වකුගඩු සටන රජරට ජන ගත කිරීම 31 බදාදා අනුරාධපුරයේ දී..
Posted on August 26th, 2016
රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන
රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන රචිත වකුගඩු සටන කෘතිය රජරට පාඨක ජනතාව වෙත පිළිගැන්වීමේ උත්සවයක් 2016 අගෝස්තු මස 31 බදාදා සවස 2 ට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය (කච්චේරි) ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ.
එහි මුලසුන සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී ස්වාමීන් වහන්සේ උසුලන අතර විවිධ ක්ෂේත්‍ර 5 ක් ආවරණය වන පරිදි කෙටි දෙසුම් පැවැත්වේ.
දේශීය වාරි විශේඥ උදුල බණ්ඩාර අවුසදහාමි, රජරට වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්දන, දේශීය ගොවි විශේඥ ප්‍රියන්ත ගුණවර්ධන, වකුගඩු රෝග පර්යේෂක වෛද්‍ය චින්තක විජේවර්ධන සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සේනාරත්න කාරියවසම් යන මහත්වරු අදහස් දැක්වීමට නියමිතය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන්ගේ සංගමය උත්සවය සංවිධානය කරයි. මේ සදහා සහභාගී වන ලෙස සංවිධායක මඩුල්ල සහෘද පාඨක ජනතාව වෙත විවෘත ආරාධනයක් කරයි.