පාද යාත්‍රාවේ 4 වන දිනයේදී කිරිබත්ගොඩට ගැලූ මහ ජන ගංගාව (VIDEO)
Posted on July 31st, 2016

 www.mahinda.info

කොළඹ බලා ගමන් කරමින් තිබෙන ජනසටන පාද යාත‍්‍රාව හොරගොල්ලේ පිහිටි බණ්ඩාරනායක සමාධිය අසලින් ගමන් ගනිද්දී සටන් පාථ කීම නවතා හිස් වැසුම් ගලවා කොඩි පහත් කරගෙන ගමන් ගත්හ. පෙළපාලියේ ගමන් ගත් අති විශාල ජනතාව සියල්ලන් මෙසේ සමාධියට ආචාර කළහ. සමාධිය අද වසා දමා පොලිස් බලඇණියක ආරක්‍ෂාව යොදවා තිබිණ.

සමාධියට පෙළපාලියෙන් ගල් ගසනු ඇතැයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් කල ඉල්ලීමක් අනුව මෙසේ පොලීසිය යොදා ඇත. තම පියාගේ සොහොනට ගල් වදින්නට ප්‍රාර්ථනා කළ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ අපේක්ෂාව බොඳ වීම ගැන ඇයට අපගේ සංවේගය පළ කරමු. බණ්ඩාරනායක සමාධියට ගල් ගසන තුරු බලා සිටි සියළු ශ්‍රිලනිප විරෝධීන්ගේ අපේක්‍ෂා භංග කරමින් ගල් වෙනුවට ඊට මල්පිදූ සැබෑ ශ්‍රිලනිප බලවේගයට අපගේ උපහාරය.

පෙළපාලිය කිරිබත්ගොඩට ළඟා වී ජනහමුව පැවතෙද්දී කිරිබත්ගොඩ නගරයේ විටින් විට විදුලිය විසන්ධි විය. මින් පෙර නෙලුම්දෙණිය හා නිට්ටඹුවේදීද මේසේ විදුලිය විසන්ධි වූ අතර මාවනැල්ල නගරයට ඇතුළු වීමට නොහැකි වූයේ උසාවි නියෝගයක් නිසාය.

පහත දැක්වෙන්නේ කිරිබත්ගොඩට පැමිණෙන පාද යාත්‍රාවේ පින්තූර යි.

හෙට අවසන් දිනට පෙළපාලිය කිරිබත්ගොඩ සිට කොළඹට ගමන් ආරම්භ කරයි. වෙන් කරන ලද හයිඞ් පිටිය පුරා වළවල් කපා පස් කඳු ගොඩගසා ඇත. එහෙත් කොළඹට ගලන මහා ජන සන්නිපාතය වලක්වාගන්නටට ආණ්ඩුවට කෙලෙසකවත් නොහැකි වනු ඇත.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress