පාවෙන අවි ගබඩාව නිසා ආණ්ඩුව ලාභ ලබලා – ආරක්ෂක ඇමතිගෙන් හෙළි වෙයි
Posted on September 9th, 2016

www.mahinda.info

[1]. ඇවන්ට්ගාඩ් සමාගම රුපියල් බිලියන 11.4ක් උපයා ගත්තාලු. ඒක හරි නම් රජයට ලැබෙන්න තිබුණු ආදායමක් කියන එකයි අල්ලස් කොමිසම කියන්නේ. මේ කතාවේ ඇත්ත නැත්ත අපි බලමු.

[2]. 2016 මාර්තු 18 දා උදය ගම්මන්පිළ මහතා ආරක්ෂක ඇමතිතුමාගෙන් ඇවන්ට්ගාඩ් පිලිබඳ ප්‍රශ්නයක් ඇහුව්වා. ඒකට උත්තර දෙමින් රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමා අපූරු තොරතුරු ටිකක් පාර්ලිමේන්තුවට කිව්වා. මේ බව හැන්සාඩ් වාර්තාවේ සඳහන් (පහත වීඩියෝවේ දැක්වෙයි). අවශ්‍ය අයට හැන්සාඩ් වාර්තාව පරිශීලනය කර බැලීමට පුළුවන්.

[3]. වත්මන් ආරක්ෂක අමාත්‍යවරයාට අනුව,
2009.12.07 සිට 2012.10.15 දක්වා නාවික හමුදාව අවි ගබඩාව කර ගෙන යන සමයේ අවුරුදු තුනකට ආණ්ඩුව ලැබූ ආදායම රුපියල් බිලියන 1.8 යි.
ඇවන්ට්ගාඩ් පා වෙන අවි ගබඩාවක් පවත්වා ගෙන ගිය 2012.10.15 සිට 2015.11.13 දක්වා වසර තුනට ආණ්ඩුව ලැබූ ආදායම රුපියල් බිලියන 4.1 යි. (නාවික හමුදාවට බි 2.5ක් ද රක්නා ලංකා සමාගමට බිලියන 0.4ක් ද උපයා ගත්තා. බදු ආදායම රුපියල් බිලියන 1.2 යි.)

බිලියන 1.8 ආදායම බිලියන 4.1 ක් වුණාම සිදු වෙලා තිබෙන්නේ ලාභයක් ද පාඩුවක් ද ?

[4]. ගෝඨාභය මහතා ආණ්ඩුවට පාඩුවක් කරන්න මෙවැනි ව්‍යාපාරයක් ලංකාවේ තිබුණේ නෑ. පාවෙන අවි ගබඩා සංකල්පය ලංකාවට හඳුන්වා දුන්නේ ගෝඨාභය මහතා. නාවික හමුදාව මුලින්ම බිලියන 1.8 ක් ඉපැයුවේත් ඇවන්ට්ගාඩ් හරහා බිලියන 4.1ක් ඉපැයුවේත් ගෝඨාභය මහතා මේ සංකල්පය හඳුන්වා දුන් නිසා. නැතිනම් මේ ව්‍යාපාරය ලේසියෙන්ම ඉන්දියාවට හෝ ඉන්දුනීසියාවට හෝ මැලේසියාවට ලැබෙන්න තිබුණා. එහෙම නම් එක ඩොලරයක් වත් ලංකාවට ලැබෙන්නේ නෑ.

[5]. දැන් මොකද වෙලා තිබෙන්නේ? ඇවන්ට්ගාඩ් යුගයේ ඉපැයූ මුදලෙන් හරි අඩයි දැන් උපයන්නේ. හරි නම් මේක ආණ්ඩුවට පවරා ගත් අයට තමයි ආණ්ඩුවට ආදායම් අහිමි කිරීමේ චෝදනාවට නඩු දාන්න ඕනෑ.

[6]. 2001-2004 එජාප ආණ්ඩු සමයේ ලාභ ලබන ව්‍යාපාර ඉන්ධන පිරවුම් හල් තුනෙන් එකක් ඉන්දියානු අයිඕසී සමාගමට පැවරුවා. ලාභ ලබන වරායේ ජැටි පෞද්ගලික අංශයට පැවරුවා. චන්ද්‍රිකා මැතිණිය ආණ්ඩුවේ ඉහළම ලාභය වාර්තා කරන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පෞද්ගලික අංශයට පැවරුවා. හරි නම් මේ අයටයි ආණ්ඩුවේ ආදායම් අහිමි කළා කියන චෝදනාවට නඩු දාන්න ඕනෑ.

[7]. මේ ආණ්ඩුව ඇතුලේ නීති විශාරදයින් දෙදනෙක් ඉන්නවා. එක් කෙනෙක් හිටපු නීතිපති ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා. අනිත් කෙනා වත්මන් අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා. මේ දෙන්නා නඩු පැවරීමට වරදක් සිදු වී නෑ කියූ නිසා මොකද වුණේ? මාරපන මහතාට ඇමති ධූරය අහිමි වුණා. විජේදාස මහතාව දැන් කොන් කරලා.

– අරවින්ද අතුකෝරල

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress