දහම් සිරිසේන කෙලසූ නයිට් ක්ලබ් එකේ ඇත්තටම වුණ සිද්ධිය මෙන්න. (CCTV Video)
Posted on October 9th, 2016

(i). 2016 ඔක්තෝබර් 8 වන දින අලුයම 2 ට පමණ නිරූපන ශිල්පිනී නටාෂා රොශෙල් සහ ඇයගේ පෙම්වතා, ලිප්ටන් වටරවුම අසළ පිහිටි ‘Clique’ සමාජ ශාලාවට අතුළු වී ඇත. (දහම් සිරිසේන සම්බන්ධයෙන් ආන්දෝලනයට ලක් වූ BMWI8 වාහනයක වෙනුවෙන් නටාශා රොශෙල් ප්‍රචාරණයට පෙනී සිටි පින්තූරයක් පහතින්.)

(ii). ඒ සමගම විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන ද ඊට ඇතුළු විය.

(iii). දහම් සිරිසේන විසින් නටාෂා රොශෙල් ව සිපගැනීමට උත්සාහ දරා තිබේ. ඊට ඇගේ පෙම්වතා විරුද්ධ වී දහම් සිරිසේනව පසෙකට තල්ලු කර ඇත.

(iv). ඒ සමගම අදාල සමාජ ශාලාවේ සිටින ජීවන් පේ‍්‍රමදාස නම් බවුන්සර් කෙනෙකු (බවුන්සර් ලා යනු සමාජ ශාලාවේ සිටින ආරක්ෂකයින්) පැමිණ කලබලය මැඩ පැවැත්වීමට උත්සාහ ගෙන තිබේ. ඔහු දහම් සිරිසේනව අතින් තල්ලු කරගෙන අදාල පෙම්වතුන් යුවලගෙන් ඉවතට ගෙන ගොස් ඇත. ඔහු පවසා ඇත්තේ සර් වීඅයිපී කෙනෙක්. මෙහෙම හැසිරෙන එක හොඳ නෑ. කලබල කරන්නෙ නැතිව අයින් වෙන්න” යනුවෙන්ය.

(v). ඉන් පසුව අදාල නටාෂා සහ ඇගේ පෙම්වතා එතනින් ඉවත්ව ගොස් ඇත. නමුත් අදාල බවුන්සර් විසින් ක්ලබ් එක ඇතුලේ සෙනග වැඩියි සර්” කියමින් දහම් සිරිසේනට සමාජ ශාලාව ඇතුළට යාමට ඉඩ දී නැත. ඊට හේතුව ඔහු ඇතුළේත් කලබල කරගනු ඇතැයි සිතමිනි.

(vi). ඉන් කුපිත වූ දහම් සිරිසේන අපි පස්සෙ බලාගමුකෝ” කියමින් ඉන් ඉවත්ව ගොස් ඇත. පසුව ඔහුගේ පරිවාරයට යොදා තිබූ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවයේ නියුතු ආරක්ෂකයින් පිරිසක් කළු ඩිෆෙන්ඩර් 2 කින් නැවතත් ක්ලබ් එකට පැමිණ තිබේ.

(vii). එම ජනාධිපති ආරක්ෂකයින් අදාල රාත්‍රී සමාජ ශාලාවේ වීදුරු කුඩු කරමින්, එහි ආරක්ෂකයින්ට පහර දෙමින් එහි දැඩි අලාභ හානි කර තිබේ. දහම් සිරිසේනට සමාජ ශාලාවට ඇතුළු වීමට ඉඩ නොදුන් බවුන්සර් ට ජනාධිපති ආරක්ෂක අංශයෙන් පහර දී ඇති අතර අදාල බවුන්සර් මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

(viii). මෙම ‘Clique’ නැමති රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරුවන් වන්නේ දිමිත්‍ර ජයසූරිය, නදීම් රාජාබ්දීන් හා යසාර් ෆාරුක් නැමති ව්‍යාපාරිකයන්ය. සිද්ධිය පිළිබඳව රාත්‍රී සමාජ ශාලාවේ කළමණාකාරිත්වය හා ආරක්ෂක අංශ පොලිසිය වෙත කර තිබූ පැමිණිල්ල හිමිකරුවන්ගේ බලපෑම මත මේ වන විට ඉල්ලා අස්කර ගෙන තිබේ. සිද්ධිය සිදුවූ සමාජ ශාලාව අවට මේ වන විට ආරක්ෂක දැලක් යොදා ඇති අතර කිසිදු මාධ්‍යවේදියෙකුට හෝ මාධ්‍ය ආයතනයකට එම ප්‍රදේශයට පැමිණීම සපුරා තහනම් කොට ඇත. එසේම කිසිදු මාධ්‍යක් හා කථා කිරීම හෝ අදහස් දැක්වීම රාත්‍රී සමාජශාලාවේ සියළුම සේවකයන්ට එහි හිමිකරුවන් විසින් වහාම බලපැවැත්වෙන පරිදි තහනම් කර තිබේ. එමෙන්ම පහර කෑ ආරක්ෂක අංශයේ තැනැත්තා හමුවීමටද නොහැකි වන ආකාරයට ඔහු අසළද ආරක්ෂක අංශය රදවා ඇත.

 

[2]. දැන් අපි ඉහත කියපු දේ ඇත්ත දැයි විශ්වාස කරන්නේ කෙසේදැයි ඔබට පැනයක් මතු විය යුතුය. (වෙබ් අඩවියේ නම, ජනප්‍රිය භාවය හෝ පෙනුම බලා පුවත් විශ්වාස කිරීමෙන් දැන් බොහෝ දෙනා ඉවත්ව ඇතැයි අපි සිතමු). අදාල සාක්ෂිය වන්නේ, මේ බව එක්සත් ජාතික පක්ශයට සහය දක්වන lankanewsweb.net වෙබ් අඩවියේ ගෙඩි පිටින් සටහන්ව තිබීමයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පුතාගේ නොමනා ක්‍රියාවක් ගැන එක්සත් ජාතික පක්ෂයේ වෙබ් අඩවියකින් දක්වයිනම් එය මඩක් කියා කිසිවෙකුට බැහැර කළ නොහැක. ජනාධිපතිවරයගේ ඉල්ලීම මත ඔවුන් අදාල පුවත ඉවත් කිරීමට ඉඩ ඇති නිසා එය ආකයිව් කළෙමු. ආකයිව් කළ අදාල ලිපි පහතින්

සම්පූර්ණ ලිපියම අවශ්‍යනම් කියවන්න: දහම් යන්නෙ කොයි පාරේ – මාලකගේ අඩි පාරේ!! (Source: LankaNewsWeb.Net)

Update 1: අප මෙම ලිපිය පළ කිරීමෙන් අනතුරුව කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේද මෙය දහම් සිරිසේනගේ මැරකමක් ලෙස පළ කර තිබේ. කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියත් පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව පුවත් පළ කළ වෙබ් අඩවියකි.


සම්පූර්ණ ලිපියම අවශ්‍යනම් කියවන්න: Sirisena Brat Led Mob Smashes Night Club And Assaults Staff (Source: colombotelegraph.com)

Update 2: Exclusive: CCTV Video Footage Of Daham Sirisena Led Mob Attack On Clique Night Club Source: colombotelegraph.com)

[3]. එසේම අදාල සමාජ ශාලාවට පහර දීම ගැන ප්‍රසිද්ධ ජනමාධ්‍ය මාරාන්තික හිහඬතාවයක් දරයි. ඊට හේතුවනම් ඒ ගැන කිසිවක් පළ නොකරන ලෙසට ආණ්ඩුවේ ඉහළම තැන් වලින් සියලුම ජනමාධ්‍ය වෙත අනතුරු අඟවා තිබීමයි. යම් ලෙසකින් මෙවැන්නක් යෝශිත රාජපක්ෂ මහතා අතින් සිදුවුණානම් එජාප රූපවාහිනිය වන සිරස ටීවී හෝ එජාප පුවත්පත වන ලංකාදීප මෙසේ මාරාන්තික නිහඬතාවයක් දරාවිද?

[4]. විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මීට පෙරද කලබල ඇතිකරගෙන ඇත.

(i). 2013 වසරේ නැගෙනහිර වෙරළේ නිවාඩු නිකේතනයකදී ඔහු සහ ඔහුගේ මිතුරන් පිරිසක් වත්මන් FCID ප්‍රධානියා වන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවීන්ද්‍ර විද්‍යාලංකාර මහතාගේ පුත් අසේල විද්‍යාලංකාර මහතාට පහර දීමෙන් දහම් සිරිසේන පලමුවෙන්ම මාධ්‍ය අවධානයට ලක්වන ලදී. දහම් සිරිසේනගේ කැරැට්ටුව වත්මන් FCID ලොක්කාගේ පුතාගෙන්ම පහත වීඩියෝවෙන් අහන්න.

(ii). දෙවන සිද්ධිය සිදුවූයේ යහපාලන රජය බලයට පත්වී දින කීපයක් ගිය තැන 2015 ජනවාරි 10 වන දිනය. එදිනද ඔහු මේ ආකාරයටම රාත්‍රී සමාජ ශාලාවකට ඇතුළු වී යකා නැටීමෙන් ලැජ්ජාවට පත් වූ විධායක ජනාධිපතිවරයා ඔහුට වැඩි දුර අධ්‍යාපනයට යැයි කියමින් එංගලන්තයට යවන ලදී.

(10) රාත්‍රියේ කොළඹ 07 රීඩ් මාවතේ තුරග තරඟ පිටියේ පිහිටා ඇති ‘Clique’ නැමති රාත්‍රී සමාජ ශාලාවට PSD වාහන 8 ක් පිරිවරා පැමිණ ඇති දහම් සිරිසේන රාත්‍රී සමාජ ශාලාවට ඇතුළුවද්දීම සමාජ ශාලාවේ ආරක්ෂක අංශයන්ට නියෝග කොට ඇත්තේ සමාජ ශාලාව තුල තිබෙන සියළුම CCTV කැමරා ක්‍රියා විරහිත කරන ලෙසයි. එයට අකමැති වී ඇති සමාජ ශාලාවේ ආරක්ෂක අංශයන් හට PSD නිලධාරීන් ලවා තර්ජනය කරමින් පසුව සියළු CCTV කැමරා ක්‍රියා විරහිත කිරීමෙන් අනතුරුව සමාජ ශාලාවේ සිටි අයට හිරිහැර වන ආකාරයෙන් පිස්සු කෙලින්නට පටන් ගෙන තිබේ. [Source: rasavahini.com]

2015 ට කළින් කළ මඩ ගැසීම නැවතත් කරන්නට හැකියැයි සිතා සිටින යහපාලන මාධ්‍ය අංශයේ අඳබාලයින් යෝෂිත රාජපක්ෂ මහතාව මීට පටළවා ගැනීමට ළදරු උත්සායක නොගන්නට අපිට මේවා හෙළි කිරීමට ඇවසි වන්නේ නැත.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

2 Responses to “දහම් සිරිසේන කෙලසූ නයිට් ක්ලබ් එකේ ඇත්තටම වුණ සිද්ධිය මෙන්න. (CCTV Video)”

  1. Dilrook Says:

    What a disgusting incident!

    All culprits must be brought to book but no one will. Sri Lanka is cursed with the type of leaders we have.

  2. Susantha Wijesinghe Says:

    DISGUSTING IS NOT THE WORD DILROOK. THIS IS THE NEW CULTURE OF SRI LANKA…..ROWDYISM, AND GANGSTERISM.

    IN USA, ALL THOSE BUGGERS INVOLVED IN THE SMASH UP WOULD HAVE TO FACE A MINIMUM OF 10 YEARS IN JAIL.
    THE LEADER, WOULD HAVE TO SERVE ATLEAST 20 YEARS WITHOUT PAROLE.

    THE LEADER IS SUPPOSED TO HAVE HELD A GUN TO A CITIZENS HEAD. THEN IT WOULD BE DEATH SENTENCE TO THE LEADER.

    SOMETHING VERY INTERESTING:-

    a…..THE POLICE BECAME THE SMALL DOG, AGAINST THE BIG DOG, ROLLING AND BEGGING.

    b…..VIRTUALLY THE ENTIRE MEDIA, INCLUDING TV STATIONS, PUT THEIR TAILS BETWEEN THEIR LEGS AND BECAME DEAF, DUMB, AND BLIND TO THE ENTIRE EPISODE.

    c…..VERY CLEARLY SHOWS HOW THE PEOPLE OF SRI LANKA, THE MEDIA, AND THE POLICE FORCE, IN ITS ENTIRETY, HAVE BEEN, COERCED, AND PUT INTO **TERRIBLE FRIGHT** MODE, BY THE SET OF UNEDUCATED POLITICIANS, AND THEIR SIBLINGS.

    d…..THE SERIOUSLY INJURED SECURITY GUARD SAYS HE CANNOT IDENTIFY WHO HIS ASSAILANTS ARE. THE VERY ASSAILANTS ARE PROVIDING GUARD FOR HIM IN HOSPITAL, AND NO MEDIA OR ANYONE CAN REACH HIM, OTHER THAN THE DOCTORS WHO ARE TREATING HIM.

    THIS IS THE ***LOW AND ODOUR***WE HAVE IN SRILANKA NOW.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress