම  උසාවියකටවත් බලයක් නැත.

මෙම කරුණු අනුව අපට පෙනී යන්නේ මෙම අතුරුදහන් වූවන්ගේ කාර්යාලය යහපාලන ආණ්ඩුව පිහිටුවීමට එකග වී තිබෙන යුධ අපරාධ විමර්ෂණ යාන්ත්‍රණයේ එක් කොටසක් බවයි. මෙම පනත් කෙටුම්පත නීතියක් බවට හැරවීමට ඡන්දය දෙන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රටත්, ජාතියත්, සන්නද්ධ හමුදාවනුත්, පාවා දීම සම්බන්ධයෙන් ජනතාවට වගකීමට සිදුවනු ඇත.

මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධිපති

8 Responses to “ලක් ඉතිහාසයේ දරුණුතම හමුදා පාවාදීම සූදානම්.. බිහිසුණුම පනතක් පාර්ලිමේන්තුවේ..-අතුරුදහන් වූවන්ගේ කාර්යාලය තුළින් සන්නද්ධ හමුදා පාවා දීම”

  1. plumblossom Says:

    Sri Lanka should tell the US that Sri Lanka cannot abide by the UNHRC resolution. The Sri Lankan Army did not commit any war crimes. It is the LTTE terrorists who committed war crimes throughout 26 years of war. No country with an ounce of self respect will place their army in harms way to be tried by a court domestic or hybrid of war crimes the army did not commit in anyway. If individual soldiers committed any crimes, a complaint can be placed in a court of law in Sri Lanka. Why is there a need for special judicial procedures? This government is a puppet of the US, EU, UK, Norway, Sweden, Canada and India and is so subservient to US interests that it is ready to try its own armed forces for crimes that the armed forces did not commit. All the while, the LTTE terrorists who committed war crimes are being shown as totally innocent. Using the ploy of wanting a new constitution which almost all Sri Lankans don’t want, this treacherous government is trying to create a separate state in the guise of a federal state as the TNA separatist terrorists and the US, EU, UK, Norway, Sweden, Canada and India wants. Sri Lanka should tell the US that Sri Lanka cannot abide by the UNHRC resolution. The worst that the US, UK, EU, Sweden, Norway and India can do is impose sanctions on Sri Lanka. So what? Sri Lanka can trade with all the countries of Asia and the rest of the world even if the US, UK, EU, Norway, Sweden and India imposes sanctions. Sri Lanka can grow rice, we have jack fruit, bananas, bread fruit and plenty of water too. So we will not starve just because the US, UK, EU, Sweden, Norway and India imposes sanctions. Also since we can trade with the powerful economies of Asia which includes the Middle East, South East Asia, South Asia, the Far East and Central Asia as well as the rest of the world, actually, we may be OK economically too despite any sanctions imposed by the US, EU, UK, Norway, Sweden, Canada and India. However by avoiding implementing the unjust UNHRC resolution, Sri Lanka will safeguard its independence and freedom which is the most important thing for the next thousands of years as we have safeguarded our independence and freedom for at least the last 2600 years and avoid the creation of a separate state or eelam in the guise of a federal state. So Sri Lanka must very urgently tell the US that we will not abide by the unjust UNHRC resolution but carry out our own domestic process of reconciliation as we see fit. Let the imperialist US impose sanctions. Nothing much will happen to our economy since we can trade with the powerful economies of Asia and the rest of the world instead but Sri Lanka would have preserved its independence and freedom for the next thousands of years and avoid the partition of the country and the creation of a separate state which will be Sri Lanka’s end.

  2. plumblossom Says:

    Not only this, the treacherous Ranil, Sirisena, CBK, Mangala, idiotic UNPers, those INGOs working for thousands of dollars and even the JVP are trying to dismember the country via constitutional changes. We patriotic Sri Lankans should demand a strong central government, no more powers to provincial councils, no merger between provinces, ideally abolition of the 13th amendment to the constitution and absolute safeguarding of the sovereignty of the country.

    The army did not commit any war crimes. it is the LTTE who committed war crimes. However, it is high time that Sri Lanka rejected the US imperialists UNHRC resolution and state at the UNHRC to leave Sri Lanka alone to get on with reconciliation as Sri Lanka sees fit.

    Actually Sri Lanka today being accused of committing war crimes by the US, UK, EU, Norway, Sweden, Canada, India etc. is very similar to the way Saddam Hussein and Iraq was accused of possessing non existent WMDs. Although Iraq did everything possible to show the US, UK, EU, Norway, Sweden, Canada etc. that it did not possess WMD it was bombed anyway, regime change brought about since Iraq has massive amounts of oil which the US, UK, EU, Norway, Sweden, Canada companies wanted to extract at cheap rates by bringing on a puppet regime. A similar scenario is unfolding in Sri Lanka since Sri Lanka is located at a strategic location, the US wanting to establish a naval/air base at Trincomalee, the US wanting to establish further US army, navy, air force bases in the island, mineral resources, marine resources, control of the Indian ocean sea routes etc. For this, the separatist, terroristic Tamils who are subservient to the US are who the US is favouring to help them with this task. This is why the US favours eelam. All patriotic Sri Lankans should therefore tell the government to withdraw from carrying out the US resolution and to tell the US to leave Sri Lanka alone.

  3. plumblossom Says:

    Sri Lanka needs a strong central government in the form of the executive presidency. It is the executive presidency which is keeping the unitary state together since provincial councils have now been provided powers. Therefore if the executive presidency is abolished, the provincial councils will become more powerful and the separatist terroristic TNA will try to break away using threats the North and the East. the PR system is the fairest system which means each vote counts. It is a very democratic system. We do not need any changes to the constitution. These changes to the constitution are only suggested to bring on stealthily a federal or a separate state by falsely labelling it as ‘unitary’ to hoodwink the idiotic Sinhala Buddhists. We do not need any changes to the constitution which is what the separatist terrorists of the TNA, US, UK, EU, Norway, Sweden and Canada wants to dismember this country. Also it is the executive presidential system which can easily carry out programmes to develop the country since otherwise there will be endless wranglings within the cabinet and in parliament about what path to follow for development to happen. A well meaning executive president can easily implement a reasonable and suitable programme to take the country forward. Another main reason to keep the executive presidency as it is to counter the separatist threat since a strong executive president can stop any treacherous activities which goes against the independence, freedom, sovereignty, unitary status etc. of the country since the executive president is elected directly by the people’s vote and is answerable to all the people of the country as a result. So for all these reasons, there is no need whatsoever to change the constitution. However the provincial councils should not be given any more powers, there should not be any merger between provinces, ideally the 13th amendment to the constitution should be abolished and there should be a strong central government if Sri Lanka is to move forward as a country and since it is a small country.

  4. Christie Says:

    සින්හලයින්ගේ රට අද මුලුමනින්ම ඉන්දියානු යටත් විජිතයකි. මෙය වටහා ගන්නා තුරු සින්හලයාට ගැලවීමක් නැත.

  5. S.Gonsal Says:

    Excellent Sir , excellent.
    Please use all your powers to defeat this act. Please make use of SLFP ministers with the government too.
    Most of all, please be present when vote is taken. Without your vote, your numerous writings will not give you any credibility.
    How dare this government punish soldiers who only obeyed orders and fought for the country risking their lives ? Is this a government representing LTTE ? Please ask these questions in the parliament.

  6. Ananda-USA Says:

    Ex-President Mahinda Rajapaksa and the Armed Forces fought to liberate us from terrorism, to give us a reunified nation, and to give us a better life with unprecedented economic development

    Now for doing that the Rajapaksa Family and the Armed Forces are being hunted down by the enemies of our Motherland.

    There was NO REFUGE for us THEN than the Rajapaksa”s and the Armed Forces

    There is NO REFUGE for them NOW than we, the Sinhala Buddhist majority of Sri Lanka.

    Are we such INGRATES & COWARDS to abandon those who fought for us??

    If we do not help protect our defenders NOW in their hour of need, who will Defend us in the FUTURE??

    Don’t think that we can HIDE under our beds and DODGE our DUTY to protect them; be prepared to GIVE UP all that we love if we SHIRK our DUTY now!

  7. Fran Diaz Says:

    We Agree totally with former Pres MR !

    Especially the educated people of Lanka, professional bodies in Lanka etc., must pick up the message and act fast to remove this proposed piece of deadly legislation before it becomes the Law of the Land and Sovereignty is further eroded.

    As Ananda says, WE MUST DO OUR DUTY – it is NOW or Never !

  8. Samanthi Says:

    Another heinous crime! Please read this as well:

    මවුබිමට ආදරය කරන සියලු දෙනා විසින් අනිවාර්යෙන් කියවියයුතු ලිපියක්.

    http://www.lankanewsweb.today/archives/11950

    The following codes copied from a comment in LankaCnews:

    “PB = ප.බා. ” .පයිප්ප බාස්
    “K = ක.”ය කලවැද්දා
    “MP = ම.පො.” මන්න පොංගල

    PG = ප.ග.” පැලවත්තෙ ගමරාල
    ““WBT = වැ.බැ.ටා. වැඩබැරි ටාසන්
    “මැ” “M” මැන්ගුස්ටින්
    “මැ” මැදවච්චිය හෝ මැදිරිගිරිය
    “M” මහේෂ් විය හැක.

    The patriotic young opposition MP = WW.

    (“නස්. = Nas”) නස්රුදින් Nasrudhin

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress