‘පොලිස් නිලධාරීන් කපා කොටා දැම්මේ අපයි.. හැකි දෙයක් කරනු..’ – ‘ආවා ගෲප්’ කොචොක් කරයි.. අංක නැති යතුරු පැදිවලින් සැරිසරයි..
Posted on October 25th, 2016

ලංකා සී නිවුස්

පසුගියදා යාපනය චුන්නාකම්හිදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු කපා කොටා තුවාල කලේ තම සංවිධානය විසින් යයි උතුරේ ක‍්‍රියාත්මක වන ‘ආවා ගෲප්’ කණ්ඩායම විසින් යාපනය සහ ආසන්න නගරවල අත්පත‍්‍රිකා බෙදා ඇත.

පොළිසිය විසින් යාපනය සරසවි සිසුන් දෙදෙනෙකු ඝාතනය කිරීම නිසා මෙය සිදු කල බවද අදාල අත් පත‍්‍රිකාවන්හි දැක්වෙයි.

‘පොලිස් නිලධාරීන් කපා කොටා දැම්මේ අපයි.. හැකි දෙයක් කරනු..’ – ‘ආවා ගෲප්’ කොචොක් කරයි.. අංක නැති යතුරු පැදිවලින් සැරිසරයි..

මෙම අත් පති‍්‍රිකා උතුරේ යාපනය, කිලිනොච්චි, මරුදනාමඩම්, චුන්නාගම් ආදී ප‍්‍රදේශයන්හි බෙදා දී ඇත්තේ අංක තහඩු නැති යතුරු පැදිවලින් පැමිණි මුහුණු ආවරණය කරගත් පිරිසක් බවද පෙීලිසිය කියයි.

පොලිස් නිලධාරීාන් කපාකොටා දැමීමේ වගකීම බාර ගනිමින් ඔවුන් සදහන් කර ඇත්තේ සමාජය විනාශ කරන්නන්ට හා කාන්තා ප‍්‍රචණ්ඩත්වයන්ට එරෙහිව මෙම ක‍්‍රියා සිදුකරන බවයි.

45687

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress