වී ගොවිතැන  ට  එරෙහිව
Posted on October 24th, 2016

ධර්මසිරි  සෙනෙවිරත්න

1931  වසරේ  ලංකාවේ  කෘෂි කාර්ම  අධ්‍යක්ෂකව  සිටි  ඩබ්ලිව්  යන්ග් මන් ගේ  පරිපාලන  වාර්තාවේ  උදෘතයක් ——‘’’ලංකාවේ ගොවිතැන්  ක්‍රම  වියදම්  අධිකය .පිටරටින්  හාල් ගෙනවිත් දීම  වඩා ලාභ දායකය .එහෙත්  ගොවියාගේ  ශ්‍රමය  යෙදවීමට  වෙනත්  විකල්පයක්  නැති  නිසා  සහල්  නිෂ්පාදනය  නතර  කිරීමට  මගක්  නැත .’’’’

ඉංග්‍රීසින්ට  අවශ්‍ය  වුයේ   ‘’’ බයින්  ඇන්ඩ්   සෙලින් ‘’’  ආර්ථිකයක්  මිස  රටේ  ජනතාවගේ  හා ජන ජීවිතයේ  දියුණුවක්  නොවේ ඔවුන්ට  හැමදේම  ‘’අලෙවියකි  ,වෙලන්දාමකි  ‘’ඉඩකඩම් වලින් එළවා දැමීමෙන්ද  වාරි පද්ධතිය  විනාශ කිරීමෙන් හා නොසලකා හැරීමෙන්ද  ලංකාවේ  වීවගාව  අධය්රමත්  කර පිටරට හාලට  සිංහලයා පුරුදුකර  එමගින් වෙළඳාමක් කරගන්නා අතර  කුලී කාරයන් බිහි කර ගැනීම  ඔවුන්ගේ  පරමාර්ථය විය .

 වරක්  කෘෂිකර්ම  අමතිවූ   ලලිත්  ඇතුලත්    මුදලි  ‘’විවරණ ‘’සඟරාවට  කර ඇති පහත  සඳහන් ප්‍රකාශය  උක්ත  යන්ග්මන්    නම්  පිටරටියාගේ  ප්‍රකාශය  හා සසඳා  බලන්න ‘’’අපේ  රටේ  සහල්  නිෂ්පාදනය  මිල  අධික  වැඩක් . පිටරටින්  ඊට වඩා   අඩු මිලට  සහල්  ගෙන්වා ගත  හැකිය .’’’’’

වෙනත් වගා සඳහා  කුඹුරු  යෙදවීමේ   තහනම  ලලිත්  ඇතුලත්  මුදලි  විසින්  ඉවත්  කළේය … ගොනා  හැරුනේ  පො ල් පැ ලය  කන්නටය.

                   මේ සියලු දේවල් වල  ප්‍රතිඵලය  කැටි කොට  දක්වන  පුවත් පත්  වාර්තාවක්   පහත  දැක්වේ  ‘’’’’ වත්තේගම  ප්‍රදේශයේ  කුඹුරුවල  වගාව  නවතා  ගඩොල් කැපීම  අරඹා ඇත . යටිරාවන  ,මීගම්මන  ,මඩවල ,,පිටියෙගෙදර , හා  වාවින්න  යන ප්‍රදේශවල  ගඩොල් පෝරණු  දැන් අරඹා ඇත්තේ  වී වගාවට  වැඩි මුදලක්  යන  නිසා  ඊට  වැඩි  ලාභයක් ගඩොල් කැපීමෙන්  ලබාගත හැකි හෙයිනි ‘’’’1990  මැය්  25 දිවයින  පුවත් පත  —

           දේශීය  වීවර්ග  ඉවත් කර  නව  වී  වර්ග   හඳුන්වාදී   කෘෂි රසායනික හා  රසායනික  පොහොර හඳුන්වාදී ඒවා  ව්‍යාප්ත කර ,ඉන් පසුව   පොහොර  සහනාධාර   ඉවත් කර  ගොවියා  අන්දමන්ද  කලේ  මේ  ටිකටය  .. බටහිර  අධ්ධ්යාපනය  මගින්  බිහි කල  කෘෂිකර්ම   විශේෂඥයෝ   ඉංග්‍රීසින්  වෙනුවෙන්  මේ  කාර්ය  භාරය  ඉටුකළහ  .  පෙරදිග  ධාන්‍යාගාරය    ඉල්ලන්කාවක්  විය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress