‘දහම් කොලූවට මදනය නැගලා.. ක්ලබ් එකක් කුඩු කරලා..’ – විමල් පට්ටන්තරේම දිගඅරී.. [Video]
Posted on October 9th, 2016

ලංකා සී නිවුස්

මේ රටේ බහුතරයකට ඕනෙ වුණේ නයිට් ක්ල්බ් යන, ගහමරා ගන්නා පුතකුගේ තාත්තා කෙනෙකු ජනපති කරවන වෙනසක්ද?

– ජානිපෙ නායක, විමල් වීරවංශ

කල්බ් එකට ගැහුව පිරිසේ ප‍්‍රබලම පුතා හිටියා.. පොලීසියට ඇසින් දුටු දෙදෙනෙක් ප‍්‍රකාශ දෙයි.. තවම නීතිය නවා නෑ..

2015 ජනවාරි 08 වැනිදා මේ රටේ බහුතරයකට උවමනා වූයේ ‘නයිට් කල්බ් යන, ගහ මරා ගන්නා පුතකුගේ තාත්තා කෙනෙකු’ ජනපති කරවන වෙනසක්ද? යනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රශ්නකර සිටියේය.

කල්බ් එකට ගැහුව පිරිසේ ප‍්‍රබලම පුතා හිටියා.. පොලීසියට ඇසින් දුටු දෙදෙනෙක් ප‍්‍රකාශ දෙයි.. තවම නීතිය නවා නෑ..

 ලංකා සී නිවුස්

ඊයේ අළුයම දෙකට පමණ කොම්පඤ්ඤවීදියේ සමාජ ශාලාවකට කඩා පැන පහර දීම සම්බන්ධයෙන් පොලීසිය වෙත කට උත්තර දෙකක් ලැබී.

එසේ පහර දුන් පිරිස අතර මෙරට ප‍්‍රබලම දේශපාලන පුතාද සිටි බව අදාල කට උත්තරවල සදහන් බවද වාර්තා වෙයි.

මෙසේ කට උත්තර ලබා දී ඇත්තේ සමාජ ශාලාවේ හිමිකරු හා පහර කෑමට ලක් වූ ආරක්ෂකයායි.

කෙසේ වෙතත් මේ දක්වා විත්තිකරුවන්ගෙන් ප‍්‍රකාශයක් ලබා ගත් බවක් වාර්තා නොවෙයි.

ඊයේ (08) රත්නපුර නගරයේදී ‘අරගලයට පණ පොවන නව ජනතා බලවේගය’ යන තේමාව යටතේ පැවැති මහා ජනතා රැලිය අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේ ද සඳහන් කර සිටියේය.

එදා 2015 පෙබරවාරි 18 වැනිදා ආරම්භ කරපු ‘මහින්ද සුළඟ’ තුන්වැනි වතාවට පැවැති ස්ථානය තමයි මේ රත්නපුරය. අද දෙවැනි වතාවටත් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් මේ රත්නපුරයේ රොද බැඳගෙන සිටිනවා, ‘සිරිසේන-වික්‍රමසිංහ හවුල දැන් ඉතිං ගෙදර පලයල්ලා’ කියන පණිවිඩය ලබා දීමට. මෙතැන සිටින පොලිස් නිලධාරිනුත් සියලු වැඩ නවත්තලා රැස්වීමේ කතාවලට සවන් දෙන බවයි පෙනෙන්නේ. ඔවුන්ට මේ හවුල බලයට ආවාම මෝටර් සයිකල් නොමිලේ දෙනවා කිව්වා. කලින් ආණ්ඩුව අය කළ රු.50,000.00 ආයෙත් දෙනවා කිව්වා. උසස්වීම් නිසි ආකාරයට දෙනවා කිව්වා. නමුත් අද ඒ එකක්වත් මේ හවුල ඉටුකර නැහැ. ඒ නිසා අද පොලිස් නිලධාරී මහත්වරුන්ටත් තිබෙන්නේ මේ ආණ්ඩුව ගෙදර යවන සටනට එක්වීම පමණයි.

1815 උඩරට ගිවිසුම අත්සන් කරලා සුද්දාට රට පාවා දුන්නාම ජාතිය ඉදිරියේ නිර්මාණය වූ සටනම තමයි 2015 ජනවාරි 08 වැනිදා මේ පරගැති හවුල බලයට ආවාම නිර්මාණය වූයේත්. අද ‘ජාඩියට – මූඩිය’වගේ පරගැති පාලකයෝ දෙන්නෙක් මේ රටේ ඉන්නවා. එක්කෙනෙක් හිටං. අනෙක් කෙනා හුටං. මේ ජෝඩුව අපේ ජාතිය මහදවල් විනාශ කරමින් යනවා. බටහිර න්‍යාය පත්‍රයක් කරේ තියාගෙන අද වික්‍රමසිංහ අගමැතිතුමා රට පාලනය කරනවා, සිරිසේන ජනාධිපතිතුමා පත්තරයක් බලලා කලබල වෙනවා
.
මේකෙත් නැහැ – ඒකෙත් නැහැ

ඒත් මෙහේ පත්තරවල හැම දෙයක්ම පළ වෙන්නේ නැහැනේ. ජනාධිපති සිරිසේන මහත්තයා, කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස සිටියදී ‘ගහපු ගැහිල්ලක්’ ඕස්ටේ්‍රලියාවේ ජාතික පුවත්පත්වල පමණක් නොවෙයි, රූපවාහිනී නාලිකා ගණනාවක විකාශය වුණා. මේ රටේ නම් කිසිම රූපවාහිනී නාලිකාවක ඒ ප්‍රවෘත්තිය විකාශය වුණේ නැහැ.(රූපවාහිනී චැනල් ලෝගෝ පෙනවමින් පවසයි) බැරි වෙලාවත් මේ ‘ඕරලියානු ගැහිල්ල’ ඇතුලේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ හෝ රාජපක්ෂ කෙනෙකුගේ නමක් තිබුණානම් ඒ ප්‍රවෘත්තිය මේ නාලිකා සියල්ලේම විකාශය වෙනවා.

‘දහම් කොලුවාට මදනයා නැඟපු හැටි’

මේ රටේ ඇතැම් මාධ්‍ය නාමල් රාජපක්‍ෂලාට විරුද්ධව නොයෙකුත් චෝදනා වරගන්වා ඉදිරිපත් කළා. විවිධ තර්ක ඔස්සේ විවිධ චෝදනා ගෙන ආවා. ‘එහෙම නම් පුළුවන් නම්, මේකත් දාන්න’ කියලා මම මේ රටේ මාධ්‍යවලට අභියෝග කරනවා එහෙම කළාට දාන්නේ නම් නැහැ. නමුත් සමාජ ඡාලා මාධ්‍යවලවත් යාවිනේ අනේ හාමුදුරුවනේ සමාවෙලා. මේ දහම් කොලුවාගේ නම වෙනස් කරලා සංඝ ආඥාවක් නිකුත් කරන්න. බුදුන්, දහම්, සඟුන් තමයි අපට තිබෙන තෙරුවන. මේයා නිසා ඒකත් වැනසෙනවා. දහම් ගිහින් තිබෙනවා ටවුන්හෝල්වල තිබෙන ‘ක්ලික්’ නැමති නයිට් ක්ලබ් එකට, ජනාධිපති ආරක්‍ෂක අංශයේ ආරක්‍ෂාව සහිතව. ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ජිප් රථයක තමයි ගිහින් තිබුණේ. පළමු වතාවේ ගිහින් ඇතුළු වෙන්න ඇහුවා. ‘පොඞ්ඩක් ඉන්න කියා’ පිළිතුරක් ලැබී තිබුණා. ‘පස්සේ එන්නම්’ කියලා ඒ වතාවේ ගිහින් ආපසු ඇවිත් ක්ලබ් එකේ සියලු වීදුරු බින්දා. එක සේවකයකුට පහර දී තිබෙනවා. ඒ සේවකයා කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා. ඒ පහර කෑමෙන් රෝගී වූ ඒ නයිට් ක්ල්බ් සේවකයාට දැන් ජනාධිපති ආරක්‍ෂක අංශයෙන් ආරක්‍ෂාව ලබාදී තිබෙනවා. බලාපොරොත්තු වූණේ මේ වෙනස නේද? නාමල් රාජපක්‍ෂලා, නයිට් ක්ලබ් ගිහින් මරා ගත්තේ නැහැ. මේ රටේ බහුතරයකට ‘නයිට් ක්ල්බ් යන, ගහගන්න, මරා ගන්න පුතකුගේ තාත්තා කෙනෙක් ජනාධිපති කරවන වෙනසක් ඕනෙ වුණා. ඒ වෙනස 2015 ජනවාරි 08 වැනිදා සිදු වුණා.

‘මාස 16ක ගුවන් ගමන් වියදම කෝටි 16ක්’

දවසින් දවස මේ පාලකයෝ දෙන්නා රට අගාධයට අරගෙන යනවා. 7%කට පැවැති ආර්ථික වර්ධන වේගය අද 2.5%ක් දක්වා පල්ලම් බස්සලා තිබෙන්නේ. මේ රට මේ විදියට වැටෙන්න ඕනෙ රටක් නොවෙයි. මේ පොළොව 65,000ක් දිවි පුදලා, අතපය අහිමිකර ගෙන රැකගත්තු පොළොවක්. ඒ නිසා මේ කාලකන්නි පාලකයන්ට මේ පොළවත් එක්ක සෙල්ලම් කරන්න ඉඩ දෙන්න අපි කාටවත් අයිතියක් නැහැ. අපේ උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා අගමැතිවරයාගෙන් විමසා තිබුණා ‘මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ගුවන් ගමන් වියදම් පිළිබඳ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට පිළිතුරු නොදී මඟ හැරපු මේ ආණ්ඩුව පසුගිය පාර්ලිමේන්තු සතියේදි බැරිම තැන ඊට පිළිතුරු දුන්නා. ඒ අනුව ගෙවී ගිය මාස 16ක කාලයට මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ගුවන් ගමන් වියදම හෙළිදරව් වුණා. ඒ මුදල කොමපමණද? රුපියල් විසි කෝටි දාහතර ලක්‍ෂයයි. මාස 16ට ඒ ගණන නම්, මාසයකට කීයද? එක්කෝටි විසිපන්ලක්‍ෂ අසූහත්දහස් පන්සියයයි. දවසකට හාරලක්‍ෂ දාහතරදහස් හත්සිය අසූතුනයි. කොයි වෙලාවේ බැලුවත් මේ උන්දැලා ටික උඩ ඉන්නේ. ‘ඇමති උඩ – මහජන ධනයෙන් ගෙවනු ලැබේ මිල’ ඒකයි සිද්ධ වුණු වෙනස.

පුතා නයිට් ක්ල්බ් ගිහිල් වීදුරු බිඳින කොට ජනාධිපති තාත්තා හැට හැත්තෑවක් අරන් එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයට යනවා. ‘හිටං ඒ ගණන ගෙන ගියාට ‘හුටං’ ඉන්දියාවට ගෙන ගියපු ගණන නම් මම දන්නේ නැහැ. අගමැතිතුමා ඉන්දියාවට ගිහින් කියන දේවල්වලට මට ‘විලි ලැජ්ජාවේ – සන්තෝෂේ’ බැහැ. මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් එට්කා ගිවිසුම අත්සන් කරනවා. දකුණු ඉන්දියාවත් එක්ක එකතු වෙලා මේ රට ස්විට්සර්ලන්තය වගේ එකක් කරනවා’ කියලයි හුටං කීවේ. එහෙනම් ‘ස්විස්ටර්ලන්තය’ කියන එකේ සිංහල තේරුම ‘සුඩානය’ කියන එකද? රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්දියාවට ගිහින් මෝඩි අගමැතිතුමාට පොරොන්දු වෙලා එතුමාගේ නම තමන්ට දමා ගන්න. (සභාවේ සිනා)

‘මව් පොළව බිලිගන්න එට්කා එනවා’

එට්කා කියන්නේ මේ රටේ ආර්ථිකයේ ඉතිරි වෙලා තියෙන ‘හුස්ම ටිකත්, මරලා දමන වැඩක්. ඉන්දියාවෙන් අපි ඓතිහාසිකව වෙන් වුණු හින්දා තමයි වෙනම ජාතියක්, වෙනම අනන්‍යතාවයක් සහිතව මේ පොළොව හැමදාම නැගිට්ටේ. මේ හදන්නේ සියවස් ගණනාවක් රැකගත්තු ඒ අනන්‍යතාව බිලිදෙන්න. එක පැත්තකින් දනුෂ්කොඩිවල සිට මන්නාරමට ‘හනුමන් පාලම’ හදන්න සූදානම් වෙනවා. පසුගියදා ඉන්දියාවට ගියපු වෙලාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්දියානු ප්‍රවාහන ඇමතිවරයා මුණ ගැහිලා තිබෙනවා. ඔහු එහිදී පවසා තිබෙනවා ‘අපි මන්නාරමේ ඉදලා කුරුණෑගලට, අනුරාධපුරයට හා කොළඹට එන්න තිබෙන පාරවල් ටික හදලා දෙන්නම්’ කියලා. දකුණු ඉන්දියාව සහ උතුරු – නැගෙනහිර භෞතිකව යා කරන්නයි මේ අය හදන්නේ. ඒ සමඟම එට්කා ගිවිසුම ගහපුවාම ඉන්දියානුවන්ට මේ රටේ රස්සාවලට, ව්‍යාපාරවලට එන්න අවසරය ලැබෙනවා. ඉන්දියාවේ කල්ලතෝනි ඔක්කොම ඇවිත් ඒ සමඟම මෙහි පදිංචි වෙනවා. මේ සිදුවන්නේ උතුරු – නැගෙනහිරත් එකතු කරලා ‘Greater Tamil Nadu’ හදන එකයි. ඒකයි මෙතැන ක්‍රියාත්මක වන්නේ. එදා මුණ්මුඩ චෝල මණ්ඩලම් තමයි ‘Greater Tamil Nadu’ ලෙස පැමිණෙන්නේ . එට්කා ගිවිසුම ගහන අපරාධයට ඉඩ දීලා අපි ජාතියක් ලෙස අතපය බැඳගෙන බලා හිටියොත් අපට ඒ සාපයෙන් මිදෙන්න කවදාවත් ඉඩ ලැබෙන්නේ නැහැ.

‘රනිල් හාමු අනුර මල්ලට කිවේ කුමක්ද?’

මම දැක්කා ‘එයාර් පෝට්’ එකේ මුහුණ හෝදන්න තියෙන සින්ක් එකකින් ඉන්දියානුවෙක් තමන්ගේ කකුල් හෝදනවා. පාර් මළපහ කරන, බස් රථයේ යන විට අනෙක් වැඬේ කරන, මේ රැකියා විරහිත ඉන්දියානුවන්ට මේ රටට එන්න ඉඩ දුන්නොත් අපට ඉන්න හිටින්න වෙන රටක් හොයාගන්න වෙනවා. මේ සිදුවෙමින් තිබෙන්නේ අපේ ඓතිහාසික අනන්‍යතාවය උදුරාගනිමින් ඉන්දියානු ව්‍යාප්තවාදයේ හිස එසවීමයි. අද තියෙන්නේ ‘ඒකට ඉඩ දෙනවාද, නැද්ද?‘ කියන සටන. කෝ අද රෝහණ විජේවීර සහෝදරයාගේ ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ පංතිය උගන්වපු මගේ පරණ පක්‍ෂයේ අලුත් නායකයෝ ටික? මේක ඉන්දියානු ව්‍යාප්තවාදය මහදවල් සිදුවන වෙලාවක්. පුංචි අම්මාපල්ලා කෝ අද මේ ජවිපෙ නායකයෝ ටික? රනිල් ‘හාමු’ අනුර ‘මල්ලිට’ නිශ්ශබ්දව ඉන්න කියලා. අද ඒ මහා පාවාදීම සිදු වෙමින් පවතිනවා.

අනෙක් පැත්තෙන් අද මේ ආණ්ඩුව බටහිර කොන්ත්‍රාත්තුව ඉටු කරමින් ඉන්නවා. රණවිරුවන් බිල්ලට ගන්නවා. අල්ලස් කොමිසමේ ‘රනිල්ගේ සුරතලිය’ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනකුට එරෙහිව නඩු දමලා උසාවියට ගෙන්වනවා. මේ රට බේරාගත් වීරයන්හිරේ දාන්නයි කුරුමානම් අල්ලන්නේ. ඒ විදියට රණවිරුවන්, මහා සඟරුවන. හිරේට දානවා. එතැනින් නතර නොවී අද කතරගම දේවාලේ අලියත් හිරේට දානවා. මේ අයට මේ කරන අපරාධවලට වස් වදිනවා. අපි මේ ආණ්ඩුවට කියනවා. ‘සත්ව හිංසාව ගැන ඔය තරම්ම දුකනම් ගෙවල්වල බල්ලෝ හදන එකටත් විරුද්ධ වෙන්න’ කියලා. මේ දේවල් ගැඹුරෙන් තේරුම් ගන්න. මේ ගහන්නේ මේ රටේ ඓතිහාසික පදනමට. සුද්දාවත් එදා මේ ඓතිහාසික පදනමට මේ විදියට ගැහුවේ නැහැ. ගැහුවා නම් ගැහුවේ හෙමිහිට. මේ ‘සිරිසේන – වික්‍රමසිංහ ද්‍රෝහී රැල’ අද මේ විදියට තදින් ගහන්නේ මේ රටේ ඓතිහාසික පදනමට බව ඉතා හොඳන් තේරුම් ගන්න.

‘සිරිසේන හිතලා හිතලා හිතලා කියපු ඇත්ත’

සිරිසේන ජනාධිපතිතුමා හිතලා හිතලා බොහොම අමාරුවෙන් කීවා ‘ඇත්තක්’ නෙළුම් පොකුණ හදන්න මුල්ගල් තැබුවේ චබකු නෝනය ඒ මුල්ගල මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ කාලයේ ගැලෙව්වාය’ කියලා. බලපුවාම නෙළුම් පොකුණේ චන්ද්‍රිකා නෝනා තැබූ මුග්ල එසේම ඇත. කවුරුන් හෝ සිරිසේන ජනාධිපතිතුමා අන්දා ඇත. නැත්තම් එයා ඇඳගෙන ඇත. මේවා අපි කිව්වාට මාධ්‍යවල යන්නේ නැහැ. ඒක තමයි අද තිබෙන ‘තරු පහේ’ මාධ්‍ය නිදහස. මේ විදියට පච වපුරලා, වෛරය වපුරලා,දේශපාලන දඩයමෙන් මේ රට ඉදිරියට ගෙන යන්න බැහැ.
‘අපේ සටන නවත්තන්න බැහැ’

දැන් කොයි වෙලාවේ බැලුවත් ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් සහ ඔවුන්ගේ පවුල්වල අය හිරේ ඉන්නවා. මේ වන කොට අපේ පක්‍ෂයේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර සහෝදරයා, ලොහාන් මන්ත්‍රීතුමාගේ සහෝදරයා වගේම මගේ සහෝදරයාත් ඉන්නේ හිරගෙදර. මේ විදියට දේශපාලන දඩයමෙන් අපේ සටන නතර කරන්න බැහැ. 1815 සුද්දාට යටත් වුණාට පසුව නැගිටපු මහජනයාගේ සටන පරද්දන්න බැරි වුණා වගේ, ‘ජාතියේ නූතන නිදහස් අරගලය නුඹලාගේ ඔය දඩයමෙන් නතර කරන්න බැහැ’ කියලා. අපි මේ රත්නපුර ඓතිහාසික වේදිකාවේ සිට සඵථ කරනවා. මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ගහන්න, ගහන්න, එතමා තවතවත් සුවඳවත් වෙනවා. ‘බටලන්දේ වධකයින්ගේ හවුල පරාජය කරන දිනය වැඩි ඈතක නොවෙයි කියන එකත් අපි මේ මොහොතේදි කියා සිටිනවා.

උතුරේ දෙමළ ජනතාව ඇති වූ සාමාකාමී වටපිටාව ඇතුළේ අන්තවාදය පිටු දැකලා හෙමිහිට නැගිටින්න පටන් ගත්තා නමුත් 2015 ජනවාරි 08 වැනිදා සිරිසෙන – වික්‍රමසිංහ හවුල බලයට ආවාට පසුව යළි අන්තවාදී කල්ලිවලට ඉඩකඩ හදලා දුන්නා දෙමළ ජන සමාජය තුළ අන්තවාදය වපුරන්න. දෙමළ අන්තවාදයට බැහැ උතුරේ දෙමළ සමාජයට සැබෑ සහජීවනය දෙන්න. සිංහල, දෙමළ, මුස්ලිම් සකල සහජීවනය හැදෙන්නේ එක අන්තවාදයකට උදව් කිරීමෙන් නොවෙයි. මේ ආණ්ඩුව කරන්නේ දෙමළ අන්තවාදයට උඩගෙඩි දීලා උතුරේ දෙමළ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගත් පොඩිපට්ටම් කරලා මහ සඟරුවනට පය තැබීමට බැරි, බුදු පිළිම පැවැති බවට වූ ඓතිහාසික සටහන් මකා දමන පොළොවක් බවට උතුර පත් කරන්නයි. එතැනටයි අද මේ රට ඇදගෙන යන්නේ.

ඒ නිසා මේ මව් පොළොව ඔබේ හදවත වැළදගෙන ඉල්ලා සිටිනවා ‘මේ රට වෙනුවෙන් පෙරමුණ ගන්න. මේ ද්‍රෝහී ආණ්ඩුව පන්නන සටනට පාරට බහින්න. එට්කා ගිවිසුම අත්සන් කිරීමට එරෙහි සටනට එකතු වෙන්න’ කියලා.

ඒ අතරේ ‘ඒකීය ලේබල් ටික’ එහෙමම තියෙද්දි දෙමළ බෙදුම්වාදීන්ට ඕනෙ කරන ‘මදය’සහිත ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට මේ ආණ්ඩුව සැරසෙනවා. දෙමළ බෙදුම්වාදයට අවශ්‍ය කරන ප්‍රාන්ත පාලනයට, ස්වයං පාලනයට ඉඩ කඩ හදලා දෙන ව්‍යවස්ථාවකටයි මේ විදියට පාර කැපෙන්නේ. මේ සියලු සටන්වලට ඔබ සැමගේ තීරණාත්මක මැදිහත්වීම මේ මොහොතේ අවශ්‍යයි. මේ හොර හවුල දැන් ඡන්ද තියන්නේ නැහැ. සමුපකාර ඡන්ද ප්‍රතිඵලය දැකලා මේ අයගේ බඩ බුරුල් වෙලා. ජනමත විචාරණය, පළාත් පාලන ඡන්දය ආවොත් එතැනින් හරි, ඡන්ද නොආවොත් පාරට බැහැලා හරි මේ හොරිකඩ හවුල ගෙදර යැවීමට පෙරමුණ ගනිමු! රොද බැඳ ගනිමු”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

75,111 Viewers

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress