විෙදස් සමාගමක් අඩු මිලට බදු ගත් මෝදර ධීවර වරාය උකස් කර රටින් පැන යන තැතක්
Posted on September 11th, 2016

තාරක වික්‍රමසේකර උපුටා ගැන්ම  සිළුමිණ

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් රුපියල් මිලියන 445කට අධික වටිනාකමක් ඇති මෝදර ධීවර වරාය ‘සී ගල්ෆ් යූ.කේ. ප්‍රයිවට් ලිමිටඩ්’ නම් විදෙස් සමාගමකට රුපියල් 125000/= ක සුළු මාසික කුලියට බදු දී ඇති අතර එම සමාගම විසින් ධීවර වරාය උකසට තබා අතිවිශාල ණය මුදලක් ලබා ගැනීමේ සූදානමක් පිළිබඳව වාර්තා වේ. ‘සී ගල්ෆ් යූ.කේ. ප්‍රයිවට් ලිමිටඩ්’ සමාගමට මෙම ධීවර වරාය 2014 ඔක්තෝබර් මස 30 දින සිට වසර 25කට බදු දී ඇති අතර මෙම බදු දීමේදී කිසිදු ප්‍රසම්පාදන ක්‍රමවේදයක් ‍ හෝ ටෙන්ඩර් පිළිවෙතක්ද අනුගමනය කර නැති බව විගණකාධිපතිවරයා විසින් විගණන විමසුමක් මඟින්ද දන්වා ඇත.

 

 

 

 

එසේම රජයේ තක්සේරුකරුවකුගෙන් තක්සේරුවක් ලබා නොගෙන පෞද්ගලික තක්සේරුකරුවකුගෙන් ව්‍යාජ ලෙසින් තක්සේරුවක් ලබා ගෙන ඇත්තේ රුපියල් මිලියන 283ක් පමණක් වටිනාකමක් ඇති බව පෙන්වමිනි.‍ මේ ක්‍රමවේදය සම්බන්ධ මතුව ඇති මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් විගණන විමසුමක්ද 2015.06.18 දින LP/B/CFHC/2014 අංක යටතේ යොමු කර ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් කරන ලද පරීක්ෂණයන්ගෙන් පසු රජයේ තක්සේරුකරු විසින් මාසික බදු කුලිය රුපියල් ලක්ෂ 1700000.00කට අධික බව තහවුරු කර ගෙන ඇත.

වත්මන් රජය බලයට පත් වීමෙන් පසු වෘත්තීය සමිති විසින් අදාළ සමාගම ලංකා ධීවර වරාය නීතිගත සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලය හා එක්ව කරන ලද මේ වංචාව සම්බ්න්ධව මතු කළ විරෝධය හමුවේ සමාගම විසින් මාසික බදු කුළිය ලෙසින් රුපියල් ලක්ෂ 4ක් ගෙවීමට එකඟත්වය පළ කර ඇති අතර එය ගිවිසගත් බදු මුදල ‍මෙන් තුන් ගුණයකට අධික හෙයින් එයින්ම මෙහි බරපතළ දූෂණයක් සිදුව ඇති බව වෘත්තීය සමිති විසින් පෙන්වා දී ඇත.

මේ සමාගම විසින් ධීවර වරාය උකස් කර අධික ණය මුදලක් ලබා ගෙන රටින් පිටව ගිය හොත් කුමක් සිදු වේදැයි වෘත්තීය සමිති විසින් ප්‍රශ්න කර ඇත.

 

By Dr Sarath Obeysekera  Managing Director  Walkers Colombo Shipyard, Sri Lanka

Dear Directors

http://www.silumina.lk/2016/09/11/

Above news has been published in today’s Silumina  about Mutwal Harbour being mortgaged and where it says that  company is trying to runaway !

The writer has not put all the facts after verification ,and I may have to resort to legal action unless he insert a verified factual version in your esteemed newspaper

Your own Dinamina and Observer recently published much about the good things about the Shipayrd being built in the  Mutwal Harbour

This shipyard with an investment of 10 million US $ and  Ceylon Fishery Harbour is a partner where they will be paid 10% profit of the venture   in addition to the lease rental .

Please ask the writer and the editor to contact myself so that I invite them to the yard and show what the whole project is

Your are a state owned venture and you should make sure that any news item published which may damage Yahapalanya concept should be verified before publishing

( I wonder whether Lakehouse is also becoming a Tabloid press ?)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress