කොලඅලි-රතුඅලි වරාය නගරයේදී එකවර ඔළුවෙන් හිටගත් සුන්දර අවස්ථාවක් මෙන්න…
Posted on August 13th, 2016

lanka C news

කොළඹ ගාළු මුවදොර ඉදිකරන වරාය නගරය ඉදිකල පසු අයත් වන්නේ ලංකාවේ කුමන පළාත් පාලන ආයතනයකටදැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ප‍්‍රශ්න කලේය.

වරාය නගරය භූමිය අලූත් සංස්ථාවකට අයත් වන්නේ යයි අගමැති වික‍්‍රමසිංහ පිලිතුරු දුන් විට ජවිපෙ නායකයා කියා සිටියේ එවන් සංස්ථාවකට අයත් විය යුතු නැති බවත්ය.

වරාය නගරයට යන කළුගල් කියුබ් ලක්‍ෂ ගණනක් ප‍්‍රමාණය කැඩුවහොත් ලංකාවට සිදුවන මහා පරිසර විනාශය, මුහුදේ හලාවත සිට ගාල්ල දක්වා සිදුවන මහා විනාශය ගැන ගිය පාලන සමයේ ජවිපෙ නායකයා මහ හඬින් සිදු කරනු ලද ප‍්‍රශ්ණ කිරීම් කිසිවක් අගමැති වික‍්‍රමසිංහගෙන් නොකලේය.

ජවිපෙන දැන් ඇත්තේ වරාය නගරය බිම් කොටස සංස්ථාවක් වීමයි. ඔවුන් තර්ක ගොඩනගන්නේ එය ලංකාවේ කිසියම් පළාත් පාලන ආයතවයකට අයත් විය යුතු බවටයි.

එවකට රනිල් වික‍්‍රමසිංහ මෙන්ම ජවිපෙ නායක අනුර කුමාරද එකල කියා සිටියේ වරාය නගරය වහා නැවැත්විය යුතු ව්‍යාපෘතියක් බවත් ඉන් සිදුවන්නේ මහා විනාශයක් බවත්ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress