“චෝදනා ගැන ජනපති කරුණු පැහැදිලි කළ යුතුයි“ – දූෂණ විරෝධී පෙරමුණ
Posted on August 25th, 2016

මාධ්‍ය නිවේදනය දූෂණ විරෝධී පෙරමුණ

 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන සමයේ  ඔස්ට්‍රේලියානු – කැනේඩියානු සමාගමකින්  අල්ලස් / කොමිස් මුදලක්  ඉල්ලා සිටි බවට  බවට ඔස්ට්‍රේලියානු රජය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට  ඔස්ට්‍රේලියානු  පුවත්පත් වාර්තා කර තිබේ. 

එම වාර්තා වලට අනුව 2009 වසරේ  මෙරට ව්‍යාපෘතියක්  සඳහා  පැමිණි  එම SMEC නැමති  සමාගමකින් මෛත්‍රපාල සිරිසේන මහතා දේශපාලන ආධාරයක් ඉල්ලා සිටි බවට එම සමාගමේ  නියෝජිතයෙකු ලෙස කටයුතු කර පසුව ඉන් ඉල්ලා අස්වූ පුද්ගලයෙක් චෝදනා කර තිබේ. 

යහපාලන සංකල්පයට අනුව  අල්ලස හෝ දූෂණය පිටුදැකීම සඳහා දේශීය වශයෙන් කටයුතු කරමින්  ජාත්‍යන්තර වශයෙන් ඒ පිළිබඳ අදහස් දක්වමින් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  ඔහුට හා ඔහුගේ කාර්ය මණ්ඩලයේ සේවකයෙකුට එල්ල වී ඇති මෙම චෝදනාව සම්බන්ධයෙන් වහා කරුණු පැහැදිලි කිරීමක් කළ යුතු බව   දූෂණ විරෝධි පෙරමුණ අවධාරණය කර සිටියි.

දූෂණ විරෝධී පෙරමුණ වෙනුවෙන්

පුජ්‍ය උලපනේ සුමංගල හිමි – සභාපති දුෂණ විරෝධී පෙරමුණ

කීර්ති තෙන්නකෝන් – උපදේශක දුෂණ විරෝධී පෙරමුණ

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

නීතිඥ නාමල් රාජපක්ෂ

චමීර පෙර්රා

තිලක් කාරියවසම්

ප්‍රියදර්ශනී ආරියරත්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress