ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සංවත්සරය 4
Posted on September 5th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

.මේ ලෝකය තුල සිදුවෙන දෑ දෙස ඉතා සුපරික්‍ෂාකාරීව බලන විට, සමහර විශේෂිත දෑ සිදුකිරීම සදහා, විශේෂිත කණ්ඩායම් මේ ලෝකය වෙත මුදා හරින යම් බලවේගයන් ඇති බව මනාව අවබෝධවේ. ඒ අනුව, බණ්ඩාරනායක නම්වූ චරිතය ඒ බලවේගයන්ගේ නිර්මාණයක් ලෙස සඳහන් කලයුතුමය.

බණ්ඩාරනායක නම්වූ මේ චරිතය, එදා මේ රට තුලවූ බලවත්ම, ධනවත්ම, වංශක්කාරම, පවුලක් තුල උපත ලබාගෙන, එවන් පවුල් තුල ඇති, සැප සම්පත්තීන් බුක්තිවිදිමින් කමින්, බොමින්, නටමින්, සෙල්ලක්කාර, සල්ලාල ජීවිතයක් ගෙවනු වෙනුවට, ඒ පවුල් සංස්කෘතීන්ට අදාල නොවෙන, මේ රටේ ජීවත් වෙන දුගී දුප්පත් ජනතාව මුහුණ දෙන ගැටළු ගැන සිතමින්,  ඔවුනගේ ගැටළු විසදීම අරමුණු කරගෙන, ඒ සඳහා සැලසුම් කරමින්, කුසට හරිහැටි ආහාරයක් නොගනිමින් ඉගෙනීම ආභරණයක් කර නොගනිමින් කල සමාජ සත්කාරය අපට කියාපාන්නේ, ඔහු තුල ඇති, අතිවිශේෂ සවභාවයයි.

බණ්ඩාරනායක නම්වූ චරිතයට ඉටුකිරීමට විශේෂිතවූ කාර්‍යභාරයක් නිශ්චිත බලවේගයක් විසින් පවරා තිබිණ. ඒ බැරෑරුම් කාර්‍යය ඉටුකිරීම සඳහා  ඒ බලවේගය සෑම සියලු පහසුකමක්ම එතුමාට උරුමකරදී ඉදිරියට මෙහෙයවන විට, බණ්ඩාරනායක නම්වූ රූපකායද තම වගකීම් මනාව ඉටුකරන ලදී. මේ අනුව බණ්ඩාරනායක මහතාට, අන් සියල්ලක් මෙන්ම, විවාහයද පෙර සැලසුම්ගතව නිර්මිතව තිබුණ අතර, ඒ අනුව එතුමා විවාහ දිවියට ඇතුලත්ව සිය කාර්‍යයන් ක්‍රමවත්ව සිදුකරමින් වර්‍ෂ 1951 සැප්තැම්බර් මස 2 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බිහි කරන ලදී.

මේ සඳහන් කරන කරුණු සත්‍ය නම්, ඔබතුමාව ඊට පසුදින හොරගොල්ල වලව්වට කිට්ටු වටපිටාවකදීම ගම්පහ දිස්ත්‍රික්කයේ යාගොඩ නම්වූ ග්‍රාමයේ ජීවත්වූ සාමාන්‍ය ගැමියෙකුට දාව මේ උප්පත්තිය  සිදුකොට මේ රටේ පාලන බලයත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වයත් ඔබතුමාගේ අතට ලබා ගැනීමට කටයුතු සම්පාදනය කලේ ඒ බණ්ඩාරනායක මහතාව නිර්මාණය කල බලවේගයමද? නැත්නම් වෙනත් බලවේගයක්ද? යන ගැටළුව සමාජය ඉදිරියේ ඇත. ඔබ කවුද? ඔබතුමාට ඉතිහාසය විසින් පවරා ඇති කාර්‍යය කුමක්දැයි අපද බලා සිටින්නෙමු.

4 Responses to “ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සංවත්සරය 4”

  1. Christie Says:

    ඔය කියන බලවේගයට කියන්නෙ ඉන්දියානු අදිරදය කියල. එම බලවේගය තමයි බන්ඩ ගෙනාවෙත් සිරිසේන ගෙනාවෙත්.

    ඔයකියන වල්ව්වල පට්ටම විතරයි සල්ලි පනම් නැහැ. හොරගොල්ලෙ ඒකාලෙ කනාටු පොල්ගස්. බන්ඩගෙ අක්ක ලන්ඩන් වල නගරයේ දුප්පතුන්ට දෙන ගෙවල්වල. මුන් පවුලම යැපුනෙ ඉන්දියානු පරපෝසිතයන්ගෙ මුදලින්.

    සිරිසෙන ජනපද වියාපාරයේ පලයක්.

    බන්ඩගෙන් පස්සෙ මුලු උතුර, නැගෙනහිර’ උතුරුමැද හා කඳුරට ඉන්දියානු පරපෝසිතයන්ට ජනපද.

  2. plumblossom Says:

    The prima factory has been provided a ten per recent tax break by this treacherous UNP government. This amounts to 135,000 million rupees. We wonder how much of this ended up funding the UNP election campaigns? This vast amount of money, 135,000 million rupees could have been used to purchase rice at Rs.50 per kilogramme minimum from all rice farmers.

    Meanwhile, while Thailand, Burma etc. eats rice, even their presidents eat rice, our idiotic Sinhala people’s rice consumption in kilogrammes per annum has gone down. Instead Sinhala people’s wheat consumption per kilogramme per annum has gone up. We are today spending vast amounts of foreign exchange purchasing wheat making US farmers happy and the prima company rich while we keep consuming wheat. All the while our Sri Lankan rice farmers are suffering due to reduction of rice consumption.

    We should urge the treacherous UNP Government to reinstate the ten per cent tax on wheat and bring on a programme to increase rice consumption in the country. However this US imperialist worshipping subservient government will do no such thing.

  3. Christie Says:

    Urid or black gram consumption has skyrocketed since 1956. Urid consumption has increase exponentially since Sirisena’s 100 day budget where Urid price was reduced. Again the divine power of the Indian Empire and Indian colonial parasites.

  4. Hiranthe Says:

    Christie is right!! I share the same sentiment although I do not know the history of Bandaranayaka.. This name sounds like Indian to me.. Bandar Nayik…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress