ඒකාබද්ධ විපක්ෂයට සීවලී ක්‍රීඩාංගනයේ වේදිකා තහනම්! මෙන්න යහපාලන රෙදි ගැලවෙන ලිපිය.
Posted on October 9th, 2016

www.mahinda.info

[1]. රත්නපුර සීවලී ක්‍රීඩාංගනයේ වේදිකා කූඩාරම් ආදිය ඉදි කර රැස්වීම පැවැත්වීම සඳහා ඒකාබද්ධ විපක්ෂයට ලබා නොදෙන බව පවසමින් රත්නපුර මහ නගර සභාවෙන් නිකුත් කරන ලද ලිපිය පහත දැක්වේ.

යහපාලනය කියාගත්තද ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව රැස්වීමේ නිදහස පවා අවහිර කරන දරුණු පාලනයක් වර්තමානයේ පවතින බවට මීට වඩා උදාහරණ අවශ්‍ය නොවේ. එසේම ඒකාබද්ධ විපක්ශයට මොවුන් දක්වන බිය ඡන්ද කල් දැමීමෙන් නොනැවතී ජනතා රැස්වීම් පවා අවහිර කිරීමෙන් පෙනී යයි. බෙහෙත් පෙත්තට පවා වැට් බදු ඉහළ දමා, එක්ටා මගින් ඉන්දියානුවන්ට රැකියා දුන් පසුව මෙලෙස ජනමතය යටපත් කළ හැකි වේවිද?

 

[2]. පසුගිය දා ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න පැවසූයේ රත්නපුර සීවලී ක්‍රීඩාංගනය ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා නැති බවත්, ඉල්ලුවේ ලොරි ගාල බවත් ය. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය බොරු කීවා කියූ ඔහුගේ කතාව මාධ්‍ය මගින් රටටම ප්‍රචාරය කෙරුණි. නමුත් ඉහත ලිපියෙන් ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්නගේ බොරු අතේ මාට්ටු වී ඇත.

පහත දැක්වෙන්නේ ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න රටම ඉදිරියේ බොරු කියන අයුරුය. මාධ්‍ය මගින් ඔහුගේ කතාව ප්‍රචාරය කළ ආකාරයෙන්ම ඉහත දැක්වූ ලිපියෙන්මො හු ගහපු බොරුව මාට්ටු වුණ ආකාරයත් ප්‍රචාරය කරනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු.

සීවලී ක්‍රීඩාංගනයට අමතරව ලොරි ගාලත් වෙන් කරගත් හේතුව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැහැදිළි කළාය.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress