ප්‍රේමකීර්ති ඝාතනය කොට වසර 28 යි!
Posted on July 29th, 2016

කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

ජනපති, අගමැති, පොලිස්පතිතුමනි ප්‍රේමකීර්ති ගේ මිනීමරුවන් ද තවමත් නිදැල්ලේය.

ප්‍රේමකීර්ති ද අල්විස් වෙඩි තබා ඝාතනය කර ජූලි 31 වෙනිදා ට වසර 28 කි.

මෛත්‍රී ජනපතිතුමනි, රනිල් අගමැතිතුමනි, ප්‍රේමකීර්තිගේ මිනීමරුවන් තවමත් නිදැල්ලේය.

ගුවන්විදුලියේ ‘රජ්ජුරුවෝ‘, අසහාය ගීත රචකයා, අසමසම සන්නිවේදකයා ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය කොට වසර 28 කි.  අදටත් ප්‍රේමකීර්ති ගේ මිනීමරුවන් නිදැල්ලේ තැබීමට තරම් ලංකා රජය අයුක්තියේ, අසමානත්වයේ හා නීතිය වල් වැදුණු දේශයක් වී තිබේ.

ප්‍රේමකීර්ති ගේ මිනීමරුවන් කවුරුදන් යන්න රටටත් ලෝකයටත් රහසක් නොවේ.  කාලයෙන් කාලයට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් සඳහා එහි චෝදනාව එල්ල කරනු ලැබූවේ සැබෑ මිනීමරුවන් විසිනි.  මේ මිනීමරුවන් ලංකාවේ යහපාලන ආණ්ඩුවක් පිහිටුවන්ට වෙහෙසවුනු සෑම දේශපාලනඥයෙකුම අඩු වැඩි වශයෙන් ගුවන්විදුලි තරංග මාලා යොදා ගනිමින් අපහාස කොට ඇත.  රටේ සිවිල් සමාජයේ බහුතරයකට ප්‍රේමකීර්ති ගේ මිනීමරුවන් අවලාද, මඩ, පැතිරවූවේය.  ඒ සියල්ලටම මේ රටේ මිනිසුන් සමාව දී ඇත.

නමුත්, ප්‍රේමකීර්ති ගේ මිනීමරුවාට සමාව දෙන්නට අප සුදානම් නැත්තෙමු.

නැත. කිසිලෙසකවත් එය සිදු නොවිය යුතුය.  ප්‍රේමකීර්ති ගේ මිනීමරුවන් රටම දනී.  ඔවුන් ගැන විධිමත් විමර්ශනයක් පවත්වන්නට දැන්වත් ජනපති, අගමැති, පොලිස්පති මැදිහත් විය යුතුය.

නීතිය වල් වැදුණු, මරණය රජය කළ යුගයක් අප අවසන් කළ බව රැස්වීම්වල කිය කියා සිටීමෙන් පළක් නැත. යුක්තිය ඉටුකිරීම ක්‍රියාවෙන් ඉටු විය යුතුය.  රටම දන්නා ‘හඩු ගඳ ගහන‘ මිනීමරුවන් ගැන පොලිස් දෙපාර්තමේන්තුව අදටත් විමර්ශනයක් පවත්වා නැත.  පොලිස්පතිවරයාගේන් අපට ඇසීමට ඇත්තේ ‘ප්‍රේමකීර්ති ඝාතනයේ විමර්ශන ලිපිගොනුවට දැන් සිදුව ඇත්තේ කුමක්ද? කියාය.

දාස්පෙතියා මල් ඇට විසිරවූ පසු මල් කවදා හෝ මල්එල දරනු ඇත්තේය.  ප්‍රේමකීර්ති අපට කියාදුන් සත්‍යය එයයි.

පොලිස්පතිතුමනි, වසර 28 ක් ප්‍රේමකීර්තිට ආදරය කළ මිනිසුන් බලාපොරොත්තුවේ දාස්පෙතියා මල් ඇට විසුරුවා හැර ඇත්තේය.  ඒ බලාපොරොත්තුව විනිවිද භාවයකින් යුතු පරීක්ෂණයකින් ඉටු කරදීමට පුළුවන.

‘ජනපතිතුමනි, අගමැතිතුමනි, පොලිස්පතිතුමනි, ප්‍රේමකීර්තිගේ මිනීමරුවන් තවමත් නිදැල්ලේ ය.

ප්‍රේම කීර්ති ද අල්විස් කලාකරුවා වෙනුවෙන් යුක්තිය ඉටු කරගැනීම සඳහා සමාජ ජාල ක්‍රියාකාරීත්වයක් අරඹා තිබේ. Justice for premakeerthi   යනුවෙන් නම් කර ඇති මෙම ෆේස් බුක් පිටුව මේ සම්බන්ධයෙන් සමාජ මතයක් ගොඩනගමින් සිටියි.

 

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

2 Responses to “ප්‍රේමකීර්ති ඝාතනය කොට වසර 28 යි!”

  1. Ancient Sinhalaya Says:

    Some useful links to enjoy for the jaathi dhrohee Sinhalese who support this UNPatriotic party YAMA PALLAN.
    Sinhalese being famous for modayas never learn. They aren’t just modayas, they have very short memories
    and easily misled. Where else on this planet find a bunch of idiots UNPatriotic party YAMA PALLAN must be
    saying to themselves.

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    Asking the UNPatriotic YAMA PALLAN is like horage ammagen pena ahanawa wage.
    The finger always pointing to others. Sinhala modayas accept without a whim. Lucky rogues these
    UNPatriotic YAMA PALLANS are.

  2. Wetta Says:

    ප්රෙමකීර්තිට වඩා රටට ජාතියට අතිශය විශාල සේවයක් කල වසීම් තාජුදීන් ගේ මරණය ගැන පරීක්ෂා කිරීමට කාලය යෙදවීමට ඇති නිසා ප්රෙමකීර්තිගේ මරණය ගැන පරීක්ෂා කිරීමට කාලය නොමැති බව කරුණාවෙන් සලකන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress