‘ලෝකය දිනන්න- ගණිතය, ඉංග්‍රීසි හා අයි.ටී. අනිවාර්යයි.‘ දයාසරණ සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාව අමතමින් අමාත්‍ය දයා ගමගේ කියයි…
Posted on October 30th, 2016

ගරු අමාත්‍යතුමන්ගේ මාධ්‍ය ලේකම්

අනාගත ලෝකය ජය ගැනීම සදහා ගණිතය, ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය විෂයන් හොදින් ඉගෙනීම වඩාත් වැදගත් අවශ්‍යතාවක් බව අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

දයා ගමගේ මහතා මේ බව කියා සිටියේ අද (30) අම්පාර දයා ඇපරල් ශ්‍රවණාගාරයේ පැවති දයා සරණ සංවර්ධන පදනම මගින් සංවිධාන කළ අම්පාර දිස්ත්‍රික් අ.පො.ස. සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා,

(VoiceCut-Start: 04.00) අද මම ඉන්න තැනට එන්න ඕනම කෙනෙකුට පුළුවන්. මගේ පුංචි කාලෙදි අම්මා තාත්තා නැති වුණා, බලා ගන්න කෙනෙක් නැති වුණා. නමුත්, අද ඔයාලගේ ඇස් දෙකේ වගේ අම්මා තාත්තා දෙන්නම ඉන්නවා. ඔයාලා බලාගන්න අය ඉන්නවා.

ඉගෙනීම කියන එක අත්‍යාවශ්‍යයි. අපේ කාලේ ඉගෙනීම කියන එක අවශ්‍යයි. ඒත් අත්‍යාවශ්‍ය නෑ. නමුත්, දැන් ඉගෙනීම කියන එක අත්‍යාවශ්‍යයි. ඔයාලගේ ජීවිතේ පළවෙනි කඩඉම තමයි සාමාන්‍යපෙළ කියලා කියන්නේ. මේකෙන් පණින්න තමයි අපි මේකට උදව් කරන්නේ. අපි දයාසරණ පදනමෙන් අවුරුදු 15ක් විතර අඛණ්ඩව මේ සම්මන්ත්‍රණ කරනවා.

අපි දැක්කා, මේ සම්මන්ත්‍රණ නිසා අම්පාර දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ සමත්වීමේ ප්‍රතිශතය 20%කින් විතර වැඩි වුණා. අපිට පුළුවන් වුණා අම්පාර දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාල වලට ප්‍රවේශවන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කරන්න. (VoiceCut-End:06.50)

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමන් අනාගත ලෝකය ජයගැනීම සදහා ලබා ගත යුතු අනිවාර්ය දැනුම සම්බන්ධයෙන්ද සිසුන් දැනුවත් කළේය.

(VoiceCut-Start: 08.00) මම විශේෂයෙන්ම ඔයාලට කියනවා ගණිතය හා ඉංග්‍රීසි අනිවාර්යයෙන්ම සමත් වෙන්න ඕනි. ඊළගට අයි.ටී. කම්පියුටර් තාක්ෂණය හැමෝම දැනගන්න ඕනි. (VoiceCut-End:08.30)

මේ අතර, දයාසරණ සංවර්ධන පදනම මගින් සංවිධාන කරන තවත් සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාවක් ඉදිරියේ දී අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය, පදියතලාව, දෙහිඅත්තකණ්ඩිය ඇතුළු ප්‍රදේශ කිහිපයක පාසල් සිසු-සිසුවියන් ඉලක්ක කර ගනිමින් පැවැත්වේ.

දයාසරණ සංවර්ධන පදනම- අමාත්‍ය දයා ගමගේ මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් පවත්වාගෙන යන සමාජ සුභසාධන සංවිධානයකි.

භාරත තෙන්නකෝන්

ගරු අමාත්‍යතුමන්ගේ මාධ්‍ය ලේකම්

2016 ඔක්තෝබර් 30

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress